Showing posts with label ඡායාරූපකරණය. Show all posts
Showing posts with label ඡායාරූපකරණය. Show all posts

වෙඩින් ඇල්බම් එකම මොකද වෙන්නේ....! (දෙවන කොටස)

මේ කියන්න යන්නේ වෙඩින් ඇල්බම් එකට මොකද වෙන්නේ කියන ලිපියේ දෙවෙනි කොටස. මේ ලිපියේ පළවෙනි කොටසින් මම වෙඩින් ඇල්බම් එක කියන්නේ මොකක් ද ඒක පටන් ගත්තේ කොතනින් ද කියන එක ගැන කතා කලා. ඒක කියවපු නැති අය මෙතැනින් ගිහින් පළවෙනි කොටස කියවලා ඉන්න. පළවෙනි කොටස මූලිකම වශයෙන් ඡායාරූපකරණයේ යෙදෙන සහ යෙදෙන්නට බලාපොරොත්තු වෙන අති බහුතරයක් වෙනුවෙන් ඉගෙන ගන්න තමා ලියල තියෙන්නේ.

වෙඩින් ඇල්බම් එකම මොකද වෙන්නේ....! (දෙවන කොටස) මෙතැනින්... 

දෙවනි කොටසින් කතා කරන්නේ අපේ ලංකාවේ ඇල්බම් එකකට මොකද වෙන්නේ කියන එක. මේක ටිකක් විහිලු සහගත වුනාට ඇල්බම් බොහෝමයකට වෙන්නේ නම් මේ ටිකම තමා. මුලින්ම කසාද බැදල ඉවර වුන දවසේ ඉඳල ෆෝටෝග්‍රැපර් අයියගෙන් ඇල්බම් එක ඉල්ල ඉල්ල නහයෙන් අඬල කොහෝම හරි ඇල්බම් එක ගෙන්න ගන්නවා. ඉතින් ලංකාවේ නම් අති බහුතරයක් ඇල්බම් එක දෙද්දී ඒ කපල් එකේ පළවෙනි ලමයත් ඉන්නව. ඉතින් මේක ගෙදර ගෙනාවට පස්සේ සාලෙ තියෙන ටීපෝව අස් කරල එන අමුත්තන්ට බලන්න ලේසි වෙන විදිහට සහ බලන්න තියෙන එකම දේ ඇල්බම් එක වෙන විදිහට ටීපෝව උඩ තීන සියල්ල ටීපෝව යයටට හරි සාලෙන් ඉවතට හරි දානව. අමුත්තෝ ආවෙ නැත්තං ආරාධනා කරල හරි ගෙන්න ගන්නව. මේක පෙන්වන්නත් එපැයි. ටික දවසක් යද්දි බැඳිල්ලේ උණුහුම ගිහින් දරුවන්ගේ කටයුතු කියන තැනට එනකොට මේ ඇල්බම් එක ටීපෝව උඩට කරදරයක්.

දෙවන අදියර වෙන්නේ ටීපෝව යට පත්තර අස්සේ ඇල්බම් එක තීන කාලේ. ඉතින් දැන් අහම්බෙන් වගේ කලාතුරකින් මේ ඇල්බම් එක කවුරු හරි අතට අරන් බලනවා. හැබැයි ගෙදර පොඩි එකා එක එක ඒවා අතගාන කාලේ වෙද්දි මේ ඇල්බමේ ඉරයි කියල සහ මේකට කල වියදම කියල සුසුමකුත් ඇරල, ඇල්බම් එක ගිහින් දානව අල්මාරියේ වම් පැත්තේ තියෙන සාරි කියෙන තට්ටුවට. මේ දෙවනි අදියරේ අවසානය.

තවත් ටිකක් කල් යද්දි මේ මහ තඩි පොතක් ඇඳුම් අස්සේ කරදර කරන්න ගන්නවා. එහෙම වෙද්දි ඉටිකොල කවර දෙකක් විතර දාල මේක යනව අල්මාරියේ යට තට්ටුවට. යට තට්ටුවෙත් පතුලට මේ ඇල්බම් එක යන්නේ කාටත් නොදැනෙන්න. ආයේ ආයේ මේක බලන්න තරම් කාලයක් එන්නේ නැතිවම මිනිස්සු බිසී වෙනව. එතනින් පස්සේ වෙඩින් ඇල්බම් එක අල්මාරියෙන් එලියට එන්න තියෙන ලඟම අවස්ථාව එන්නේ ඒ ජෝඩුවට දුවක් හිටියොත් තමයි. ඒ දුවගේ වැඩිවිය පත්වීමකදි උත්සවයක් ගත්තොත්. ඒ වෙලාවකදි දුවගේ යාලුවොන්ට පෙන්වන්න දුව ම තමා ඇල්බම් එක හොල ගන්නේ.

ඒ ජෝඩුවට හිටියේ කොල්ලෙක් වුනොත් ඉතින් ඒ කොල්ල කසාද බැඳපු කාලෙක, නෑ නම් යාලුවෙලා ඉන්න කෙල්ල ‌ගෙදර ආව වෙලාවක ඔය ඇල්බම් එක හොයන්න ඉඩ තියෙනවා. නෑ නම් ඉතින් ඇල්බම් ඒක සදාකල අල්මාරිය යට පුස්කනවා.

මේක තමා සාමාන්‍යයෙන් වෙඩින් ඇල්බම් එකකට වෙන්නේ. මෙහෙම නොවෙන ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්න පුලුවන්. ඉතින් ගෙදරක වෙඩින් ඇල්බම් එක තියෙන තැන අනුව සාමාන්‍යයෙන් ඒ අය කසාද බැඳල කොයි තරම් කාලයක් වෙනවද කියල දළ අදහසක් ගන්න පුලුවන්.

මෙහෙම වෙන්න, එහෙම නැතිනම් ඇල්බම් එක ඉක්මනින්ම එපා වෙන්නේ හේතුවක් ඇතිව. ඒකට හේතුව තමයි ඒ ඇල්බම් එකේ තමන් නැති වීම. ඒ කියන්නේ වෙඩින් එකක දැන් වෙන්නේ රඟපෑමක් කරල ඒ රඟපෑම පින්තූර වලට ගන්න එක. ඒ වගේමයි හැමෝම සුදුවෙන්න ගාන එකම මේක්අප් එක කරන නිසා පසු කාලීනව සැබෑවටම තමන් ද එතැන ඉන්නේ කියන, තමන්ව හඳුනගන්න බැරිවෙන එකම එක සිතුවිල්ල. යටි හිතෙන් මේ මම ද කියන ප්‍රශ්නය කාලයක් තිස්සේ ඇහෙන්න ගන්නවා. පස්සේ එහෙම දෙයක් හිතන්න මෙලේ වෙහෙසවනවට වඩා මිනිස්සුන්ට දැන් වර්තමානයේ තියෙන සහ අනාගතයේ එන්න තියෙන ප්‍රශ්ණ එක්ක පොරබදන්න වෙනවා. මේ වෙලාවෙදි ඒ ඉන්නේ මම නෙවෙයි කියල හරි ඇල්බම් එක දිහා නොබල හිත හදාගෙන හරි මනසින් සිතුවිල්ල අයින් කර ගන්නවා. එහෙම වෙද්දි ඇල්බම් එක නිකම්ම කුණු ගොඩ ලඟට කිට්ටු වෙනවා.

