මගේ ගමන් බිමන් විසිනම වන කොටස - ඔවාගිරිය රජමහා විහාරය - පැල්වත්ත

ඔවාගිරිය රජමහා විහාරය නමින් මම කලින් ලියුව ලිපියකට ලැබුණ ප්‍රතිචාරයක ප්‍රථිඵලයක් තමයි මේ කියන පැල්වත්තේ තියෙන ඔවාගිරිය විහාරය බලන්න යන්න හේතුව වුනේ.
 කලින් ලිපියට... http://sulakkhana.blogspot.com/2012/09/blog-post_6.html

මේ කියන පන්සල තියෙන්නේ ඌව ප්‍රාදේශිකයේ පැල්වත්ත හංදියෙන් හැරිල කිලෝමීටර තුනක් විතර යද්දී හමුවෙන හොරබොක්ක කියන ප්‍රදේශයේ.

පන්සලේ ඉතිහාසය දුටුගැමුණු රජසමය දක්වා ඒ කියන්නේ ක්‍රි.පූ. 128 දක්වා විහිදෙන බවයි කියවෙන්නේ. මේ පන්සලේ ඉඳන් කිලෝමීටර 6ක් පමණ දුරකින් තමා යුධගනාව කියන තැන තියෙන්නේ. ඒ ගැන වෙනම ලිපියකින් කියන්නම්. එතැන තමයි දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරු අතර යුද්ධය සිදුවෙලා තියෙන බවට විශ්වාස කරන තැන. මේ කියන ඔවාගිරිය පන්සල, එකල රහතන් වහන්සේලා වැඩ සිටි ස්ථානයක් විදිහට තමා සැලකෙන්නේ. ගල් තලාව උඩ වැඩ  සිටි හිමිවරුන් දැකල තියෙනවා මේ කුමාරවරු අතර යුද්ධයක් ඇතිවන බව. ඒ නිසා මේ කුමාරවරු සඳහා අවවාද කර ඇත්තේ මෙතැනදී බවත් ගලක් මතදි අවවාද දුන් එනම් ඔවා දුන් ගිරිය ඔවාගිරිය ලෙස ව්‍යවහාරයට එක්වුන බව තමයි ඉතිහාසය කියන්නේ.
මේ ගල් පහුර මතට යන්න එකල මාර්ග තුනක් තිබූ බවත් එක්ටැම් විහාරයක් ඒ කියන්නේ සතුන්ගෙන් ආරක්‍ෂා වෙන්න ගල් කුළුණු මත හදපු විහාරයක් තිබූ බවටත් සාක්‍ෂි තියෙනවා. නමුත් මම දැක්ක කණගාටුවට කරුණු කීපයක් තිබුණා. එනම් නටඹුන් තිබුණු ප්‍රෙද්ශය කැලෑවට වැහිල යන්න ඉඩදීලා වාගේම සමහර පැරණි ඉදිකිරීම් මතම වාගේ අළුත් ඉදිකිරීම් කරල. මේ දෙකම අපේ ඉතිහාසයේ දේවල් දකින්න නැති වෙන විදිහේ වැඩ.

තව දෙයක් මට දැනගන්න ලැබුණා. ඒ සෙල්ලිපියක් තිබිලා පසුව මාර්ග සංවර්ධන සමයකදී ඒ ස්ථානවලින් ගල් කඩා ගෙන ඇති බවත් ගිණි ගැසීම් හා වෙනත් දේ නිසාවෙන් සෙල්ලිපි විනාශ වී ඇති බවත්. මේ දේවල් අපේ මිනිස්සු නොසැලකිල්ල නිසා කල දේවල් කියලයි මම නම් හිතන්නේ. තවත් දෙයක් තමා මේ. බලන්න ගල් පඩිලෙලේ පස්සේ ගෙනත් දාපු අක්පාන පැළ ටික. අනිවාර්යයෙන් මේ ටික පැලවෙද්දී පඩිපෙල නම් විනාශ වෙනවා. කොහොම වුනත් මගේ විශ්ව විද්‍යාල හැඳුනුම්පත නොතිබෙන්න පන්සලේ හාමුදුරුවෝ නම් අපිට විස්තරයක් කියන්නවත් ඉදිරිපත් වෙන්නේනැති එක නම් සත්‍යයක්. මොකද නිධන් හොරු විසින් මේ දේවල් විනාශ කරන්න ගන්න උත්සායන් කියලයි හාමුදුරුවෝ නම් කියන්නේ. කොහොම වුනත් මම මේ නිදන් හොරු කියන කතාව නිසා විඳපු කරදර නම් අපමණයි.

මේ ගැන මට දැනුම් දුන්නේ ජානක ශ්‍රීමාල් කියල කෙනෙක්. ඔහුට මම මේ වෙලාවෙදි ගොඩක් ස්තූතිවන්ත වෙනවා.ඒවගේම නන් අයුරින් මට පාර හොයාගන්න උදව් කල අයටත් ස්තූතිවන්ත වෙනවා.

තවත් පින්තූර...

කෙනෙකුට උදව් කරමුද....!

