අඩු වියදම් Macro Light modifier එකක් Develop කරමු

පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට උත්තරත් අරගෙන මම අද ලියන්න හදන්නෙ අඩුම වියදමකින් ආරම්භකයෙකුට Macro light modifier එකක් හදන්නෙ කොහොමද කියලයි.

මම මේ modifier එක හදපු හැටි සහ ඒක ක්‍රමාණුකූලව දියුණු කල ආකාරය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 

මම මේක හදන්න ගන්නෙ කඩේ ගන්න තියෙන්න pringles හිස් ටින් එකක්. ඒකෙ දෙපැත්තම සිදුරු කරල එක පැත්තක් ෆ්ලෑෂර් එකට හයි කරන්න පුලුවන් විදියට හදා ගන්න. 

ඊට පස්සෙ ඒක ෆෑෂර් එකට හයි කරාම directional light එකක හදා ගන්න පුලුවන්. මේ තියෙන්නෙ ඒක.

මම මේකා භාවිතා කරන්නෙ Nikon D90 එකක් extension tube set එකක් සහ Nikkor 50mm එකක් එක්ක. එතකොට subject distance එක ගොඩක් අඩුයි. මම හදපු ලයිට් එක වැටෙන්නෙ ඊට වඩා දුරින්.  ඒකෙන් ලැබෙන පින්තූරය මෙන්න මේ වගෙයි.

ඉතින් මම ඒකට මගේ pringles can එක මැදින් V හැඩේට කැපුමක් දාල කෑල්ලක් අයින් කලා. එතකොට මට කෑන් එක නවන්න පුලුවන්. ඒ කරල එතැනට ටේප් එකක් දාල අලව ගත්ත. දැන් මම ගාව තියෙන්නෙ මෙන්න මෙහෙම එකක්.

ඒත් ඒකෙන් එන hash light එක අඩු කරන්න මම electronic බඩු wrapping වලට ගන්න සුදුපාට කොලයක් දැම්ම. 

 ඒකෙන් ගන්න  පින්තූරය මෙන්න වගෙයි.

ලගපාත පසුබිම විදිහට මොනවත් නැතිනම්  ඒ පින්තූරය අවුලක් නෑ. මොකද ඒක කලු පසුමක් විදිහට ලබා ගන්න ලේසි නිසා. නමුත් පසුබිම ලගින් යමක් තියෙනවා  නම් ඒකත් අරමුණ හා සමානව ආලෝකමත් වෙනව.

ඉතින් මෙන්න මෙහෙම වෙන එක නවත්තගන්න එහෙම නැතිනම් ඒක අඩු කරන්න මම hood එකක් දැම්ම. ඊට පස්සෙ ඒක පේන්නෙ මෙන්න මේ විදිහට.

මේ තියෙන්නෙ ඒකෙන් ගත්ත පින්තූරයක්  පින්තූරයක්..

මම මේ පෙන්වල තියෙන පින්තූර කිසිවක් සංස්කරණයට ලක් කරල නෑ.. කැමරාවෙන් එලියට ගද්දී තිබුණ විදිහමයි.

ලාබෙට light modifier එකක් හදාගෙන ඔයාලටත් මේක අත්හදා බලන්න පුලුවන්. මේ ක්‍රමය උත්සාහ කරද්දි කැමරාව සහ ආලෝකය ගැන ඉගෙන ගන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්ණ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒවාට හැකි අයුරින් පිළිතුරු දෙන්නම්.

ආයේ ලිපියක් එක්ක එනකන් හැමෝටම ආයුබෝවන්.


5 comments:

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!