
මගේ ගමන් බිමන් එකසිය විසි එක්වෙනි කොටස - ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය

මගේ ගමන් බිමන් එකසිය විසිවෙනි කොටස - ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරය
විහාර භූමියේ ඇති සෙල්ලිපි මගින් ගණේශ්වරාචාරී නම් ශිල්පියාගේ සැලසුමකට අනුව මෙය නිර්මාණය කරන ලද බවත් සඳහන්ය. ඒ වන විට ගම්පළ රාජධානිය දක්ෂිණ භාරතීය බලපෑම් එල්ල වන්නට වූ හෙයින් හින්දු ආභාසය ගඬලාදෙණිය රජමහා විහාරයේ ද දැකිය හැක. මෙහි මූලික ඉදිකිරීම් සහ කලා අංග දකුණු ඉන්දීය විජයනගර් සම්ප‍්‍රදායේ ආභාසය සහිතව නිර්මාණය කර ඇත. මෙම කාලයය වන විට පාලකයන් සරණ පාවා ගැනීම උදෙසා බිසෝවරුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූ බව ඉතිහාසයේ සඳහන්ය. එබැවින් එසේ ගෙන්වන ලද බිසෝවරුන්ට වන්දනා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම හේතුවෙන් මෙම විහාර වල හින්දු අභාසය ලැබී ඇති බව සිතිය හැකිය.
අඩි 40ක් පමණ වන මෙය පැතිරුණු ගල්තලාවක් මත සම්පූර්ණයෙන්ම කළු ගලින් නිර්මාණය කර ඇති මෙහි ගම්පළ රාජධානි සමයේ කලා ලක්ෂණ මනාව විද්‍යමාන කරවන සුවිශේෂී සඳකඞ පහනක් ද ඇත. එහි සත්ත්ව රූප කිසිවක් යොදා නොගනිමින්, ලියවැලක් සහ නෙළුම් මලක් පමණක් කැටයමට නඟා තිබේ. පියගැට සතරකින් සහිත මං පෙතක් නිමවා ඇති අතර, මෙහි දාර අලංකාර කරනු වස් නාටක, වාදක යනාදි කැටයම් උපයුක්ත කරගෙන තිබෙනු දක්නට ලැබේ. මනඃකල්පිත රූපයක් ලෙසින් සලකනු ලබන ගජසිංහ රුව ද මෙහි කැටයම් අතර නිරූපණය කර ඇත.
විහාරගෙය නිර්මාණය කිරීමේ දී විශාල ගල් කුළුණු දෙකක් හා ඊට බැඳි කුඩා කුළුණු දෙක බැගින් යොදා ගෙන තිබීම විශේෂත්වයකි. මෙම නිර්මාණය ත‍්‍රිත්ව කුළුණ ලෙසින් හැඳින්වෙන අතර එකල නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාව මනාව පිළිබිඹු කරමින් එම කුළුණු ද කැටයමින් අලංකාර කර ඇත. කුළූණු හිස සිංහ රූප ද කළස සහ පද්ම යන බොරදමින් ද අලංකාර කර ඇත. ප‍්‍රධාන කුළුණ පේකඩ යටිකුරු කරන ලද නෙළුම් පොහොට්ටුවක් සහිත දඟර ලිය වැලකින් සමන්විත වේ. නමුත් ප්‍රධාන කුළුණේ කලා ලක‍්ෂණ වලට වඩා දෙපසින් ඇති කුළුණු වල කලා ලක‍්ෂණ වෙනස්ය. එබැවින් මෙම ප්‍රධාන කුළුණ ගනේශ්රාචාරී ශිල්පියා විසින් නිර්මාණය කරන්නට ඇති බවත්, අනෙක් කුළුණු දෙක මොහුගේ දක්ෂතම ගෝලයින් දෙදෙනා විසින් නිර්මාණය කරන්නට ඇති බවට සැළකේ. පිටත මණ්ඩපයෙහි දක්නට ලැඛෙන කැටයම් සහ චිත‍්‍ර නිර්මාණ දක්ෂිණ භාරතීය ලක්ෂණ පෙන්නුම් කරයි.
