දෙමළ උත්සව
මේක මගේ දෙමළ යාලුවෙක්ගෙන් ගත්තු අදහස් ටිකක් හා එයා කිව්ව දේවල් එයාලගේ උත්සව ගැන. මේක ටිකක් විතර දිග ලිපියක්. ඒත් දැනගන්ට එක්ක කොටන්නම්. මේක පටන් ගන්ට ඉස්සර මට මතක් වුනා ඒ දෙමළ යාලුව කිව් කතාවක්. දෙමල අය කියනවලු මෙහෙම "දෙමළා නැති රටකුත් නැහැ දෙමළට රටකුත් නැහැ" ඒ වාගේම මේකේ අඩුපාඩු හරි වෙනස්කම් හරි කරන්න තියෙනවානම් දාන්ට කොමෙන්ට් එකක්.
මේ අය මේ උත්සව සඳහා ලංකාවේ විවිධ දිශාවල රැකියා සඳහා ගිය අය, විදේශ ගතවුනු අය සියල්ලන්ම පැමැණෙනවා. ඔවුන් පන්තිභේද නැතිව හැකි උපරිම අයුරින් මේවාට දායකත්වය සපයනවා.එවුන් මේ උත්සව සිදු කරන්නේ දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න වගේම තම ජනතාව අතර සතුට සමාදානය ඇතිකරවන්න. ඒනිසා ඔවුන්ගේ ජීවිත වලට මේ උත්සව අත්‍යවශ්‍ය අංග වෙනවා.
මම මේවා එකින් එක විස්තර කරන්නම්.
1) තිරුවුලා (Thiruvulla)
මේක පවත්වද්දී තම දෙවියන් වන පුල්ලේයාන් දේව ප්‍රතිමාව කෝවිලෙන් එලියට ගෙන එනවා. කහවතුරෙන් දේව පුතිමාව නාවල ඒක සරසනවා.
ගමේ සිටින සියලු දෙනාම නාල පිරිසිදු වෙලා එනවා. ඊට පස්සේ දේව ප්‍රතිමාව හැම නිවසකටම වඩම්මනවා. ඒක කරන්නේ දේව භක්තිය හිස දරාගෙන. ඊටත් පස්සේ එයාලගේ සංස්කෘතික වාද්‍ය භාණ්ඩ වලින් සංගීතය සපයමින් පවත්වන නැටුම් ගැයුම් තමා. සමහර විට කතරගම ගිය අය දැක්ක දේවාලෙ උත්සවය වගේ තමා. කටු වලින් සම විදල එල්ලන් යනවා. ඇඟේ තැන තැන උල්කටු අනිනවා. සමහර විට මේ අය තම ගම වටා පෙරහැරක් විදිහට මේ අය අරගෙන යනවා. එරමිණිය ගොතාගෙන තැනින් තැනින් කටු ගහල එල්ලන් යනවා. ඒ වාගේම පිටේ කටු ගහල එල්ලන් යනවා. මේවා අපට නම් ඇඟ කිලිපොලා යන දේවල්. ඒත් එයාලට ඒවා සාමාන්‍ය දේවල්.
මේ අතරේ කාවඩි වාදනය කරමින් නැටුම් ගැයුම් තමා. ගැහැණු පිරිමි තරුණ මහලු සියල්ලෝම පන්ති භේදයකින් තොරව එකතු වෙනවා මේ නැටුම් වලට. මෙහිදී හැම දෙනාම කහවතුරෙන් නාවනවා. නමුත් දැන් විවිධාකාර පාට වර්ග මේවාට එකතු කරනවා. මෙහිදී සියල්ලෝ එකිනෙකා හඳුනා ගැනීම් කරනවා.
2) තෛපොංගල් (Theai Pongal)
මෙම උත්සවය සමරද්දී උදේ පාන්දරම නැගිටලා නාල බිම රටා දානවා. රටා දමන්නේ ඒ රටා මායිම් වලට හාල් පිටිත් ඇතුලතට පොල් කුඩු වලට පාට වර්ග මිශ්‍ර කරල දානවා. හාල් පිටි සුදු හා රතු හාල් යන වර්ග දෙකම ගන්නවා. රටා දැමීම සාමාන්‍යයෙන් පවුලේ ගැහැණු ලමුන් අතින් තමා සිද්ධවෙන්නේ. මේ රටා වලට තමා "පොංගල්" කියල කියන්නේ.
