ලංකාවේ interview

2010 ඔක්තොම්බර් මාසයේ නිර්ණාමික ඇමතුම් වල හැටි කියන ලිපියෙන් බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ රටේතොටේ මම දකින අහන දේවල් ගැන ලියන්න හිතාගෙන. පස්සේ රට වටේ ඇවිදින දේවලුත් 2011 දී එකතු වුනා පස්සේ මම ඉගෙන ගන්න, අත්හදා බලන දේවල් එක්ක මගේ අත්දැකීම් අඩෙවිය දැන් ගොඩක් දුර ඇවිත්. ඒ හරහා මට ගොඩක් දෙනෙක් හඳුන ගන්න ලැබුනා. කොහොම වුනත් මාව බ්ලොග් ලිවිල්ලට ඇදල දැම්මේ ශාකුන්තලගේ සටහන් පොත ලියන මගේ අයියා. මේ ලිපිය මම ගැන කියන්න නම් නෙවෙයි ඒත් මේ ලිපිය ලියද්දී මට මතක් වුනා මම ආ මග ඒකයි මේ ටික දැම්මේ. කොහොම වුනත් මම ලියන එව්වා කියවන එවුන් ටිකකුත් ඉන්නවා මම හිතන්නේ. :P

අද ලියන්න යන්නේ අපේ රටේ Interview වල විදිය ගැන. තව මට අවස්ථාව ලැබුනේ නැතත් මම දන්නවා මටත් දවසක ඒ විදියම තමයි. සම්ප්‍රදාය අනුව අපේ රටේ මේ දේ වෙන්නේ මෙන්න මෙහෙම. Interview එකට යන එකා අනිවාර්යයෙන් ජෙන්ට අඳින්න ඕන. සපත්තු දාල, කොණ්ඩේ කොටට කපල පැත්තට පීරල, අත්දිග ෂර්ට් එකක් ඇඳල "පිළිවෙලට" යන්න ඕන. එතැනදි අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්නත් ඕන. සමහර වෙලාවට මේ අහන ප්‍රශ්ණ ජොබ් එකට අදාලත් නැහැ. අවසානයේ අපි පස්සේ දැනුම් දෙන්නම් එහෙම නැත්තම් යන්න කියන වචන අහන ලැබෙන එක නම් සුලභයි.

කොහොම වුනත් අවසානයේ company එකට බැඳුනම කියමුකොකෝ. ඊට පස්සේ ජොබ් එක කරන්න තියෙන්නේ ඇතුලේ එයාටම වෙන් වුන කාමරයක එහෙමත් නැත්තම් කැබින් එකක. සතියට පාරක් ප්‍රධානියා සහ එයත් එක්ක එකට වැඩ කරන අය ඇරෙන්න කවුරුවත් ආයේ දකින්න වත් නැහැ. රස්සාවේ කරන්න තියෙන්නේ මෙහෙම වුනාට බඳව ගන්නේ රස්සාව receptionist රස්සාවකට බඳව ගන්න වගේ. වෙන මොකාටද පෙනුම වැදගත් වෙන්නේ. සමහර වෙලාවට පෙනුම එක්ක වැඩට ගත්ත කෙනාගේ සහතිකත් උපරිමයි නමුත් වැඩ කරන්න ගියාම සුපිරියට අනාගන්නවා. ඒ දැනුම විතරක් තිබුනාට වැඩක් කිරීමේ හැකියාවක් නැතිකම. කොහොම වුන.ත් මේ සියල්ල සපිරි කෙනෙක් නම් හොයන්න අමාරුයි. ඒත් අපි කෙනෙක් interview කරනවානම් වැඩියෙන්ම බලන්න ඕන ඒ කෙනාට ඒ රැකියාවේදී කරන්න තියෙන කාර්යභාරය මොකක්ද කියන එක හා ඒ වෙනුවෙන් සැකසුන හැකියාව ඇත්තෙක් රැකියාව සඳහා බඳවා ගැනීම යන කාරණාව විතරමයි කියන එකයි මගේ නම් අදහස.
කොහොම වුනත් මීට අමතරව කරුනු කාරනා ඔයාලටම අත්දැකීම් එක්ක ලැබිල ඇති. ඒ දේවල් කොමෙන්ටු හැටියටවත් බෙදා හදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.

නංගිලා මල්ලිලා 2013 විභාගේ ලියපු හැටි...............

