වසන්ත පුෂ්පකුමාර අතින් පද්‍ය පන්තියක් ලෙසින් ලියැවෙන මෙය ගීතයක් ලෙසින් හැඩවන්නේ රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙනි. ප්‍රදීපා ධර්මදාස ගේ මයුර කටහඬින් ගැයෙන ගීතය අද සමාජය පිලිබඳ කතාවක් පවසයි. අද ලියැවෙන්නේ ඒ කතාන්දරයයි.
විනේ කටින උන් තරහක් නොකියාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
කනේ කොහොඹ මිරිකනවා හැමදාම
ගුණේ රැකන් ඉන්නලු මළ හිමිගේම
වණේ නැතිව උන් දුක දන්නේකොහොම
වණේ නැතිව උන් දුක දන්නේකොහොම
කතාන්දරයේ කතා නායිකාව වන්නේ සැමියා මියගිය බිරිඳකි. පෙර සමාජයේ තිබූ අයුරින් විවාහයෙන් පසු වෙනමම නිවසක පදිංචි ව සිටි සැමියෙකු හා බිරිඳකි. එසේ නැවතුනේ නම් කරුණක් පැහැදිලිය. එ නම් සිය පවුල් වල පිරිස් සමඟ එක්ව විසීමට අපහසු බවයි. සැමියා මියගිය පසු බිරිඳට උපදෙස් අවවාද දෙන්නේ ඒ කියන්නා වූ ඥාතීන්මය. ඒ නිසා තමයි විනේ කටින උන් ලෙසින් ඔවුන් හඳුන්වා දී ඇත්තේ. උන් තරහ නොපෙන්වා තමන්ට උපදෙස් දෙනවා. නමුත් උපදෙස් සියල්ල කොහොඹ මෙන් තිත්ත ය. කණේ කොහොඹ මිරිකනවා යනුවෙන් දක්වා ඇත්තේ ඔවුන් දෙන උපදෙස් කිසිවක් සාරථක නොවන්නා වුවත් ඒ අමිහිරි බව නෙදෙැනෙනා අයුරින් තමන් සමඟ කතා බහ කරමින් ඉන්න බවයි. ඔවුන් සියල්ල පවසන්නේ මිය ගිය සැමියාගේ ගෞරවය රැකගන්නා ලෙස වුවත් කුඩා දරුවන් සිටින තරුණ බිරිඳක ජීවිතය ගෙවන්නේ කොහොමද කියල නොදන්න අය ඒ ගැන උපදෙස් දෙන අයුර ඔවුන් කොහොම කියන්නදැයි අසන්නේය.