Computer වල බයම massage එක

      ලංකාවේ බොහොමයක් දෙනා බයම message එක තමයි "Virus has been detected"

      Computer එකට virus ගියත් ප්‍රශ්ණයක් නෑ. ඒත් virus තියෙනවා කියල message එකක් ආවොත් ඉවරයි....! එහෙම උනොත් virus message එක දුන්න device එකයි, ඒක ගෙනාපු එකයි, ඒක ගෙනාපු එකාගේ computer එකයි තුනම බැනුම් අහනව. ඒක තමයි බහුතර ලාංකිකයන්ගෙ ක්‍රමය.

     ඒත් ඇයි නොහිතන්නේ සතුටු නොවන්නේ තමන්ගේ machine එකේ virus guard එක ගැන. ඒකෙන් virus detect කරන එක ගැන. අනික තමා machine එකට virus ගියාම බයවෙලා machine එක format කරනවා. ඒත් ඒක හොඳම විසඳුමද කියල පොඩ්ඩක් හිතල බලන්න. virus එකක් නිසා පුංචි අකුරු පේලි ටිකක් නිසා තමන් කාලයක් කරපු දේවල්, තමන් කාලයක් එකතු කල දේවල් නිකම්ම විනාස වෙන්න දෙනවද? හොඳට හිතන්න.

    සමහර අය බය කරනව machine එකේ තියෙන කිසිදෙයක් ගන්න බෑ කියල. ඒත් අහන්න අපිට virus ගිහින් අපි ලෙඩ කරාම අපේ ඇ‍ඟේ සියලු දේ විසි කරනවද කියල. සමහර වෙලාවට virus එකට බයේ අපි විනාස කරන්නේ කවදාවත් ආයෙ ගන්න බැරි දේවල්. තමන්ගේ ‍ජීවිතේ විවිධ අවස්ථා වල ගත්තු පින්තූර ආයෙ ගන්න පුලුවන්ද?? Computer එක format කරන්නේ නැතුව ඒ දේවල් බේර ගන්න උත්සහ කරල බලන්න. පොඩ්ඩක් වෙලා යන වැඩක් වුනත් ඒක කරන්න පුලුවන් කියල මට නම් ෂුවර්. බැරි වුනොත් කලාතුරකින් තමා.

    දැන් සමහරෙක් අහයි, අපි format කරන්න දන්නේ නෑ shop එකකින් තමා කරගන්නේ එතකොට කොහොමද ඒක කරගන්නේ කියල. ඒ වෙලාවට ඒ shop එක කරන කෙනාට කියන්න තමන්ගේ දත්ත බේරල දෙන්න කියල ඒක කරන්න දන්නේ නැතිනම් ඒ shop එකෙන් ඇති වැඩේ මොකක්ද? හැබැයි ඉතින් වැඩි මුදලක් ගනීවි. මොකද වැඩේට යන කාලය නිසා. ඒත් කාලය හා මුදල් තියේ නම් එහෙම කරන්න මොකද දත්ත වටින නිසා. සමාන්‍යයෙන් Windows XP දාන්න යන්නේ විනාඩි 40 යි. අනිත් වෙලාව දාන software වලට. ඒත් දත්ත බේරන්න නම් ඊට වඩා වෙලා යාවි.

මමත් කාලයක් virus වලට බයවුනා...!!!!! ඒත් මගේ අයියට පින්සිද්ධ වෙන්න මම දැන් නම් බය නෑ.. ඔයාලටත් එසේම වේවා....!!!!!!

ගොඩක්ම ප්‍රසිද්ධ වයිරස තමයි mahasona.exe, new folder.exe, combokill.exe, trojanhorse

3 comments:

  1. අපි නං ඉතින් NOD32 තමා පාවිච්චි කරන්නේ. ඊට අමතරව Microsoft Security Essential තියන නිසා බය වෙන්න කිසිම දෙයක් නෑ

    ReplyDelete
  2. බයම message එක,
    *Your copy of Windows is not genuine - You might be a victim of software counterfeiting.*

    :P

    ReplyDelete
  3. ඒකත් දැන් තියෙනවා තමා. ලාංකික ආණ්ඩුව අත්සන් කල නිසා.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!