කාලයක් තිස්සේ කෝච්චියේ සතියේ දවස් පහම වැඩට යන්න ගත්තට පස්සේ මගේ අත්දැකීම් විදිහට ලියන්න නම් දේ සෑහෙන්න හම්බවුනා. නමුත් තවමත් සමහර දේ ලියනවද? ලියල වැඩක් වෙයිද වගේ ප්‍රශ්ණාර්ථ තියෙන නිසා ලියන්නේ නැතිව හැංගිලාම යනව. කොහොම වුනත් මේ මෑතකදී සිදුවුන සිද්ධියක් සහ පහුගිය කාලේ අහන්න ලැබුන දේවල් එක්ක යම්තාක් දුරකට සම්බන්ධයක් තියෙන දෙයක් නිසා ලියන්න හිතුවා.
දවසක් මම ට්‍රේන් එකේ යද්දි ටිකක් විතර වයසක කෙනෙක් තමන්ගේ ස්මාට් ෆෝන් එකක් එක්ක වැඩ. එයා කොයි තරම් වේගවත් ද කියනවා නම් එයාගේ ෆෝන් එකේ ලෝක පැටන් එක ඕන කෙනෙක්ට දකින්න බලන්න වගේම මතක තියා ගන්නත් පුලුවන්. ටිකක් වෙලා යද්දි මේ මනුස්සයා තමන්ගේ බැංකු ගිණුමටට ලොග් වෙලා යමක් කරන්න ලෑස්ති වුනා. ලඟ සීට් එකේ හිටයි නාසා ඒයා කරන දේ මට පෙනුනා වගේම තමා මට ඕන නම් එයා තමන්ගේ අකවුන්ට් එකට ලොග් වුන පාස්වර්ඩ් එක බලාගන්නත් පුළුවන්කම තිබුනා. සාරධර්මාණුකූල නොවන නිසා මම අහක බලා ගත්තත් මිනිත්තූ කිපයකට පස්සේ එයාගේ වැඩේ ඉවර වුනා.
අද කාලේ ඇඩ්වයිස් එකක් දෙන්නත් ටිකක් පරිස්සම් වෙන් ඕන කාලයක් නිසාත් කලින් කතා නොකල කෙනෙක් නිසාත් මිනිහට මේ ගැන කියනවද කියල හිතුවා. ෆ්‍රී ඇඩ්වයිස් එකක් කැමතින්ම් ගතන්න කියල මම මිනිහට පැහැදිලි කරල දුන්න ඒ වැඩේ තියෙන බැරෑරුම්කම ගැන. ටිකක් වෙලා යද්දි මිනිහ තේරුම්ගත්ත කියල මම හිතනවා.
මේක ඇතුලේ මට කියන්න ඕන වුන දේ තමයි මිනිස්සු තාක්‍ෂණය ගන්න කියාට ඒ වෙනුවෙන් ඕන කරන සාක්‍ෂරතාව තාමත් ලබාගෙන නැහැ. හිතන්න ගේමක් දෙන මිනිහෙකුට ඕන කරන්නේ පොඩි වැඩ දෙකයි කරන්න. එක ඒ මනුස්සය ෆෝන් එකට ලොග්වෙන පාස්වර්ඩ් එකයි, බැංකු පාස්වර්ඩ් එකයි ලබා ගන්න එක. ඒක හරි සරලයි මිනිහ කාටත් පේන්න ඔය දෙකම ටයිප් කරන නිසා සහ වේගයේ අඩු කම නිසා මිනිහෙකුට මතකතායා ගන්න හරි පහසුයි. දෙක ඔය ෆෝන් එක උස්සන එක. දැන් ඉතින් මිනිහගේ බෑංකු ගිණුම හිස් කරල ෆෝන් එක මිනිහටම ලැබෙන්න සලස්සනවා. සරලයි.
මිනිහෙක් ජීවිත කාලෙම උපයපු මුදල් මිනිත්තුවකින් නැති වෙලා යනව. හේතුව තමයි තමන්ගේ නොදැනුවත්කම හා නොසැලකිල්ල. ඉතින් මේ ටික ලියද්දිම අපූරු ෆඨිල්ම් එකකුත් හම්බුනා ඒ වගේ දෙයක් ගැනම. ඒ තමයි Beekeeper පුලුවන් අය ඒකත් හොයාගෙන බලන්න. අවසානෙදි කියන්න තියෙන්නේ තාක්‍ෂණය ලංකරගන්න. මොකද ඉදිරියේ දී තාක්‍ෂණය අත්‍යාවශ්‍ය සාධකයක් වෙනකව. හැබැයි ඒ එක්කම ඒ ඒ දේවල් වෙනුවෙන් ඕන කරන සාක්‍ෂරතාවයටත් ලබා ගන්න. නැතිනම් ඔයාල අසරණ වෙනවා. ඒ වගේ දේකදි මොනවත් කරන්න නීතියටවත් බැහැ.