Graffiti, Mural සහ Wall Arts

පසුගිය කාලය පුරාවට ලංකාවේ තරුණ තරුණියන් විවිධාකාරයේ රැළි ඇති කරමින් සිටී. එයින් බොහෝමයක් ඇති කරන්නට මාධ්‍යය ලෙස භාවිතා වූයේ මුහුණු පොතයි. මෙසේ ඇති වූ අලුත්ම රැල්ල ලෙස ඇත්තේ මාර්ග දෙපස පොස්ටර් වලින් වසා තිබූ තාප්ප සහ බිත්ති පුරා සිතුවම් කිරීමේ රැල්ලයි. මේ පිළිබඳව ලිපියක් ලිවීම සඳහා කීප වාරයක් උත්සාහ කලද මාගේ රාජකාරි කටයුතු සහ විවිධ ගැටලු හේතුවෙන් කාලයක් සොයා ගැනීමට නොහැකි විය. කෙසේ හෝ වේවා ලිපිය ලිවීම සඳහා මෙසේ කාලය සොයා ගතිමි.

මම මුලින්ම කියන්නම් Graffiti කියන්නේ මොකක්ද කියලයි. හූරන ලද යන වචනයේ අරුත ලබා දෙන Graffitiato  නැමැති ඉතාලි වචනයෙන් බිඳී ආ Graffiti කියන වචනයෙන් හඳුන්වන කලාව වචනයේ පරිසමාප්තියෙන්ම සූරන ලද අකුරු වලින් සමන්විත පණිවිඩයක් ලබා දීම සඳහා නිර්මාණය වූ කලාවක්. අතීත ඊජිප්තුව, අතීත ග්‍රීසිය සහ රෝමාණු අධිරාජ්‍යයේ ඉතිහාසය දක්වා විහිදෙන මෙම කලාව අප රට තුල සීගිරියේ කුරුටු ගී වශයෙන්ද පවතී. පාලකයන්ගෙන් අවසරයකින් තොරව පණිවිඩක් ලියා දැක්වීමේ ක්‍රමයක් ලෙසද භාවිතා වන මෙම කලාව අතීතයේ අකුරු වලට වඩා පමණක් සීමා වූ නමුත් අද ඒ වටා විවිධ හැඩතල හා රෑප භාවිතා කරමින් සහ විවිධ වර්ණ භාවිතා කරමින් සිදු කිරීම දක්වා විකාශනය වී තිබේ. මෙකී කලාව භාවිතා කරමින් පාලක පන්තිය විවිධ වැරදි තීරණ සම්බන්ධයෙන් ද පරිසර හානි හෝ විවිධ පන්ති සඳහා සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් බලපෑම් ඇති කිරීමට මේ හරහා නිර්මාණකරුවන් පෙළඹී තිබේ. ඒ හෙයින් මෙකී කලාව සඳහා බොහෝ විට පාලක පන්තියේ අප්‍රසාදය පල කරනු ලැබේ. එබැවින් මෙකී නිර්මාණකරුවන් තම අනන්‍යතාව සඟවා ගනිමින් කටයුතු කරනු දැකිය හැකි වේ. විවධ අනවර්ථ නාමයන්ගෙන් මෙම නිර්මාණ වල අයිතිකරුවන් තමාව නිර්මාණය හරහා හඳුන්වා දෙනු ලැබේ. තවද කිසිදු පෙර සූදානමකින් තොරව මෙම නිර්මාණ සිදු කරනු ලැබීමත් කෙටි කාලයක් තුලදී මෙම නිර්මාණ සිදු කිරීමත් විශේෂ ලක‍ෂණ වශයෙන් දැකිය හැකිය.
ඊජිප්තුවේ Kom Ombo දේවස්ථානයේ Graffiti සිතුවමක්
සීගිරි කඩපත් පවුරේ Graffiti ලියවලි
දෙවන ලෝක යුධ සමය වොෂින්ටනයේ සිතුවමක්
ටොරොන්ටෝවේ තිබූ නව Graffiti කලාවේ සිතුවමක්
දෙවැනි වර්ගය වනුයේ Mural Arts ලෙස හැඳින්වෙන කොටස වේ. පූර්ව ශිලා ලේඛන වල පවා සඳහන් කර ඇති මෙම කලාව වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ 19 වන සියවසේ දීය. මෙහි දී බිත්තියක් තම කැන්වසය වශයෙන් තෝරාගෙන සම්පූර්ණ නිර්මාණයක් සිදු කරනු ලැබේ. බොහෝවිට කුඩාව සිදු කරනු ලැබූ නිර්මාණයක් භාවිතයෙන් එය විශාල නිර්මාණයක් ලෙස ප්‍රති නිර්මාණය කිරීම මෙහි දී දක්නට ලැබෙන විශේෂ ලක‍්ෂණයකි. මේවා බොහෝ විට පරිසරයේ ඇති දර්ශනයට ගැලපෙන අයුරින් මිනිස් පරිකල්පනයට පණිවිඩයක් ලබා දෙන ආකාරයෙන් මෙම නිර්මාණය සිදු කරනු ලැබේ. එහිදී නිර්මාණකරුවා විසින් අවසරයක් ඇතිව නිර්මාණ සිදු කරනු ලබන අතර පරිසරය හා ප්‍රමාණය පිළිබඳ හොඳ අධ්‍යයනයකින් පසු ඒ ස්ථානයට ගැලපෙන අයුරින් නිර්මාණයේ දළ සටහනක් නිර්මාණය කර එය විශාල කර නිර්මාණය කිරීම මෙහිදී දක්නට ලැබේ. 
අංන්තා ලෙන් සිතුවම් -  Mural ක්‍රමයට ඇඳි ඉපැරණි සිතුවම්
Mural ක්‍රමයට ඇඳි ඉපැරණි සිතුවම්
ලෙන් චිත්‍ර - Mural ක්‍රමයට ඇඳි ඉපැරණි සිතුවම්
Mural ක්‍රමයට ඇඳි ඉපැරණි සිතුවම්
නව Mural සිතුවම්
නව Mural සිතුවම්
නව Mural සිතුවම්
නව Mural සිතුවම්
නව Mural සිතුවම්
නව Mural සිතුවම්
තෙවැනි වශයෙන් මා නම් කර ඇත්තේ Wall Arts ලෙසයි. මෙසේ හඳුන්වනු ලබන්නේ මා පෙර කියූ නිර්මාණ ක්‍රම දෙකම භාවිතා කරමින් සිදු කරනු ලබන නිර්මාණ වේ. මේ වනවිට ලංකාව පුරා මා දකින්නේ wall arts වේ. නමුත් මේ මගින් පණිවඩයක් ලබා දීමේ ක්‍රමවේද පිළිබඳව තරුණ නිර්මාණකරුවන් සිතා බැලිය යුතුවේ.

