අඩු ආලෝක තත්ත්වයක් යටතේ ඇති වස්තුවක් වැඩි අනාවරණ කාලයක් තුලදී චලනය වන ආලෝක ප්‍රභවයක්/ ප්‍රභව මගින් ආලෝකමත් කර ඡායාරූප ගැනීම light painting හෙවත් ආලෝක පින්තාරු ලෙස හැඳින්වේ.
මේ සඳහා අවශ්‍ය වන උපකරණ කීපයක් පවතී.
1. Manual Settings සහිත කැමරාවක්
Aperture අගය, Shutter අගය හා ISO අගය අපට පාලනය කල හැකි විය යුතුයි. නිවැරදි අනාවරණය හැම විටම සාර්ථක ප්‍රථිඵල ගෙන දෙන නිසාවෙන්.
2. හොඳ ශක්තිමත් ත්‍රිපාදයක් (Tripod)
කැමරාවේ බර දරා ගනිමින් අනාවරණ කාලය තුල කැමරාව නෙසෙල්වී පවත්වා ගැනීමට
3. Shutter Release කේබලයක් හෝ දුරස්ථ පාලකයක්
අනාවරණය සිදු කිරීමේදී සෙලවීමක් ඇති වීම වලක්වා සියුම් ලෙසින් අනවරණ ස්විචවය ක්‍රියාත්මක කිරීමට
4. Stop Watch එකක්
වැඩි අනාවරණ කාලයන්හිදී ගතවූ කාලය මැන ගැනීමට
5. ආලෝක ප්‍රභව (light sources)
වස්තුව ආලෝකමත් කිරීම සඳහා උදාහරණ වශයෙන් විදුලි පන්දම් වැනි දේ යොදාගත හැක.
6. Color Gels
විවිධ වර්ණ වලින් අනාවරණය සඳහා ආලෝක පුභවය සමඟ යොදාගැනීම සඳහා.
කැමරාවේ සැකසුම් සකස් කිරීම
Mode - කැමරාව සෑම විටම Manual Mode තබා ගත යුතුය.
Image quality - හැකි සෑම විටම RAW හෙවත් නොසැකසූ දත්ත ආකාරයට පින්තූරය ගබඩා කරන්නේ නම් හොඳයි.
White Balance - ස්වයංක්‍රීය ආකාරය සාර්ථක බව අඩුය. නමුත් එයින් බිහිකල හැකි නිර්මාණ නැතුවාම නොවේ.
ISO - ISO අගය අඩු අගයක පවත්වා ගැනීමෙන් අඩු ද්වාර වේගයක් හෙවත් වැඩි අනාවරණ කාලයක් ලබා ගැනීමද ඝෝෂාව අවම කර ගැනීමද සිදු කල හැකිය.
F-Stop හෙවත් Aperture අගය - F8 හෝ F10 වැනි අගයයන් පවත්වා ගැනීමෙන් වැඩි ක්ෂේත්‍ර ගැඹුරක් ලබා ගැනීම හා අඩු ද්වාර වේගයක් හෙවත් වැඩි අනාවරණ කාලයක් ලබා ගැනීමට හැකිවේ.
Shutter Speed - Bulb mode හෝ ඉතා අඩු අගයයන් වල පවත්වා ගැනීමෙන් පින්තාරුව සඳහා වැඩි කාලයක් ලබා ගත හැකිය.
LCD Brightness - LCD තිරයේ ආලෝකය අඩු තත්ත්වයක පවත්වා ගත යුතුය. එමගින් එහි ආලෝකය පින්තාරුව සඳහා එක්වීම වලක්වාගත හැක.
Histogram - හැකි තරම් histogram එක භාවාතා කරන්න උත්සාහ ගැනීමෙන් පින්තාරුවේදී තද අඳුරු ස්ථාන අවම වන සේ සාර්ථක පින්තාරුවක් කල හැක.
IS හෝ VR - සෙලවීම් අවම කිරීම සඳහා ලෙන්ස් වල තියෙන උපක්‍රම ආකාරය ත්‍රිපාදයක් මතදී විරුද්ධ දෙසටට ක්‍රියා කරයි. ඒ නිසා එම ස්විචය නිවා දැමීම කල යුතුයි.