වෙඩින් එකක දී අඳුනගන්න බැරි තරම් මේක්අප් නොකර ඉඳීම, ස්වාභාවිකව සිද්ධවෙන උත්සව අවස්ථාව, නිරූපන අවස්ථාවක් නොකරගෙන ඡායාරූප ටික ගැනීම වගේ දේවල් වලින් සෑහෙන දුරට ඇල්බම් එක පැත්තකට වෙන එක අවම කර ගන්න පුලුවන්.  මොකද සමහර පින්තූර සදාකාලිකව විඳින්න පුලුවන් නිසා.

ඉතින් ඔයාගේ වෙඩින් ඇල්බම් එක, එහෙම නැතිනම් ඔයාගේ දෙමාපියන්ගේ ඇල්බම් එක කොහේද තියෙන්නේ කියල කොමෙන්ට් එකක් දාගෙනම යන්න.

මේ සියල්ල කීවේ වෙඩින් ඇල්බම් එකක් හදන්න එපා කියල නම් නෙවෙයි. හදන ඇල්බම් එක වටින පින්තූර වලින් සහ මතක ගොන්නක් විදිහට සංරක‍ෂණය කරගන්න සකස් කර ගන්න කියල කියන්නයි.

 එහෙම නම් ආයෙ ලිපියකින් එනකන් ඔයාලට ආයුබෝවන්.....! 

වෙඩින් ඇල්බම් එකම මොකද වෙන්නේ....! (පළමු කොටස)

මම මේ ලිපිය කාලෙක ඉඳල ලියන්න හිටියත් ලියන්න තරම් කාලයක් ආවේ නැති ලිපියක්. අවුරුද්දකට විතර පස්සේ බ්ලොග් එකට ලිපියක් දාන්න මේක සකස් කරන්න වුනා. හෛාම වුනත් මේ ලිපිය ටිකක් දිග කොටස් දෙකක ලිපියක් විදිහට කරන්න හිතුවා. එකේ පළවෙනි කොටස මේක. මෙතනදී මම වෙඩින් ඇල්බම් එකේ විකාශණය ගැන කතා කරනවා. ඡායාරූපය ගැන ඉගෙන ගන්න කෙනෙකුට වටිනාකමක් දෙන්න මේක ලියන්න හිතුවේ. ඔයාල මේක කියවලා කමෙන්ට් එකක් දාන්න. තව තැනක පලකරන්න ඕනි නම් අහන්න. කතෘ අයිතිය තියල පල කරන්න කියල ඉල්ලා හිටිනවා.

ඇල්බම් කලාවේ ආරම්භය හා ඉතිහාසය සැලකූ කල ඇල්බම් කලාව යනු මිනිසාගේ ජීවිතයේ වැදගත් සිදුවීම්, මතකයන්, ඡායාරූප සහ ලේඛන සුරක්ෂිතව තබාගැනීම සඳහා නිර්මාණය කරන ලද සංග්‍රහමය හා කලාත්මක මාධ්‍යයකි. අද අපට හුරුපුරුදු ඡායාරූප ඇල්බම් සංකල්පය බොහෝ කාලයක ඉතිහාසයක් පසුබිම් කරගෙන වර්ධනය වූ එකකි. එය පුරාණ ලේඛන සම්ප්‍රදායන්, scrapbooks, පවුල් වාර්තා පොත් සහ පසුව ඡායාරූපකරණයේ දියුණුව සමඟ විකාශනය වී ඇත.

“Album” යන වචනය ලතින් භාෂාවේ “Albus” යන වචනයෙන් උපුටාගෙන ඇති අතර එහි අර්ථය “සුදු” යන්නයි. පුරාණ රෝම සමාජයේ රාජ්‍ය නිවේදන, නීති සහ පොදු තොරතුරු ලියා ප්‍රදර්ශනය කිරීමට සුදු පුවරු භාවිතා කළහ. මෙම පුවරු “Album” ලෙස හඳුන්වා තිබුණි.
 
කාලයත් සමඟ මෙම සංකල්පය පුද්ගලික සටහන් සහ මතකයන් එකතු කර තබාගැනීමේ පොත් ආකාරයකට වර්ධනය විය. එම නිසා අද අප භාවිතා කරන “Album” යන වචනයේ මුල් අර්ථය වන්නේ “සටහන් සහ මතකයන් එකතු කරන පොතක්” යන්නයි.
 
ඡායාරූපකරණය හඳුන්වාදීමට පෙර කාලයේද මිනිසුන් තම මතකයන් සුරක්ෂිතව තබාගැනීමට විවිධ ආකාර භාවිතා කළහ.


යුරෝපයේ 16–18 වන සියවස්වලදී “Commonplace books” ලෙස හඳුන්වන පොත් ජනප්‍රිය විය. මෙම පොත් තුළ කවි, දර්ශනවාදී අදහස්, ලිපි, සිතුවම් සහ විවිධ සටහන් එකතු කර තබාගැනීම සිදු විය.

එමෙන්ම “Scrapbooks” ලෙස හැඳින්වෙන පොත් තුළ පත්‍රිකා, සිතුවම්, කඩදාසි කැබලි, කලාත්මක සැරසිලි සහ ලිපි එකතු කර තබාගැනීම සිදු විය. මෙම සම්ප්‍රදායන් ඇල්බම් කලාවේ මුල්ම ආකාර ලෙස සැලකිය හැක.

1839 දී ඡායාරූපකරණය ලෝකයට හඳුන්වාදීමත් සමඟ ඇල්බම් කලාවේ නව යුගයක් ආරම්භ විය. මුල් කාලයේදී ඡායාරූප ගන්නා ක්‍රම ඉතා සංකීර්ණ වූ අතර එය වෘත්තීය ශිල්පීන් විසින් පමණක් සිදු කළහ.

19 වන සියවසේ මැද භාගයේදී “Carte de Visite” සහ “Cabinet Card” ලෙස හඳුන්වන කුඩා ප්‍රමාණයේ ඡායාරූප ජනප්‍රිය විය. මෙම ඡායාරූප විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇල්බම්වල පිටු තුළ ඇතුළත් කර තබාගැනීමට හැකිව තිබුණි.

පවුල් සාමාජිකයන්ගේ, මිතුරන්ගේ සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ඡායාරූප එකතු කර තබාගැනීම එම කාලයේ සමාජයේ ජනප්‍රිය සම්ප්‍රදායක් විය.

20 වන සියවසේ මුල් භාගයේදී කැමරා තාක්ෂණය වඩාත් සරල සහ ජනප්‍රිය වීමත් සමඟ සාමාන්‍ය ජනතාවටද ඡායාරූප ගැනීමට හැකි විය. එමඟින් පවුල් ජීවිතයේ විවිධ අවස්ථා සටහන් කිරීම වැඩි විය.

