ගෑණු
ලමයෙකුගේ ජීවිතය කියන්නේ බොහෝම පුංචි ලෝකයක්. ඒක එයාගේ අම්මා, තාත්තාගෙන් පටන්
අරන් ස්වාමියාගෙන් වෙනස් කරල දරුවන්ගෙන් අවසාන වෙනවා. මොනාද මේ මම අද කියන්නේ.
ඔයාල හිතන්නේ ඒක නේද? කියන්නම්. ඒත් මේක කියන්න හේතු වුන දේත් කියල. මේක මගේ
යළුවන්ගෙන් මම දැක්ක දෙයක්. ගොඩක් අය මේ වෙද්දී තමන්ගේ ජීවිත සහකාරිය ආදරය කරල
තමයි හොයා ගන්නේ. ඒත් අපේ සංස්කෘතියේ ඉස්සර නම් ඒ දේ එහෙම නෙවෙයි වුනේ. ඒකයි මම
එහෙම කිව්වේ. කලින් නම් යෝජනා කරල පොරොන්දම් බලල තමයි ඒ දේවල් සිද්ධ කලේ. නමුත්
දැන් ඒ දේවල් වෙනස්.
මම දන්න
ගොඩක් යාළුවෝ දැන් එයාලගේ ආදරය සොයාගෙන. ඒත් ඒ දේවල් වලින් කීයක් ඇත්ත විදිහටම
විවාහයක් දක්වා සිද්ධ වෙයිද කියන එක නම් ගැටළුවක්. මොකද අද අපේ අයට ආදරය කරනවා
කියන්නේ එක වචනයක් සහ ෆැෂන් එකක් විතරයි. ඒකෙ අර්ථය තෙරුම් අරන් වැඩ කරනවා නොවෙයි.
අද කවුද දකින්නේ ඒ කෙනාට ආදරේ කරනවා. ආයේ හෙට වෙන කෙනෙක් දැක්කොත් එයාටත් ආදරෙයි.
සමහර පෙම්වතුන්ට පෙම්වතියන් හතර පස්දෙනා ඉන්නවා. මල් කඩන්න ගියාම වෙන වැඩක් කරන්න
නම් වෙලාවක් නැහැ. එක්කෙනෙක් ඉවර වෙද්දී අනිත් එක්කෙනා එක්ක කතා කරන්න ඕන. ඉතින්
රටට වැඩදායී කෙනෙක් නම් වෙන්නේ නැහැ. හපොයි කියන්න ගිය එකෙන් පිට පැන්නා නේද?
ඉතින් මේ
යාළු වෙලා ඉන්න අතරේ පෙම්වතුන් පෙම්වතියන්ට දානවා නීති සමුදායක්. කන්නේ මෙහෙමයි,
බොන්නේ මෙහෙමයි, අඳින්නේ මෙහෙමයි, යන්න ඕන මේ තැන්වල විතරයි, මේ දේවල් කරන්න එපා,
තවත් දේ බොහෝමයි. ඒ ඔක්කොම දේවල් පෙම්වතා අකමැති හා එයාගේ ආසාවන් අනුව සිදුවෙන
දේවල්. මම අහන්නේ එතකොට ඒ කෙල්ලට නැද්ද ජීවිතයක්, එයාලට නැද්ද ආසාවන්. හිතලා
බලන්න. ජීවිතේ විඳින්න තියෙන කාලේ ඒ අය විඳවනවා. පොඩි කාලේ අනතුරුදායක නිසා
අත්දැකීම් නැති නිසා අම්මා තාත්තා සීමාවන් දානවා. ටිකක් ලොකු වුනාම නිදහස ලැබුනාම
කොල්ලෙක් සෙට් වෙනවා. ඒ තමන්ගේ නිදහස භුක්ති විඳින්න හිතාගෙන. ඒත් ඒ කෙනත් නීති
ගොඩක් දාල අමුතු ලෝකයක් පෙන්වනවා. පස්සේ හිතනවා මේ මගේ ලෝකය තමයි කියල. පස්සේ කාලෙක
අපි දෙන්න එකතු වුනාම හැම දෙයක්ම කරමු. මේක හිතන් විවාහ වුනාම ඒ දේවල් කරන්න කොහෙද
වෙලාවක්. රැකියාව සහ ස්ථාවර තැනක් සොයාගන්න වෙහෙසෙනවා. පස්සේ දරුවන්. ඒ සියල්ල ඉවර
වෙද්දී විනෝද වෙන්න නිදහසේ දෙයක් කරන්න තිබුන කාලය ඉවරයි. ඊට පස්සේ දුක් වෙනවා අනේ
මට මේ දේවල් කරන්න බැරි වුනානේ කියල.
මම නම්
කියන්නේ මේ කාලය තරුණ සමය විනෝද වෙන්න කැමති දෙයක් කරන්න. ඒත් තමන්ගේ සීමාවේ
ඉඳගෙන. තමන්ගේ සංස්කෘතිය සදාචාරය සුරකින විදිහට කටයුතු කරන්න. පොඩි කාලේ අපේ අම්මා
තාත්තා නිදහස දෙන්න කලින් දාපු සීමාවල් වල තේරුම තේරුම් අරන් තමන්ගේ නිදහස භුක්ති
විඳින්න. අනික තමන්ට දැනටත් නිදහසක් නොදෙන පෙම්වතෙක් අනාගතේ ඒ නිදහස දෙයිද කියල
පොඩ්ඩක් හිතන්න. ආදරය කරනවා කියන්නේ දවස තිස්සේ තම තමන්ගේ සියළු වැට නතර කරල කතා
කර කර ඉන්න එක නොවෙයි. දෙන්නාගේ අදහස් තේරුම් අරන් ඒ ඒ දේවල් කරන්න දෙන්නා, දෙන්නාට
උදව් කරන්න ඕන. ඇතිවන ප්‍රශ්ණ වලට උත්තර හොයන්න අනෙකාට උදව් වෙන්න ඕන. කොටින්ම
කිව්වොත් අනාගතය වෙනුවෙන් සූදානම් වෙන්න ඕන. කාලය විනාස කරමින් එක දෙයක් විතරක්
හිතන කෙනෙක් ඔයාලට ඕනද?
ඔව් ආදරේ කරන්න ගියාම හුඟක් දේවල් අහිමි වෙනවා. හොඳම වැඩේ තනියෙන් එක තමා
ReplyDeleteane bn sulooooooooooooooo
ReplyDeletemmmmmmmmmmmmmmmmmmmmmmmmmm kathawa aththa
ReplyDeleteane hithata boru karanne kohomada? awanka adare karaddi duka wedi....
ReplyDelete