දැන් අපි බලමු වර්තමානයේ තරුණ පිරිස් බිත්ති හා තාප්ප පුරවමින් පින්තූර අඳින්න එකතු වුන රැල්ල පිළිබඳව. වත්මන් නිර්මාණකරුවන්ගේ නිර්මාණ පිළිබඳව මා සතුව නම් එතරම් පැහැදීමක් ඇති නොවේ. බහුතරයක් නිර්මාණ වලින් ලබා දෙන්නා වූ පණිවිඩයක් සම්බන්ධයෙන් තීරණය කල නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ. බොහෝ තැන්වලදී Mural ක්‍රමවේදය භාවිතා කරන බවක් දක්නට ලැබුණද එකී කලාවේ මූලික ලක‍ෂණය එහි දක්නට නොලැබේ. දැන් පවතින බොහෝමයක් නිර්මාණ වල දැකිය හැකි වනුයේ කුඩාවට නිර්මාණය කල චිත්‍රයක් හෝ ඡායාරූපයක් විශාලව ප්‍රතිනිර්මාණය කිරීම පමණකි. තවද Mural ක්‍රමය භාවිතා කර නිර්මාණය කරන නිර්මාණයක් ආසන්නයේම කොටස් වශයෙන් සිදු කරනු ලබන Graffiti නිර්මාණ තිබුනද ඒවා තුල ද Graffiti කලාවේ මූලික අරමුණ භාවිතා වන බව නොපෙනේ.
කටු සටහන් කිරීම
අප දකින තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අතර තරඟකාරීත්වයක් දැකිය හැකි අතර එකී තරඟය හේතුවෙන් කලාකරුවාගේ කලාකාමී හැකියාව වෙනුවට නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත හැඟුම් දනවන්නට අසමත් වී ඇති බව මා දකිමි. එසේ සිදු වීමට ප්‍රධාන හේතුවක් වශයෙන් මා දකින්නේ නිර්මාණ අතර සිතුවිලි ගමන් කර වීමට තරම් වූ ඉඩක් නිර්මාණ අතර නොතිබීමයි. 
පරිසරයට අනුගත වූ Mural සිතුවමක්
උදාහරණ වශයෙන් බොහෝ නිර්මාණ සිදු කිරීමේ දී හිස්තැන් නොතබමින් තාප්පය හෝ බිත්තිය කොටස් වශයෙන් වෙන් කර ගනිමින් එකිනෙකට වෙනස් නිර්මාණ රාශියක් සිදු කරන්නේ ඒ එක් එක් නිර්මාණ අතර කිසිඳු ඉඩකටක් නොතබමිනි. නමුත් මෙකී නිර්මාණ ක්‍රමවේදය නිසා නිර්මාණය රසවිඳින්නට තරම් ඉඩ කඩක් නොමැති වී ඇති බව තමයි මගේ නම් හැඟීම. 
ඉතා කුඩාවට නිර්මාණය කරන ලද නව Mural සිතුවමක්
ඉතා අඩු තීන්ත ප්‍රමාණයක් භාවිතා කරමින් හා පරිසරයට අනුගත වෙමින් කල නව Mural සිතුවමක්
අවසාන වශයෙන් මෙකී නිර්මාණ වඩා සාර්ථක නිර්මාණ බවට හා අර්ථවත් බව ඇති කිරීම සඳහා මා යෝජනා කීපයක් සඳහන් කරන්නට කැමතියි. එහිදී තරුණ තරුණියන් හැකියාවන් තෝරා බේරා ගනිමින් සිදු කරනු ලබන කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා තම දායකත්වය ලබා දීම සිදු කල යුතුය. අකමැත්තකින් වුටද පිළිගත යුතු කාරණය නම් හැමෝටම චිත්‍ර ඇඳීමේ හැකියාවක් ‌නොමැති බවයි. හැමෝටම නිර්මාණාත්මක චින්තනය නෑ. සමහර අඳින්න පුළුවන් නමුත් නිර්මාණයක් හිතා ගන්න බැරි අය මම දැකල තියෙනවා. ඒ් නිසා නිර්මාණය කල යුතු ස්ථානය පරීක‍්ෂා කරල ඒ ස්ථානයට ගැලපෙන අයුරින් වූ නිර්මාණයක සැලැස්මක් සකස් කර ගැනීම සුදුසු වෙනවා. ඊට පස්සේ ඒ අදහස පින්තූරයක් විදිහට කටු සටහනක් සකස් කර ගත යුතු වෙන්නේ අදාල ස්ථානයට අනුගත වෙන අයුරින්. ඊට පස්සේ ඒ සිතුවම ප්‍රති නිර්මාණය කිරීම සිදු කල යුතු වෙනවා. ‌‌මෙකී සියල්ල ඒ ආකාරයෙන්ම සිදු කිරීම තුලින් අපූරු නිර්මාණයක් සමාජයට ලබා දීමේ හැකියාවක් ලැබෙනවා. නමුත් යම් කිසි කෙනෙක් පුරුදු වෙන්න ‌මේ වගේ ‌පොදු තැනක චිත්‍ර අඳිනවා නම් ඒක ඒ තරම් ගැළපෙන වැඩක් ‌නෙවෙයි. සහ සාර්ථක වැඩක් නම් ‌නෙවෙයි.