මෙම කාලයේදී ඇල්බම් සාමාන්‍යයෙන්
  • ඡායාරූප පිටු වලට අලවා සකස් කරන ලද
  • අතින් සැරසූ scrapbooks
  • පවුල් ඉතිහාස පොත්
ආකාරයෙන් පැවතුණි. විශේෂයෙන්ම විවාහ උත්සව, උපන් දින, සංචාර සහ පවුල් උත්සව සඳහා ගත් ඡායාරූප ඇල්බම් තුළ සුරැකිණි.


1950 දශකයෙන් පසු වර්ණ ඡායාරූප තාක්ෂණය වර්ධනය වීමත් සමඟ ඇල්බම්වල දෘශ්‍යමය ගුණාත්මකභාවය විශාල ලෙස වැඩි විය.

ඡායාරූප මුද්‍රණ කර්මාන්තය ද දියුණු වීමත් සමඟ විශාල ප්‍රමාණයෙන් උසස් තත්ත්වයේ ඡායාරූප මුද්‍රණය කළ හැකි විය.

මෙම කාලයේදී විවාහ ඇල්බම් සම්ප්‍රදාය බොහෝ රටවල ජනප්‍රිය විය. විවාහ උත්සවයේ ප්‍රධාන අවස්ථා—
  • මුදු මාරු කිරීම
  • පවුල් ඡායාරූප
  • උත්සව අවස්ථා
ඇතුළත් කර ඇල්බම් නිර්මාණය කිරීම සිදු විය.

1990 දශකයෙන් පසු ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ ඇල්බම් නිර්මාණය සම්පූර්ණයෙන්ම වෙනස් විය.

Digital cameras, image editing software සහ advanced printing technology භාවිතා කරමින් ඡායාරූපවල ගුණාත්මකභාවය වැඩි කිරීමට හැකි විය.

Adobe Photoshop, Lightroom වැනි මෘදුකාංග භාවිතා කර
  • වර්ණ සංස්කරණය
  • retouching
  • lighting correction
  • creative layout design
සිදු කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් විය. මෙම කාලයේදී Photo books, Digital albums, සහ Online galleries වැනි නව ආකාරද ජනප්‍රිය විය.

දකුණු ආසියාතික රටවල (ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය) විවාහ උත්සව සංස්කෘතිය ඉතා වර්ණවත් සහ සම්ප්‍රදායික අංග රැසකින් සමන්විත වේ. එබැවින් මෙම උත්සව ඡායාරූපකරණය විශාල කලාත්මක ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත.

විවාහ උත්සවවල විවිධ අවස්ථා—
  • පූර්ව විවාහ ඡායාරූප (Pre-wedding shoots)
  • ආචාර විධි
  • විවාහ උත්සවය
  • පිළිගැනීමේ උත්සවය
ඇතුළත් කරමින් ඇල්බම් සකස් කිරීම දකුණු ආසියාතික ඇල්බම් කලාවේ විශේෂ ලක්ෂණයකි.
 
ශ්‍රී ලංකාවේ විවාහ ඡායාරූපකරණය 20 වන සියවසේ මැද භාගයේදී වඩාත් ජනප්‍රිය විය. එම කාලයේදී වෘත්තීය ඡායාරූප ශිල්පීන් විවාහ උත්සවවල ප්‍රධාන අවස්ථා කිහිපයක් පමණක් ඡායාරූපගත කළහ. මෙම කාලයේදී wedding photography බොහෝවිට studio-based photographers විසින් සිදු කරන ලදී.

එහිදී ඡායාරූප ගන්නා ලද්දේ
  • Poruwa ceremony
  • couple portraits
  • family photographs
ඇල්බම් සාමාන්‍යයෙන්
  • black pages
  • photo corners
  • pasted photographs
ආකාරයෙන් සකස් කරන ලදී.

1980 දශකයේදී වර්ණ ඡායාරූප සහ නව මුද්‍රණ තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ ඇල්බම් නිර්මාණය වඩාත් වර්ණවත් සහ කලාත්මක විය.

2000 න් පසු ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ වෙඩින් ඇල්බම් නිර්මාණය විශාල පරිවර්තනයකට ලක්විය. Photoshop වැනි ඡායාරූප සංස්කරණ මෘදුකාංග භාවිතා කරමින් “Story Album” හෝ “Digital Album” ලෙස හැඳින්වෙන නව ඇල්බම් ආකාර ජනප්‍රිය විය.

වෙඩින් ඇල්බම් නිෂ්පාදනයේදී මුද්‍රණ තාක්ෂණය ඉතා වැදගත් වේ. Offset printing තාක්ෂණය භාවිතා කර උසස් ගුණාත්මක ඡායාරූප මුද්‍රණය කළ හැක.

Album production process සාමාන්‍යයෙන් පහත පියවරවලින් සමන්විත වේ:
  • Photography Stage – විවාහ උත්සවයේ ඡායාරූප සහ වීඩියෝ ග්‍රහණය කිරීම
  • Photo Selection – හොඳම ඡායාරූප තෝරා ගැනීම
  • Image Editing – වර්ණ සංස්කරණය, retouching, lighting correction
  • Album Design – layout design, page composition
  • Printing – offset printing හෝ digital printing
  • Binding and Finishing – cover design, lamination, binding
මෙම ක්‍රියාවලිය මඟින් උසස් තත්ත්වයේ කලාත්මක ඇල්බම් නිෂ්පාදනය කරනු ලැබේ.

වෙඩින් ඇල්බම් සැලසුම් කිරීමේදී විවිධ design styles භාවිතා වේ.
  • Traditional Album Style – සරල ඡායාරූප පිටු පිටු අලවා සකස් කිරීම
  • Story Album Style – විවාහ උත්සවය කතාවක් මෙන් පිටු පිටු සකස් කිරීම
  • Magazine Style Layout – සඟරා ආකාරයේ creative layouts
  • Minimalist Style – සරල, නිරවුල් design
  • Cinematic Style – චිත්‍රපටීය අත්දැකීමක් ලබාදෙන dramatic layouts
මෙම styles මඟින් ඇල්බම්වල කලාත්මක වටිනාකම වැඩි වේ.

වෙඩින් ඇල්බම් කලාවේ ප්‍රධාන භූමිකාව ඡායාරූප ශිල්පීන්ට අයත් වේ. ඔවුන්ගේ කලාත්මක දෘෂ්ටිය සහ තාක්ෂණික දැනුම මත ඇල්බම් එකේ ගුණාත්මකභාවය තීරණය වේ.

ඡායාරූප ශිල්පියාගේගේ කලාමය භූමිකාව වනුයේ
  • විවාහ උත්සවයේ හැඟීම් සහ අවස්ථා නිවැරදිව ග්‍රහණය කිරීමෙ
  • creative composition සහ lighting භාවිතා කිරී‍ෙ
  • cultural elements සහ traditional moments සුරැකිව සටහන් කිරීම
  • storytelling concept එකක් තුළ ඇල්බම් නිර්මාණයට සහය වීම
ඒ අනුව වෙඩින් ඇල්බම් එකක් සරල ඡායාරූප එකතුවක් නොව, විවාහ උත්සවයේ සම්පූර්ණ කතාව කලාත්මක ලෙස ඉදිරිපත් කරන කෘතියක් බවට පත්වේ.