හිතන්න මේ වගේ කෙනෙකුට උදව්වක් කරමුද?

ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..

කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..

වැඩි විස්තර සඳහා මේ අඩෙවියට යන්න.

http://harshana-bc.blogspot.com/2013/02/hasangi-needs-you-machan.html

පුළුවන් හැමෝම පුංචි හරි උදව්වක් කරන්න. හැමෝටම බුදු සරණයි....! විනාශ කරන සල්ලි වලින් පිනක් කරගන්න. දුම්වැටියක් මත්පැන වෙනුවෙන් නිකරුණේ විනාශ කරන සල්ලි එක දවසක් ඉතිරි කරල ඒ දේවල් නවත්තලා මේ වගේ දේකට උදව්වක් කරමුද...?

විමසිය හැකි අය..

නිමේෂ් ගමගේ https://www.facebook.com/NimeshGamage
 නිමේෂ් ගමගේ - 0773444819 / 0725226516
හෝ
අසංක හෙන්දහේවා https://www.facebook.com/asankahendahewa
හෝ
අසන්ත මෙන්ඩිස් https://www.facebook.com/asanthachristina

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ගිණුම් අංකය - 100953703167
නම - N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009
 
හැකි හැමෝම මෙය SHARE කර අනෙක් මිතුරන්ව දැනුවත් කරන්න.. ඔබ සැමටම ස්තූතියි..

.ලි.
 දැන් ලැබුණ පුංචි ආරංචංයක් ගිනුම් අංක වෙනස් වෙලා කියල. මෙන්න අළුත් එක. විශ්ව විද්‍යාලයෙන්මයි ලැබුේ.

Name                : K.A.H.Kollure
Bank                 :  Bank of Ceylon- Lake View Branch-612
Account no      :  74353831

  


මගේ ගමන් බිමන් විසිඅටවන කොටස - නෑල්ල කඳුවැටිය හෙවත් ජම්බුත්මලේ කන්ද

කලින් නෑල්ල රජමහා විහාරය ගැන ලිපියක සඳහන් වුන ජම්බුත්මලේ කන්ද නගින එක ටිකින් ටික පහුවෙලා මාස ගානකට පස්සේ ඔන්න වෙලාවක් සොයාගෙන නැග්ග කන්ද.... =D මොනවා වුනත් අපිට පෙර සූදානමකට වත් වෙලාවක් නම් තිබුනේ නැහැ. මගේ විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු වල දෙවැනි අවුරුද්දේ විභාගය ලංවෙන නිසාවෙන් ටිකක් විතර කාර්්‍ය බහුල වෙලයි හිටියේ. යාළුවෝ තුන්දෙනෙකුත් අමාරුවෙන් හොයාගන්තු මම කන්ද නගින්න නෑල්ලට යද්දී උදේ 10ට විතර ඇති.
 











කලින් ලිපියක කියැවුන විදිහට ආයෙත් පුෂ්පාරාමයට ආව අපි ලොකු හාමුදුරුවෝ හමුවෙන්න උත්සහ කලත් සාර්ථක වුනේ නැහැ. ඒ ඒ වෙද්දිත් ස්වාමීන් වහන්සේ නගරයට වැඩම කරල නිසාවෙන්. එතුන හිටි ග්‍රාමාරක්‍ෂක භටයෙකුගෙන් පාර අහගෙන යන්නයි අපි සූදානම් වුනේ. ඒත් ඔහු කිව්වේ පාර නම් හොයාගන්න එක ලේසි නැහැ කියලයි. කොහොම වුනත් අපි වැඩේ අතාරින්නේ නැතුව ගමනට සූදානම් වුනා. පාර පාර වැටිල තිබුනේ ගෙයක් ගාවින්. එතැනට ගිහින් එතුන අපි ගිය බයිසිකල් දාල කන්ද නගින්න පාරත් අහගත්තා. "ලමයිනේ ඔහොමද කන්ද නගින්නේ පිහියක්වත් නෑ. කෙවිටක් වත් අරන් යන්න. ඕකෙ සර්පයෝ ඉන්නවා" කියමින් ගෙදර හිටි වැඩිහිටියෙක් කිව්වා. අපි ඒකත් අහගෙන කොටිටකුත් කඩාගෙන ගමන පිටත් වුනා.
කොහොම වුනත් පාරවල් හොයගෙන යන්න වුන ගමනක්. මොකද කාලෙකින් කවුරුවත් නැගල නැති නිසාවෙන් පාරවල් ගොඩක් දුරට වැහිල ගිහිල්ල. ලොකු ගස් කඩා වැටිල සමහර තුන් වල යන්න ගොඩක්ම අමාරු වුනා. කොහොම වුනත් කවුරුත් කියන විදිහේ "ඇඩ්වෙන්චරස්" ගමනක් වගේ හිතාන අපි කන්ද නගින්න ඒකත් ශක්තියක් කරගත්තා. වේගවත් ගමනකි තිබුණ නිසවෙන්දෝ අපි ගොඩක්ම හෙම්බත් වුනා. කන්ද වැඩි ප1මාණයක් නගිද්දී අපිට ගලක් දිගේ බේරෙන වතුර පාරක් හම්බවුනා. ඒක ස්වභාවික උල්පතකින් ආව එකක්. ඒකෙන් වතුර බොන්න අපි ක්‍රමයක් හොයාගත්තා. ඒ මෙන්න මේ විදිහට....
තවත් දුරක් යද්දී තවත් පුංචි උල්පතක් අපේ පිපාසාව නම් අයින් කරල දැම්මා. ඒකෙන් පණ ආව අපි කන්ද නැග්ගේ කොහොම හරි මුදුනට යන්න. ගල් උඩින් පර්වත වටෙන් ගිහින් පාර හොයාගෙන කොහොමින් කොහොම හරි අපි කඳු මුදුනකට නම් ආව. එතැනින් අපිට අම්පාර ප්‍රදේශය වෙනකන් බලන්න පුළුවන්. ඒ වගේම තවත් තැන් දෙකකට අපි ගියා. මේක උඩ තියෙනවා කියන දිය නොසිඳෙන පොකුණ සොයාගෙන ආව අපි මේ වෙනතුරුත් ඒකනම් දැක්කේ නැහැ. තවත් ටිකක් ඇතුලට ගිහින් මේ පිළිබඳව හොයන්න අපි හිතාගත්තා. 