මේ හාල් පිටි හා පොල් කුඩු යොදා ගන්නේ හාල් පිටි කූඹින් සඳහාත් පොල් කුඩු කුරුල්ලන් සඳහාත් ආහාර විදිහට. මේ සියල්ල සිද්ධ කරල අලුත් ඇඳුම් ඇඳගෙන හිරු නැඟීමත් එක්කම හිරු පූජාවක් කරනවා. ඊට පස්සේ කිරි උණු කරල ඒකට රතු හාල් මිශ්‍ර කරල කිරි බතක් හදනවා. ඒකට හකුරු පොඩි කෑලි කඩල දානවා. කලවම් කරන ගමන් ඒකට සීනි හා කජු දාලා රසකාරක එකතු කරනවා. මේ ආහාරය තමා උදේ ආහාරය විදිහට ගන්නේ. ඊට පස්සේ සියලු දෙනාම කෝවිල් ගිහින් පූජා පවත්වල ගෙදර එනවා.
දවල් කෑම සඳහා කුකුල් මස් ආදිය ගෙනවිත් සාදයක් දානවා. මත්පැන් ආදියද ගෙන එනවා. ආහාර අනුභවයෙන් පසුව සංගීත වාදනයන් හා නැටුම් ගැයුම් තියෙනවා.
උත්සවය පැවැත්වූ දවසට පසු දවසේදී ගව ගාල් වල දොරටු අසල දෙපස උක් ගස් වලින් සරසනවා. මේ කරන සැරසිලි වලට "කෝලම්" කියල තමා කියන්නේ. ඊට පස්සේ ගව ගාල් සුද්ධ කරල ගවයන් නාවල සුද්ධ කරනවා. ඊට පස්සේ ගවයන්ගේ අං සරසනවා ඇඟේ පාට සායම් වර්ග තවරනවා. පස්සේ කලින් දවසේ වාගේම "පොංගල්" දාල කිරි ආහාර හදනවා. ඒවා දෙවියන් සඳහා පූජා කරනවා. පහන් පත්තු කරනවා. පූජාව අවසානයේදී "පොංගල්" හා හදන ආහාර වලින් කොටසක් ගවයින්ට ආහාරයට දෙනවා. ඉතිරිය නිවැසියන් අනුභව කරනවා.
මේ උත්සවයේදී ඔවුන් බලාපොරොත්තු වන්නේ හිරු දෙවියන්ට ස්තූති කිරීමයි.
3) දීපවාලි (Deepavali)
මේ උත්සවයේදී උත්සවදිනයට සතියකට පෙර තමා සූදානම් වීම ආරම්භ වෙන්නේ. රසකැවිලි සාදනවා. ගෙවල් සුද්ධ පවිත්‍ර කරල පාට කරනවා. අලුත් ඇඳුම් ගන්නවා. උත්සව දවසේදී උදේම නැගිටල "මන්තනීර්" නමින් හැඳින්වෙන කෝවිලෙන් ගෙනෙන තෙල් වර්ගයක් හිසේ, උරහිසේ, පිට අත්ලේ, පපුවේ, දණහිසේ වාගේම කකුලේ පිට පැත්තේත් ආලේප කරනවා.
ඊට පස්සේ "සියකා" නමින් හැඳින්වෙන පවුඩර් වර්ගයක් හිසට දමනවා. පස්සේ සබන් ගාල නානවා. මේ පවුඩර් වර්ගය ඉන්දියාවෙන් තමා ගෙන්වන්නේ. ඊට පස්සේ හිරු වන්දනාව කරල හිස පිහදාල නිවෙස් තුලට යනවා. පසුව තමාගේ සාමාන්‍යයෙන් හොඳ ඇඳුමක් ඇඳගෙන දෙවියන් ඉදිරියේ තමන් ගෙනා අලුත් ඇඳුම් තියනවා. ඊට පස්සේ කහ දියර හදල ඒවා ඇඳුම් වල තැනින් තැන තවරනවා. දෙවියන්ට පූජා පවත්වලා අලුත් ඇඳුම් ඇඳ ගන්නවා. පස්සේ රතිඤ්ඤා, නිලා සහ අහස්කූරු පත්තු කරනවා. මේ සියල්ල උදය වරුව තුලදී තමා සිද්ධ වෙන්නේ.
දවල් කෑම කාල රසකැවිලි වර්ග වලත් රස බලනවා. ඊට පස්සේ යාබද නිවෙස් වලට රසකැවිලි පිඟන් දෙනවා. ඒ නිවැසියනුත් දෙමළ අය නම් ඒ අයත් රසකැවිලි පිඟන් හුවමාරු කරගන්නවා. ඊට පස්සේ දවසම විනෝදෙන් තමා.
දීපවාලි දිනය ඔවුන් සමරන්නේ, එකල රජකම් කල "සූරන්" නැමැති දුෂ්ඨ රජෙකුගේ මරණයේ සතුට සැමරීමටයි.
4) පුදුවර්සම් (Puduwarsam)
මේ පුදුවර්සම් නමින් කියන්නේ අපි සමරන්නා වූ සිංහල දෙමල අලුත් අවුරුද්දමයි. අප කරන්නාවු වත් පිලිවෙත්ම ඒ උදවියත් කරනවා.
හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට.............
මම දැන් කියන්න යන්නේ මම දැනට ඉගෙන ගන්න තැන ගැන. ඒ තමා අග්නිදිග විශ්ව විද්‍යාලයය (South Eastern University).
මේ විශ්ව විද්‍යාලයය ගැන තාම වැඩිය කව්රුවත් දන්නේ නැහැ. මම එතැනට තේරිලා ලියුමක් ගෙදරට ආවට පස්සේ තමා එහෙම එකක් තියෙනවා කියල දන්නේ. ඊට පස්සේ ඉතින් පැතුවා අන්තර්ජන්ජාලයේ http://www.seu.ac.lk/ ඔන්න තියෙනව ඒක. ඒ පාර තියෙන තැන හෙව්වා. ඒකට ඉතින් Google Earth පිහිටයි, http://www.seu.ac.lk/ABOUT/index.html මේ ලින්ක් එකේ පිහිටයි තමා. කොහොම හරි ටිකක් දඟලලා විස්තර හොයා ගත්තා. විශ්ව විද්‍යාලය නම් ලස්සනට හදල තිබුණා. ඒක තිබුනේ නැගෙනහිර පලාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් වල. මේ ගම්මාන සම්පූර්ණ මුස්ලිම් ගම්මාන. ඉතින් මම මේකට යන එක ගැන කවුරුත් කැමැත්තක් දැක්වුයේ නැහැ. මම හිතාගත්තා වෙනදෙයක් වෙන්ට ගිහින් බලනවා හොඳ අත්දැකීමක් හම්බවෙයි කියලා. අම්මත් කිව්වා යන්ට කියල. ඒ ගමන ඉතින් ගියා register වෙන්ට.
Register වෙලා ටික දවසකින් ලියුමක් ආවා එන්ට කියල. එන්ට කිව්වේ ඔලුවිල් නෙමේ සම්මාන්තුරේ කියන ප්‍රදේසෙට. දැන් හොයාපි ඒක තියෙන්නේ කොහේද කියල. ඔන්න ඉතින් විජය පත්තරෙන් දීපු අඩි 6 සිතියම උඩ නැගන හෙව්ව ආයෙත් පැතුවා අන්තර්ජන්ජාල පිහිට මේන්න තියෙනවා ඒක. හොයා ගත්තා. ඒක Faculty එක Physical Sciences ලාගේ. ඒකත් හොයාගෙන නියමිත දිනේට ආව අම්පාරෙ. එහෙ ඉන්න නෑ කොනෙකුගේ ගෙදරත් ගිහින් ගියා Faculty එකට. ඒ තමා Faculty of Applied Science. බඩු මුට්ටුත් පොදි බැඳන් ඇවිත් නැවතුනා. අලුත් යාලුවො ටිකකුත් හම්බුනා. මේකෙදි අම්මට ටිකක් අසනීප වුනා. රෝහලෙන් බෙහෙතුත් අරන් දුන්නා. ආපු දුර වැඩි නිසා මහන්සිය තමා හේතුව. ඒපාර අම්මා එව්වා තාත්තා එක්ක ගෙදර. දැන් ඉතින් මම විතරයි. අප්පා අපි පිලිගන්ට අපේ ජේෂ්ඨයෝ උත්සවයක් සූදානම් කොරල අගේට තිබ්බ ඒක. ඒකත් බලල අන්තිමේට ගියා hostel වලට.
Hostel කිව්වට අපි කලින් දැනන් හිටපු hostel නෙවි. ගෙවල් තමා දුන්නේ. ඒ ගෙදරකට ලමයි 6 යි. දෙවනි දවසට අපි ගියාම අපිට දුන්නා විෂයයන් සඳහා හඳුන්වා දීමේ වැඩසටහන් මේවා සති 2ක් විතර තිබුනා. ඒ අතරේ පටන් ගත්තා ඉංග්‍රිසි සහ තොරතුරු තාක්ෂණ විෂයය සඳහා සඳහා දේශණ. මේ අතරේ පටන්ගත්තා නැතිවත් බැරි ඇතිවත් බැරි ragging හෙවත් නවකවදේ. ඒක ගැන මම පස්සේ කතා කරන්නම්. මේ විශ්ව විද්‍යාලයයේ වැඩි දෙනෙක් මුස්ලිම් අය දෙමල අය කීප දෙනෙක් හා සිංහල අය කීප දෙනෙකුත් ඉන්නවා. දේශකයන් නම් ගොඩක් ලමයිනට උදව් කරනවා. ඒ වගේම පලමු වතාවට ගෙදරින් පිටවෙලා ඉන්න ලමයිනුත් ඉන්නවා. මේක අමුතුම අතුදැකීමක්. ගෙදරින් පිට තමන්ගේ දේවල් තනියම කරගන්න. තමන්ට අවැසි විදිහට අඳින්ට පලඳින්ට. එල ජීවිතයක්. හැබැයි ටික දවසක් යද්දී ගෙවල්, හිටපු පරණ යාලුවො සහ කල කී දේවල් මතක් වෙනකොට ආපහු දුවගෙන ගෙදර එන්ට හිතෙනවා.