විහාර මන්දිරයේ තුළ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින සහ වීරාසනයෙහි වැඩ සිටින
මෙම පිලිම වහන්සේ දෙනමකි. මේ සම්බන්ධ තොරතුරු සෙල්ලිපියෙහි සඳහන් පරිදි ශක,
බ‍්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත‍්‍රී ආදි දෙවිවරුන් විසින් පිරිවරන
ලදුව වජ‍්‍රාසනාරූඪව බෝධීන් වහන්සේට පිටලා වැඩහුන් සධාතුක මහ පිළිම වහන්සේ
ය. එසේම මෙය ශෛලමය පිළිම වහන්සේ නමක් වන බවටද බුදු පිළිම වහන්සේ ලාංකීය
සම්ප‍්‍රදායන්ට බැහැරව නිර්මාණය කර ඇති බවත්, මෙහි ලක්ෂණ හින්‍දු දේව
රූපවලට සමාන වන බවට ද මතයන් පවතී. මෙහි සිවුරේ රැළි ගංගාවක දිය රැළි
ආකාරයෙන් නිමවා ඇති අතර, නේත‍්‍රා යොදා ඇත්තේ විවෘතභාවයකින් යුක්තවය.
විජයෝත්පාය
චෛත්‍ය රාජයාණන් වහන්සේ ගඬලාදෙණි විහාරයට ආගමික වශයෙන් මෙන්ම සංස්කෘතික
වශයෙන් ද අලංකාරයක් ලබාදීමට සමත් ව ඇත. අඩි 40ක් පමණ උස්වන මෙම චෛත්‍ය උස්
වූ කුළුණු සතරක් මත පියස්සක් සාදවා ඉදිකර ඇත. මෙම පියස්ස නිර්මාණය කිරීමේ
ගෞරවය හිමි වනුයේ ගම්පළ රාජධානියෙහි සිටි පස්වන පරාක‍්‍රමාහු රජුට බව
සඳහන්ය. චෛත්‍ය වටා සතර දිශාවෙහිම චෛත්‍ය ඉදි කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ
සතර වරම් දෙවිවරු පිරිවරා සිටින බව විය හැක. ශෛලමය ගල් ප‍්‍රාකරයකින් වටකොට
ඇති බෝධි ප‍්‍රාකාරය නිසා බෝධීන් වහන්සේ ආරක්ෂා වේ. තවද විහාර භූමියේ
පිහිටා තිඛෙන විෂ්ණු දේවාලය සහ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ද ගම්පළ යුගයේ
ඵෙතිහාසිකත්වය මනාව විද්‍යමාන කරයි.
මගේ ගමන් බිමන් එකසිය දහනමවන කොටස - දෙගල්දොරුව රජ මහා විහාරය
ආසික්ලන්ත ජන ජීවිතය හා කුණුහබ්බ වැඩ
මා දන්නා හඳුනන මිතුරියක් ආසික්ලන්තයේ ජීවත් විය. තම මහන්සියෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උගත් ඇය අද පරිගණක ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන්නීය. ආසික්ලන්තයේ පසුගිය වකවානුවේ සිදුවූ පරිපාලන දුර්වලතා සහ, ලබා ගන්නා ලද මරිමෝඩ තීරණ හමුවේ එරට ලද ආර්ථිකමය හා සමාජයීය පරිහානිය හේතුවෙන් තම දෙමාපියන් හා හිතවතුන් අතහැර විදෙස් රැකියාවකට යාමට ඇය තීරණය කලාය. ඒ වසර දෙකක පමණ කාලයකටය. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව නිසා තම ජීවන අභියෝගයන්ට විසඳුම් සෙවීමට විදෙස් ගතවන තරුණියකගේ සිහින, බලාපොරොත්තු ඇය ද සතු විය. ඇය හමුවේ අභියෝගයන් රාශියකි. විදෙස් රැකියාවක් සොයා ගැනීම, දෙමාපියන්ගෙන් හා හිතවතුන්ගෙන් ස්වායත්තව තනිව ජීවත් වීම සහ ස්වාධීන ජීවන රටාවකට හුරු වීම ඒ අතර විය.
