මගේ ගමන් බිමන් විසිඅටවන කොටස - නෑල්ල කඳුවැටිය හෙවත් ජම්බුත්මලේ කන්ද

කලින් නෑල්ල රජමහා විහාරය ගැන ලිපියක සඳහන් වුන ජම්බුත්මලේ කන්ද නගින එක ටිකින් ටික පහුවෙලා මාස ගානකට පස්සේ ඔන්න වෙලාවක් සොයාගෙන නැග්ග කන්ද.... =D මොනවා වුනත් අපිට පෙර සූදානමකට වත් වෙලාවක් නම් තිබුනේ නැහැ. මගේ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු වල දෙවැනි අවුරුද්දේ විභාගය ලංවෙන නිසාවෙන් ටිකක් විතර කාර්්‍ය බහුල වෙලයි හිටියේ. යාළුවෝ තුන්දෙනෙකුත් අමාරුවෙන් හොයාගන්තු මම කන්ද නගින්න නෑල්ලට යද්දී උදේ 10ට විතර ඇති.
 











කලින් ලිපියක කියැවුන විදිහට ආයෙත් පුෂ්පාරාමයට ආව අපි ලොකු හාමුදුරුවෝ හමුවෙන්න උත්සහ කලත් සාර්ථක වුනේ නැහැ. ඒ ඒ වෙද්දිත් ස්වාමීන් වහන්සේ නගරයට වැඩම කරල නිසාවෙන්. එතුන හිටි ග්‍රාමාරක්‍ෂක භටයෙකුගෙන් පාර අහගෙන යන්නයි අපි සූදානම් වුනේ. ඒත් ඔහු කිව්වේ පාර නම් හොයාගන්න එක ලේසි නැහැ කියලයි. කොහොම වුනත් අපි වැඩේ අතාරින්නේ නැතුව ගමනට සූදානම් වුනා. පාර පාර වැටිල තිබුනේ ගෙයක් ගාවින්. එතැනට ගිහින් එතුන අපි ගිය බයිසිකල් දාල කන්ද නගින්න පාරත් අහගත්තා. "ලමයිනේ ඔහොමද කන්ද නගින්නේ පිහියක්වත් නෑ. කෙවිටක් වත් අරන් යන්න. ඕකෙ සර්පයෝ ඉන්නවා" කියමින් ගෙදර හිටි වැඩිහිටියෙක් කිව්වා. අපි ඒකත් අහගෙන කොටිටකුත් කඩාගෙන ගමන පිටත් වුනා.
කොහොම වුනත් පාරවල් හොයගෙන යන්න වුන ගමනක්. මොකද කාලෙකින් කවුරුවත් නැගල නැති නිසාවෙන් පාරවල් ගොඩක් දුරට වැහිල ගිහිල්ල. ලොකු ගස් කඩා වැටිල සමහර තුන් වල යන්න ගොඩක්ම අමාරු වුනා. කොහොම වුනත් කවුරුත් කියන විදිහේ "ඇඩ්වෙන්චරස්" ගමනක් වගේ හිතාන අපි කන්ද නගින්න ඒකත් ශක්තියක් කරගත්තා. වේගවත් ගමනකි තිබුණ නිසවෙන්දෝ අපි ගොඩක්ම හෙම්බත් වුනා. කන්ද වැඩි ප1මාණයක් නගිද්දී අපිට ගලක් දිගේ බේරෙන වතුර පාරක් හම්බවුනා. ඒක ස්වභාවික උල්පතකින් ආව එකක්. ඒකෙන් වතුර බොන්න අපි ක්‍රමයක් හොයාගත්තා. ඒ මෙන්න මේ විදිහට....
තවත් දුරක් යද්දී තවත් පුංචි උල්පතක් අපේ පිපාසාව නම් අයින් කරල දැම්මා. ඒකෙන් පණ ආව අපි කන්ද නැග්ගේ කොහොම හරි මුදුනට යන්න. ගල් උඩින් පර්වත වටෙන් ගිහින් පාර හොයාගෙන කොහොමින් කොහොම හරි අපි කඳු මුදුනකට නම් ආව. එතැනින් අපිට අම්පාර ප්‍රදේශය වෙනකන් බලන්න පුළුවන්. ඒ වගේම තවත් තැන් දෙකකට අපි ගියා. මේක උඩ තියෙනවා කියන දිය නොසිඳෙන පොකුණ සොයාගෙන ආව අපි මේ වෙනතුරුත් ඒකනම් දැක්කේ නැහැ. තවත් ටිකක් ඇතුලට ගිහින් මේ පිළිබඳව හොයන්න අපි හිතාගත්තා. 