අපට ලැබෙන හොඳම අත්දැකීම තමා සිංහල, දෙමල හා ඉංග්‍රීසි යන භාෂා තුනම ඉගෙන ගන්ට ගැබෙන එක. ඒ වාගේම තමා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ආව ලමයි ආශ්‍රය කරන්න ලැබෙනවා. ඔවුන්ගේ ජීවන ක්‍රම ,පුරුදු වගේම ඒ ඒ ප්‍රදේශ වල විශේෂ දේවල් ගැනත් ඉගෙන ගන්න හම්බෙනවා. මේක නියම අත්දැකීමක්. ඒ වාගේම පන්ති භේද නැතිව අපට එක කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න පුරුදු වෙනවා. දැනට මේ ලැබෙන අලුත් දේවල් ඉගෙන ගන්න ලොකු කාලයක් ගතකරනවා ඒත් එක්කම මගේ පොත පතේ ඉගෙනීමත්. හැමදාම අලුත් දෙයක් අලුත් විදිහට අලුතෙන්ම අත්විඳින්ට ලැබෙන එකත් මරු ජොලි වැඩක්. ඒක විඳින්ට ජීවිතේ ලැබෙන හොඳම අවස්ථාව තමා විශ්ව විද්‍යාලයය.
තවත් අලුත් අත්දැකීම් ඉස්සරහට ලැබෙයි කියල බලා පොරොත්තු වෙනවා වාගේම ඒවා ඔයාලට කියන්න අවස්ථාවක් ලැබෙයි කියලත් හිතනවා. ඉඩ ලැබෙන හැටියට දෙන්නම් "මගේ අත්දැකීම්"
Ragging (නවකවදය)
විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ කරන සියලු පලමු වසර උපාධි අපේක්ෂකයන්ට ලැබෙන අත්දැකීම තමා rag හෙවත් නවකවදය කියල කියන්නේ. නවක වදයට දෙයාකාරයකින් ලක්වෙන්ට පුලුවන්. එකක් ශාරීරිකව ලැබෙන දේ අනික මානසිකව ලැබෙන දේ. මේ දෙකෙන් පිටතට නොපෙනෙන මානසික නවකවදය තමා වඩා භයානක වෙන්නේ. මානසික නවකවදය නිසා පිස්සු හැදුනු ශිෂ්‍යයොත් ඉන්නවා. හැබැයි කලින් පිස්සු තිබුන නම් නවකවදයෙන් හැදුන කියන්නත් බැහැ. කොහොම වුනත් නවකවදය අපට එපා කියල තමා කියන්න ඕන.
ඒත් හැමෝම අහන ප්‍රශ්ණය "නවකවදය අපට ඕනද?" හැමෝම දෙන උත්තරේ තමා "එපා" කියන එක. ඒත් නවකවදය වගේම පෙනෙන තව දෙයක් තියෙනවා. ඒක තමා නව්‍යතාවයට හුරු කිරීම කියන්නේ. දැන් මෙහෙම හිතන්න. යම් තැනකට අලුතින් ගියාම එතැන පරිසරයට හුරු වෙන්ට යම් කාලයක් ගතවෙනවා. ඒත් එතැන ඉන්න පුරුදු වෙච්ච අය අපට උදව් කරනවානම් අපට කෙටි කාලයකින්ම එතැනට පුරුදු වෙන්ට අවස්ථාව ලැබෙනව නේද? ඒ උදව් අපි භාරගන්නවද නැත්තම ඒව එපා කියල පැත්තකට වෙනවද? (අල වෙනවද?) ඔය කරන පුරුදු කිරීම තමා නව්‍යතාවයට හුරු කිරීම කියලා කියන්නේ.
මේක සමහර නෙවි ගොඩක් විහ්ව විද්‍යාල වල සිදුවෙනවා. පලමු වසර සිසුන්ට දෙවන වසර සිසුන් එම විශ්ව විද්‍යාලයේ වැඩ සිදුවන ආකාරය කියා දෙනවා. ඒක මානසික හෝ ශාරීරික වදයක් නෙවි නම් ඒකට නවකවදය කියන්න පුලුවන්ද? නමුත් දෙවන වසර සිසුන් ඒ දේ කියල දෙන මුවාවෙන් නවකවදය දෙන අවස්ථාත් තියෙනවා. ඒකනම් වැරදි වැඩක්. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයත් මේ නවකවදයට අනුබල දෙන අවස්ථාත් තියෙනවා. සමහර පුද්ගලයන් මේ නවකවදය විශ්ව විදයාල පද්ධතියට අවශ්‍යයයි කියල හිතන නිසා මේ නවකවදය නවත්වන්න බැහැ.