මේ අභියෝගයන්ට මුහුණ දෙමින් තම අධ්‍යාපනයටත්, කුසලතාවන්ටත් ගැළපෙනම රැකියාවක් විදෙස් රටකින් සොයාගැනීමට ඇයට හැකි විය. එවන් රැකියාවක් ලැබීම යනු ලේසි පහසු කටයුත්තක් නොවේ. එයද තනිව සිදු කර ගැනීම අභියෝගාත්මකය. රැකියාව සොයා ගැනීම හා සම්මුඛ පරික්‍ෂණ සූදානම් කර ගැනීම තනිවම සිදු කරගත් ඇය අවසානයේ එම රැකියාව දිනා ඊට අදාළ කොන්ත්‍රාත්තුවත් අත්සන් කළාය. ලෝකයේ රටවල් ගණනාවක වූ තරඟකරුවන් අතරින් ඇය ජය ලබා ඇත. විදෙස් රැකියාවක් සඳහා වූ ලිපිලේඛන හා ක්‍රියාපටිපාටි සම්බන්ධ තොරතුරු, අදාළ වෙබ් අඩෙවි පිරික්සීමෙන් හා තම මිතුරන්ගෙන්, ඥාතීන්ගෙන් ලබා ගත් ඇය විදෙස් ගත වීමට සූදානම් විය. ඉහළ වැටුපක් හා අනෙකුත් වරප්‍රසාද සැලකූ කල ආසික්ලන්තයේ එවැන්නක් ලබා ගැනීමට තබා සිතීමටවත් නොහැක. එයටත් අමතරව එවන් රටකින් ලැබෙන්නා වූ මානසික සුවය වටින්නේය. කුඩා කල සිට සිහින මැවූ සියල්ල ලබා ගැනීම සඳහා වූ දොරටුව අභියස ඈ සිටගෙන සිටින්නීය.
මගේ ගමන් බිමන් එකසිය දහඅටවන කොටස - හඳපානාගල වැව
මගේ අත්දැකීම් වල ගමන් බිමන් ලිපි පෙල කාලෙකින් යාවත්කාලීන කරන්න බැරිවුන තැනක්. රටේ පැවතිච්ච වසංගත තත්ත්වය හා ආර්ථික ව්‍යසනය නිසා දැන් දැන් ඇවිදින්න යනව කියන්නේ හරිම අමාරු වැඩක්. කොහොම වුනත් තාරකා නිරීකෂණ කඳවුරක් වෙනුවෙන් එලියට බැහැපු මට (ඒ ගැන වෙනම ලිපියකින් ලියන්නම්) ලැබුණු විවේකයේ දී තැන් කීපයක ඇවිදින්න ලැබුණා. ඉන් එකක් බුදුරුවාගල. එතැනට මම කලින් ගිහින් තිබුනත් මාත් ඒක්ක ගිය මිත්‍රයාට ඒක අලුත් තැනක්. කොහොම වුනත පින්තූර නොතිබුන කලින් ගිහිපු, ලිපියක් නොලියවුන හඳපානාගල වැව ගැන තමයි අද ලිපිය.
හඳපානාගල වැවට යන්න තියෙන්නේ වැල්ලවාය - තණමල්විල පාරේ වැල්ලවායේ ඉඳන් කිලෝමීටර අටක් විතර ගියාම හමුවෙන හඳපානාගල හංදියෙන් හැරිල කිලෝමීටර හතරක් ගියාම වැවට යන්න පුලුවන්. කාලයක් තිස්සේ නටබුන් වෙලා තිබුන මේ වැව දැන් නම් නවීකරණය කරල තියෙනවා. වැව හා බැඳුනු ඉතිහාස කතාවක් ද තිබෙනවා.වැලිමඩ ප්‍රදේශයේ පිහිටි උළුගල ග්‍රාමයේ ඇති සෙල් ලිපියක සඳහන් වන විදිහට අනුරාධපුයේ රජකම් කරපු දුටුගැමුණු රජතුමාගේ මව වුන විහාරමහා දේවියට උපහාර පිණිස වෙල්ලස්සේ ඉදිකල එකක් කියලයි කියන්නේ.