පින්තූරය ගැන සැලැස්ම හදන්න කෙනෙකුත් ඒක එතැනට අඳින්න කෙනෙකුත් ආවාම ඉතිරි අයට ඒ අය හදාගත්ත කටු සටහනේ විදිහට පාට කරන්න වගේ ‌දේවල් වලට උදව් කරන්න පුළුවන්. මේ මගින් හරියාකාර පණිවිඩයක් එක්ක නිර්මාණයක් බිහිකරන්න පුළුවන් වෙයි. නමුත් එහා ගම කල නිසා අපිත් කරනවා කියන මතයේ ඉඳගෙන නම් චිත්‍ර නිර්මාණය කරන්නේ නැති තරමට තමයි හොඳ.
සමාජ පණිවුඩ ලබා දීම සඳහා කර ඇති Mural සිතුවම්
සමාජ පණිවුඩ ලබා දීම සඳහා කර ඇති Mural සිතුවම්
සමාජ පණිවුඩ ලබා දීම සඳහා කර ඇති Mural සිතුවම්
සමාජ පණිවුඩ ලබා දීම සඳහා කර ඇති Mural සිතුවම්
දැන් අපි සමාජයේ දකින බොහෝමයක් නිර්මාණ වල තියෙන්නේ දුටු ගැමුණු රජතුමා යෝධයෝ එක්ක ඉන්න ටිකයි. රාවන රජුන්ගේ සිත්තම් හා කාටූන් වල චරිත විතරයි. එමෙන්ම ජාතික වීරයෝ රණවිරුවෝ සහ එක් එක් පුද්ගලයානු බද්ධ වූ වීරයන්ගේ පින්තූරත් මේ අතරේ සිතුවම් වෙනවා. නමුත් ඒ කිසිවක් ඒ් කියන්නා වූ ප්‍රදේශයේ දී එහෙම නැතිනම් ඒ තාප්පයට ගැලපෙන්නේ නැහැ.
නව අදහස් ඇති පරිසරයට අනුගත වූ Mural සිතුවම්
නව අදහස් ඇති පරිසරයට අනුගත වූ Mural සිතුවම්
නව අදහස් ඇති පරිසරයට අනුගත වූ Mural සිතුවම්
නව අදහස් ඇති පරිසරයට අනුගත වූ Mural සිතුවම්
නව අදහස් ඇති පරිසරයට අනුගත වූ Mural සිතුවම්
මේ සිතුවම් නිර්මාණයෙන් අපට කල හැකි කීපයක් මම උදාහරණ විදිහට දක්වන්නම්. සමාජ අසාධාරණයට ලක්වෙන සිදුවීම් සම්බන්ධයෙන් මතක් කර දෙන්න පුළුවන්. විල්පත්තුව හා ඒ හා බැඳුනු වන විනාශය සිත්තම් කරන්න පුලුවන් ඒ නිසා සිදු වෙන විනාශය පිළිබඳවත් මතක් කරමින්ම. කාන්තා හිංසනය, ලමා අපචාර වගේ දේවල් වුනත් සිත්තම් කරන්න පුළුවන්. හිතන්න. පොදු ප්‍රවාහනයේදී සිදුවෙන් කාන්තා හිංසනය සම්බන්ධයෙන් සිත්තම් ටිකක් පොදු ප්‍රවාහනය ඇතුලේ කලා නම්.. නැත්තම් ඒ ඒ වාහන ඇතුලේ හෝ පිට පරිකල්පිත නිර්මාණ කලා නම් මොනවගේ වෙනසක් සිදු කරන්න පුළුවන්ද? මම නම් හිතන්නේ අපේ ගැටලුව තියෙන්නේ අපි ඒ සීමාවෙන් පිට හිතන්නේ නෑ. කියමනක් තියෙනවා නේ අපූරු නිර්මාණයක් බිහි කරන්න නම් Out of the box හිතන්න කියල.

