නෙට්වර්ක් එක fail වෙද්දි ශ්‍රී ලංකාවේ ටෙලිකොම් පැමිණිලි පද්ධතිය

අද කාලේ internet connection එක කියන්නේ luxury එකක් නෙවෙයි—එක basic need එකක්. වැඩ කරන්න, ඉගෙන ගන්න, online income earn කරන්න, social life maintain කරන්න… මේ හැමදේම connectivity එක මත depend වෙනවා. ඒත් මේ system එක fail වෙද්දි, user එකට තියෙන option එක මොකක්ද? මේ ලිපියෙන් බලන්නේ ඒක. real experience එකක් හරහා.

මුල් ගැටළුව තමයි “Signal තියෙනවා… use කරන්න බැහැ” මෙම case එකේ user එකට මුහුණ දුන්නේ common problem එකක්. Signal bars තියෙනවා… ඒත් internet use කරන්න බැහැ. එකම තැන ඉඳලා signal strength එක fluctuate වෙනවා. සමහර වෙලාවට speed එක usable, සමහර වෙලාවට completely dead.
මෙවැනි situation එකක් ගොඩක් අයට familiar. නමුත් මෙය “normal” එකක් නෙවෙයි—මෙය service quality failure එකක්. ඒකෙදි පළමු පියවර වෙන්නේ Service Provider එකට complaint එක දාන එකයි. සාමාන්‍යයෙන් අපි කරන දේ—customer care එකට call කරන එක. Complaint එක log වෙනවා, reference number එකක් දෙනවා, “we will look into it” කියලා කියනවා.

මෙතන වැදගත්ම දේ තමයි කරන දේවල් record තබාගන්න එක. Dates, complaint numbers, calls වගේ හැමදේම වැදගත්. මේ case එකේත් ඒ steps follow කරලා තියෙනවා. ඒත් result එකක් නැහැ. මම මේ දේ කලා. වරක් දෙවරක් නොවෙයි කීප වතාවක්ම අවුරුදු ගානක් පුරාවට. හැම ඒකම රෙකෝඩ් තිබුනා මම ගාව. කම්ප්ලේන් නම්බර්ම බර ගානක්.

දෙවන පියවර තමයි TRCSL වෙත යාම. Issue එක resolve වෙන්නේ නැති නිසා, complaint එක TRCSL වෙත escalate කරනවා. මම මේක Consumer Affairs Authority එකටත් දැම්මා. TRCSL කියන්නේ Sri Lanka telecom sector එක regulate කරන authority එක. එතනදි Investigation එක start වෙනවා. Communication එකක් එනවා. Userට හැඟෙන්නේ “හරි, දැන්වත් issue එක solve වෙයි” කියලා. නමුත් ඊට පස්සේ තමයි interesting (ඒත් frustrating) part එක. 

මෙතනදි Hutch එකෙන් මගේ ගෙදරට ආවා. ටෙස්ට් එකක් කළා. ඒ අය පිළිගත්තා වරදක් ඇති බව. “වෙනස් කිරීම් කරලා බලන්න ඕන, ඒ වෙනස්කම් කරලා ආයෙ එනවා” කියලා කිව්වා. ඒත් තවමත් ඒ අය ආවේ නෑ. ඊට පස්සේ Hutch ඔෆිස් එකෙන් email එකක් ආවා “හරි” කියලා issue එක resolve වුණා කියලා සඳහන් කරලා. මම ඒකට පිළිතුරු දුන්නා සිදුවීම විස්තර කරලා. දෙවන වතාවක් එනව කිව්ව ආවේ නැහැ කියල. ඒත් එතනින් පස්සේ කිසිම පිළිතුරක් නැහැ.

Initial response එකෙන් පස්සේ silence එකක්. Follow-up කළත් clear answer එකක් නැහැ. Meanwhile, service එක improve වෙනවා වෙනුවට තවත් worsen වෙනවා. Userට එතනින් පස්සේ ඇති වෙන ප්‍රශ්න තමයි, ‍‍
  • “Investigation එකේ result එක මොකක්ද?”
  • “Operator එකට action ගත්තද?”
  • “මෙක fix වෙන්නේ කවදාද?”
ඊට පස්සේ මට TRCSL එකෙන් email එකක් එනවා Hutch එකෙන් වැඩේ හරි කියනවා කියලා. මම ඒකට පිළිතුරු දෙනවා සියලු email ගනුදෙනු, screenshots සහ සිදුවීම විස්තර කරලා.
 
System එකේ real picture එක වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්.

Paper වලට අනුව system එක perfect වගේ. TRCSL investigate කරනවා, operators regulate කරනවා, consumer rights protect කරනවා. ඒත් ground reality එක ටිකක් different. Timeline එක strict නැහැ. Resolution එක operator cooperation මත depend වෙනවා. Technical limitations තිබ්බොත් delay වෙනවා. ඒ කියන්නේ system එක තියෙනවා, ඒත් speed එක always guaranteed නෑ.

