ඡායාරූප කප්පාදු කිරීම, මේක දැන් නම් නොදන්න
කෙනෙක් නැහැ. ඡායාරූපයක් ගන්න කෙනෙක් හෝ නරඹන කෙනෙක් “හයියෝ ඕක crop කරන්න තිබුනනේ” කියල කියනවා අහල දැකල ඇති.
ඡායාරූප කප්පාදු කරන්නේ ඇයි. මේක තමා තියෙන ප්‍රශ්ණය. ඡායාරූප කප්පාදු කරන්න හේතු
කරගන්න ඕන මූලික කාරණා කීපයක් තියෙනවා. ඒ ගැන බලන්න කලින් ඡායාරූප ක්‍රොප් කරද්දී
මතක තියා ගන්න ඕන ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවේදීම ඔයාලගේ මුල්
ඡායාරූපයේ පිටපතක් භාවිතා කරන්න.
පින්තූරයක සම්පූර්ණ සංයුතිය පවත්වා ගන්න අපිට crop
එකක් කරන්න පුළුවන්. හිතන්න ඉක්මනින් වෙනස් වෙන
පින්තූරයක් නම් අපි ඉක්මනින් ඡායාරූපය ගන්නවා. සංයුතිය ගැන හිතන්න වෙලාව මදි නිසා.
පසු සංස්කරණයකින් crop කරල සංයුතිය අපට අවශ්‍ය පරිදි සකස් කරගන්න
පුළුවන්. හිතන්න කුරුල්ලෙක් ඉගිලෙන එකක් කියල. රාමුව ඉඩ කියල ගත්තා. පස්සේ crop
කරල නිවැරදි කර ගන්න පුළුවන්.
ඉහල ඡායාරූපය crop මගින් වෙනස් සංයුතියන් ඇති ඡායාරූප දෙකක් ලබාගතිමි Photo credit Goes to Dr. Wasiri Rasu Gajaman |
දෙවැනි කාරණාව අරමුණ වෙන නිවැරදි නාභිගත කිරීමක්
පෙන්වන්න. මේක ගොඩක් වෙලාවට ලොකු ක්‍ෂේත්‍ර ගැඹුරක් (depth of field) තියෙන ඡායාරූපයක් සඳහා භාවිතා කරන්න පුළුවන්.
මොකද පින්තූරයේ බොහෝ දේ නාභි ගත වෙලා නිසා නිවැරදි අරමුණ නාභිගත වීම සකස් කරගන්න crop
කිරීමකින් පුළුවන්.