"අන්න ඔයාගේ යාලු කටුස්සා ඇවිත්... "
ඒ අපේ අම්මාගේ හඬයි. මා එදෙසට දුවගියේ කටුස්සා සාමාන්‍ය ලෙස ඇවිද ගියා නම් අම්මාගේ හඬගෑමක් සිදු නොවන බැවිනි.
අපේ අම්මාට අනුව අපේ ගෙවත්තේ මා හට අයිති සතුන් ගණනාවක් වෙති. එයට කුරුල්ලන්, උරගයින්, උභය ජීවීන්, කෘමීන් ලෙස වෙනසක් නොවේ. "ඒ පොඩි පුතාගේ යාලු කටුස්සා" යැයි දින කීපයක පෙර තාත්තාට කටුස්සෙකු හඳුන්වා දෙනු කටුස්සා ද පෙර කී කටුස්සා ම බව මා හට වැටහිණි. අම්මාගේ හඬගෑම සරල බව අම්මා කියූවද මා දුර තියාම කටුස්සාගේ අමුත්තක් දුටුවෙමි.
"ගෙම්බෙක්ද කොහේද අල්ලගෙන අම්මේ..." යැයි මා කියූ පසු අම්මාද මදක් විපරිමින් කටුස්සා ගිය දෙස බලන්නට විය. මඩුව අස්සට ගිය කටුස්සා සොයා යන්නේ ද නැද්ද යැයි මා සිතන්නට විය.
"ඉතින් දුවල ගිහින් කැමරාව අරන් එන්න" ඒ අම්මාගේ යෝජනාවයි.