ඒ විතරක් නෙවෙයි, ලොකු කම්පැනි සහ රාජ්‍ය ආයතන අතර බලපෑම් සම්බන්ධතාත් මේ process එකට impact කරනවා කියලා පෙනෙන අවස්ථා තියෙනවා. දේශපාලනිකව “Digital Sri Lanka” වගේ slogans තිබුණත්, ground level එකේ decisions, delays සහ outcomes බොහෝවිට corporate influence එකටත්, institutional weakness එකටත් යටත් වෙනවා වගේ තත්ත්වයක් දකින්න ලැබෙනවා. අවසානයේ consumer එකට දැනෙන්නේ system එකට වඩා strong players තමන්ගේ side එකට game එක හරවගෙන ඉන්නවා වගේ හැඟීමක්.
මේකෙන් අපි ඉගෙන ගන්න දේ තමයි මෙවැනි situation එකකදී complain කරන එකක් alone enough නෙවෙයි. Strong complaint එකක් build කරන්න ඕන.

Documentation එක important. Complaint numbers, dates, emails වගේ ඔක්කොම saved වෙන්න ඕන. Evidence තිබ්බොත් case එක next level එකකට යනවා. Speed test screenshots, signal logs, outage records. මේවා “feeling” එකක් evidence එකක් කරලා දානවා.

Follow-up එක equally important. එක complaint එකක් දාලා wait කරනවා කියන්නේ solution එකක් expect කරන එක realistic නෙවෙයි. Pressure maintain කරන්න ඕන. Bigger Picture එක තමයි Telecom කියන්නේ complex industry එකක්. Towers, bandwidth, congestion, etc. මේ හැමදේම impact කරනවා. ඒ නිසා issues instantly fix වෙනවා කියලා expect කරන්න බැහැ.

ඒත් ඒකෙන් meaning එකක් එන්නේ නෑ consumers silent වෙන්න කියලා. Transparency + timely updates + acceptable service quality කියන දේවල්, මේවා consumer rights.

මෙය company එකක් target කරන article එකක් නෙවෙයි. මෙය system එකේ experience එකක් share කරන එකක්.

ඒත් එක දෙයක් පැහැදිලියි:
  • Complaint එකක් දාන එකෙන් වැඩේ ඉවර වෙන්නේ නැහැ.
  • Proper complaint එකක් build කරන එකයි වැදගත්
  • Persistence එක තමයි game changer එක
ඔයාටත්:
  • Internet slowද?
  • Signal unstableද?
  • Customer care response එක uselessද?
  • එහෙනම් silent වෙන්න එපා. 
එහෙම නම් කල යුතු වෙන්නේ,
  1. Complaint එකක් දාන්න
  2. Reference number එක save කරගන්න
  3. TRCSL වෙත escalate කරන්න
  4. Evidence collect කරන්න 
ඔබලා complain නොකරනකම් system එක improve වෙන්නේ නෑ. එක complaint එකක් කියන්නේ එක voice එකක් නමුත් බොහෝ complaints කියන්නේම change එකක්.
 
මේක මම ලියන්නේ real user experience එකක් මත පදනම් ‌වෙලා. කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකුට විරුද්ධව චෝදනා කිරීමක් නොව, දැනුවත් කිරීම සහ අත්දැකීම් හුවමාරු කිරීමක් විදිහට. ශ්‍රී ලංකාවේ internet සහ mobile network ගැටළු ඇතිවුණොත් TRCSL වෙත පැමිණිලි කරන විදිහ, real experience එකක් සහ telecom complaint system එකේ ඇත්ත තත්වය ගැන ‌තේරුම් කරන්න තමයි මට ඔ්න වුනේ. 
 
ඉතින් ඔයාලත් මේ ලැන අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.
 
 

ශ්‍රී ලංකාවේ මෝටර් බයිසිකල් වෙනස් කිරීමේ (Alteration) නීති සහ සම්මත (Standards)

අපේ රටේ බයිසිකල් සංස්කෘතිය කියන්නේ වෙනම ලෝකයක්. බයික් එකක් තියෙනවා කියන්නේ එක පදින එක විතරක් නෙවෙයි – ඒක තමන්ට කැමති විදිහට ලස්සන කරගන්න එකත් ලොකු විනෝදයක්. කවුරුහරි exhaust එක මාරු කරනවා, තව කෙනෙක් tail tidy දානවා, තවත් කෙනෙක් ලයිට් setup එක upgrade කරනවා.

ඒත්, මෙතන තියෙන ලොකු ප්‍රශ්නය තමයි – “මේවා නීතිගතද?”

