වනජීවී ඡායාරූපකරණයට ඔවදනක්.......

වනජීවි ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් අඩුම ගනනේ 300mm වත් ලෙන්ස් එකක් භාවිතා කල යුතු වෙනවා. නමුත් හොඳ දූරරූප කාචයක් තිබේ නම් රාමුව පුරවා ගැනීම පහසුවේ. නමුත් වෙනත් ලෙන්ස් එකක් භාවිත කර ගන්නා ඡායාරූපයක් හොඳ crop එකක් මගින් සාර්ථක කරගත හැකිය.
 
සේයාරුව ගැනීම සඳහා වැදගත් වන තවත් කරුණක් නම් සතෙකුගේ චර්යාවන් හා වාසස්ථාන පිලිබඳ දැන සිටීමයි. නමුත් ‍හොඳම ඡායාරූපය ලෙස බොහෝ විට හදිසියේ ලැබෙන දුර්ලභ අවස්ථා ඡායාරූප ලෙස සටහන් කර ගැනීම වැදගත්වේ.
ඡායාරූප ලබා ගැනීමේදී සතුන්ට ලඟාවීම වැදගත් කරුණකි. එහිදී නොපෙනෙන ලෙසින් සැඟවී සිටීමද වැදගත් වේ. වනාන්තරයට අනුගත වෙන පරිදි සැඟව සිටිමින් දින ගනන් ගත කිරීම වැනි කැපකිරීම් සිදුකිරීමෙන් හොඳ සාර්ථක ඡායාරූපයක් ලබාගත හැකිය.
වනජීවී ඡායාරූපකරණයට පැමිණීමේදීම කල යුතු තවත් කාරණාවක් තිබේ. එය නම් ප්‍රථම තමන‍්ගේ ගෙවත්තේ සිටින සතුන්ගේ ඡායාරූප ගැනීමට උත්සාහ කිරීමයි. කුරුල්ලන්, කුඩා සතුන්, සමහර අවස්ථාවක සර්පයන්, මුගටියන් වැනි සතුන් හෝ පූසන් බල්ලන් පවා ඡායාරූප ගත කිරීමට උත්සාහ ගත යුතුය. එයින් මනා පුහුණුවක් ලබා ගත හැකිය.
ඉන් පසුව සත්වෝද්‍යානයකය ගොස් එහි සිටින සතුන් ඡායාරූප ගත කිරීමට උත්සාහ ගත හැකිය. එහිදි වඩා විශාල ඇපෙචර අගයන් භාවිතා කර පටු ක්‍ෂේත්‍ර ගැඹුරක් ලබා ගැනීමෙන් කූඩු වල ඇති කම්බි ඡායාරූපයට සිදු කරන බධාව මඟ හැරගත හැකිය.
සතෙකුගේ ඇස ඡායාරූපයක හොඳන්ම නාභිගත වුන ස්ථානය කරගන්න. ඇස නාභිගත කරගැනීමෙන් සතෙකුගේ සාර්ථක ඡායාරූපයක් ලැබෙනු ඇත. සතෙකුගේ ආලේඛය ඡායාරූපයකදී නම් මෙය අතිශයින් වැදගත්වේ.
සතෙකුගේ ක්‍රියාවන් ඡායාරූප ගැනීම වැදගත් වන අතර එහිදී කැමරාව සතා සමඟ pan කිරීමෙන් බොඳවුන පසුබිමක් සහිතව අරමුණ හොඳනි මතුවන ඡායාරූපයක් ලබාගත හැකිවනු ඇත. එහිදී අරමුණ රාමුව තුල පවා ක්‍රියාශීලිව දැකිය හැකිය. විශේෂයෙන්ම කුරුල්ලකුගේ හෝ දුවන සතෙකුගේ ඡායාරූපයකදී එය වැදගත් වනු ඇත.
ඡායාරූපය ගැනීමේදී අඩුම වශයෙන් Monopod එකක්වත් භාවිතා කරන්න. එසේ නැතිනම් ස්වාර වේගය ගැන හොඳන් සැලකිලිමත් විය යුතුය. නැතිනම් ත්‍රීව්‍ර ඡායාරූපයක් ගිලිහී යනු ඇත.
සෑම අවස්ථාවේදීම පසුබිම හා අරමුණ යන දෙකෙහිම අනාවරණය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. අවසන් ඡායාරූපයේ රාමු සැකැස්ම, අනාවරණය අරමුණ, අවස්ථාව ආදිය නිසා අපූර්වත්වයක් කැටි කරනොගන්නේ නම් එය තවත් ඡායාරූපයක් පමණක්ම වනු ඇත.

4 comments:

  1. මෙම පලකිරීම තුලින් වටිනා අදහස් දෙනගෙනීමට හෙකිඋනා. ස්තුතියි.

    ReplyDelete
  2. වටින ලිපියක්... සෑහෙන දෙයක් ඉගෙන ගත්තා. න්‍යායාත්මක කරුණු වගේම වනජීවි ඡායාරූපකරණයේ එතික්ස් ටිකකුත් එකතු වුණා නම් හොදයි...
    විශේෂයෙන්ම කුරුලු කූඩුවල ඡායාරූප ගැනීමේදී ඊට සමීප නොවෙන්න. ෆ්ලෑෂ් භාවිත නොකරන්න වගේ දේවල්..
    විශේෂයෙන්ම ගෙම්බන් ඡායාරූපගත කිරීමෙදී ෆ්ලෑෂ් භාවිත කරන්න එපා. අදුරේ ගත කරන්න හුරුවී ඇති ගෙම්බන්ට ඒ ආලෝකය දරා ගන්න බෑ. ඒ වගේම ගෙම්බන්ගේ සම හරිම සංවේදීයි.. ෆ්ලෑෂ් ආලෝකය මගින් එය ක්ෂණිකව වියළා දමනවා... අපේ ඡායාරූපයට වඩා වැදගත් උගේ ජීවිතයයි...

    ReplyDelete
  3. වැදගත් කරුණු රැසක් සුළං.. ස්තූතියි..

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!