ප්‍රධාන වශයෙන් කිරිඳි ඔයෙන් තමයි වැව පෝෂණය වෙන්නේ. ලංකාවේ තුන්වෙන උසම දිය ඇල්ල උන රාවණා ඇල්ලෙන් පහල මිටියාවතට වැටෙන ජලය කුඩා ඔය එක්ක එකතුවෙලා කොස්ලන්ද කඳු වලින් වැල්ලවාය හරහා ඇවිත් තමා හඳපානාගල වැවට වැටෙන්නේ.
ලංකාවේ තියෙන අනිත් ඓතිහාසික වැව් එක්ක සසඳද්දී මේක විශාල වැවක් නොවුනත් අක්කර දහසකට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් යල මහ දෙකන්නයම වගා කරන්න ජලය සපයන්න තරම් මේ වැව ප්‍රමාණවත්. කාලයක් නටබුන් වෙලා තිබුනත් 1964 දි ගොවි හමුදාව ඇළක් කපල වතර ගෙනත් තියෙනවා. උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අක්කර අඩි 5000ක් වුන වැව අක්කර අඩි 15000ක් වෙනකන් වැඩි කරල තියෙනවා. හඳපානාගල, නෙළුම්ගල, පැල්වත්ත, මහආරගම, වන්දම, හා දෙමළිය ආදි වූ වැව අවට ප්‍රදේශවාසීන් මේ දෙකන්නයම අස්වද්දන්නේ මේ වැව් ජලයෙන්.
කිලෝමීටර් භාගයක් විතර වැව් බැම්මේ ඇවිද යන විට හමු වන්නේ තරමක උස පර්වත සමූහයකින් පිරි ගල් තලාවකි. එහි උඩට නඟින විට බදුලු, බණ්ඩාරවෙල, පස්සර සහ නමුණුකුළ කඳු පංති මෙන්ම කොස්ලන්ද, පූනාගල උමා ඔය ව්‍යපෘතිය ක්‍රියාත්මක වන කරඳගොල්ල රාවණා කඳු පංති ඇතුළු බොහෝ අවශේෂ කඳු වැටි රැසක් දැක ගන්න පුලුවන්. කාලෙකට කලින් මෙතැන ඉඳන් ලස්සන බැලුව වුනත් මේ වතාවේ ඒ් පැත්තට යන්න තරම් විදිහක් තිබුනේ නෑ.ඒකට හේතුව මේ දවස් වල තියෙන රස්සන සහ අපි ගිය වෙලාව ඉර මුදුන් වෙලාවක් නිසා.
හඳපානාගල වැව බලන්න යන අයට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේක අලි ඇතුන්ගේ පාරාදීසයක්. උන් නිදහසේ ජලය බොන්න එන තැනක්. ඉතින් එයාලට කරදර වෙන්නේ නැති වෙන්න ඔයාලගේ ගමන පරිස්සමින් සිදු කරන්න.
ඇලබමයක් විදිහට නොවුනත් මම ගාව තියෙපින්තූර ටික හෙමි එහෙමින් දාන්නම්. එතකන් මේ තියෙන පැනොරාමා පින්තූරය රස විඳින්න
කඩමණ්ඩියේ දොල අයිනේ
හුඟ කාලෙකින් ලියැවෙන ලිපියකන් වුනත් කාලයක් තිස්සේ හිතින් මිමිණෙන ගීතයක්. හිමි නොවුන ප්‍රේමයක් අපි කාටත් තියෙනවා. එවන් ප්‍රේමයක් අද සමාජයේ වගේ පිහි ඇණුමකින් හෝ ඛේදාන්තයකින් අවසන් නොකර විඳින්නේ කොහොමද කියන්න සාහිත්‍යය අපූරු පාඩම් කියා දෙනවා. මේ එයින් එකක් කියල මම හිතනවා.
