එල්ලවන්නා වූ කම්කටොළු මධ්‍යයේ උපාධිය ගන්නට දරන වෙහෙස
මගහරින්නට දේශපාලනය, කඩුපොලු අතට නොගත් සිසු පරපුරක් වෙනුවෙන් ලියැවෙන මේ ලිපිය
මතුවටත් නොලියවන්නට කටයුතු සිදුවේවා..!
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ ගැටලු
පිරුණු තැනක් විදිහටයි ප්‍රසිද්ධ වන්නේ. ඒත් ඒ අතරේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට
හිමිවන තැනත් විනාශයට පත්වෙලා තියෙනවා. උපාධිය වෙනුවෙන් සටන් කරන සිසුන් අවසානයේ
සමාජය විසින් මැරයන් විදිහට හඳුන්වන්නේ ඒ ඔවුන් වෙත ලබාදෙන්නා වූ අධ්‍යාපනය
නිසාවෙන්ම නොවේදැයි සිතමි. අප රට දේශපාලකයින් හා සමාජය දත් පරිද්ද එසේ වුවද විශ්ව
විද්‍යාල කීපයක් පොදුවේ ගත්කල අනෙක්වාට වඩා කතාබහෙන් අඩුව තිබේ. එයට හේතුව ලෙස
දක්නට ලැබෙන්නේ රජය වෙත ගැටළු ඉදිරිපත් නොකිරීමයි. එසේ නැතිනම් ගැටළු ඇති නොවීමයි.
(පිරිස් ඇති තැන ගැටළු ඇති නොවී තිබෙන්නේ කෙසේදැයි සිතමි) උසස් අධ්‍යාපන අමාත්‍ය
ගරු එස්. බී. දිසානායක මහත්මා පවසන පරිදිද එසේමය. නමුදු අප විශ්ව විද්‍යාලයය, ශ්‍රී
ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයය දැනට මාස තුනකට ආසන්න කාලයක් වසා දමා ඇත්තේ
ඇයිදැයි කියාද එතුමා නොදන්නා බව සත්‍යයක් විය හැක.
අප දෙවන වසර අවසන් විභාගය අවසන් කර සති දෙකකට
නියමිත නිවාඩුව ලද්දේ මාර්තු 27 වනදා සිට අප්‍රේල් 22 වනදක්වා යන නිල නොලත් ආරංචි
මගිනි. (නිවාඩු දෙන දිනයේදී නැවත ආරම්භ වන දිනය ගැන කීමට තරම්වත් අප විශ්ව විද්‍යාල
පාලකමණ්ඩලයට නොහැකි නිසාවෙන්) එය මැයි 6වනදා දක්වාත් එතැනින් මැයි 22 දක්වාත් පසුව
ජුනි 10 දක්වාත් කල් දැමුවේ ඇයි දැයි විශ්ව විද්‍යාල සිසුනට ගැටලුවකි. නේවාසිකයින්
වෙනුවෙන් ඉදිවන ගොඩනැගිලි නිසා එසේ සිදුකලා යැයි කීවද එම ගොඩනැගිල්ල සිසු අයිතියට
පත්කිරීමට නියමිත වූයේ මීට සය මසකට පෙරාතුවයි. නමුත් ජුනි 8වන දින දක්වා තීරනය
වෙනස් නොවූ අතර නැවත නැවත ලබාදුන් දුරකථන ඇමතුම් වලටද ප්‍රතිචාරය වූයේ ජුනි 10
ලෙසයි. නමුදු සිසුන් පැමිණෙද්දී එය කාටත් හොරා ජුනි 24 දක්වා කල් දමා අවසන්ය.