තව දෙයක්. මේ නවකවදය හරහා විවිධාකාර පලිගැනීම් සිදුවෙන්නත් පුලුවන්. ඒක වෙන්නේ තමා ජීවත් වුන නගරයේ හෝ ගමේ විශේෂ තැනක් නොලැබුණු, පාසලේදී අන් අයගේ කටයුතු වලින් මානසික පසුබෑම් වලට ලක්වුන පිරිස් විශ්ව විද්‍යාල වලට පැමිණි විට ඒ අයටත් නවක වදය ලැබෙනවා. මේ පිරිස එතැනදි හිතනවා තමන්ගේ සියලු පසුබෑම් වලට හේතුව අනිත් අය කියලා. ඉතින් ඇතිවෙනවා පලි ගැනීමේ චේතනාව. මේ සිතිවිලි හිරකරන් හිටපු අයට දෙවනි වසරට ගියාම එන නවක සිසුන් පෙනෙන්නේ "රෝස් කරපු කුකුල්ලු" වගේ. එහෙම වුනොත් පලමු වසරට දෙයියන්ගේ පිහිට තමා. හොඳට හිතන්න ඊලඟ පරම්පරාවේත් තමා වගේම පසුබෑම් ඇතිවුන අය ඉඳීවි. එතකොට මොකක් වෙයිද? තමන්ට ඇතිවුන දේ එයාලටත් ඇති විය යුතුද? දෙවනි අවුරුද්දට තමන්ගේම සහෝදරයෙක් ආවොත් මොකද කරන්නේ. එදාට නවකවදය නොදී ඉන්නවද? මේක සිදුවිය නොහැක්කක් නෙවේ. සමහර විට සිදුවෙලත් ඇති. නැත්තම් සිදුවෙයි. එදාට කරන දේ වෙන දේ අදම හිතල බලන්න.
නවකවදයේ උදාහරණ පසුවට බලාලපාරොත්තු වන්න.
විලාසිතාව
රෙදි අඩි දෙකක් ඇති ඔබගේ ඇඳුමට
මිනි ගවුමක් කියලා අඳිනව නේද?
තිබුණ කියල වැඩකුත් නැති මේ ඇඳුම
නැතුව ගියානම් මුදලත් ඉතිරියි නේද?
ඇඳුම් කියන්නේ මොනවද දන්නවද?
නොදනී නම් බලන්න මම හරිනේද?
විලි වහගන්ට අඳිනා මේ ඇඳුම් ටික
නොවසන්න නම් කුමකට ගන්නවද?
ලස්සන වෙන්න නිරුවත පෙන්විය යුතුද?
ඔබ සැම කැතයි කවුරුන් හරි කීවාද?
නිරුවත ඔබල හැමදෙනටම එක නේද?
හිතල බලල හොඳ ඇඳුමක් අරගන්න
මම මේ කියන දේ ගැන ඔබේ සිත
කියනව ඇති මේ කියන්නෙ අපි ගැනද?
ඇත්ත ඉතින් හැමදා තිත්තයි නේද?
බැනල යනවනම් හිතන්න ඔබ ගැනම
මිනි ගවුමක් කියලා අඳිනව නේද?
තිබුණ කියල වැඩකුත් නැති මේ ඇඳුම
නැතුව ගියානම් මුදලත් ඉතිරියි නේද?
ඇඳුම් කියන්නේ මොනවද දන්නවද?
නොදනී නම් බලන්න මම හරිනේද?
විලි වහගන්ට අඳිනා මේ ඇඳුම් ටික
නොවසන්න නම් කුමකට ගන්නවද?
ලස්සන වෙන්න නිරුවත පෙන්විය යුතුද?
ඔබ සැම කැතයි කවුරුන් හරි කීවාද?
නිරුවත ඔබල හැමදෙනටම එක නේද?
හිතල බලල හොඳ ඇඳුමක් අරගන්න
මම මේ කියන දේ ගැන ඔබේ සිත
කියනව ඇති මේ කියන්නෙ අපි ගැනද?
ඇත්ත ඉතින් හැමදා තිත්තයි නේද?