Long exposure noise reduction - නවීන කැමරාවල ඇති සැකසුමකි. විශාල අනාවරණ කාලයන් වල ඡායාරූප ගැනීමේදි ඇතිවන ඝෝෂව අවම කිරීමේ සැකසුමක් කැමරාව තුල ඇති අතර ආලෝක පින්තාරුවකදී ISO අඩු අගයක පවත්වා ගන්නා නිසා මේ සැකසුම අවැසි නොවේ. තවද මෙහිදී සිදුවන දෙවැනි අඳුරු ලපය ඝෝෂාව ලෙස සලකා ඉවත් කෙරෙන නිසා පින්තාරුවේ ඇති නිර්මාණාත්මට බව මේ සැකසුම නිසා ඉවත් විය හැකිය.
බොහෝ විට ආලෝක පින්තාරුවකදී අප මුහුණපාන ගැටලුවක් පවතී. එනම් අප වස්තුව ආලෝකමත් කිරීම සාර්ථකව නිම කලත් බාහිර වටපිටාව අධි අනාවරණයක් හෝ පින්තූරයේ වටිනාකම අඩු කරන ආකාරයට සැකසී තිබීමයි. ඒ නිසා මෙම අනාවරණය සැකසීම සීරුවෙන් කරගත යුතුය. මේ සඳහා විවිධ අනාවරණ කාලයන් යොදමින් ප්‍රශස්ථ අගය සෙවීම කාලය ගතවන හා සිදුකිරීමට අසීරු කාර්යයකි. මේ නිසාවෙන් එය පහසු කර ගැනීම සඳහා කෙටි පියවරක් ඉදිරිපත් කල හැකිය.
* පළමුව ඔබ අනාවරණය සඳහා බලාපොරොත්තු වන ISO අගයට වඩා නැවතුම් 6ක් ඉදිරියෙන් ඇති අගයයකට කැමරාව සකසා ගන්න. උදාහරණ ලෙස අප බලාපොරොත්තු වන්නේ ISO 50 අගය නම් නැවතුම් 6ක් ඉදිරියට යනු ISO 3200 වේ.
* දෙවනුව ISO 3200 ට අදාලව බාහිර පරිසරය සඳහා වන ප්‍රශස්ත ද්වාර වේගය සොයාගන්න. දැන් නැවත ඔබ බලාපොරොත්තු වූ ISO අගය වූ 50 අගයට කැමරාව සකසා ISO 3200දී ප්‍රශස්ත ද්වාර වේගය ලෙස ලැබුනු තත්ත්පර ගනනේ අගය මින්තු වලින් යොදා කැමරාව සකසා ගන්න. උදාහරණ ලෙස ISO 3200දී ප්‍රශස්ත ද්වාර වේගය ලෙස තත්ත්පර එකක් ලැබුනි නම් ISO 50 දී ප්‍රශස්ත ද්වාර වේගය වන්නේ මිනිත්තු එකකි.
ආලෝක පින්තාරුවදී ඇතිවන තවත් ගැටලුවක් වන්නේ නාභිගත කිරීමයි. එයට හේතු වන්නේ අප නාභිගත කරන්නට උත්සාහ ගන්නා වස්තුව අඳුරේ පැවතීමයි. ඒ සඳහා සාර්ථක පිලියමක් වේ. එනම් පලමුව වස්තුවේ එක් තැනක් ආලෝක ප්‍රභවයක් මගින් ආලෝකමත් කර එතැනට ස්වයංක්‍රීය නාභිගත කිරීමක් සිදු කරගන්න. පසුව නාභිගත කිරීමේ ස්වයංක්‍රීය ස්විචය නිවා දමන්න. යම් හෙයකින් නාභිගත කිරීමෙන් පසුව කැමරාව සොලවන්නේ නම් නැවත ඉහත පියවර මගින් නාභිගත කිරීම සිදු කල යුතුය.
පහත ක්‍රමවේදයන් අනුගමනය කිරීමෙන් සාර්ථක ආලෝක පින්තාරුවක් සිදුකරගැනීමට හැකිවේ.
* වස්තුවේ සියලු පැති පින්තාරු කරන්න
කැමරාව පිටුපස සිට ආලෝක ප්‍රභවයන් භාවිත කරමින් අරමුණේ සියලු පැති හොඳින් පින්තාරු කිරීමෙන් වස්තුවවේ සියලු දත්ත හා රටාවන් හසු කරගැනීම කල හැක.
