මගේ ගමන් බිමන් හතලිස් දෙවන කොටස - ස්ත්‍රී පුර ලෙන්

ස්ත්‍රීපුර ලෙන් කියන්නේ ඌව පරණගම ගමේ තියෙන පැරණිම ස්ථානයක්. ලද්දුම, කිරිවන්නාගම, ඉදමගම හා මුදනාව කියන ගම් අතරේ තියෙන කඳුවැටිය තමා ස්ත්‍රීපුර කියල හඳුන්වන්නේ. වැලිමඩින් ඌව පරණගම පාරේ ගිහින් අතුරුපාරවල් කීපයක් ඇතුලට යන්න තියෙනවා මේ කඳුවැටියට යන්න. මෝටර් බයිසිකලයක හරි 4 wheel drive වාහනයක් හරි නැත්තම් මේ ගමන යන්න නම් බැහැ. හැබැයි දැන් ඉස්සරට වඩා නම් පාර හොඳයි කියලයි කියන්නේ. කඳුවැටිය ලඟටම වාහනය යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මෙතැන දුර ඉඳන් බැලුවට මොකුත් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නේ කඳුවැටිය හා ඒ ආනතියෙන්ම ඇති පොඩි ගල්තලාවන් කීපයක් විතරයි. නමුත් දන්න කෙනෙකුට නම් ලෙන් තියෙන තැන දුර ඉඳන් පෙන්නන්න පුළුවන්. ඒත් එතැන තියෙන ලෙන නම් දකින්න බැහැ.
සත්‍රීපුර ලෙන් කියන්නේත් වලගම්භා රජ්ජුරුවන්ට සැඟවී සිටින්නට යොදාගත් ලෙන් කියල තමයි කියන්නේ. තවද එතැන වලගම්බා රජුන්ගේ බිසෝවරු සඳහා රක්‍ෂා වුන ස්ථානය නිසාවෙන් ස්ත්‍රී පුර කියන නම් ලැබිල කියලත් කියනවා. කොහෝම වුනත් වලගම්භා රඩ්ඩුරුවෝ උඩරට ප්‍රදේශයේ විවිධ තැන්වල සැඟවී හිටියා කියන එකට නම් ඉතිහාසයේ ගොඩක් සාධක තියෙනවා. තවත් කාරණාවක් තමා මේ පිලිබඳ බැඳුනු රාවණයන් පිලිබඳ කතාව. ඒ තමා රාවණ සීතාදේවිය සඟවා තැබූ තැන කියන කතාව. ඒ පිලිබඳ සත්‍ය යැයි කියන්නත් පුළුවන් කාරණාවක් තමා ඒ අවටම තියෙන දිව්රුම්වෙල රජමහා විහාරයෙන් ලැබෙන කතාන්දරය.
මෙතැනට ගියාමත් ඒ තැන් පෙනෙන්නේ නැහැ. උමං කටවල් තුනක් තිබුනත් දෙකක් වැහිල ගිහිල්ලයි තියෙන්නේ. එකක් නම් තාමත් සජීවීව තියෙනවා. විවෘත උමඟ අඩි 10ක් 12ක් විතර පහලට ගිහින් දෙකට බෙදෙනවා. උමඟ ඇතුලේ සංචාරය නම් පලපුරුදු පුද්ගලයෙකු නැතිව යන එක නම් සෑහෙන අවධානම් කටයුත්තක්. ශක්තිමත් එලියක් නම් අවශ්‍යම වෙනවා. ඇතුලේ වාතය අඩු නිසාවෙන් හුස්ම ගන්න එක අපහසු වෙන්න ඉඩතියෙනවා. ඒ නිසා ගුහාව ඇතුලේ යන්න නම් බොහෝම සූදානමින් යන්න ඕන. මගේ ගමනේ අවසානය මේ බෙදෙන තැන වෙනකන් විතරක් වුනේ මම තියෙන සම්පත් වල අඩු වීමයි. කොහෝම වුනත් කාගෙකට කලින් ගුහාවේ ගියපු ගැමියෙන් හා ඔහුගේ සුරතල් බල්ලා ගැනත් කතාවක් තියෙනවා.
ඒ තමයි ගුහාව බලන්න ගිය ගැමියා ආවත් බල්ලා ඇවිත් නැහැ. ගැමියා හිතල තියෙන්නේ බල්ලා පස්සේ එයි කියලයි. සාමාන්‍යෙයන් ඌ එහෙම කරන නිසා ගනන් අරන් නැහැ. නමුත් පහුවදා ඒ බල්ලා නුවර වැවේ මැරිලා හිටියා කියලයි කියන්නේ. එ නිසා මේ ගුහා නුවරඑලියට වෙනකන් තියෙනවා කියලත් කියනවා. කොහෝම උනත් ඉතිහාසයේ විවිධ තැන් අනුව නම් හිතෙන්නේ මේ ගුහා සියල්ල එකිනෙක සම්බන්ධ බවයි. කොහොම උනත් ගිහින් බලන්න වටින තැනක් නිසා ගිහින් ඔයාලට බලන්නත් එක්ක විස්තරේ ලියන්නේ. ඒත් එකක් කියන්න ඕන සාමාන්‍ය ගැමි ජීවිතය විනාස නොකර එතැනත් විනාස නොකර ගිහින් බලන්න.



4 comments:

  1. සුලෝ.. මේ පෝස්ට් දාද්දී ගූගල් මැප් වලින් අදාල තැන පෙන්නලා ලින්ක් එකක් දාන්න පුළුවන්නං තවත් වටිනවා...

    ReplyDelete
    Replies
    1. අහා ඒකත් දාන්නම්කෝ මාරයෝ =D

      Delete
  2. ඉතාමත් වටින සංචාරක ලිපියක් සුලා නියමයි...

    ReplyDelete
  3. හරි පුදුමයි. මගේ බිරිඳගේ ගමේ (කෑගලු දිස්ත්‍රික්කයේ දැදිගම මැතිවරණ කොට්ටාශයේ,හොලොම්බුව නමැති ගම) තියනවා ස්ත්‍රීපුරය කියලා ගල්ලෙන් විහාරයක්. එය වළගම්බා රජ සමයට අයත් රජමහා විහාරයක්. එහි විශාල ගල්ලෙනක් තියනවා විහාරය තුල. එය තුලට ගියාම කිසිදා දිය නොසිඳෙන පොකුණක් තිබෙනවා. බලන්න ලස්සන විහාරයක්. නුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදාය තියෙන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!