බැනල යනවනම් හිතන්න ඔබ ගැනම
පාරිභෝගික දැක්ම
කලින් මම කස්ටො කරන වැරදි කිව්වනේ.. දැන් මම dealersලාගේ සහ sellersලාගේ වැරදි ටිකකුත් කියන්නම්. මේවා කාට කාට වදීද දන්නේ නැහැ. කාට වැදුනත් දැනට මේවා ඇත්ත. මම මේ ලියන්නේ එක වර්ගයක business ගැන විතරයි. ඒත් හැම එකක්ම මේ වගේ තමා කියලනම් sure. මෙන්න ටිකක්. තව ඇති හිතල බලන්න.
මම ලියන්නේ computer field එක ගැන. මුල්ම ගැටලුව තමා hardware parts වල මලකඩ බැඳෙන එක. මේ ලංකාවේ මුහුද කිට්ටුව ඉන්න අයට ලොකු ගැටලුවක්. ඒත් මොනා කරන්නද? මුහුදු හුලඟ නවත්තන්ට බැහැනේ..! කාමර seal කරන එක තමා කරන්න පුලුවන්. ඒකත් හැමෝටම කරන්න බැහැ. මොකද වියදම දරන්න අමාරැයිනේ. අනික seal කරල සමක ආසන්න රටක ඉන්නේ කොහොමද? රට ඇතුලෙ ඉන්නවානම් ටිකක් අවස්ථාව තියෙනවා. දුහුවිලි පිහදල හොඳ පිරිසිදුවට පාවිච්චි කරනවානම් මේ මලකඩ කන එක අඩු කරන්න පුලුවන්. දුවිලි තිබුනොත් නම් එක වැස්සක් ඇති දුවිලි වලට වතුර අල්ලන්ට. එතකොට මල බැඳෙනවා. ඒ වාගේම පරිපථ පිලිස්සෙන්ට පුලුවන්. එහෙම කලත් කාලයක් යද්දි මල බැඳෙනවා ඒක කොහොම නවත්තන්නද? මේවාට shop වලින් warranty දෙන්නේ නැහැ. (Company වලින් නොදෙන නිසා) ඒක එයාල බේරෙන්ට කරන දෙයක් කියලයි මම හිනන්නේ. තුන්වන පන්තියේ රටක හැම කෙනාගෙම කාමර AC කරන්න බැහැනේ.
මෙන්න තව දෙයක්. හැම seller කෙනෙක්ම try කරන්නේ තමන්ගේ product එක හොඳම කියන්න. ඒත් මතක තියාගන්න ඒක එහෙම නොවන විත්තිය. හැම product එකකම තියෙනවා විශේෂිත පැත්තක් හැම එකකම හොඳ වාගේම නරක issues තියෙනවා. අපි product එක තෝරාගන්ට ඕන අපේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට හා වියදම් කල හැකි මුදලට සරිලන්ට. Brand name එකවත් trade mark වත් වැදගත් නැහැ. මෙන්න උදාහරණ P3 machine එකකට kaspersky 2011 වයිරස් guard එක දාන්ට පුලුවන්ද? හොඳට හිතන්න. 64MB VGA card එකක් තියාගෙන Need for speed carbon edition සෙල්ලම් කරන්ට පුලුවන්ද? හිතන්ට.
තව දෙයක් තේරුම් ගන්ට මෙන්න උදාහරණ. Intel මව්පුවරුව ගැන මොකද හිතන්නේ. මිල ටිකක් වැඩී ඒත් හොඳ brand name එක. කවුරුත් කියනවා හොඳයි කියල. ඒත් warranty දෙන එක කරන්ට ලංකාවේ බැහැ. බොහෝ වෙලාවට ඒක පිටරට ගෙන්වපු company එකට යවල තමා check කරන්නේ. ඉතින් ගත්තු කස්ට ඒක දෙන්න පුලුවන්ද බැරිද කියනකන් මාස 3ක් විතර බලන් ඉන්න ඕන. එහෙම උනාම ඒ කස්ටා පාවිච්චි නොකර මාස 3ට warranty හම්බවෙන්නෙත් නෑ. ඕන්න ලංකාවේ company මොනා කොරන්ටද? මේක තමා පාරිභෝගිකයන්ගේ තත්වය.
University ජීවිතේ මුල් සතිය ......
මමත් university එකකට select වෙලා. ඒ අග්නිදිග විශ්ව විද්‍යාලයය. ඒක තියෙන්නේ ඔලුවිල් වල. හැබැයි මම තේරුණ Physical Science Faculty තියෙන්නේ සමන්තුරේ. නොදන්න අයට ඒක තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ.
ගොඩක් මිනිස්සු ගොවිතැන් තමා කරන්නේ. ගොඩක් පහසුකම් නම් නෑ ඒත් විසිරිච්ච නගරේ මූලික දේවල් නම් ගන්න තැන් තියෙනව. මේ දවස් වල අපිට මූලික ඉංග්‍රීසි පාඨමාලාව කරගෙන යනව. ඊට අමතරව තොරතුරු තාක්ෂණය විෂය පටන් අරන්.
