පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට උත්තරත් අරගෙන මම අද ලියන්න හදන්නෙ අඩුම වියදමකින් ආරම්භකයෙකුට Macro light modifier එකක් හදන්නෙ කොහොමද කියලයි.
මම මේ modifier එක හදපු හැටි සහ ඒක ක්‍රමාණුකූලව දියුණු කල ආකාරය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
මම මේක හදන්න ගන්නෙ කඩේ ගන්න තියෙන්න pringles හිස් ටින් එකක්. ඒකෙ දෙපැත්තම සිදුරු කරල එක පැත්තක් ෆ්ලෑෂර් එකට හයි කරන්න පුලුවන් විදියට හදා ගන්න.
ඊට පස්සෙ ඒක ෆෑෂර් එකට හයි කරාම directional light එකක හදා ගන්න පුලුවන්. මේ තියෙන්නෙ ඒක.
ඉතින් මම ඒකට මගේ pringles can එක මැදින් V හැඩේට කැපුමක් දාල කෑල්ලක් අයින් කලා. එතකොට මට කෑන් එක නවන්න පුලුවන්. ඒ කරල එතැනට ටේප් එකක් දාල අලව ගත්ත. දැන් මම ගාව තියෙන්නෙ මෙන්න මෙහෙම එකක්.
ලගපාත පසුබිම විදිහට මොනවත් නැතිනම් ඒ පින්තූරය අවුලක් නෑ. මොකද ඒක කලු පසුමක් විදිහට ලබා ගන්න ලේසි නිසා. නමුත් පසුබිම ලගින් යමක් තියෙනවා නම් ඒකත් අරමුණ හා සමානව ආලෝකමත් වෙනව.
ඉතින් මෙන්න මෙහෙම වෙන එක නවත්තගන්න එහෙම නැතිනම් ඒක අඩු කරන්න මම hood එකක් දැම්ම. ඊට පස්සෙ ඒක පේන්නෙ මෙන්න මේ විදිහට.
මේ තියෙන්නෙ ඒකෙන් ගත්ත පින්තූරයක් පින්තූරයක්..
මම මේ පෙන්වල තියෙන පින්තූර කිසිවක් සංස්කරණයට ලක් කරල නෑ.. කැමරාවෙන් එලියට ගද්දී තිබුණ විදිහමයි.
ලාබෙට light modifier එකක් හදාගෙන ඔයාලටත් මේක අත්හදා බලන්න පුලුවන්. මේ ක්‍රමය උත්සාහ කරද්දි කැමරාව සහ ආලෝකය ගැන ඉගෙන ගන්න. ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්ණ කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒවාට හැකි අයුරින් පිළිතුරු දෙන්නම්.
ආයේ ලිපියක් එක්ක එනකන් හැමෝටම ආයුබෝවන්.
i heard about this blog & get actually whatever i was finding. Nice post love to read this blog
ReplyDeleteGST consultant In Indore
digital marketing consultant In Indore
Thank you and like to here you in future
DeleteAlways look forward for such nice post & finally I got you. Really very impressive post & glad to read this. Good luck & keep writing such awesome content. Best content & valuable as well. Thanks for sharing this content.
ReplyDeleteWeb Development Company in Greater Noida
Software development company In Greater noida
CMS and ED
CMSED
Homoeopathic treatment for Psoriasis in greater noida
Medical Entrance Exams Classes In Gwalior
Niyamai suls
ReplyDeleteස්තූතියි
Delete