තවත් කැලේ ඇතුලට යද්දී අපිට පොකුණූ කීපයක්ම දකින්න ලැබුණා. ඒ සියල්ල නරඹපු අපි සවස් වෙන්න කලින් එන්න හිතන් කන්ද බහින්න සූදානම් වුනා. අපි දැක්ක ගොඩක් දර්ශන බොහෝම සුන්දරයි. අවසානයේ කන්ද වේගයෙන් බහින්න ගත්තු අපි ආයෙත් ආවේ ගිය මාර්ගයේ නම් නොවෙයි. මොකද පහලට පේනවට වඩා මාර්ග අපිට ඉහල ඉන්ඳන් බලද්දී පෙනුන නිසාවෙන්. කොහොම වනත් වේගවත් බැස්මක අවසානය විදිහට අපි ආවේ කැලෑව අවසානයේ තිබුණු වත්තක කෙලවරින්. එතැන ගහකින් දොඩම් කඩාගත්ත අපි නිවැසියන්ගෙන් පන්සලට පාර අහගත්තා. අපි ඇවිත් තියෙන්නේ බයිසිකල් දාපු නිවසට වඩා මීටර 200ක් විතර දුර තැනකින් වුනත් කන්ද නැග්ගාට වඩා නම් කෙටි පාරකින්. 
හෙම්බත්වෙලා හිටි අපි පන්සලට ගියාම ලොකු ස්වාමීන් වහන්සේ අපි එක්ක කතා කරා වගේම අපිට දවල් කෑමත් දෙන්න තරම් කාරුණික වුනා. එතැනින් දැනගත් විස්තර වලින් නම් අපි ටිකක් කණගාටුවට පත්වුනා. ඒ කන්ද මුදුනේ චෛත්‍යයක නටඹුන් ලෙන් කීපයක් හා සෙල්ලිපියකුත් තියෙනවා කියන ආරංචිය ඇසීමෙන්. අපි ගිය තැන කිට්ටුවම කැලේ ඇතුලෙ තමයි තිබිල තියෙන්නේ. අනිත් අය කොහොම වුනත් මම නම් ඒ ආරංචංයෙන් පස්සේ ආයෙත් කන්දට යන්න හිතන් තමයි පන්සගෙන් එලියට ආවේ.























මෙන්න ගත්තු වීඩියෝ ටික...

මගේ සඳ.....

අපි සඳ ගැන කවි කීවට,
අපිම දන්නේ නෑ සඳ මොනවගේද කියල. ඒ සඳ අපිට ගොඩාක් දුර හින්දා.
හමදාම දකින, පුංචිම පුංචි තරු ගොඩාක් අතරේ තියෙන දීප්තිමත් දෙයක් නිසා අපි සඳට ආදරේ කලා.

ඒත් ඉර,

බොහෝම තනිවෙලා..... ඒකත් ගොඩාක් එලියයි. සඳටත් වඩා. ඒත් අපි ඉර ගැන කතා කරන්නේ නෑ.

ඇයි....?

සඳ එලිය දුන්නාට ඒ එලිය බොහෝම සිසිලයි. තනිකම එක්ක ඉන්න ඉරට වඩා සඳ ලස්සනයි. අපිට ඒක දිහා බලන් ඉන්න පුවවන්. ඒ නිසාද..?

හ්ම්.....

ඒත්....

බලන්න, සඳ දිහා හොඳට.... ඒක දෙන්නේ අනුන්ගෙන් ගත්තු එලියක්. ඒ ඉරෙන්. ඒ එලිය සඳට අයිති නැති වුනත් බොහෝම සෞම්‍ය විදිහට ඒක බෙදල දෙනවා. කිසිම පැකිලීමක් නැතිව.

ආන්න ඒ වගේ. මගේ ලෝකෙට ඔයත්........ මගේ සඳ........!