මට නැති උන්ට ඇති තැන.............

මෙය ලියන්දෝ නොලියන්නදෝ සිතමින් කලක් ගතවුන සිද්ධියකි. මා සතුව එක්තරා බැංකුවක ගිණුමක් පැවතුනි. එය දැන් හිස්ය. මා මේ කියන දිනය වෙද්දීත් එයට අවුරුදු 8ක පමණ කාලයක් වයසය. කරුමය නම් පොත කලිසම් සාක්කුවේ දමා එය රෙදි සෝදන යන්ත්‍රයේ අපූරුවට සෝදා ඇත. එයට හේතුවද මා සෑම වෙලාවකදීම සිටිනා මනෝ ලොව යැයි මට සිතේ. වරෙක සතෙකු ගැනත් තවත් වරෙක කැමරාවක් ගැනත් ඒවායේ හීන බිඳින රස්සාව ගැනත් මතක් කරමින් ගෙවෙන මනෝ ලෝකයෙන් මිදී යලි එද්දී පොතක් වෙනුවට පාවෙන ‍පෙඟුන කොල කෑලි ටිකක් ඉතිරිය. බැංකුව වෙත ගොස් පොත ඉල්ලා ඉල්ලීම් රැසකි. අවංක වශයෙන් කල ඇත්ත ප්‍රකාශය වැරදී ඇති සෙයක් මට හැ‍ඟේ. කෙසේ හෝ වේවා පැරණි පොතකුත් රැගෙන වරින් වර ගොස් කල ඇවිටිලි වලට කන් දුන් කළමණාකරු අවසන මා හට පොතක් දීමට එකඟ විය.
දැන් වැඩේ හරි.. මට හිතුනේ එහෙමයි. පාස් පොත රැගෙන එය අත්සන් කිරීමට අදාල තැනට කිට්ටුකලෙමි. අහෝ දුකකි වයස 35-40 අතර ගැහැණු කෙනෙකි. පරිඝණක තිරය දකුණට හැරවී ඇත. එක එක යතුරු ඔබමින් විනාඩි කීපයක් තිස්සේ එය නිවැරදි කරගැනීමට වෙර දරන ඇය දුටිමි. මගේ මට තිබූ පුටුවක වාඩි කරවා ලඟ තිබුණු කණුවට හේතුත වුනෙමි. මා බලා සිටින අතර ඇය පරිඝණකය හා හරි හරියට ඕටටු වන්නේ තිරය නැවත නිවැරදි ආකාරයට සකස් කරගැනීමටය. මිනිත්තු පහක් පමණ ගතවිය. ලඟ මේසයේ වැඩ කරන තවත් කිහිප දෙනෙක් එකතු විය. පලක් නැත ඔවුන් සතුව ඒ දැනුම නැති හෙයකි. 

මා සිතින් දැන් කරයි දැන් කරයි මට‍ මේක අත්සන් කරන් යන්න යැයි සිතමින් ලතවෙමින් සිටියෙමි. ඇය එතැනින් යාමට පැමිණි තරුණ බැංකු සේවකයෙකුටද අමතා උදව් ඉල්ලා සිටියයාය. ඔහු යන්තම් උසස් පෙල ලියූ තරම් යැයි මට සිතේ. දැන් දැන් එතැන පස් හය දෙනෙකි. පරිඝණකය නැවත පණ ගන්වා බැලුවෝය. අවසන එකා දෙන්නා හෙමින් හෙමින් තමන්ගේ වැඩ වලට මෙන් මග හැර යන්නට පටන් ගත්ත‍ෝය. ඇයගේ මුහුණේ එකම කරුණකි. මා අද වැඩ කරගන්නේ කෙසේද?

මිනිත්තු විස්සක පමණ කාලයක් මේ සෙල්ලමේ ඉම කොන බලා සිටි මට දැන් ඉවසීම නැත. මා එතැනට ගොස් "මම උදව් කරන්නද?" අසන ඇසිල්ලේම යතුරු තුනක් ඔබා ක්‍ෂණයකින් එය සකස් කලෙමි. ඇයගේ සුසුම් වැටුනේ එවිටය. මොකද කලේ අහද්දී මා එය කල හැටි පෙන්වා දී මට මෙන්න මේක අත්සන් කරල දෙන්න යැයි පැවසුවෙමි. අත්සනට ගියේ යන්තම් තත්ත්පර කීපයකි. ඔවුන්ගේ ස්තූති අසන්නය නොසිටි මම බැංකුවෙන් එලියට ආවේ ස්තූති නොලැබෙන බව දන්නා නිසාවෙනි. සිතේ එකම පැණයකි. පරිඝණක යෙදවුම් දැනුම ඇති උන් ඉල්ලා රැකියාවට ගන්නා මොවුන් මෙවැනි සුලු දෙයක් වත් දන්නේ නැතිද? රැකියාවේ සම්මුඛ පරීක්‍ෂණ කෙසේ සමත් වුනිද? 

උපාධිය ලබා වසර කීපයක් ගතවන්නට ආවද මෙවැනි රැකියා ස්ථානයක් නම් මට නොලැබෙන්නට ඇත්තේ පිනකට දැයි මට සිතේ. මා ද මෙහි රාජකාරි කරයි නම් අනිත් වුන් මා ගැන සිතන්නේද මේ දැනුම මට්ටමින්ම විය හැක. සතුටු වෙමි... මා සිතමි. මෙය හුදෙක් මා ලද එක් අත්දැකීමක් පමණි. විවිධ ආයතන වල මෙවැනි අත්දැකීම් රැසකි. ඒවා ලියන්නට දිවනක මට සිතෙනු ඇත. එ දින වෙන තුරු මෙතැනට ඇවිත් බලන්න. ජය.....

1 comment:

  1. ලංකාද? ජහමනද? ඉතිරිකිරීම්ද? අපෙත් ඉන්න ගොඩක් ඔපිසර්ලා වැඩබැරි ටාසන්ලා තමයි.
    වැඩේ කරගන්නත් බෑ උද්දච්ච කමට අහගන්න කැමතිත් නෑ

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!