ලෝක ළමා දිනය වෙනුවෙන් මේ අවුරුද්දට.............

අද ලෝකයේ හැම දෙනෙක්ම සමරන දවසක්. ඒ ලෝක ළමා දිනය දවස. අපි හැ‍මෝටම අපේ සුන්දර ළමා කාලය සිහිවෙන දවසක් වගේම අපි ළමයි සතුටු කරන්න ගොඩක් වෙනස් වෙනස් විදිහේ වැඩසටහන් කරනවා. ඉතින් මම දැන් උගන්වන ILead (Initiative for Livelihood Education & Development) ආයතනය මගින් සංවිධානය කලා පුංචි වැඩසටහනක්. ඒකට මුලින්ම අඩිතාලම දාල තිබුනේ අපේම ආදි ශීෂ්‍ය කණ්ඩායමක් විසින්. ඒ අය කල විශය බාහිර කටයුත්තක අවසාන අදියර හැටියට තිබුනු කාර්යයක් අපි මේ වැඩසටහන මගින් අවසන් කරන්න හිතුවා.
 අපේ ආදි සිසුන්ගේ කාර්යය වුනේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිරිස් සොයාගෙන ඔවුන් වෙනුවෙන් යමක් කරන එක. ඉතින් ඒ වෙනුවෙන් කල වැඩසටහනකින් එකතු වුන මුදල් හා වර්තමාන සිසුන්ගේ දායකත්වයෙන් අපි පොඩි පවුලක් වෙනුවෙන් උදව් කරන්න හිතුවා. පවුලේ දරුවන් 4 දෙනයි. ඒ සියල්ල විශේෂ අවශ්‍යතා සහිත දරුවන්. මසකට මේ අය වෙනුවෙන් විශාල මුදලක් වියදම් වෙන නිසාවෙන් හා ඔවුන්ගේ දුගී බව නිසාවෙන් මේ ළමුන්ගේ දෙමාපියන් අසරණ තත්ත්වයකයි සිටින්නේ. අපි කල දෙයින්‍ ඔවුන් වෙනුවෙන් මසකට පමණ අවශ්‍ය ‍‍දේ දුන්නත් අනිත් කාලයේ මෙනවගේ දෙයක් වෙයිද දන්නේ නැහැ.
වැදගත්ම කාරණය වෙන්නේ මේ ආයතනයේ දැන් ඉගෙන ගන්න ලමුන් පිරිස. ඔවුන්ට වෘත්තීය පුහුණවකට වැඩි දෙයක් දෙන්න කටයුතු කරන අපි ඔවුන්ගේ මේ වැඩසටහන නිර්මාණයට දුන්නේ එක් දිනක වරුවක් පමණයි. නමුත් ඔවුන් ඉතා දක්‍ෂ විදිහට ඒ කාලය ඇතුලේ එය අය සතුටු කරන වැඩසටහනක් සකසා ගත්තා. ඇත්තෙන්ම මේ තුල ඉන්න සැබෑ දක්‍ෂයන් හඳුනාගන්න ලැබුණා. කොහොම වුනත් මමත් අපේ අනිත් ගුරු මණ්ඩලයත් බලාපො‍රොත්තු වුන දේ මේ ලමයි අතින් වුනා කියන්න පුළුවන්. මම ළමයින්ට දුන්නේ එකම එක උපදෙසයි. ඒ තමයි ඒ එන ළමයි යද්දී අපිට වඩා නොවෙනස්ව, හෘදයාංගම හිනාවකින් පුරවලා යවන්න. ඒක ඒ විදිහටම කරන්න පුළුවන් වුනා කියල මට දකින්න පුළුවන් වුනා. අන්තිමට මට ලැබුණ ලොකුම තෑග්ග තමා ඒ පුංචි අයගේ හිත්වල තිබුන සතුට. ඒ හිනාව මට නම් කෝටි ගානක් වියදම් කලත් ගන්න බැහැ.
අපි අනවශ්‍ය දේට කොයි තරම් වියදම් කරනවද? ළමා දිනය කියාගෙන පෝසත් ළමයි කොයි තරම් සල්ලියක් විනාස කරනවද? ඒත් ඒ වියදමින් රුපියලක් වත් මේ වගේ පුංචි මල් ටිකකට වියදම් නොකරන්නේ ඔවුන් මඩේ පිපුණු නිසාද? නැත්තම් ඒ මල් වල අඩුපාඩු නිසාද? ඒ කොයි දේ වුනත් අපේ රටේ ඉන්න ඔක්කොම අයට අපි ටිකකට සලකන්න බැරි වෙයි. ඒත් මේ වගේ අය ගොඩක් ඉන්නවා. අඩුගානේ අද වගේ දවසකවත් ‍මේ වගේ දුවල පැනල සතුට හොයන්න බැරි පුංචි මල් හිනාවෙන් පුරවන්න බලන්න. මේ වගේ ලස්සන හිනාවක් දෙන්න මාවත් එකතු කරගත්තු ආයත‍නේට ‍ගොඩක් ස්තූතියි... ඒ වගේම මම බලාපොරොත්තු වුන විදිහට ඒ පුංචි පැටවුන්ට හිනාව දීපු අපේ ශිෂ්‍යයන්ටත් ස්තූතියි....
මෙන්න ඒ පුංචි හිනාව ඔයාලටත් දකින්න......

1 comment:

  1. එල සර්... තව තවත් blog ලියන්න..

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!