සමාජ පණිවුඩයක් පරිසරයට අනුගත වෙමින් සිදු කරන ලද Mural සිතුවමක්
පරිසරයට අනුගත වෙමින් සිදු කර ඇති Mural සිතුවමක්
සංකල්පමය Mural සිතුවම්
කාණුවක සිදු කර ඇති Mural සිතුවමක්
ඉතින් ආයේමත් නිර්මාණ සිදු කරන විට මේ ගැනත් හිතල නිර්මාණය කලා නම් අනාගතයටත් වටිනවා. ඒ වගේම මේ නිර්මාණ කලාවට මම වින කටින්න හදනවා හරි මේ නිර්මාණ සිදු කරන්න එකතු වුන පිරිස් අවඥාවට ලක් කරල කකුලෙන් අදින්න හදනවා වත් නෙවෙයි. මේ වගේ අපූරු වැඩක් වෙනුවෙන් ගත කරන තරුණයන්ගේ වටින කාලය ප්‍රයෝජනවත් කරන්නයි මේ උත්සාහය.

ආයේ ලිපියකින් එනකන් ආයුබෝවන්....!

4 comments:

  1. මමත් මේ ගැන පොස්ටුවක් ලිව්වා. එහි දෙවෙනි කොටසට ඔයාගේ ලිපියෙන් ෆොටෝ එකකුත් ගන්නවා. අවසරයි නේද?

    ReplyDelete
  2. ඇත්ත. දැන් දකින්න තියෙන්නෙ, අර අනූ ගණන්වල ප්‍රචලිත වුණු, පාසල් තාප්පයෙ පාසල් ළමයි චිත්‍ර ඇඳීම කියන සංකල්පය ටවුමට ඇවිත් තියෙන එකයි...

    ReplyDelete
    Replies
    1. සිරාවටම.. නමුත් මේක බොහෝම වටින ආකාරයෙන් සමාජ ගත කරල අපූරු පණිවිඩයක් වගේම සමාජසත්කාරයකුත් කරන්න පුළුවන්

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!