තවද 2000 න් පසු digital photography සහ graphic design software හඳුන්වාදීමත් සමඟ දකුණු ආසියාතික wedding albums විශාල ලෙස වෙනස් විය.

මෙම කාලයේදී ජනප්‍රිය වූ trends කිහිපයක්:
  • Pre-wedding photoshoots
  • Destination wedding photography
  • Cinematic storytelling albums
  • Drone photography
Wedding albums යනු සරල ඡායාරූප එකතුවක් පමණක් නොව, විවාහ උත්සවයේ සම්පූර්ණ කතාව කලාත්මකව ඉදිරිපත් කරන දෘශ්‍යමය ලේඛනයකි.

ලෝකයේ ඡායාරූපකරණයේ ආරම්භයෙන් ආරම්භ වූ මෙම සම්ප්‍රදාය දකුණු ආසියාතික රටවල සංස්කෘතික උත්සව සමඟ විශාල ලෙස වර්ධනය වී ශ්‍රී ලංකාවේද උසස් තත්ත්වයේ කලාමය සහ වෘත්තීයමය ක්ෂේත්‍රයක් බවට පත්ව ඇත. පවුල් ඉතිහාසය, සමාජික සම්ප්‍රදායන්, විශේෂ අවස්ථා සහ පුද්ගලික මතකයන් පරම්පරා ගණනාවකට සුරැකිව තබාගැනීමට ඇල්බම් ඉතා වැදගත් වේ.
 

Macro පින්තූර ගද්දි ආලෝකය එක්ක සෙල්ලම්

ගොඩක් වෙලාවල් වලදී මම Macro පින්තූර ගන්නේ ඡායාරූපයේ ඉන්න වස්තුව පැහැදිලිව පේන විදිහට. ඒකක මම ආස විදිහ. නමුත් ආලෝකය හැසිරවීම මත ඒක කලාත්මක ඡායාරූපයක් බවට පත් කරන්නත් පුලුවන්. 

අද මම කියන්න හදන්නේ පුංචි ආලෝක වෙනසකින් කරන්න පුලුවන් දෙයක් ගැන. අවාසනාවක මහත මම පින්තූර ගන්න හැටි පින්තූර ගන්න කවුරුත් නැති නිසා මම කල විදිහ පෙන්වන්න පින්තූර නැහැ. නමුත් ඒ ඒ පින්තූර වල කැමරාව සහ උපකරණ තියපු විදිහ ගැන මම පුංචි රෑප සටහන් ටිකක් එක්ක ලියන්නම්.

අද මම විෂය විදිහට පින්තූර ගන්නේ සමනලයෙකුගේ. සාමාන්‍යයෙන් සමනලුන් දිවා කාලයේ දී තමයි ක්‍රියාශීලී වෙන්නේ. ඒ නිසා සවස් කාලයක, රාත්‍රියක හෝ ඉර නැගෙන්නට පෙර උදෑසනක් කියනනෙ මේ වගේ සමනලයෙක් වගේ සතෙක් එක්ක ආලේඛ්‍ය ඡායාරූප ටිකක් ගන්න හොදම වේලාවන් ටිකක්. 

මේ පින්තූර වලට මම භාවිතා කලේ මම ම හදපු Light Diffuser එකක්.. ඒ වගේ එකක්ට අදහසක් ගන්න මේ පහල තියෙන සබැදියේ මම ලියපු ලිපිය කියවන්න.

http://sulakkhana.blogspot.com/2016/09/blog-post_21.html

හරි, මුලින්ම කියන්න ඕනි මේ තියෙන පින්තූර එකක්වත් සංස්කරණය කරල නැහැ. කරල තියෙන එකම දේ දියසළකුණු යෙදීම, RAW පින්තූර JPEG බවට පත් කිරීම සහ Image Resize කියරීම පමණයි. පින්තූර වල Subject හැටියට දාල තියෙන්නේ සමනලයා සහ මල්පොකුර. මේ පින්තූර ගන්න භාවිතා කරල තියෙන්නේ Nikon D90, Nikkor 105mm 2.8 Micro, Godox 560II Speed light and Tripo TR950 Speed light එකයි.

අඩු වියදම් Macro Light modifier එකක් Develop කරමු

පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට උත්තරත් අරගෙන මම අද ලියන්න හදන්නෙ අඩුම වියදමකින් ආරම්භකයෙකුට Macro light modifier එකක් හදන්නෙ කොහොමද කියලයි.

මම මේ modifier එක හදපු හැටි සහ ඒක ක්‍රමාණුකූලව දියුණු කල ආකාරය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 

මම මේක හදන්න ගන්නෙ කඩේ ගන්න තියෙන්න pringles හිස් ටින් එකක්. ඒකෙ දෙපැත්තම සිදුරු කරල එක පැත්තක් ෆ්ලෑෂර් එකට හයි කරන්න පුලුවන් විදියට හදා ගන්න. 

පින්තූරු අල්ලන හැටි ඉගෙන ගන්න උන්ට.......

එක එක අය පින්තූර ගන්න විදිය වෙනස්.. ඒ වගේමයි එක එක අයගේ පින්තූර ගන්න තෝරගන්න අරමුණු වෙනස්. ඒකට තෝරගන්න කැමරාව පවා එකිනෙකාට වෙනස් වෙනවා. මොබයිල් එකකින් වටේටම පින්තූර කොටනවා වෙනුවට වැටෙන ලයිට් එක ගැන හිතමින් පින්තරයක් ගන්න උත්සාහ කල එකෙක් ගත්ත අපූරු පින්තූරයක් සහ ඒක දියුණු කල හැකි ක්‍රමය ගැන තමා මමමේ කෙටි සටහන් තියන්නේ.. 

මාත් ඒක්ක ඇවිදින උන්ගෙන් එකෙක් අනිත් අයගෙන් වෙන් වෙලා ෆෝන් එකේ කැමරාවත් අරගෙන පින්තූර ගන්න හැටි මම දැක්ක. හෙමින් එතැනට කිට්ටු වුන මම අහපු සමහර දේට දුන්න සරල උත්තර නිසාම මම ඌට මොනව හරි කියා දෙන්න ඕන කියල හිතුවා. 

Macro Rail එකක් ගෙදරදීම හදාගමු - දන්න සිංහලෙන් Macro Photography - සයවන කොටස

Macro Rail එකක් නැතිව Focus Stack එකක් කරගන්න ගිහින් කරදරේ වැටිල ඉන්න අය වෙනුවෙන් Macro Rail එකක් ගෙදරදි හදාගන්නේ කොහොමද කියන එක ගැන මම කරපු පරීක්‍ෂණයක අවසන් ප්‍රතිඵල ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. මේ ඒ දේ කරන්න ඕන කරන සම්පූර්ණ රූප සටහන් වලින් සිදු කරල තියෙනවා.

ඒ සියල්ල දිග පළල සම්බන්ධයෙන් පවා දක්වල තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන මම කල වීඩියෝ එක තමයි පහලින් තියෙන්නේ.



මේ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය වීඩියෝ එකේ තියෙන නිසා වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම ඇදපු රෑප සටහන් වල භාවිතා කරන්න ඕන ද්‍රව්‍ය හා ප්‍රමාණ සම්බන්ධයෙන් තියෙනවා.

