අත්දැකීම් ලියන මම කෙනෙකුගේ චරිතාපදානයක් ලියන්නේ කලාතුරකින්. නමුත් මේ අත්දැකීම මම ඔයාලට ලියුවේ නැතිනම් මගේ අත්දැකීම් වල ලොකු හිඩසක් තිබ්බා වගේ වෙනවා. මීට ගොඩක් කලින් ලියන්න හිටි ලිපියක් වුනත් මගේ ජීවිතේ වැදගත් සංධිස්ථානයක් වුන හෑගොඩ සර්ගෙන් ලැබෙන ඩිප්ලෝමාව අතට ලැබෙනකම් හිටියා. මෙන්න ඒ කතාව.
දැන් තිබෙන සමාජය කැමරාවත් අතින් ගත්තු කෙනෙක්
ඡායාරූපශිල්පියෙක් වෙන එකක්. එහෙම සමාජයක ඒක වෙනස් කරල ඡායාරූප ශිල්පියා සහ
කැමරාකාරයා කියල දෙන්නෙක් වෙන් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමාගේ ඉගැන්වීම් ඔස්සේයි.
කලාව පියපුතු ආරයට ඇවිත් ඉගැන්වීමත් ඒ විදිහෙන්ම පිහිටපු අවුරුදු ගානක පළපුරුද්දක්
තියෙන ගුරුවරයෙක් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමා තමයි.
1950දී ශ්‍රී ලංකා ජාතික ඡායාරූපකලා සංගමය ආරම්භ කරන
විල්සන් හෑගොඩ ශූරීන් සිංහලෙන් ලංකාව පුරා සිටින්නවුන්ට ඡායාරූපකරණය හදාරන්න මඟ
සලසන්න පුරෝගාමී වෙනවා. කැමරා සඟරාව ආරම්භ කරමින් එය රට පුරා ප්‍රචලිත කල එතුමා
අගනුවර කවි සමාජය ඇති කිරීමේදීත් පුරෝගාමී වෙලා තියෙනවා. කවි පොත් ලියා තිබෙනවා. එතුමා ගේ පුත් ලාල් හෑගොඩ ගුරුවරයෙක් වෙන්නේත් ඒ
ආභාශයෙන්මයි.