හැමෝම හිතන්නේ Macro ඡායාරූප ගන්න නම් DSLR එකක් තියෙන්නම ඕන කියලයි. ඇත්තටම එහෙම ඕන වෙන්නේ නෑ. දැන් තියෙන Smart Phones වල තියෙන කැමරා හොඳ Resolution
එකක් තියෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ
දුරකථන කැමරා සඳහා සැකසුන හොඳ Apps තියෙනවා. ඒවායින් අපට
අවශ්‍ය පරිදි දුරකථන කැමරාවේ පවා සැකසුම් කරන්න පුළුවන්. සමහර වෙලාවන් වලදී දුරකථන
කැමරාවේ Resolution එක DSLR එකකට
වඩා වැඩි අවස්ථාත් දැන් තියෙනවා.
උදාහරණයක් විදිහට මේ ඇප් ට්‍රයි කරල බලන්න.
Android සඳහා :
-------------------------------------------------------------------------------------------------------------------------
Macro ඡායාරූපකරණය පළමු කොටස හා DSLR සඳහා Extension tube එකක් ගෙදරදීම හදන හැටි
කලින් ලිපි වලින් කියවන්න...
-------------------------------------------------------------------------------------------------------------------------
Macro ඡායාරූපය් ලබාගන්න දුරකථන කැමරාවෙන් පුළුවන්ද?
ඇත්තටම කියනවා නම් දුරකථන කැමරාවෙන් අපට ලංවෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ
සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10කට ආසන්න ප්‍රමාණයක්. අපිට කැමරාවෙන් දීපු Macro
Mode එක දාගෙන වුනත් ඒ සීමාවේ ඡායාරූප ගන්න එක සාර්ථක මදි.
මොකක්ද මේ Macro Mode එක කියන්නේ. ඇත්තටම Macro
Mode එක භාවිතා කලාම වෙන්නේ කැමරාවේ Focus point එක සලකන Pixels ගාන අඩුවෙන එක. ඒ නිසා අපට
කුඩා දෙයක් Focus කරගන්න පහසුයි. මුලින්ම Mobile එකෙන් මැක්‍රෝ ඡායාරූප ගන්න අය කල යුතු දෙයක් තියෙනවා. ඒ තමයි Macro
Mode එකට දාල උත්සාහ කරන එක.