තවත් කැලේ ඇතුලට යද්දී අපිට පොකුණූ කීපයක්ම දකින්න ලැබුණා. ඒ සියල්ල නරඹපු අපි සවස් වෙන්න කලින් එන්න හිතන් කන්ද බහින්න සූදානම් වුනා. අපි දැක්ක ගොඩක් දර්ශන බොහෝම සුන්දරයි. අවසානයේ කන්ද වේගයෙන් බහින්න ගත්තු අපි ආයෙත් ආවේ ගිය මාර්ගයේ නම් නොවෙයි. මොකද පහලට පේනවට වඩා මාර්ග අපිට ඉහල ඉන්ඳන් බලද්දී පෙනුන නිසාවෙන්. කොහොම වනත් වේගවත් බැස්මක අවසානය විදිහට අපි ආවේ කැලෑව අවසානයේ තිබුණු වත්තක කෙලවරින්. එතැන ගහකින් දොඩම් කඩාගත්ත අපි නිවැසියන්ගෙන් පන්සලට පාර අහගත්තා. අපි ඇවිත් තියෙන්නේ බයිසිකල් දාපු නිවසට වඩා මීටර 200ක් විතර දුර තැනකින් වුනත් කන්ද නැග්ගාට වඩා නම් කෙටි පාරකින්. 
හෙම්බත්වෙලා හිටි අපි පන්සලට ගියාම ලොකු ස්වාමීන් වහන්සේ අපි එක්ක කතා කරා වගේම අපිට දවල් කෑමත් දෙන්න තරම් කාරුණික වුනා. එතැනින් දැනගත් විස්තර වලින් නම් අපි ටිකක් කණගාටුවට පත්වුනා. ඒ කන්ද මුදුනේ චෛත්‍යයක නටඹුන් ලෙන් කීපයක් හා සෙල්ලිපියකුත් තියෙනවා කියන ආරංචිය ඇසීමෙන්. අපි ගිය තැන කිට්ටුවම කැලේ ඇතුලෙ තමයි තිබිල තියෙන්නේ. අනිත් අය කොහොම වුනත් මම නම් ඒ ආරංචංයෙන් පස්සේ ආයෙත් කන්දට යන්න හිතන් තමයි පන්සගෙන් එලියට ආවේ.























මෙන්න ගත්තු වීඩියෝ ටික...

5 comments:

  1. නියම ගමනක්. ඒකාකාරී ජීවිතෙන් මිදිලා ඔය වගේ ගමනක් යන්න නම් ආසයි. ඒත් ජොබ තමා හරහට.

    ReplyDelete
    Replies
    1. උත්සාහ කලොත් බැරිවෙන්නේ නැහැ තිලිණ. "Nothing is impossible if you have right tools"

      Delete
  2. ඔබේ බ්ලොගයට මා බොහොම කැමතියි..එයට විශේෂ හේතුවක් තියනවා..ඔබේ මෙම බ්ලොගයෙන් ඔබ විසින් පුද්ගලිකව ලබාගන්නා අත්දැකීම් සියල්ල අනෙකුත් අය සමග බෙදා ගන්නවා.එයින් වාසි කිහිපයක්ම අත් වෙනවා.ලංකාවේ සංචාරක ස්ථාන හදුනා ගැනීමට හැකි වීම, ඒවා නොබලපු අයට ඒවායේ විස්තර ලබා ගැනීමට හැකි වීම, බලන්න කැමති අයට පූර්ව හදුනා ගැනීමක් ලබා ගැනීමට හැකි වීම, විවිධ පර්යේෂකයන්ට පර්යේෂණ ගැටළු මතු කර ගැනීමට හැකි වීම සහ තොරතුරු මුලාශ්‍රයක් ලෙසින් ඔබේ බ්ලොගයත්, බ්ලොගයේ සදහන් ස්ථාන හවිත කළ හැකී වීම වැනි විශාල ප්‍රයෝජන රැසක් අත් වෙනවා..මම ඔබට ආරාධනා කරනවා මගේ ප්‍රදේශයත් නරඹන්න එන්න කියලා. සිංහ රාජ වනාන්තරය සහ එහි දිය ඇලි මනස්කාන්ත දර්ශන මවනවා වගේම අපූරු අත්දැකීමක් ලබා ගන්නත් හැකි වේවි.ස්තුතීයි ඔබට..ඔඉට ජය. මම දීප්ත කුමාර

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම දීප්ත මම ආසයි එන්න. ඔයාගේ ප්‍රදේශයේ තියෙන විශේෂ තැන් ගැන පුංචි සටහනක් මට sula64@gmail.com ලිපිනයට එවනවා නම් මම ස්තූතිවන්ත වෙනවා. ස්ථාන හා මාර්ග සටහනක් දෙවනම් ගොඩක් වටිනවා. අහපු දැකපු ඕන තැනක් සඳහන් කරන්න. මාර්ග සටහන් ඇතුව හෝ නැතුව

      ස්තූතියි

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!