* විවිධ කෝණ විශාල ප්‍රමාණයක් භාවිතා කරන්න
විවිධ කෝණ විශාල ප්‍රමාණයක් භාවිත කිරීම මගින් වස්තුවට හොඳ ත්‍රිමාන බවක් ලබා දිය හැක. තවද ඒ හා අතර ඇති පසුබිම් මතුපිටද නිවැරදි වශයෙන් ආලොකමත් කිරීම මගින් ත්‍රිමාණ බව පවත්වා ගත හැකිය.
* කැමරාව හා ආලෝක ප්‍රභවය අතර සිට ගන්න එපා
වස්තුව හා ආලෝක ප්‍රභවය අතර සිට ගැනීම නිසා ඔබේ ඡායාව අඳුරු සෙවනැල්ලක් මෙන් ඡායාරූපයට එකතු විය හැක.
* අඳුරු පැහැ පරාවර්ථනය අවම ඇඳුමකින් සැරසෙන්න
මෙමගින් ද ඔබේ ඡායාව අඳුරු සෙවනැල්ලක් මෙන් ඡායාරූපයට එකතු වීම අවම කර ගත හැක.
* ආලෝක ප්‍රභව කැමරාව දෙසට යොමු කරන්න එපා
ආලෝක ප්‍රභවය කැමරාව දෙසට එල්ල කිරීමෙන් ඡායාරූපය තුල දීප්තිමත් අලෝක ප්‍රදේශ ලැබිය හැකිය.
* රතු පැහැති අඩු ආලෝකයක් කැමරාවේ සැකසුම් බලා ගැනීමට යොදා ගන්න
එමගින් සැකසුම් සිදු කිරීමට හෝ ඔබ භාවිතා කරන ආලෝකය නිසා ඡායාරූපය දූෂනය වීම අවම කර ගත හැක.
* ආලෝක ප්‍රභවය සෑම විටම චලනය කරන්න
මෙමගින් ඡායාරූපය මත වූ අධි අනාවරණ කලිප මග හරවා ගත හැකිය.
* මතුපිට ආකාරය අනුව ආලෝකය ලබා දෙන කාලය වෙනස් කරන්න
මතුපිට රළු අඳුරු පැහැ නම් ආලෝකය වැඩිපුර උරා ගනී. මේ නිසා එවැනි තැන් ආලෝකමත් කිරීමට වැඩි ආලෝකයක් ලබා දීමට සිදුවේ. වැඩි කාලයක් ආලෝකය ලබාදීමෙන් මෙය සිදු කල හැක. සිනිඳු දිලිසෙනවා නම් ආලෝකය වැඩි වශයෙන් පරාවර්ථනය වේ. මේ නිසා අඩු කාලයක් ආලෝකය ලබා දීමෙන් ප්‍රශස්ත අනාවරණය සිදු කල හැක.
* විශාල වස්තූන් ක්‍රමාණුකූලව ආලොකමත් කරන්න
වස්තුව ක්‍රමාණුකූලව ඉහල සිට පහලට හෝ දෙපසට ආලෝකමත් කිරීම මගින්ද අධිඅනාවරණය වූ ලප ඇති වීම වලක්වාගත හැකිය.
* පළමු උත්සාහය මගින් අවසන් නිර්මාණය කරන්න උත්සාහ කරන්න එපා
තමාට අවැසි නිර්මාණය කිරීමට ප්‍රථම කීප වරක් අභ්‍යාසයේ යෙදෙන්න. එමගින් අපූරු නිර්මාණයක් කර ගැනීමට හැකිවනු ඇත.
උසස් අපූර්ව නිර්මාණ බිහිවන්නේ අත්වැරදීමෙන් හෝ අප්‍රතිහත උත්සාහයේ ප්‍රථිඵල වශයෙනි.
අන්තර්ජාලය හා අත්දැකීම් ඇසුරිනි - උපුටා ගැනීම හා වෙනස් කිරමින් මූල්‍ය කටයුතු සඳහා භාවිතා කිරීම තහනම්
වටිනා කරුනු ගොඩක් තියන ලිපියක්....බොහොම ස්තූති ලිපියට....
ReplyDeleteදැනට නම් ලොකු කැමරාවක් නෑ.....
ආසාවක් තියනව ගන්න නිකොන් ඩී 3300 එකක්....අතේ මුදල් තියෙන්නේ එච්චරයි.... :'(
ඡායාරූපයට බලපාන්නේ ඇස මිස කැමරාවේ ප්‍රමාණය නොවෙයි මිතුර. පොඩි එකකින් පටන් ගන්න
Deleteඅයියට කියන්න අයියා සහ තව දෙතුන් දෙනෙක් පමනයි ඔහොම කිව්වේ....
