ලංකාවේ තියෙන අපූර්වත්වය සොයා යන ගමන්
වලින් එකක් විදිහට මේ ගමන සූදානම් වන්නේ මා හා මාගේ මිතුරන් සදහා කදවුරක රාත්‍රිය
ගත කිරීමේ අත්දැකීම විද ගැනීම පෙරදැරිවයි. මේ සියල්ලේ එකම රැකියාවක එකම තනතුරකට
බදවා ගත් අය වුවත් අද වෙන් වෙන් රැකියා සදහා ඉවත්ව ගිය අයයි. මේ අපගේ සිව්වන ගමන
වන අතර එක් තැනක එක් වූ අප නැවත නැවතත් මිතුදම් අලුත් කරන්නේ මෙවැනි සුන්දර
ගමනකිනි. මේ එවන් ගමනක සුන්දරත්වය අප විදගත් ආකාරය පිළිබදව කතාන්දරයයි.
වර්ෂ 2019 මාර්තු මාසයේ නුවර එළිය
දිස්ත්‍රික්කයට වර්ෂාව පවතින බව කියවුනා වුනත් අපේ නිවාඩු එක්ක අපිට තිබුනේ මේ දිනය
විතරයි. ඒ නිසා වර්ෂාව කොහොම වැටුනත් යනවා කියන අධිෂ්ඨානය එක්ක අපේ ගමන තීරණය
වුනා. ඒ පිදුරුතලාගල කන්දේ එක් කෙලවරක තියෙන Chariot path එහෙමත් නැතිනම් කරත්ත පාර දිගේ යන්න.
අපි චැරියට් පාත් කියන නමින් මේක හැදින්නුවා වුනත් ගම් වැසියන් නම් මේ තැනට
කියන්නේ පිට්ටනි කියලයි.