මේ කියන්න යන්නේ වෙඩින් ඇල්බම් එකට මොකද වෙන්නේ කියන ලිපියේ දෙවෙනි කොටස. මේ ලිපියේ පළවෙනි කොටසින් මම වෙඩින් ඇල්බම් එක කියන්නේ මොකක් ද ඒක පටන් ගත්තේ කොතනින් ද කියන එක ගැන කතා කලා. ඒක කියවපු නැති අය මෙතැනින් ගිහින් පළවෙනි කොටස කියවලා ඉන්න. පළවෙනි කොටස මූලිකම වශයෙන් ඡායාරූපකරණයේ යෙදෙන සහ යෙදෙන්නට බලාපොරොත්තු වෙන අති බහුතරයක් වෙනුවෙන් ඉගෙන ගන්න තමා ලියල තියෙන්නේ.
දෙවනි කොටසින් කතා කරන්නේ අපේ ලංකාවේ ඇල්බම් එකකට මොකද වෙන්නේ කියන එක. මේක ටිකක් විහිලු සහගත වුනාට ඇල්බම් බොහෝමයකට වෙන්නේ නම් මේ ටිකම තමා. මුලින්ම කසාද බැදල ඉවර වුන දවසේ ඉඳල ෆෝටෝග්‍රැපර් අයියගෙන් ඇල්බම් එක ඉල්ල ඉල්ල නහයෙන් අඬල කොහෝම හරි ඇල්බම් එක ගෙන්න ගන්නවා. ඉතින් ලංකාවේ නම් අති බහුතරයක් ඇල්බම් එක දෙද්දී ඒ කපල් එකේ පළවෙනි ලමයත් ඉන්නව. ඉතින් මේක ගෙදර ගෙනාවට පස්සේ සාලෙ තියෙන ටීපෝව අස් කරල එන අමුත්තන්ට බලන්න ලේසි වෙන විදිහට සහ බලන්න තියෙන එකම දේ ඇල්බම් එක වෙන විදිහට ටීපෝව උඩ තීන සියල්ල ටීපෝව යයටට හරි සාලෙන් ඉවතට හරි දානව. අමුත්තෝ ආවෙ නැත්තං ආරාධනා කරල හරි ගෙන්න ගන්නව. මේක පෙන්වන්නත් එපැයි. ටික දවසක් යද්දි බැඳිල්ලේ උණුහුම ගිහින් දරුවන්ගේ කටයුතු කියන තැනට එනකොට මේ ඇල්බම් එක ටීපෝව උඩට කරදරයක්.
දෙවන අදියර වෙන්නේ ටීපෝව යට පත්තර අස්සේ ඇල්බම් එක තීන කාලේ. ඉතින් දැන් අහම්බෙන් වගේ කලාතුරකින් මේ ඇල්බම් එක කවුරු හරි අතට අරන් බලනවා. හැබැයි ගෙදර පොඩි එකා එක එක ඒවා අතගාන කාලේ වෙද්දි මේ ඇල්බමේ ඉරයි කියල සහ මේකට කල වියදම කියල සුසුමකුත් ඇරල, ඇල්බම් එක ගිහින් දානව අල්මාරියේ වම් පැත්තේ තියෙන සාරි කියෙන තට්ටුවට. මේ දෙවනි අදියරේ අවසානය.
තවත් ටිකක් කල් යද්දි මේ මහ තඩි පොතක් ඇඳුම් අස්සේ කරදර කරන්න ගන්නවා. එහෙම වෙද්දි ඉටිකොල කවර දෙකක් විතර දාල මේක යනව අල්මාරියේ යට තට්ටුවට. යට තට්ටුවෙත් පතුලට මේ ඇල්බම් එක යන්නේ කාටත් නොදැනෙන්න. ආයේ ආයේ මේක බලන්න තරම් කාලයක් එන්නේ නැතිවම මිනිස්සු බිසී වෙනව. එතනින් පස්සේ වෙඩින් ඇල්බම් එක අල්මාරියෙන් එලියට එන්න තියෙන ලඟම අවස්ථාව එන්නේ ඒ ජෝඩුවට දුවක් හිටියොත් තමයි. ඒ දුවගේ වැඩිවිය පත්වීමකදි උත්සවයක් ගත්තොත්. ඒ වෙලාවකදි දුවගේ යාලුවොන්ට පෙන්වන්න දුව ම තමා ඇල්බම් එක හොල ගන්නේ.ඒ ජෝඩුවට හිටියේ කොල්ලෙක් වුනොත් ඉතින් ඒ කොල්ල කසාද බැඳපු කාලෙක, නෑ නම් යාලුවෙලා ඉන්න කෙල්ල ගෙදර ආව වෙලාවක ඔය ඇල්බම් එක හොයන්න ඉඩ තියෙනවා. නෑ නම් ඉතින් ඇල්බම් ඒක සදාකල අල්මාරිය යට පුස්කනවා.