මගේ අත්දැකීම් අඩෙවිය එක්ක එකතු වෙලා ඉන්න අය දන්නවා මම කවුද කියන එක නම්. මගේ තාත්තා ගැනත් දන්නවා ඇති. මේ කතාව ලියන්න කලින් කියන්නම් පොඩි දෙයක් එයා ගැන. මගේ තාත්තා උසස් පෙල විද්‍යා ගුරුවරයෙක්. ජීව විද්‍යාව හා රසායන විද්‍යාව තමයි උගන්වන්නේ. උත්තර පත්‍ර පරීක්‍ෂකවරයෙක් විදිහට අවුරුදු ගානක අත්දැකීම් තියෙනවා. 2013 විභාගයේ උත්තර පත්‍ර බලද්දී හමුවුන උත්තර පත්‍ර වල තිබුනු යම් යම් දේ සටහන් කරගෙන ඇවිත් තිබුනේ මතක සටහන් විදිහටයි. මේ ඒ වගේ සටහන් කීපයක්. ‍ෙමහෙම ලියන ලමයි අනන්ත් ඉන්නවා. ඒත් විභාගය වෙනුවෙන් ටිකක් හරි මහන්සි වුනානම් මේ දේවල් ලියන්න වෙන්නේ නම් නැහැ.

***************
"මට S එකක් දා ගන්න උදව් කරන්න මිස්. රජ වෙන්න නෙවි විශයයන් 03ක් ගොඩදාගෙන රස්සාවකට යන්න. මම වෙනුවෙන් දුක් විඳින මගේ තාත්තට කන්න දෙන්නයි ඊලඟ පාර exam කරන්න පන්ති යන්න සල්ලි හොයා ගන්නයි. තාත්තට අවුරුදු 65යි. අනුරාධපුරයේ හෝටලයක වැඩ කරනවා. හරියට කන්නවත් නැහැ. තාත්තට දැන් වයසයි. ගෙදර ඉන්න ඕන කාලේ එයා මම නිසා දුක් විඳිනවා. අම්ම නම් නෑ මගේ. නැතිවුනේ චූටි දවස්වල. පන්ති තුනටම යන්න සල්ලි නෑ මට. විශයයන් දෙකකට වත් අමාරුවෙන් සල්ලි හොයා ගත්තේ. ලබන පාර exam කරන්න class යන්න සල්ලි හොයාගන්න මට ජොබ් එකක් කරන්න මේ විශයයට S එකක් විතරක් දෙන්න මිස් පිං."

*****************
මේ තවත් එකක්.....

**************

පන්ති නොයා කට් කර කර වල බැස්සා
පාඩම් නොකර පොත්පත් ටික ගොඩ ගැසුනා
අම්මා තාත්තා කී දේ ගැන නොම ඇසුනා
අද මම මුළු exam එකම කා ගත්තා

දෙසැම්බරේ කල කී දේ පිට වෙද්දී
නෑ හිතවතුන් ප්‍රථිඵල ගැන විමසද්දී
අනේ මමත් උන්හිටි තැන් නැති වෙද්දී
අද මට කන්න වෙන්නේ මී පාසානන් ගෙදරදී

පන්තියේ ඉඳ ගත්තේ පොලිමේ අන්තිම පැත්තෙන්
ගන්නේ ජංගමයයි කලිසමේ සාක්කුව අස්සෙන්
ඉන්නේ කොට කෙටෙයි කිසි ගානක් නැතිව ඉතින්
සර් ඉගැන්වූ දේ දන්නේ කවුද ඉතින්

සයන්ස් සයන්ස් කියමින් රට හැම තැන පන්ති ගියා
තාත්තාගේ මොණරුයි සිහිනයි සිහිනයි මන් අතින් වතුරෙ ගියා
අම්මා සිටියේ නිතරම පුතා පාස්වෙයි කිය කියා
මා දුන්නේ අන්තිමේ සුසුමයි ඒ දෙන්නට යන්න ගන්න කියා

සිටියත් යාළුවො රොත්තක් කියමින් අනේ පනේ
පේපරයයි මායි විතරයි අන්තිමේ තනි වුනේ
අම්මයි තාත්තයි මං වෙනුවෙන් නේද කැප වුනේ
කඳුලෙනුයි සුසුමෙනුයි පමණයි මේ නිකිණි මස ගෙවුනේ

**********************