පීඨාධිපතිනයටත් හොරා අත්තනෝමතික ලෙස ස්වයං තීරණ ගැනීමට තරම් විශ්ව විද්‍යාල පාලකයින්ගේ
බලතල ප්‍රයෝජනයට ගැනීම නින්දා සහගතය. තම බඩු බාහිරාදිය රැගෙන දුර බැහැරින් පැමිණි
සිසුන් නැවතත් ගම්රට බලා යන්නේ තම දුප්පත් දෙමාපියන්ගේ මුදල් කිසිදු වටිනාකමකින්
තොරව විනාශ කරමිනි.
තවද අප විශ්ව විද්‍යාලයට (අනෙක්වායේ මෙසේමදැයි
නොදනිමි) නවක සිසුන් පිලිගැනිමට පවා දෙවන වසර සිසුන් නොමැති වූ අතර විශ්ව විද්‍යාලයය
මගින් පිලිගැනීමේ සැරසිලි සිසුන් වෙත බාර දී තිබුණි. නමුදු උත්සවය සඳහා සිංහල
චාරිත්‍රානුකූල පොල්තෙන් පහණ දල්වා ආගමික කටයුතු සිදුකිරීමටවත් නොදීමට තරම්
අකාරුණික වූ ඔවුහු සිසුන්ට සලකන්නේ සේවකයින් ලෙස දැයි සිතේ. පාලකයින් විසින්
සිසුන්ට අධ්‍යාපනය පමණක් නොවේ අන් සියල්ල එපාකරවමින් දේශපාලනය කඩු පොලු ආදිය අතට
ගන්නට සලස්වන්නේ මේ ලෙස යැයි සිතමු. අධ්‍යාපනය අවිය කරගන්නට සිතූ සිසුන් වෙනුවෙන් මෙලෙස
සිදු කරද්දී පැමිණෙන මුලාකාරී දේශපාලන අදහස් ඇත්තවුන් සිසුන්ව ඔවුන්ගේ ඉත්තන්
කරගන්නේ ශිෂ්‍ය හැඟීම් අවි බවට පත්කරගනිමිනි. අවසානයේ උපාධි අපේක්ෂක තරුණ
තරුණියන් වෙනුවට අවිගත්තවුන් පිරිසක් බිහිකිරීමට තරම් අප රට උසස් අධ්‍යාපනය සමත්
කම් ලබා ගනී. කතාබහට ලක්නොවන්නා වූ විශ්ව විද්‍යාලයක් පවා කතාබහට ලක්වන්නා වූ
විශ්ව විද්‍යාල වලට පවා පසුපසින් අධ්‍යයන කටයුතු වලින් සිටින්නේ මන්දැයි නොදනිමු.
අවසානයේ සිසුන් මරවමින් මාස හයක අධ්‍යයන පාඨමාලාව මාස තුනකින් හතරකින් නිමා කරන්නට
තැත් කරන්නේ පාලකයින්ගේ විලි වසාගන්නට ශිෂ්‍ය මනස විකෘති කරවමිනි.
කෙසේ වෙතත් කිව හැකි තවත් කරුණු කාරණා සඟවමින්
ලිපිය අවසානයේ මේසේ සඳහන් කරමි. රජයේ උසස් අධ්‍යාපනය ලබන දුප්පත් දෙමාපියන්ගේ
දරුවන් විශ්ව විද්‍යාල තුලම වයසට යද්දී සල්ලිකාරයින්ගේ නූගතුන් උපාධිගෙන රුකියාවල
නියුතු වෙති. ලංකාවේ අධ්‍යාපනය මගින් නූගතුන් බිහිකරමින් දැනුම පිරි නව අදහස්
ඇත්තවුන් කුඹුරු, පතල් හා අනුන්ට කඹුරමින් දෙමාපියන් හා පවුල ජීවත් කරවීමට ඇද දමා
මතු පරපුර වෙනුවෙන් බිහිකරන්නට හදන්නා වූ ශ්‍රී ලංකාව ආශ්චර්යමත් රටක් වනු නොඅනුමානය.
පාලකයිගේ අවධානයට මතු දිනයක වත් යොමුවේවා...! කරත්වා...!