බොහෝ දෙනා modify කරන්නේ “අනිත් අය කරනවා, පොලිසියට අල්ලෙන්නේ නැහැ” කියන concept එකෙන්. නමුත් ඇත්තටම බලද්දි, ලංකාවේ මේ ගැන සෑහෙන පැහැදිලි – සහ දැඩි  නීති තියෙනවා.

‌මෙයින් ප්‍රධානම වන්නේ 1951 අංක 14 දරන මෝටර් රථ ප්‍රවාහන පනත (Motor Traffic Act) සහ ඒකට අදාල රෙගුලාසි. ඒ අනුව:

  • අවසර තියෙන වෙනස් කිරීම් මොනවාද?
  • සීමාසහිත වෙන්නේ මොනවා ද?
  • සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී මොනවාද?
  • පොලිසිය ප්‍රශ්ණ දාන්නේ මොනවාට ද?
  • ප්‍රායෝගිකව වෙන්නේ මොනවද? 

මෙම පනතේ Section 19 – Alteration of Motor Vehicles යටතේ “වාහනයේ registration details (engine capacity, structure, type ආදිය) වෙනස් කරනවා නම් Commissioner General (DMT)ගේ පූර්ව අනුමැතිය අනිවාර්යයි” කියලා පැහැදිලිව සඳහන් වෙනවා. සරලවම කිව්වොත් නිෂ්පාදනයෙන් ආපු මූලික සැලැස්ම අවසර නැතුව වෙනස් කිරීම නීති විරෝධීය.

සරලවම කිව්වොත් නිෂ්පාදනයක නිර්මාණාත්මක සැකැස්ම අවසර නැතව වෙනස් කිරීම කියන්නේ නීති විරෝධීයි.

අපි ඉස්සෙල්ල බලමු මොනවද වෙනස් කිරීම් කියන වර්ගීකරණයට අයිති වෙන්නේ කියල. ඒ තමයි,

  • ව්‍යුහාත්මක වෙනස් කිරීම (structure change)
  • මානයන්ගේ වෙනස් කිරීම (dimension change)
  • උපකරණ වෙනස් කිරීම (equipment change)
  • ආරක්ෂක පද්ධති වෙනස් කිරීම (safety systems change)
  • මෝඩිෆිකේෂන් කියන එක නීතිමය වශයෙන් “Alteration” ලෙස සලකනවා. බයික් modify කරනකොට ලොකුම confusion එක තියෙන්නේ මෙතන “මේක appearance change එකක්ද?” “නැත්නම් structure change එකක්ද?” නීතියට අනුව “ව්‍යුහාත්මක වෙනස් කිරීම” කියන්නේ serious තැනක්. permission නැතුව කරලා තියෙනවා නම් direct illegal. ඒක Motor Traffic Act – Section 19 (Alteration of Motor Vehicles) විදිහට“කිසිදු මෝටර් රථයක ලියාපදිංචි සහතිකයේ සඳහන් මූලික විස්තර (structure, type, engine capacity, etc.) මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව වෙනස් නොකළ යුතුය.” කියල තමයි තියෙන්නේ.

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - පස්වන කොටස

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - පළමු කොටස කියවන්න....

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - දෙවන කොටස කියවන්න....

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - තෙවන කොටස කියවන්න....

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - සිව්වන කොටස කියවන්න...

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පොල් සමාගම් සහ කර්මාන්තශාලා විශ්ලේෂණය (Analysis of Major Coconut Companies and Manufacturing Factories in Sri Lanka)

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය අද වන විට තනි නිෂ්පාදනයකට සීමා වූ ක්ෂේත්‍රයක් නොව, කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම් කර්මාන්තය, අපනයන වෙළඳාම, පරිසර හිතකාමී නිෂ්පාදන සහ නවීන ජෛව ආර්ථිකය (Bio Economy) එකට සම්බන්ධ කරන විශාල කර්මාන්ත පද්ධතියකි.

    මෙම කර්මාන්තයේ ප්‍රධාන බලවේග වන්නේ:
    • විශාල අපනයන සමාගම්

    • පොල් තෙල් හා ආහාර සැකසුම් කර්මාන්තශාලා

    • කොහු නිෂ්පාදන කර්මාන්තශාලා

    • Activated Carbon නිෂ්පාදකයන්

    • කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්

    ය.

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අනුව ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත අපනයන අතර දිසිඳි පොල්, Virgin Coconut Oil, පොල් වතුර, කොහු නිෂ්පාදන සහ පොල් කටු Activated Carbon ප්‍රධාන ස්ථානයක් ගනී.

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - සිව්වන කොටස

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - පළමු කොටස කියවන්න....

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - දෙවන කොටස කියවන්න....

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - තෙවන කොටස කියවන්න....