සමාජය තුල තියෙන බැමි වලින් එදත් අදත් පෙම්වතුන්ට තහංචි තිබුනා. උස් මිටිකම්, කුල බේද, වත් පොහොසත්කම් වගේ දේවල් ඒවා අදත් තියෙනවා. මේ එහෙම ප්‍රේමවන්තියක් ආදරය තමන්ගේ හිතේ ගුලි කරගත්ත විදිහ කියලයි මම හැමදාත් වින්ඳේ.
අම්පාරේ දවස් - පළමු කොටස
මේ කතාව ආරම්භය මෙතකැයි නොකීවද මාගේ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ වීමත් සමඟ ජීවිතයේ නව පිටුවක් පෙරලුවා වැනිය. එයිනුත් වසර කීපයක් අතිශය විශේෂිතය. "අම්පාරේ දවස්" ආරම්භයේ සිට අවසානය තෙක් ලිවීම අපූර්ව විය හැකි වුවත් සිත දුවන්නා වූ විශේෂිත මතකයන් අතරින් පතර මාගේ සිතිවිලි දැහැන බිඳ දමන්නේ වරක් දෙවරක් නොවේ. මා සිතම මෙලෙස සිදු කරන්නා වූ මතක හරඹයන් හමුවේ පිලිවෙලින් ලිවීම සිදු කල නොහැකය. එනිසාම ලිපි ලිවීමද ප්‍රමාද වේ. එනයින් හුදෙක් මතකය මතුපිටට ඉපිලී ඒන මතකයන් කොටස් වශයෙන් ලිවීමට තීරණය කලෙමි.
ඒ වර්ෂ දෙදහස් දහ හතර වන වර්ෂය බව පවසන්නේ මගේ මතකයට වඩා මගේ මතක එකතුව වූ ඡායාරූප ගොන්නයි. කලකට පෙර අම්පාර ප්‍රදේශයේ වසර කීපයක් ජීවත් වූ මා ගෙන ආ සුන්දරම මතකයන්ගෙන් එකක් බව නැවත නැවතත් සිහිපත් කරමි. එකල අප කුඩා පිරිසක් වශයෙන් එක්ව රාත්‍රී අහස නිරීක‍්ෂණ වැඩසටහන් පවත්වන්නට වීමු. එය පාසල් ලමුන් වෙනුවෙන් විශය මාලාවේ ඇති පාඩම් කොටස් අලලා විශේෂිතව සකස් කරන ලද වැඩසටහනකි. එය කොටස් දෙකක් ලෙස 3, 4, 5 වසර වල ළමුන් සඳහා එක් වැඩසටහනක් ද 9,10,11 වසර වල ලමුන් සඳහා තවත් වැඩසටහනක් ද වශයෙන් පැවැත්වීය.
මා මොරගහපල්ලම විද්‍යාලයට යන්නේ මේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක කොටස්කරුවෙක් වශයෙනි. අම්පාර මොරගහපල්ලම විද්‍යාලය යනු දමන ප්‍රාදේශිකයට අයත් කුඩා පාසලකි. පාසල එකල අතිශය දුශ්කර ලෙස සලකන ලද පාසලකත් විය යුතුය. පාසල වටා කුඩා කැලෑ ප්‍රදේශයත් ප්‍රදේශය පුරා විසිරුණු කුඩා වැව් පද්ධතියත් හේතු කරගෙන ගම්මානය නිරන්තර අලි ආක්‍රමණයන්ට ලක්වන්නකි. නමුත් පාසලේ තරමක සිසු පිරිසක් අධ්‍යාපනය ලබන බව පෙනෙන්නට තිබිණි. ඒ පාසලේ ක්‍රියාකාරකම් හා ඉගැන්වීම් ක්‍රමවේද නිසා විය යුතුය.