මේක තමා සාමාන්‍යයෙන් වෙඩින් ඇල්බම් එකකට වෙන්නේ. මෙහෙම නොවෙන ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්න පුලුවන්. ඉතින් ගෙදරක වෙඩින් ඇල්බම් එක තියෙන තැන අනුව සාමාන්‍යයෙන් ඒ අය කසාද බැඳල කොයි තරම් කාලයක් වෙනවද කියල දළ අදහසක් ගන්න පුලුවන්.
මෙහෙම වෙන්න, එහෙම නැතිනම් ඇල්බම් එක ඉක්මනින්ම එපා වෙන්නේ හේතුවක් ඇතිව. ඒකට හේතුව තමයි ඒ ඇල්බම් එකේ තමන් නැති වීම. ඒ කියන්නේ වෙඩින් එකක දැන් වෙන්නේ රඟපෑමක් කරල ඒ රඟපෑම පින්තූර වලට ගන්න එක. ඒ වගේමයි හැමෝම සුදුවෙන්න ගාන එකම මේක්අප් එක කරන නිසා පසු කාලීනව සැබෑවටම තමන් ද එතැන ඉන්නේ කියන, තමන්ව හඳුනගන්න බැරිවෙන එකම එක සිතුවිල්ල. යටි හිතෙන් මේ මම ද කියන ප්‍රශ්නය කාලයක් තිස්සේ ඇහෙන්න ගන්නවා. පස්සේ එහෙම දෙයක් හිතන්න මෙලේ වෙහෙසවනවට වඩා මිනිස්සුන්ට දැන් වර්තමානයේ තියෙන සහ අනාගතයේ එන්න තියෙන ප්‍රශ්ණ එක්ක පොරබදන්න වෙනවා. මේ වෙලාවෙදි ඒ ඉන්නේ මම නෙවෙයි කියල හරි ඇල්බම් එක දිහා නොබල හිත හදාගෙන හරි මනසින් සිතුවිල්ල අයින් කර ගන්නවා. එහෙම වෙද්දි ඇල්බම් එක නිකම්ම කුණු ගොඩ ලඟට කිට්ටු වෙනවා.
වෙඩින් එකක දී අඳුනගන්න බැරි තරම් මේක්අප් නොකර ඉඳීම, ස්වාභාවිකව සිද්ධවෙන උත්සව අවස්ථාව, නිරූපන අවස්ථාවක් නොකරගෙන ඡායාරූප ටික ගැනීම වගේ දේවල් වලින් සෑහෙන දුරට ඇල්බම් එක පැත්තකට වෙන එක අවම කර ගන්න පුලුවන්. මොකද සමහර පින්තූර සදාකාලිකව විඳින්න පුලුවන් නිසා.ඉතින් ඔයාගේ වෙඩින් ඇල්බම් එක, එහෙම නැතිනම් ඔයාගේ දෙමාපියන්ගේ ඇල්බම් එක කොහේද තියෙන්නේ කියල කොමෙන්ට් එකක් දාගෙනම යන්න.
මේ සියල්ල කීවේ වෙඩින් ඇල්බම් එකක් හදන්න එපා කියල නම් නෙවෙයි. හදන ඇල්බම් එක වටින පින්තූර වලින් සහ මතක ගොන්නක් විදිහට සංරකෂණය කරගන්න සකස් කර ගන්න කියල කියන්නයි.
එහෙම නම් ආයෙ ලිපියකින් එනකන් ඔයාලට ආයුබෝවන්.....!





No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!