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය – 2010 සිට 2025 දක්වා වාර්ෂික සංඛ්‍යාලේඛන විශ්ලේෂණය
    (Annual Statistical Overview of Sri Lanka Coconut Industry: 2010–2025)

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ ප්‍රගතිය, අභියෝග සහ අනාගත දිශානතිය අවබෝධ කර ගැනීම සඳහා වාර්ෂික නිෂ්පාදන, වගා භූමි ප්‍රමාණය, ගෙඩි පරිභෝජනය, කර්මාන්ත භාවිතය සහ අපනයන ආදායම් විශ්ලේෂණය කිරීම වැදගත් වේ.

    පහත දත්ත ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය (CDA), පොල් පර්යේෂණ ආයතනය (CRI), ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) සහ ශ්‍රී ලංකා අපනයන දත්ත මත පදනම්ව සකස් කර ඇත.


    1. ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය (2010–2025)

    (Million Nuts – පොල් ගෙඩි මිලියන)

    වර්ෂය

    සමස්ත පොල් නිෂ්පාදනය (මිලියන ගෙඩි)

    ප්‍රධාන සිදුවීම් / තත්ත්වය

    2010

    2,500 පමණ

    සාමාන්‍ය නිෂ්පාදන තත්ත්වයක්

    2011

    2,720 පමණ

    වගා ප්‍රදේශ වර්ධනය

    2012

    2,940 පමණ

    ඉහළ අස්වැන්නක් ලැබුණු වසරක්

    2013

    2,520 පමණ

    කාලගුණ බලපෑම්

    2014

    2,850 පමණ

    නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වීම

    2015

    2,890 පමණ

    කර්මාන්ත ඉල්ලුම වැඩිවීම

    2016

    2,200 පමණ

    නියඟය නිසා විශාල පහළ යාම

    2017

    2,450 පමණ

    අඩු අස්වැන්නෙන් යථා තත්ත්වයට පැමිණීම

    2018

    2,620 පමණ

    අපනයන ඉල්ලුම වර්ධනය

    2019

    2,700 පමණ

    සාමාන්‍ය නිෂ්පාදනය

    2020

    2,790 පමණ

    COVID-19 බලපෑම් තිබුණද නිෂ්පාදනය ස්ථාවර වීම

    2021

    3,100 ආසන්න

    ඉහළ අස්වැන්නක්

    2022

    3,100 පමණ

    ඉහළ නිෂ්පාදන වසරක්

    2023

    2,800 පමණ

    කාලගුණ හා ආදාන ගැටලු

    2024

    2,792.03

    නිල සංඛ්‍යාලේඛනය අනුව වාර්තාගත නිෂ්පාදනය

    2025

    ~2,700–2,900 (අනාවැකි)

    කාලගුණ හා සැපයුම් බලපෑම්


    2. පොල් වගා භූමි ප්‍රමාණය (2010–2025)

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - තෙවන කොටස

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - පළමු කොටස කියවන්න....

    ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - දෙවන කොටස කියවන්න....

    ලෝක වෙළඳපොළේ ශ්‍රී ලංකා පොල් සන්නාමය – අපනයන, ආනයන, නීති රෙගුලාසි සහ ආර්ථික බලපෑම

    පොල් ගස ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජීවිතයට පමණක් සීමා වූ සම්පතක් නොවේ. අද වන විට එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයකි. තේ, රබර් සහ පොල් යන සාම්ප්‍රදායික වැවිලි බෝග අතරින් පොල් කර්මාන්තය විශේෂ වන්නේ, එය කෘෂිකර්මාන්තය සහ කාර්මික නිෂ්පාදනය එකට සම්බන්ධ කරන වටිනාකම් දාමයක් (Value Chain) ලෙස ක්‍රියා කරන බැවිනි.

    පොල් ගෙඩියක් ගොවියාගේ වත්තෙන් ආරම්භ වී අවසානයේ ලෝකයේ සුපිරි වෙළඳසැලක රාක්කයක් දක්වා ගමන් කරන අතර, එම ගමනේ සෑම අදියරකදීම අගය එකතු කිරීමක් සිදු වේ.


    ශ්‍රී ලංකාවේ පොල් අපනයන කර්මාන්තය

    ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන පොල් නිෂ්පාදක රටවල් අතර සිටින අතර, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී විශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත.


    ශ්‍රී ලංකාවේ පොල් අපනයනය ප්‍රධාන වශයෙන් කාණ්ඩ කිහිපයකට බෙදිය හැක.

    1. මද ආශ්‍රිත අපනයන නිෂ්පාදන

    මෙයට අයත් වන්නේ:

    • Desiccated Coconut (දිසිඳි පොල්)

    • Coconut Oil

    • Virgin Coconut Oil

    • Coconut Milk Powder

    • Coconut Cream

    • Coconut Water

    • Coconut Flour