දැන් හැමෝම අහයි නවක වදේ නැද්ද කියල. ඒ ගැන නම් කතා කරන එක හරිද මන්ද. ඒත් ඇත්තම කිව්වොත් නවක වදයක් නෑ. අපිට නම් දැනට. ඉස්සරහටත් නැතිවෙයි කියල මම හිතනව. හැබැයි යම් යම් දේවල් තියෙනව අපේ ජේෂ්ඨ අයියල අක්කල අපිට University එක ගැන ඒකේ ඉන්න ඕන කොහොමද කියල කියල දෙන්න කරන. කව්රු හරි කියනවනම් ඒක නවක වදය කියල ඒක වැරදියි. ඒක අපිව ඊලඟ වසර තුන සඳහා කරන සූදානම් කිරීම. මේ දවස් නම් ගත කරන්නේ ඊලඟට මොකද වෙන්නේ කියල හිතාගන්න බැරුව.
මම මේ විශ්ව විද්‍යාලයය ආපු එක ගැන සතුටු වෙනවා මොකද ඒකෙන් මට දෙමළයි ඉංශ්‍රීසියි ඉගෙන ගන්න අවස්ථාවක් හම්බ වෙන නිසා. ඒ වගෙම ඒකේ අනිත් විශ්ව විද්‍යාල වල වගේ උද්ගෝෂණවත් දේශපාලනයවත් නෑ ඒ ගැන මම සතුටු වෙනවා. මොකද අනිත් විශ්ව විද්‍යාල හැමදාම වහලනේ. අන්තරේ වත් මේක ඇතුලේ නෑ ඒක ගේන්න දෙන්නත් එපා කියල මම ප්‍රාර්ථනා කරනව. ඉගෙන ගන්න යන එවුන් රංඩු වෙවී ඉන්න ඕන නෑ කියල මම හිතනව.
මගේ යාලුවො ඒ කියන්නේ මගේ බැචෝ ටික රටේ විවිධ තැන් වලින් ආපු අය. ඒනිසා රටේ විවිධ පැති වල සංස්කෘතිය මට ඉගෙන ගන්න හම්බ වේවි. දැනටම මට දෙමළයි සිංහලයි මුස්ලිම් යාලුවොයි ගොඩක් අඳුන ගන්න හම්බ වුනා. තවත් අඳුනගන්න හම්බ වේවි කියල මම හිතනවා.
රුපියලේ සන්ඩුව
බස් එකට නැංග ගැහැණු කෙනෙක් ටිකට් ගන්න සල්ලි දීල. ඒත් එයාට ඉතිරි රුපියල දීල නැහැ. මේකට මේ ගැහැනු කෙනා කොන්දොස්තරට කැගහල "ඔයාලට රුපියලක් අඩුවුනොත් ඔයාල කෑගහනව නේද? ඇයි අපට රුපියල අඩුවෙන් දෙන්නේ කියල" ඔන්න ඉතින් සෙනඟ අස්සේ තෙරපීගෙනම කොන්දොස්තර රුපියලක් සාක්කුවෙන් හොයාගෙන දුන්නා. බස් එකේ ඉතිරි ටිකට් ටික කඩල ඇවිත් හේත්තුවක් දාල ඉන්නකොට දැක්කා ගැහැණු කෙනා එයාගේmobile phone එකට කාඩ් එකක් දානව. ඒක dialog එකක්. අංක ඇතුලත් කරන්න සියල්ල සුදානම්.
කොන්දොස්තරයගේ phone එකේ Sim එකත් dialog. මේකා ගත්තා දුරකතනේ type කලා *#103# ඊට පස්සේ කෙටුවා අර ගැහැනු කෙනා අතේ තිබ්බ card එකේ නොම්මරේ. තාම ගැහැණු කෙනා 123 dial කරල බලන් ඉන්නවා. කොන්දොස්තර නොම්මරේ කොටාගෙන phone එක සාක්කුවේ දාගෙන බස් එකේ ඉස්සරහට ගියා. ගැහැනු කෙනා අංක ඔබල බැලින්නම් වැඩ නෑ. බස් එකේ කීප දෙනෙකුත් උස්සාහ කලා ඒත් වැඩක් නෑ. ඉතින් බස් එකෙන් බහිනකම් dialog company එකට බැන බැන ගියා. ඒ ඔක්කොම ඉවර උනාට පස්සේ තමයි කොන්දොස්තර phone එකට දැම්ම ගාන බැලුවේ. බැලින්නම් Rs. 1000 ක්. මෑන්ස්ටත් දුක හිතුනා. ඒත් දැන් මොනා කරන්නද? ඒ ගෑනිගේ වෙලාව තමා කියල හිටියා.
