මේ කියන්න යන කතාව පහුගිය මාස කිහිපය තුල සිදුවුන සහ මම අධ්‍යයනය කල දෙයක්. මම භාවිතා කරන අන්තර්ජාල සේවා ලබා ගන්න හා දුරකථන ඇමුතුම් ලබා ගන්න භාවිතා කරන ආයතන දෙකක සිම්පත් තියෙනවා. ඒ වගේම මගෙ සහෝදරයා වත් ආයතනයක සිම්පතක් භාවිතා කරනවා.
පහුගිය කාලය පුරා ඔවුන් අන්තර්ජාල සේවා සදහා ලබා දෙන පහසුකම් වල වැරැද්දක් තියෙනවා කියල පෙනුන නිසා මම පොඩ්ඩක් මේ ගැන බැලුවා. මේක සම්පූර්ණ මගේ අත්දැකීමක් වෙන අතර මේ සම්බන්ධයෙන් ගැටලු සියල්ල එකී ආයතන වෙත දුරකථනය මගින් විමසීම් සිදු කලා. ඒ සම්බන්ධවත් ඔවුන්ගේ පිළිතුරු සාරාංශයනුත් මෙහි ඇතුලත්.. ඒ සම්බන්ධව සියලු රෙකෝඩින් සහ කෙටිපණිවිඩ හා Chat වල Screen Shots තිබේ.
සාමාන්‍යයෙන් මම මගේ දත්ත අවශ්‍යතාවයන් සදහා මෙම සමාගමේ ලබා දී ඇති මෘදුකාංගයක් භාවිතා කරල එහි සදහන් පැකේජ අතරින් මට ගැලපෙන පැකේජය සදහා මුදල් මගේ බැංකුව මගින් යොදවන එක තමයි කරන්නේ. ඒ වගේම මගේ සිම්පත තියෙන්නේ portable hotspot එකක යොදවලා නිසා එහි ඇමතුම් හෝ කෙටි පණිවිඩ සේවාවන් මම භාවිතා කරන්නේ නෑ. ටික දවසක ඉදන් මම යොදවන මුදල් මගේ මෘදුකාංගය තුල පෙන්වන්නේ නෑ. මේ සම්බන්ධයෙන් විමසීම් කිරීමට උත්සාහ ගත්තද රටේ පැවති අහිතකර තත්ත්වය නිසා පාරිභෝගික සේවා නිලධිරීන් නොමැති බවත් ඒ සදහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පණිවිඩ තබන ලෙසත් සටහනක් භාවිතා කර තිබෙනවා. ඒ අනුව මම යොදවපු ෆේස්බුක් සටහනට දවස් ගානකට පස්සේ ප්‍රතිචාර ලැබුනා. එයට යොදන පිළිතුරට තවත් දවස් ගානකින් ප්‍රතිචාර. මේ වන විට එම පැජෙය භාවිතා කරමින් ඔවුන් හා සංවාදයේ යෙදුනු අතර දින ගතවන විට අන්තර්ජාල දත්ත නොමැති බව නිසා නැවත මුදල් යෙවීමක්සිදු කලා. නමුත් පෙර ලෙසම මට අවශ්‍ය පැකේජ භාවිතා කරන්න නොහැකි වුනා.