ස්වර්ණමය රීතිය, ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය සර්පිලය

ගොඩක් අය වැරදියට වටහාගෙන ඉන්න ස්වර්ණමය රීතිය, ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය සර්පිලය (Golden rule, Golden ratio & Golden Spiral ගැන පුංචි කතාබහක්.. ඇති කරන්න හිතුවා. මොකද බොහෝමයක් අය වැරදි විදිහට මේ රීතිය ඣායාරූපකරණයේදී භාවිතා කරන බව දකින නිසා.

මේ සම්බන්ධයෙන් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට YouTube වීඩියෝ එකක් හැදුවා. මේ ලින්ක් එකෙන් එතැනට ගිහින් බලන්න පුළුවන්.


ඒ වගේමයි මගේ Youඔube Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ ගණනාවක් කරල තියෙනවා වගේම කරන්නත් තියෙනවා.

 

මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු ඕනෑම දෙයක් මගෙන් කමෙන්ටි විදිහට අහන්න පුළුවන්. ඒ නිසා කමෙන්ට් කරන්න.

ස්තූතියි.

ඉරට්ටේ නැතිව ඔත්තේ තියන්නේ ඇයි?

ඡායාරූපකරණයේ දී රාමුව තුල වස්තු සංවිධානයේදී වස්තූන් ඉරට්ටේ සංඛ්‍යාවක් තියනවාට වඩා වැඩි සාර්ථකත්වයක් ඔත්තේ සංඛ්‍යාවක් තිබුනාම තියෙනවා. පින්තූරය ඇතුලේ වස්තූන් ඔත්තේ සංඛ්‍යාවක් තිබුනාම ඒ පින්තූරය දිහා ටිකක් වෙලා බලන් ඉන්න හිතෙනවා. ඇයි එහෙම වෙන්නේ?

ඡායාරූප රාමුව ඇතුලේ වස්තූන් ගණන තත්පරේක දී ගණන් කරන්න මොලේට පුළුවන් නම්, ඒ වෙලාවේදී පින්තූරය ඇතුලේ වස්තූන් ඉරට්ට සංඛ්‍යාවක් තියල තියෙනවා කියල හිතන්න. දැන් අපේ මොලය ඒ ඒ වස්තූන් යුගල් කරන්න පෙළඹෙනවා. එවිට රාමුව තුල ඒ ඒ වස්තූන් යුගල් වශයෙන් වෙන්වෙලා රාමුව තුල ඇස රැඳෙන්නේ නැතිව ඉවත් වෙනවා. 
නමුත් ඇස වස්තූන් ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ ඒ වස්තූන් එක එකක් සමඟ තරඟ කරන්න පටන් ගන්නවා. මොලය මේ වස්තූන් ටික තුල එහා මෙහා යමින් ඒ වස්තූන් අතර ප්‍රමුඛයෙක් සොයන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තාමත් ඇස රාමුව ඇතුලේ. ඊට පස්සේ ඒ විශේෂිත වෙන වස්තුව සඳහා තමා විසින්ම සපයා ගන්නා ලද අර්ථ කථනයක් දෙමින් දිනවනවා. 

Extension Tube එක්ක සෙල්ලම් - දන්න සිංහලෙන් Macro Photography - පස්වන කොටස

ඔන්න ආයෙමත් කාලෙකින් Macro Photography ගැන ලියන්න හිතුවා. මේ කියන්න යන්නේ ගොඩක් කට්ටිය අමාරුවේ වැටෙන තැනක් ගැන.. ඒ තමයි මැක්‍රො ඡායාරූපකරණයේදී Extension Tubes භාවිතා කරන හැටි.

මේක කියවන්න කලින් මම මීට කලින් ලියපු Macro Photography ලිපි කියවල හිටියොත් වඩා සාර්ථක වෙයි...




හරි අපි දැන් බලමු සෙප්පම වෙන්නේ කොහොමද කියල.

ඡායාරූපවලට දිය සළකුණක් යොදමු

අපි ගන්න ඡායාරූපවලට දිය සළකුණක් යොදන්නේ කොහොමද කියන එක ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්ණයක්. අද බොහෝම කාලෙකින් මේ ලිපිය ලියන්නේ ආයෙමත් ඒ ප්‍රශ්ණය මගෙන් අහපු නිසා. හරි දැන් අපි බලමු මේ වැඩේ කොහොමද කර ගන්නේ කියල. (මතක තියා ගන්න මේක එක ක්‍රමයක් විතරයි)

මුලින්ම අපි අපිටම කියල දිය සළකුණක් හදාගෙන ඉන්න ඕන. ඒක ගොඩක් අමාරු වැඩක් නෙවෙයි. අපි අපේ ආයතනය අපි පාවිච්චි කරන නම වගෛ් දෙයක් මේ සදහා භාවිතා කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමු පොඩි පින්තූරයකුත් නමකුත් ඇතුලත් විදිහේ දිය සළකුණක් හදා ගන්න හැටි බලමු. ඔයාල භාවිතා කරන්න කැමති ලොගෝ එකක් පින්තූරයක් ඇඩෝබි ඉලස්ට්‍රේටර් වලින් ඇද ගන්න පුළුවන්. ඒ ඇද ගත්ත පින්තූරය හරි අන්තර්ජාලයෙන් ගත්තු පින්තූරයක් හරි පාවිච්චි කරල පොටෝෂොප් වලින් මේ වැඩේ කරන්න පුළුවන්.

මුලින්ම අලුත් ෆයිල් එකක් ඕපන් කරල ඒකට 3000 x 3000 px විතර දෙන්න. දැන් ඒක උඩ ඔයාලට ඕන විදිහේ දිය සළකුණ නිර්මාණය කර ගන්න. මම මේකෙදි පින්තූරයක් හා අකුරු පේලියක් භාවිතා කරනවා. දෙවැනියට අපි පින්තූරය ඒන ගානට crop කරගෙන Background Layer එක hide කරගන්නවා. දැන් අපි ගාව තියෙන පින්තූරය PNG එකක් විදිහට Save කරගන්න ඕන. ගොඩක් වෙලාවල් වලදී මම කලු සහ සුදු කියන වර්ණ විතරක් ඇතුලත් වෙන්න මේ Watermark එක හදා ගන්නවා. මොකද ඒක අපිට පහසුවෙන් ඕන තැනක භාවිතා කරන්න පුළුවන් නිසා.

ඡායාරූපකරණයට පිවිසෙන ඔබට

ඡායාරපකරණය අද මේවන විය බොහෝම ජනප්‍රයිය වෙලා තියෙනවා. නමුත් කීයෙන් කීදෙනක්ද නිවැරදි දැනුමක් එක්ක ඡායාරූපකරණයට ඇවිත් ඉන්නේ කියන එක නම් ප්‍රශ්ණයක්. ඒ නිසා මේ කරුණු ටික ලිවිය යුතු යැයි සිතනවා.

