වර්ණ - දෙවන කොටස - පැහැ ගැන්වීම හා අඳුරු ගැන්වීම

සියලු වර්ණ පැහැය (Hue) අනුව හෝ තානය (Tone) අනුව වෙනස්වේ. වර්ණ පැහැය උදාහරණ ලෙස නිල් හා කොළ පැහැය ලෙස වෙනස් පැහැ දෙකක් ලෙස පැවතීම සැලකිය හැකිය. වර්ණයක තානය ලෙස ඒ එක් එක් වර්ණයේ පවතින ප්‍රමාණය ලෙස කිව හැකිය. එය දීප්ත හා අඳුරු ලෙස අන්ත දෙක අතර පවතී.

විශය පැහැදිලී වීම සඳහා ඒක වර්ණ පරාසයක් සලකමු. කලු හා සුදු යනු ඒක වර්ණයක අන්ත දෙකකි. එය පැහැයන් දෙකක් ලෙස හැඳින්විය හැකිය. කලු පැහැයට වර්ණ එක්කිරීම එසේ නැතිනම් දීප්තිය ඇති කිරීමෙන් සුදු වර්ණය ලැබෙන අතර සුදු වර්ණයට අඳුර එක් කිරීමෙන් කලු පැහැය ලැබේ.
මේ ආකාරයෙන් යම් පැහැයකට දීප්තිය (සුදු) එක් කිරීම මගින් තානය වෙනස් කිරීම පැහැගැන්වීම (Tinting) ලෙසත් යම් පැහැයකට අඳුර (කලු) එක්කිරීමෙන් ඡායාවන් (Shading) ඇති කිරීම ලෙසත් හැඳින්වේ. මෙලෙස තානයන් ඇති කිරීම මගින් ඡායාරූපයකට පැහැ අන්තරයක් අපූර්ව ව‍ශයෙන් ලබා ගත හැකිය. 

මෙලෙස තානයන් හඳුනා ගනිමින් Ansel Adams විසින් Zone System එක හඳුන්වා දී ඇත.
වර්ණ පළමුවැනි කොටස මෙතැනින් 

වර්ණ තෙවැනි කොටසට ...

ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

7 comments:

  1. ඉතාමත් වටින ලිපියක් අයියෙ,,, අද තමයි Tinting & Shading ගැන දැනගත්තෙ,,,පුලුවන්නම් කැමරාවෙ මේ වර්ණ හදාගන්න විදිහත් ලියන්න අයියෙ,, ස්තුතියි මේ වගේ වටින ලිපි ලියනවට

    ReplyDelete
  2. ඔයාගෙන් . . .තමයි . .අය්‍ යේ මෙ දෙත් දැනගත්තේ . . .

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!