Super Moon එහෙමත් නැත්තම් සුපිරි සඳ

හැමතැනම සුපිරි සඳ කියන මාතෘකාවෙන් පිරිල නිසා සුපිරි සඳ ගැන යමක් ලියන්න හිතුවා. මුලින්ම කියන්න ඕන මොකක්ද මේ සුපිරි සඳ කියන්නේ කියල. මේකට සුපිරි සඳ කියන ‍එක ජොතිශ්‍යයෙන් දීපු නමක් ඒක තාරකා විද්‍යාත්මක නම නෙවෙයි. ඒකට තාරකා විද්‍යාව දෙන නම තමයි perigee-syzygy of the Earth–Moon–Sun system කියන එක. මේකට ප්‍රතිවිරුද්ධ දෙයකුත් තියෙනවා. Apogee-syzygy of the Earth–Moon–Sun system කියන එක.
පෘථිවිය වටා සඳ යන ගමන් මාර්ගය හැමදාම එකම මාර්ගයක් නෙවෙයි. එය තරමක් වෙනස් වෙනවා. ඉලිප්සීය මාර්ගයක සූර්යයා වටා යන පෘථිවියේ ගමනත් පෘථිවිය වටා ඉලිප්සීය මාර්ගයක සිදුවෙන සඳේ ගමනත් ඒකට බලපානවා. ඉලිප්සීය ම‍ඟ ගමනේදී පෘථිවියට ආසන්නවම සඳ ගමන් කරන විට අපට සඳ මඳක් විශාලව ආලෝකය වැඩියෙන් දිස්වෙන්න පුළුවන්. නමුත් එසේ විශාලත්වය වැඩියෙන් දිස්වීම සඳහා තවත් යමක් සිදුවිය යුතුයි. ඒ තමයි ඒ දිනය පුරහඳ ඇති දිනයක් වීම. අඩ සඳක අපට මේ සංසිද්ධිය බලාගන්න බැහැ. ඉතින් මේ කියන කරුණු කාරණා දෙකම එකවර ඇති වෙන්නේ කලාතුරකින් කියල කියන්න පුළුවන්.සුපිරි සඳ කියන අවස්ථාවක් විදිහට සලකන්න නම් හඳ කිලෝමීටර 361,524ක ප්‍රමාණයට ලඟින් යන්න ඕන.
මම කිව්වානේ මේකේ විරුද්ධ සංසිද්ධියකුත් තියෙනවා ඒකට කියන්නේ Micro Moon කියලයි. මේ අවස්ථාවේදී සඳ සාමාන්‍ය අවස්ථාවට වඩා පොඩියටයි පේන්නේ. ඒකත් අපිට දකින්න නම් පුරහඳ ඇති දවසක් විය යුතු වෙනවා. 
හඳ මෙහෙම ලඟට එන්නේ කලාතුරකින්ද? ඒකට උත්තරේ නැහැ කියන එක. එක් අවුරුද්දකට පස් වතාවක් හය වතාවක් විතර හඳ ලඟින යනවා. නමුත් මේ තරම් විශාලත්වයක් ලැබෙන්නේ කලාතුරකින්. Super Monn කියන්නේ මෙන්න මේ පස් හය වතාවක් වෙන සිද්ධියට. මේ නම ජොතිශ්‍යයේ එන සංසිද්ධියක්. නමුත් Perigee කියන එක වෙන්නේ බොහොම කලාතුරකින් අවුරුදු ගානකට එකයි.
1948 ජනවාරි 26 වෙනිදාට පස්සේ අවුරුදු 68කින් තමයි නැවත සිද්ධ වුනේ. ඒ 2016 නොවැම්බර් 14 වැනිදා. ඒ කිලෝමීටර 356509ක් දුරට ඇවිත්. දීප්තිය සාමාන්‍ය අගයට වඩා 30%ක් වැඩී. ආයෙම මෙහෙම සිද්ධියක් වෙන්නේ 2034 නොවැම්බර් 25 වැනිදා කාලෝමීටර 356448ක් දුරට ඇවිත් ඉතින් මෙදා පාරට වඩා ලොකු හඳක් 2034දී බලාගන්න පුළුවන් වෙයි.
ගොඩක් අය නොවැම්බර් 14 හඳ බලල කියන කතාවක් තමයි කිසි වෙනසක් නැහැ කියන එක. නිතර සඳ බලන කෙනෙකුට හැරෙන්න එහෙම වෙනසක් දකින්න අමාරුයි. වෙනස කියන්නේ සාපේක්‍ෂ දෙයක් නිසාවෙන්. කොහොම වුනත් මේ වතාවේ හඳ ඡායාරූපගත කරල අයට වෙනස දකින්න තව අවස්ථාවක් තියෙනවා හැබැයි ඉතින් ඒකට ට්කක් මහන්සි වෙන්න වෙනවා. මුලින්ම කියන්න ඕන හ‍ඳේ පින්තූරයක් ගන්නවා නම් තවත් වස්තුවක් රාමුව ඇතුලේ තියන්න බලන්න (Astro photograph එකක් නෙවෙයි නම්). එහෙම වුනාම සැසඳීම පහසු වෙනවා. නැතිනම් ගත්තු පින්තූරය එක්ක තව මාසයකින් හෝ දෙකකින් ආයේ ඡායාරූපයක් ගන්න. පරණ තැනම කැමරාව කලින් නාභිය දුරම භාවිතා කරන්න. අන්න එතකොට පළමු වැන්න එක්ක සසඳන්න පුළුවන් විශාලත්වය කොහොමද කියල. කලින් සෙටින්ග්ස් වලම ති‍යන්න පුළුවන් නම් දීප්තිය පිළිබඳවත් අදහසක් ගන්න පුළුවන් වෙයි. රාමුව ඇතුලේ ගවත් වස්තුවක් (කණුවක්, ගොඩනැගිල්ලක කොටසක්) තිබුනොත් රාමුව සකස් කරගැනීම පහසු වෙනවා විශාලනය හා කෝණය සලකන ‍වෙලාවේදී. 