ඡායාරූපකරණයට ආව ගොඩක් අය ඡායාරූපකරණය එහෙම නැතිනම් Photography කියන එක මොකක්ද කියන එක වත් දන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඡායාරූපකරණයේ මූලික දේවල් දන්නේ නැති ගණනත් අනන්තයි.

එහෙම නම් කොහොමද මේ තරම් අය මේ ක්‍ෂේත්‍රයේ රැදී ඉන්නේ ?
 
ඒක හරි සරල උත්තරයකින් දෙන්න පුළුවන්. ඒ තාක්‍ෂණය නිසා. ඡායාරූකරණය ගැන කතා කරන ගොඩක් අය අද භාවිතා වෙන දියුණු කැමරා උපකරණ එක්ක බැදීල ඉන්නවා.

හොදම කැමරාව, හොදම ලෙන්ස් එක, හොද ආලෝක උපකරණ, ආලෙලා්ක මෘදුකාරක වාගේ දේවල් ගොඩක් එක්ක තමයි වැඩකට යන්නේ.

ෆෙම්ටෝ ඡායාරූපකරණය (Femto Photography)

ලිපියක් ලියන්න තරම් වෙලාවක් නැති වුනත් අගෝස්තු 19 වැනිදාට යෙදෙන ලෝක ඡායාරූප දිනය වෙනුවෙන්වත් මේ ලිපිය ලියුවේ නැතිනම් ඒක කරන අසාධාරණයක් වනවා නොඅනුමානයි. කොහෝම වුනත් මම මේ ලියන්න යන මාතෘකාව ගැන ලංකාවේ දන්න අය නම් දැනට අතලොස්සයි කියල කිව්වවොත් මම නිවැරදියි. අන්න ඒ නිසාමයි මම මේක ලිවිය යුතු වන්නේත්.. අපි මෙතුවක් ඡායාරූප ගත්තු හැම කැමරාවක්ම පරාද කරන්න පුළුවන් තරමේ කැමරාවක් සහ උපකරණ රාශියකින් සමන්විත අලුත් විෂයයක් දැන් ඡායාරූපකරණයේ යෙදෙන අය වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඒ තමයි ෆෙම්ටෝ ඡායාරූපකරණය කියන එක. 

මම මුලින්ම කියන්නම් ෆෙම්ටා එකක් කියන්නේ කොච්චරක්ද කියන එක. කාලය මිනුමට ඒක ගත්තාම ඒ තත්පර 1/1000000000000000 තරම් ප්‍රමාණයක්. ඒකට අපි femtosecond එකක් කියල කියනවා. ඒ කියන්නේ තත්පරයකින් කුවාඩ්ඩ්‍රිලියනයකින් එකක් විතර කුඩා ප්‍රමාණයක්.. හිතාගන්නවත් පුළුවන් ප්‍රමාණයක්ද? අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කැමරාවක ද්වාර වේගය වෙන්නේ 1/8000ක් විතර නමුත් හිතන්න 1/1000000000000000 ක් විතර වුනාම මොනවා වෙයිද කියල. භෞතික විද්‍යාව දන්න කෙනෙක්ට නම් දැන් මතක් වෙන දෙයක් තියෙනවා.. ඡායාරූපකරණය කියන්නේ ආලෝකයෙන් පින්තාරු කිරීම නම් ආලෝකයේ වේගය තත්පරයට මීටර 300000000යි නම් මොකක් වෙයිද කියන එක. පොඩි ගණිතය පාරක් දාල බලන්න ෆෙම්ටා තත්පරයකදී ආලෝකය කොයි තරම් දුරක් යයිද කියල.....

කැමරාවද ලෙන්ස් එකද????

ඡායාරූපකරණයට ආධුනික ඔබට ආරම්භයේදී ඇති වෙන්නා වූ ගැටලුවක් වන්නේ අපි ලඟ තියෙන මුදල කොයි විදිහටද වියදම් කරන් ඕන කියන එක. මම කලින් ලියපු කැමරාවක් තෝරගන්න කලින් කියන ලිපිය කියවලා යම් කරුණු ටිකක් එකතු කරගන් පුළුවන්. ඒ වගේම තමයි කැමරාව තෝරගනිද්දී කැමරාවට වියදම් කරනවාට වඩා ලෙන්ස් වලට වියදම් කරන්න කියන එක නම් වඩා වාසිදියක වෙනවා. හොඳම දේ වෙන්නේ තමා ලඟ තියෙන මුදලින් වැඩි ප්‍රමාණය ලෙන්ස් එක වෙනුවෙන් වෙන් කරන එක. මොකද කොයි වෙලාවේදීත් පින්තූරය හදන්නේ ලෙන්ස් එකෙන් වීමත් කැමරාව කරන්නේ ඒ සකස් කල පින්තූරය අල්ලා ගෙන ගබඩා කිරීමත් නිසා.

ඇයි මේ තිරය ක්‍රමාංකිත කිරීම කරන්නේ? (Monitor Calibration)

මොකක්ද මේ Monitor calibration කියන්නේ ඇයි අපිට මේක කරන්න ඕන වෙන්නේ කියන එක දැන් දැන් කාගෙත් ප්‍රශ්ණයක් වෙලා.. අපි ‍අලුතෙන්ම ගත්තු Monitor එක අපි ඇයි ක්‍රමාංකනය කරන්නේ?

මේ වගේ ගැටලු ඇති ඔයාල හැමෝම වෙනුවෙන් ඇයි අපි calibrate කරගන්න ඕන කියන එක ලියන්න හිතුවා.. ඇත්තටම මේක ඕන වෙන්නේ අපි තිරයෙන් දකින වර්ණයයි අපි ඇත්තටම වැඩ කරපු වර්ණයයි වෙනස් වෙන නිසා. උදාහරණ විදිහට අපි පින්තූරයක් හදාගෙන print කරල බැලුවාම අපිට ලැබෙන්නේ අපි තිරයෙන් දැකපු එක නොවෙයි. ඒ වගේම මොනව හරි දෙයක් design කලාම අපි යොදපු වර්ණ අපි තවත් තිරයක හෝ වෙනයම් තැනකදී දකිද්දී වෙනස්ව පේනවා. මෙන්න මේ වගේ දේවල් වලක්වා ගන්න අපිට තිරයක් calibrate (ක්‍රමාංකනය) කරන්න වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙන්
අපි අලුතින්ම ගන්න තිරයක Default Value set එකක් තියෙනවා. ඒකට අදාලව තමයි අපිට වර්ණ පෙන්වන්නේ. නමුත් අපි අපි වැඩ කරන්නා වූ පරිසරයේ ආලෝක තත්ත්ව වලට හා අපේ තිරවල ශක්‍යතාවයට අනුව අපේ තිරය ක්‍රමාංකනය කරගන්න එක වැදගත්. සාමාන්‍යයෙන් D65 කියන සම්මතයට අනුකූල ආලෝක ප්‍රභවයකින් එන ආලෝකය වර්ග මීටරයකට කැන්ඩෙලා 120කට ආසන්න තිව්‍රරතාවයෙන් සහ 2.2 Gamma වක්‍රයක් ඇති ආකාරයට තිරය ක්‍රමාංකනය කර ගැනීමෙන් සාමාන්‍යයෙන් ඡායාරූප බැලිය යුතු හොඳ ආලෝක තත්ත්වයකට තිරය සකස් කරගන්න පුළුවන්. මේක බොහෝමයක් ප්‍රදර්ශන ශාලාවල භාවිතා වෙන ආලෝක තත්ත්වයයි. මේක සම්මත අගයයක් විදිහට බොහෝ රටවල භාවිතා වෙනවා.