මේක හැමොටම වැදගත් කොන්දොස්තර කල වැඩේ ගැන නෙවි. තමන් බස් එකක යනකොටත් මේ වගේ වැඩ වෙන්න පුලුවන් කියල මතක තියාගන්න. ඒක phone card ඇතුලත් කරන එක ගැන විතරක් නොවන බවත් මතක තියා ගන්න.
Fashionable Girls
ගැහැණු ලමයි ගැන ලියන එක හොඳද මන්දා...! මම මේ ලියන්නේ බහුතරය ගැන නොවේ සුලුතරය ගැනයි. ගැහැණු ලමයි අඳින පලඳින එක ගැන මම මේ ලියන්නේ මම දරන මතය. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා ඒ වගේම තැනින් තැනටත් වෙනස් වෙනවා. "වව්ලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්ට වෙනවා" කියල කතාවක් තියෙනවනේ...!
අපි 21 වන සියවසේ වුනත් තාම ජීවත් වෙන්නේ ලංකාවේ. ඒකෙ තියෙනව සංස්කෘතිය කියල දෙයක්. මේක ගොඩක් පිරිමි ලමයින්ටත් බලපානව. ඒත් පරණ කියමනක් තියෙනවනේ "කොල්ලෙක් නම් ඉතින් හෝදල ගෙට ගතහැකි ඒත් කෙල්ලෝ එහෙම බැහැ" කියල.
දැන් ගොඩක් ගැහැණු ලමයි හිරවෙන කලිසම් කිටි කිටියේ තදවෙන්ට ඇඳගෙන යනවා. තවකෙක් මිනි ගවුම් ඇඳගෙන යනවා ඒවත් මදි මයික්‍රෝමිනි අඳින්න තමයි ට්‍රයි එක. ඉතින් ඔහොම ඇඳගෙන යන්නේ බස් එකක නැත්තම් සයිකලයක. එහෙම යද්දි පාරෙ ඉන්න කොල්ලෙ කුරුට්ටෝ විතරක් නෙවි නාකි මිනිස්සුත් හැරිල බලනව. (කියවන ඔයාලත් දැකල විඳල ඇති)
ඔහොම බලද්දි මේ ගැහැණු ලමයි ඔරවල යනවා. මොනවා හරි කිව්වොත් අඩුගානේ ලස්සනයි කිව්වත් මුලින් අත සෙරෙප්පුවට ඊට පස්සෙ කෙලින්ම කණට සෙරෙප්පුවත් එක්කම. වටපිටාවේ හිටිඑව්න් බනින්නෙත් කොලුවට. යකෝ විලිවහගන්ට තියෙන වස්තරේ fashion කොරනව කියල අර්ධ නිරුවස්තරේ යන්නේ වටපිටාවේ එව්වන්ට බලන්ට මිසක් මොන කෙංගෙඩියකටද? පිටරට සංස්කෘතියට ඇඳ පැලඳගෙන ලංකාවේ සංස්කෘතියට තමන්ගේ ගෞරවය ආරක්ෂා කරන්ට හදනවා. මේක හරියන වැඩක්ද කියල ගැහැණු පිරිමි දෙගොල්ලම හොඳට හිතල බලන්න.
මම මේ කියන්නේ මමත් මේ වගේ ගැහුණු ලමයි දැකල තියෙන නිසා. හැබැයි ඉතින් මේ වගේ නොගැලපෙන වැඩ කරන කෙනෙක් දැක්කොත් විහිලුවක් විදිහට හරි ඒක කියන එක නම් මම කරනව.
මේක තනි ගැහැනු ලමයගෙ විතරක් වරද නෙවි ඒදේ කරන්න දෙන දෙමාපියනුත් ටිකක් හිතන්න ඕන දෙයක්. හරි විදිහට අඳින හැටි පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්න ඕන දේවල්. මම දන්න තැන් තියෙනව පොඩි ලමයින්ට නොගැලපෙන ඇඳුම් අඳින්ට දෙන ඒ දෙමාපියෝ හොයන්නේ සල්ලි හොයන ක්‍රම විතරයි. ලමයෙක් ගෙදරින් එලියට යනකොට ඇඳගෙන යන්නේ මොකක්ද කියල හොයන එක දෙමාපියන්ගේ වගකීමක්නේ..!
මොකුත් නැත්තේ ඇයි....!
මේ දවස් වල අලුත් දෙයක් ලියන්න බෑග මොකද දන්නවද??? මම දැන් university එකේ. Rag Season නිසා computer පාවිච්චි කරන්න දෙන්නේ නෑත ඒ නිසා sorry මම ටික දවසකින් ඔයාලට අලුත් ලිපි ටිකක් දෙන්නම්. මගේ අත්දැකීම් වලින්. එතකන් wait
Subscribe to:
Posts (Atom)