Full Moon - පුරහඳ
New Moon - අමාවක
New Moon Super Moon:  9 March 2016
New Moon Super Moon:  7 April 2016
New Moon Super Moon:  6/7 May 2016
Full Moon Super Moon:   16 October 2016
 Full Moon Super Moon:   14 November 2016
 Full Moon Super Moon:   14 December 2016 

මේ සිදුවෙන සංසිද්ධිය අපිට භෞතික වශයෙන් බලපාන්න පුළුවන්. ඒ එකක් තමයි වඩදිය බාදිය ඇතිවීමේ සිදුවන වෙනස. සඳ ලංවෙන නිසා එහි ඇති ගුරුත්වයේ බලපෑම වැඩි වෙනවා. ඒකෙන් වඩදිය මට්ටම් ඉහල යනවා. මේ හේතුව නිසාම විශාල ප්‍රමාණයේ මුහුදු රල ඇති වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුනාමි තත්ත්වයක් පවා ඇති වෙන්න පුළුවන්. නමුත් එහි වැඩිම බලපෑම ඇති වන්නේ ‍සුපිරි සඳ ඇතිවීමේදී එය අහස මුදුනේ දිස්වන පිරිසටයි. මීට අමතරව අපේ ශරීරයෙන් වැඩි කොටසක් තියෙන්නේ ජලය නිසාවෙන් අපටත් පොඩි පොඩි බලපෑම් ඇතිවෙන්න පුළුවන්. මානසික ආතතිය, සිහින පෙනීම, කේන්තියාම වැඩිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. මේ සියල්ලටත් හේතුව හඳ නිසා ඇතිවන ගුරුත්ව වෙනසයි. ‍මෙය මිනාසාට පමණක් නොවෙයි සතුන්ටත් එලෙසින්ම සිදුවෙන්න පුළුවන්. කොහොම වුනත් සුිරි සඳ ඇතිවීමේ සංසිද්ධිය නිසා බොහෝමයක් ජීවයේ වෙනස්කම් සිදුවෙනවා.
* ඡායාරූප අන්තර්ජාලයෙනි..

2 comments:

  1. පෙරුම් පුරාගෙන සද දකින්න හිටියත් වැස්ස හරස්වුනා නේ .

    ReplyDelete
  2. ඇත්තටම කිවුවොත් මං සද දැක්කෙ නෑ..මොක්ද වැහි දෙයියෝ හරසට හිටියා.....
    මෙහෙම හරි සුලා අයියා අපිව දැනුවත් කරපු එක ලොකු පිනක්.....

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!