Smoke Arts

Smoke Art එහෙමත් නැතිනම් දුමෙන් කල නිර්මාණ කියන්නේ ඡායාරූපකරණයේ තියෙන අපූරු ප්‍රහේදයක්. ගිණි ගොඩක ආරම්භයේ ඇතිවන දුමක් හෝ නිවෙද්දී ඇතිවෙන දුමක් දිහා බලන්න. එය ටික වෙලාවක් බලා සිටිද්දී අපූරු රටාවන් දකින්න පුළුවන්. නමුත්ඒ සියල්ල ක්‍ෂණයකින් ඇතිවෙලා නැතිවෙලා යනවා. මෙන්න මේ වගේ රටා නිරතුරු ඇති වෙනවා වගේම අපිට DSLR කැමරාවක් භාවිතා කරල මේක පහසුවෙන් ඡායාරූපගත කරන්න පුළුවන්. බලමු අපි කොහොමද මේ දේ කරන්නේ කියල. 

මුලින්ම අපි සපය ගන්න ඕන දේවල් කීපයක් තයෙනවා. දුම ඇති කරන්න පුළුවන් ප්‍රභවයක් (හඳුන් කූරක් වැනි දෙයක්), කැමරාවෙන් ඉවත් කල හැකි ආලෝක ප්‍රභව, කලු තිරයක්, ආලෝක පරාවර්ථක, ශක්තිමත් ත්‍රිපාදයක්. 
දැන් කලු තිරය රැලි නොසිටින විදිහට සකස් කරල දුම් ප්‍රභවයේ ඉඳන් අඩි 4ක් විතර දුරින් තියන්න. දුම් ප්‍රභවය දකුණු පැත්ත සහ වම් පැත්ත Speed Light දෙකක් තියා ගන්න පුළුවන් නම් හොඳයි නැතිනම් එකක් තියල අනික වෙනුවට Reflector එකක් භාවිතා කරන්න. ඉහලිනුත් reflector එකක් භාවිතා කලා නම් ලස්සන ආලෝකයක් ලැබෙයි. දුම් ප්‍රභවය තියන ගැන ගැන හිතල ඒ තැන මොකක් හරි උස හීනි දෙයක් තියන්න. කම්බියක් වගේ දෙයක්. දැන් කමරාව Manual Focus එකට දාල ඒ කම්බිය නාභිගත කරගන්න. 

වර්ණ තෙවන කොටස - සරල බව

ඡායාරූප වල වර්ණ භාවිතයේ තවත් ක්‍රමයක් තමයි වර්ණ සංකලනයේ සරල කිරීම. එසේත් නැතිනම් සරල වර්ණ භාවිතය. එයින් වඩාත්ම සරල ආකාරය ලෙස ඒකවර්ණ ඡායාරූප හඳුන්වා දෙන්න පුළුවන්. එහිදී එක් වර්ණයක දීප්තිය හා ඡායාවන් භාවිතයෙන් සම්පූර්ණ ඡායාරූපයම නිර්මාණය වෙන නිසා. බොහෝ විට ඒක වර්ණ ලෙස කලු, කහ වර්ණ ප්‍රහේද, තැඹිලි හෝ කොළ වර්ණයේ ප්‍රහේද වශයෙන් භාවිතා වේ. එසේ කල නිර්මාණ බොහෝ ගනනක් අපට අන්තර්ජාලයේ ඇසුරු කල හැකිය. මීට අමතරව සීමිත වර්ණ පරාසයක් ඡායාරූපය තුල භාවිතා කිරීමද දකින්න පුළුවන්.
Photograph by Sulakkhana Chamara @Sula Photography
 
කෙසේ හෝ ‍වේවා මෙය ප්‍රෙක්‍ෂකයා වෙත ගෙනයාම සම්පූර්ණ වශයෙන් සිදුවීම විද්‍යාත්මක අයුරින් පැහැදිලි කල හැකිය. සාමාන්‍යයේ මිනිස් ඇසක් වර්ණ සංකීර්ණ අවස්ථා වලදී එය තේරුම් ගැනීමට කාලය වැය කරන්නේ නැත. එය එසේ වීමට නම් අරමුණ වඩා ආකර්ෂනීය විය යුතුය. එනිසා බොහෝ විට මිනිස් ඇස හා ‍මොලය සීමිත වර්ණයන් වෙත නැඹුරු වී ඇත. ඇසක මූළික වශයෙන් සෛල හඳුනා ගන්නේ රතු, කොල හා නිල් පැහැයන් වලටය. එයිනුත් වැඩිපුර කොල දෙවනුව රතු හා ඉන්පසු කොල පැහැයත් ලෙස සෛල තිබේ. මේ සංයෝජනය හා මිනිසුන් වඩා කැමති වර්ණ හඳුනා ගැනීම මගින් ඡායාරූපයක් වඩා පහසුවෙන් නැඹන්නා වෙත ලබා දිය හැකි වනු ඇත.

වර්ණ - දෙවන කොටස - පැහැ ගැන්වීම හා අඳුරු ගැන්වීම

සියලු වර්ණ පැහැය (Hue) අනුව හෝ තානය (Tone) අනුව වෙනස්වේ. වර්ණ පැහැය උදාහරණ ලෙස නිල් හා කොළ පැහැය ලෙස වෙනස් පැහැ දෙකක් ලෙස පැවතීම සැලකිය හැකිය. වර්ණයක තානය ලෙස ඒ එක් එක් වර්ණයේ පවතින ප්‍රමාණය ලෙස කිව හැකිය. එය දීප්ත හා අඳුරු ලෙස අන්ත දෙක අතර පවතී.

විශය පැහැදිලී වීම සඳහා ඒක වර්ණ පරාසයක් සලකමු. කලු හා සුදු යනු ඒක වර්ණයක අන්ත දෙකකි. එය පැහැයන් දෙකක් ලෙස හැඳින්විය හැකිය. කලු පැහැයට වර්ණ එක්කිරීම එසේ නැතිනම් දීප්තිය ඇති කිරීමෙන් සුදු වර්ණය ලැබෙන අතර සුදු වර්ණයට අඳුර එක් කිරීමෙන් කලු පැහැය ලැබේ.

වර්ණ - පළමුවන කොටස - වර්ණ හා දුෂ්ඨිකෝණය

ඡායාරූපකරණය සඳහා ඉතා වැදගත් වන්නා වූ කොටසක් මෙලෙස වර්ණ ලෙස ලියා දක්වන්නට සිතමි. මා ද මෙය තවමත් අධ්‍යයයනය කරමින් සිටින්නකු වන නිසාවෙන් ඔබගේ ‍අදහස් කමෙන්ටුවක් වශයෙන් පල කරන්නේ නම් එය ස්තුති පර්වකව බලාපොරොත්තු වෙමි. මා මෙතෙක් උගත් පරිද්දෙන් ඡායාරූපකරණය සඳහා වර්ණ වල අතිමහත් වැදගත්කමක් පවතින බැව් දනිමි. එනිසා මෙම කුඩා ලිපි පෙල මෙතැනින් ඉදිරියට  අධ්‍යයනය සඳහා ඔබටත් ඇරයුම් කරමි.