Deleteඅනිත් හැම එකාම අස්ප ගනන් වල කැමරා ගන්න කියනවා...මම එකක් තේරුම් ගත්තා අස්සයා මොකා උනත් ජොකියට පදින්න බැරිනම් අස්සයාගෙන් තේරුමක් නෑ කියන එක...
බොහොම ස්තූති අයියේ උපදෙසට...
ඉන්ද්‍රනාත තේනුවර නම් මිත්‍රයා ආලෝක පින්තාරු සේයා රුවක් ගන්නට ගන්නා වෙහෙස මම දැක ඇත්තෙමි. අපුරුම නිර්මාණ කරුවෙකි ඔහුත්.
ReplyDeleteඔව් ආලෝක පින්තාරුවේ අරමුණ විශාල වෙද්දී වෙහෙස වැඩී. තේනුවර සර් සීගිරියත් පින්තාරු කලා මම හිතන්නේ =D
Deleteනවකයන් හට වටින කරුනු ගොන්නක්. ඔබට සුබ සුලා... දැනුම බෙදාගන්නන් දුලබයි... උඹ එ අතරින් පොරක්...
ReplyDeleteඅනේ නෑ බන් මම පොරක් නම් නෙවි දන්න දේ දන්න විදිහෙන් කියා දෙනවා. හැමෝම හැමදේටම දක්‍ෂ නෑ. නමුත් දක්‍ෂයන් අතරින් නිර්මාණ බිහිවෙන්න දක්‍ෂයාට අවැසි දේවල් තියෙනවා. ඒ දැනුම. පොදි ගහන් ඉන්න දැනුම කිසි වැඩක් නැහැ.
Deleteමේ ගැන උනන්දුවක් තියෙන අයට වඩා වැදගත් කරුනු ටිකක් කියලයි මට හිතෙන්නෙ.
ReplyDeleteසුලා,
මේක කියවලා හැකිනම් ප්‍රතිචාර දක්වන්න
ස්තූතියි ඔබට
Deleteනොදන්නා දැනුමක් ගත්තා.... වටිනවා... ජයවේවා
ReplyDeleteස්තූතියි
Deleteවිස්තරේ නම් බොහොම වටිනවා.
ReplyDeleteඔය ලයිට් පේන්ටින් ගැන මට අහන්න ලැබුනෙත් මේ ළඟදී...හැබෑම සුපිරි වැඩක් තමයි එකත්.
ස්තූතියි
Deleteමාර මහන්සියක්නෙ වෙන්න තියෙන්නෙ... ඒ වුනාට අන්තිම ප්‍රඩක්ට් එක ගැන ඇතිවෙන තෘප්තිය ඊටත් වැඩියි නේද?
ReplyDeleteවැඩේ ලේසි නම් වටිනකම අඩුයිනේ
Deleteබොහොම වැදගත් ලිපියක්.. මහන්සි වෙලා දැනුම බෙදාදෙනවට බොහොම පින්...
ReplyDeleteස්තූතියි
DeleteLong exposure noise kiyanne ISO wedi nisa athiwena noise eka nemey neda. Sensor eka wedi kalayak expose wela thiyana hinda athiwena noise ekak neda?
ReplyDeleteE hinda Long exposure NR off karanna oneda?
නෑ ඒ දෙක දෙකක්. සෙන්සරය වැඩි කාලයක් නිරාවරණයේදී රත් වෙනවා ඒ නිසා ඇතිවෙන තත්ත්වයන් නිසා තමයි මේ ඝෝෂාව එන්නේ. නමුත් මෙතැන මම සඳහන් කරන්නේ ISO වැඩි නිසා එන ඝෝෂාව ගැන නෙවෙයි. එය අඩු අගයක් නිසා ඒ ඝෝෂාව නැති බවත් වැඩි කාලයක් සෙන්සරය නිරාවරණයෙන් එන ඝෙෘ්ෂාව අඩු කරන ක්‍රමය ක්‍රියාත්මක වුනාම අපිට ඕන කරන විස්තරත් ඇතිවෙන ඝෙෘ්ෂාව විදිහට සලකලා කැමරාවෙන් ඉවත් කිරීමට ඉඩ ඇති බවයි. ඒ දෙක සම්පූර්ණ වශයෙන් වෙනස් කාරණා දෙකක්
ReplyDelete