මේ දේවල් ඇත්ත නේද?

මේ කියන්න යන්නේ සාමාන්‍යයෙන් දැනට ගොඩාක් විශ්ව විද්‍යාල වල ඉගැන්වීම් හා විභාග කටයුතු කෙරෙන විදිහ ගැන. (මම විඳල සහ අහල තියෙන විදිහට) ගොඩාක් වෙලාවට කෙරෙන්නේ දේශකයන් දේශන තියද්දී අපේ අය ඒකෙ තියෙන ටික කොපි කරගන්නවා. සමහර දේශකයෝ දෙන්නේ සමුද්දේශ (Reference)  විතරයි. ඒකත් හොඳා කියමුකෝ. ඒත් මෙතන පුංචි වැරද්දක් වෙනවා.
ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපිට ලැබෙන ඒ පාඩම් සටහන් හා සමුද්දේශ ආශ්‍රයෙන් අපි කරන්නේ සම්පූර්ණ සටහනක් හදාගන්න එක. ඊට පස්සේ ඒක දිහා ආයෙත් බලන්නේ වර්ශාර්ධ (Semester) අවසානයේ තමා. ඒ වෙලාවේදී කොහෝම හරි කරල ගිරව දාගෙන විභාගෙ ලියනවා. විභාගෙට දවසකට පස්සේ ඒ ලියපු දේවල් ගැන විස්තර ඇහුවත් කියාගන්න නම් බෑ. හැබැයි රටේ අනාගතේ ගොඩක් දේවල් කරන්නේ ඔය පාඩම් කරන තියරි වලින් නෙවේ කියන එක තේරුම් ගන්න ඕන. ඇත්තටම විභාග ටික පාස්වෙන්නේ නම් ගිරව් දාන්න පුළුවන් වෙච්චි එවුන් ටික විතරයි.මේක තමා අද අපේ රටේ ඉගෙනීමේ තත්ත්වය.
ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවල් නිතරම ප්‍රායෝගික දේවල් මත ගොඩාක් පදනම් වෙන නිසා තමා ඒ රටවල් දැන් ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. අපේ පාසල් ගුරුවරු හා අමතර පන්ති කරන ගුරුවරු ගොඩාක් කියන්නේ හා කිව්වේ "මේ කාලෙ තමා ඔයාලට අමාරුවෙන් ඉගෙන ගන්න, පාඩම් කරන්න තියෙන්නේ. විශ්ව විද්‍යාලයේ ගියාම එහෙම නෑ කියල" ඒත්  ඇත්ත නම් ඒක නෙවෙයි විශ්ව විද්‍යාල පාඩම් කිරීම් ඊට වඩා අමාරුයි. මැකෝ ගිරව් තමා දාන්න වෙන්නේ. දැන් කෙරෙන ක්‍රමය අනුව නම් ප්‍රායෝගිකව දක්‍ෂයන්ට කිසිම තැනක් ලැබෙන්නේ නැහැ වගේම අනාගතයේ රැකියාවන් සඳහා ගියාම ඔවුන් කරන්නේ සාම්ප්‍රදායික දේවල් විතරක්ම වෙන දේ තමා කණගාටුවටම කරුණ.

ඒ වාගේම තවත් කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ රටේ කිසිම අළුත් නිර්මාණයක් නොකෙරෙන එක. ඒකටත් හේතුව මේ සාම්ප්‍රදායික ඉගැන්වීමේ රටාවම තමයි. අළුත් දෙයක් හිතන්න නම් පරණ දේවල් ගැනවත් දැනගෙන ඒවා හැදුවේ කොහොමද කියල කරල බලන්නවත් එපැයි.  මේ දේවල් ගැන ඔයාලගෙත් අදහස් දෙනවානම් සෑහෙන්න වටිනවා

3 comments:

  1. සම්පූර්ණයෙන් එකඟයි! වැඩක් කරන්න ගියාම තමයි ඕක පේන්නේ. සහතික මිටියක් එක්ක අධ්‍යාපන සුදුසුකම් ඉහටත් උඩින් තිබුණට නිර්මාණශීලීව හිතන්න හුරු වෙලා නැති නිසාම වැඩක් කරන්න ගියාම ස්නානය කරන අය සෑහෙන්න හම්බවෙලා තියෙනවා... මේක වෘත්තීය පලපුරුද්ද එක්ක කාලෙකදි හරියන්ව වෙන්න පුළුවන්.

    ReplyDelete
  2. සහතික ඇත්ත අයියා......
    මේක තමා අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන තිත්ත ඇත්ත....මෙවා වෙනස් කරන්න මෙහෙමවත් සංවාදයක් පටන් ගන්න එක වටිනවා.....

    ReplyDelete
  3. අපේ රටේ විශ්වවිද්‍යාල වලින් වැඩිමනක්ම ගොන්නු බිහිවීමට හේතුව ඕක තමයි.අර මහචාර්ය නලින් පෙරේරා වගේ කාලකණ්ණි බිහිවෙලා තියෙන්නෙත් ඕක නිසාම තමයි.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!