අතීතයේ චිත්‍ර ශිල්පීන් අති මහත් කාලයක් කැපකරමින් වර්ණ හා එහි සංයෝජනයන් හා එහි මුසුවීම් පිළිබඳ උගත්තෝය. ඒ, එයින් හැඩවැඩ වන්නා වූ කැන්වසය ප්‍රේක්‍ෂකයාගේ සිතේ ඇති කරන්නා වූ චින්තනය පිළිබද මනෝ විද්‍යාව ප්‍රගුණ කර අපූර්ව චිත්‍රයක් නිර්මාණය කිරීම සදහාය. චිත්‍රයක ඇති වර්ණ අපව එහි අභ්‍යන්තරයට රැගෙන යන අතර වර්ණයන්ගේ උස්පහත්වීම් මත පින්තූරය ත්‍රිමාණය වෙත ලංකරගත හැකිව තිබේ. 
 
Mona Lisa by Leonardo da Vinci

Squares with Concentric Circles by Wassily Kandinsky


වර්ණ පුමාණය අනුව එය කඳු වලල්ලක් ලෙස හඳුනාගන්නේ කුමක්ද? A or B

නමුදු ඡායාරූප ශිල්පීන් අඩුම කාලයක් වැය කරන්නේ වර්ණ ගැන උගනීමට බැව් මට සිතේ. වර්ණ පිළිබඳ සංකල්පයන් නිවැරදි අයුරින් තේරුම් ගත් ඡායාරූප ශිල්පීන් නැතිවාම නොවේ. නමුත් නවකයන් අතර ප්‍රමුඛයන් සෙවීම පහසු වන්නේත් මෙය තෝරා බේරාගත් අය ඉන්නා නිසාවෙන් යැයි මට සිතේ.

Star Trail Photography (තරු මංපෙත් ඡායාරූපකරණය)

තරු මංපෙත් ඡායාරූපකරණය කියන්නේ මොකුත් මැජික් එකක් නම් නෙවෙයි. මේක බොහොම සරල ක්‍රමයක් භාවිතා කිරීමක් විතරයි. වේගයෙන් ගමන් කරන වාහනයක ඇති ආලෝකය ඡායාරූපය පුරා රේඛා ලෙස විහිදෙන ලෙස ආලෝක මංපෙත් ඡායාරූපකරණය ඔබ දැක ඇති, කර ඇති. මෙතැනත් භාවිතා වෙන්නේ ඒ ක්‍රමවේදයම තමයි. නමුත් අපි තරු වලට ගොඩක් දුරින් ඉන්න නිසා තරු වල ගමන (ඇත්තටම ගමන වෙන්නේ අපි, පෘඨිවිය වුනත් දැනෙන්නේ තරු ගමන් කරනවා මෙනි) බොහෝම හෙමින් කියලයි අපට දැනෙන්නේ. මෙන්න මේ ගමන් මාර්ගය රේඛාවන් විදිහට ඡායාරූප ගත කිරීම තරු මංපෙත් ඡායාරූපකරණය විදිහට හැඳින්වෙනවා.
ඡායාරූපය අන්තර්ජාලයෙනි
මුලින්ම ඡායාරූප ලබා ගන්න කලින් අපි සැලකිය යුතු කරුණු කීපයක් තියෙනවා. එයින් මුල්ම එක තමයි අපිට සැකසුම් සැකසිය ආකාරයේ කැමරාවක් තියෙන්න ඕන. දෙවැන්න තමයි ‍හොඳ ශක්තිමත් ත්‍රිපාදයක් ඕන. ත්‍රිපාදය වෙනුවට මේසයක තියල වුනත් අපිට ඡායාරූපය ගන්න පුළුවන්. නමුත් මතකයේ තියෙන්න ඕන ඡායාරූපය ලබා ගන්නා සම්පූර්ණ කාල සීමාව තුලදීම කැමරාව නොසෙල්වී තබා ගන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් අවශ්‍යයි. ඊලඟට අපිට ඕන කරන දේ තමයි හොඳ ද්‍රරස්ථව කැමරාව පාලනය කල හැකි ක්‍රමවේදයක්. මොකද අපි සැරින් සැරේ කැමරාව අල්ලන්න ගියාම අපේ කැමරාව අපි නොදැනුවත්වම සෙලවෙනවා. ඒක වලකා ගැනීමත් බොහොම වැදගත්. හොඳින් ආරෝපිත බැටරි කීපයක් (වැඩේ අතරතුර කැමරාව ඔෆ් වුනොත් වැඩේ ආයෙම මුල ඉඳන් කරන්න වෙන නිසා). මේ ටිකට අමතරව පුළුල් කෝණ (Wide Angle) කාචයක් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. crop sensor එකක් නම් 8mm-20mm අතර කාචයකුත් 35mm Sensor එකක් නම් 14-24mm අතර කාචයකුත් භාවිතා කරනවා නම් වඩා සාර්ථක ආකර්ශණීය ඡායාරූපයක් ලබා ගන්න පුළුවන් වෙයි. 

ගතික පරාසය (Dynamic Range)

කාර්යබහුලත්වය නිසා හුඟ දවසකින් ලිපියක් ලියන්න බැරිවුන නිසා අද හිතුවා ගතික පරාසය (Dynamic Range) ගැන ලිපියක් ලියන්න. ඡායාරූප කරණය කරන අයට මේක කිව්ව ගමන් මතක් කරගන්නේ අධි ගතික පරාස (High Dynamic Range) ඡායාරූප කියන එක. නමුත් මේ කාරණා දෙකක්. අපි බලමු ගතික පරාසය කියන්නේ මොකක්ද කියලා.

ගතික පරාසය කියන්නේ යම්කිසි දර්ශනයක ඇති උපරිම දීප්තිය හා උපරිම අඳුර අතර පරාසයට. එහෙමත් නැතිනම් උපරිම හා අවම වර්ණ ඝනත්වය හා දීප්තිය ඇති ස්ථාන අතර පරාසයයි. උදාහරණයක් විදිහල කලු සිට සුදු දක්වා ඇති පහල තියෙන වර්ණ අනුක්‍රමණය සලකමු.
කලු සිට සුදු දක්වා ගතික පරාසය
මේ තැන තියෙන කලු හා සුදු අතර කෙතරම් වර්ණ තියෙනවාද? මේ සියල්ල ගතික පරාසය තුල තියෙන වර්ණ. දකුණු පැත්තේ තියෙන සුදු වර්ණයක් වම් පැත්තේ තියෙන කලු වර්ණයත් කියන්නේ සීමාවන් දෙක. අන්සියලු වර්ණ තියෙන්නේ ඒ අතර පරාසයේ. දැන් අපි බලමු මේ ගතික පරාසය අඩු කරල තියෙන අවස්ථාවක්.