සමාජයික ජාලයන් හා මූණුපොත...!(Social Networks & Facebook)



මුලින්ම බලමු මොකක්ද මේ සමාජයික ජාලයක් හෙවත් social network එකක් කියන්නේ මොකක්ද කියල. social network කියන්නේ තනි තනිව ගත් පුද්ගල කණ්ඩායම් විශේෂිත කණ්ඩායම් විදිහට වර්ගීකරණය කරල සම්බන්ධ කරන එක. මේ social networks ඔබට අවශ්‍ය නම් වැඩකරන ස්ථානයේ, විශ්ව විද්‍යාල වල පුද්ගලයන් එකට සම්බන්ධ කරගැනීමටත් යොදා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි social network එකක් හදනවා විශ්ව විද්‍යාල සඳහා. ඒක ලංකාවේ සියළු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතරේ ජනප්‍රිය කරොත් අපිට විශාල වාසියක් ලැබෙනවා ඉගැන්වීම් හුවමාරු කරගන්න වගේම අළුත් දේවල් ඉගෙන ගන්න.

මෙතැනදී අනිත් අයගේ profile කියවන්න වගේම අනිත් අය සම්බන්ධ කරගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. ඒ වාගේම ඒක සියළු රටවල්, ජාතීන්, ආගම් වලට විවෘතව පැවතිය යුතුයි. වාගේම ඒ සියළු දෙනා සමඟම මිතුරු සම්බන්ධතා පැවැත්වීමේ හැකියාව තිබිය යුතුයි. මේ social network වලින් ගන්න පුළුවන් ප්‍රතිලාභ රාශියක් තියෙනවා වුනත් ලංකාවේ නම් ඒ දේවල් ගන්න අය නම් අඩුයි. ඉගෙනීම. සමාජ දැනුම, අන් අයගේ රුචි අරුචිකම් වාගේම යම් දෙයක් බහුතර මතයන් දැනගන්නත් පුළුවන් වෙනවා.

දැන් දෙන්නම් social networks ටිකක් ගොඩාක්ම ප්‍රචලිත ඒවායින්. Facebook(මූණු පොත), Twitter, Linkedin, MySpace, Ning, Google Plus+, Tagged, orkut, hi5, myyearbook, Meetup, badoo, bebo, mylife, friendster. මේ තමා 2011 නොවැම්බර් මාසයේ සංගනන අනුව ගොඩාක්ම ප්‍රචලිත වෙලා තියෙන social networks ටික. මේ හැමදේකින්ම අද උඩින්ම ඉන්නේ මූණු පොත. ඇත්ත අර කතාවක් තියෙන්නේ මෙහෙම.

ගොඩක් ඉස්සර ගෑනු ලමයගෙන් අහනවා

              ගෙදර ඇඩ්රස් එක දෙනවද? 

පස්සේ ගෑනු ලමයගෙන් අහනවා

              ගෙදර phone number එක දෙනවද?

දැන් ගෑනු ලමයගෙන් අහනවා

             Facebook ඉන්නවද?

මේ  තරමටම අද මූණු පොත පුද්ගලයන් අතරේ ජනප්‍රිය වෙලා තියෙනවා.
 මූණු පොතේ නිර්මාණයේ අරමුණ තමා ලෝකය වටේම ඉන්න විශේෂඥ දැනුම සහිත පුද්ගලයන්ගේ දැනුම හුවමාරු කරගැනීම හා ඔවුන් හඳුනා ගැනීම. ඒක මොන පැත්තක් සඳහාද කියන එක වැදගත් වෙන්නේ නැහැ. ඒ වාගේම පුද්ගලයන්ගේ සමාජ රටාවන් හා හැකියාවන් බෙදාගැනීමත් බලාපොරොත්තු වෙනවා.

මූණුපොතේ වාසි ගොඩක් වගේම අවාසිත් තියෙන බව නම් දැන් හැමෝටම අමතක වෙලා වගේ. මෙන්න වාසි. පරණ හා අළුත් මිතුරන් සොයන්න දෙන අවස්ථාව, තොරාගත් විශ්ව විද්‍යාල සඳහා උසස් ආරක්‍ෂාවක් ලබාදීම, නොදන්නා පුද්ගලයන් හෝ කණ්ඩායම් සඳහා වුවත් අපහසුවකින් තොරව සන්නිවේදන හැකියාව ලබාදිම, රුචි අරුචිකම් අනුව කණ්ඩායම් සාදාගැනීමේ හැකියාව. මෙන්න අවාසි. ගොඩාක් පුද්ගලයන් සම්බන්ධ වීම, ව්‍යාජ නම් වලින් පෙනී සිටිම, ඇබ්බැහිවීමේ අවධානම. 


මේ අවාසි වලින් ගොඩාක්ම බලපාන්නේ මේ ඇබ්බැහි වීම කියන එක. දැනට ලංකාවේ විතරක් නෙවේ ලෝකයේම රටවලට ගැටළුවක්. මේ social networks වලට ඇබ්බැහිවීම නිසා විශාල ප්‍රමාණයෙන් අන්තර්ජාලය සඳහා වන වියදම වැඩිවෙනවා විතරක් නෙවෙයි ජාලයන්ගේ වේගය අඩාල වීමත් සිදුවෙනවා. මේ හැමදෙයින්ම සිද්ධ වෙන්නේ රටකට වැඩක් කරන්න දැනුම ලබන හා දැනුම බෙදාහරින්නන් අඩුවෙන එක. මේ මූණු පොත නිසා ලංකාවේ ගොඩක්ම පාසල් ශිෂ්‍යයන් ඉගෙනීම අත්හැරල තියෙනවා. ඒ වගේම අමතර පන්ති, පාසල් යාම විතරක් නොවේ නිවසේදී කල පාඩම් කටයුතු වලින් පවා බැහැරව මූණුපොතට හෙවත් facebook එකට ඇබ්බැහි වෙලා තියෙනවා. මේ දේ නිසා සියදිවි හානිකරගැනිම් පවා වාර්තා වෙලා තියෙනවා. ඒ මූණු පොත හරහා කෙරුණු අනියම් ආදර සම්බන්ධතාවයක් ස්වාමිපුරුෂයාට හසුවීමෙන් කාන්තාවකුත්, ආදරවන්තයා හැරහිය වෙලාවක ඒ සොවින් සියදිවි නසාගත් ශිෂ්‍යාවක් විතරක් නෙවෙයි තවත් එකී මෙකි නොකී තවත් අවස්ථා ගොඩක් තියෙනවා. ඒ දේවල් වලට වක්‍ර විදිහට දෙමාපියනුත් වග කියන්න ඕන. ඒකට හේතුව තමන්ගේ දරුවන්ට සම්පත් ලබාදිම විතරක් කරල ඒ සම්පත් ප්‍රයෝජනයට ගන්නේ කුමක් සඳහාදැයි සොයා බැලීම නොකරනවාට.

2 comments:

  1. හ්ම්..
    ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියන්නේ ඕකනේ

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!