එදා මෙදාතුර කඳුළට විවරවු

මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ එක සේ ජනප්‍රිය වූ ගීතයක් ලෙස හැඳීන්විය හැකිය. විශාරද සනත් නන්දසිරි විසින් සංගීතය සපයා ගායනා කරන මෙහි පද රචකයා වන්නේ විමල් ජයශාන්ත නම් අප්‍රකට රචකයෙකි. 1975 දී පමණ නිර්මාණය වී ඇති මෙම ගීතය එකි රචකයාගේ අත්දැකීමක් මත නිර්මාණය වී ඇතැයි ද ඔහු විසින් විරචිත ප්‍රචාරය වූ පළමු හා අවසාන ගීතය බවට ද සැලකේ. 

ඉතිහාසය අනුව නම් ඔවුන්ගේ ප්‍රේමයට දෙමාපියන්ගේ විරුද්ධත්වය ඇතිව තිබේ. ඒ නිසා සියදිවි හානිකරන්නා පෙම්වතිය නිසාවෙන් දුක්වන ඇගේ පියා ඔහුට නිවසට ආරාධනා කරයි. කිසිත් නොදන්නා ඔහු පෙම්වතියගේ නිවසට පැමිණෙන්නේ ඇයගේ පියා විරෝධතාවන් පසෙකලා ඔහුන්ගේ ආදරයට එකඟ වී ඇති බව සිතමිනි. නමුත් නිවසේ සුදු කොඩි දකින ඔහු තවමත් සිතන්නේ ඇයගේ ඥාතියෙකුගේ මරණයක් ලෙසයි. නමුත් ඔහු නිවසට ඇතුලුවන විට ඔහු දකින්නේ තම ආදරය නිසොල්මන්ව සිටින රුවයි. ඒ දකින ඔහුගේ සිතුවිලි මේ ලෙසින් ගීතයක් බවට පත්ව ඇත.

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා

කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි. මේ ගීතය ගැන මාගේ අවධානය යොමු කලේ මාගේ මිතුරෙක්.. ඒ පිළිබද ඔහුට මම ස්තූතිවන්ත විය යුතුයි. මේ ගීතය තරම් ශෘංගාරය කැටි කල ගීතයක් තිබේද යන්න හිතන්නවත් බැරි තරම්.. ගීතය පුරාවට කියැවෙන කතාන්දරය පිළිබදව හාංකවිසියක්වත් නොදැන මේ ගීතය විදින්න පුළුවන් තරම් අපූර්ව සංගීතයක්ද මේ ගීතය සතු වෙනවා. ඩබ්ලිව් ඩී ආරියසිංහයන්ගේ හඩින් ගැයෙන මේ ගීතය සදහා සංගීතය සපයා තියෙන්නේ ගුණදාස කපුගේ ශූරීන් විසිනුයි. රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන කතාවත් එහි ඔහු තෝරාගෙන ඇති කොටසකත් අපූර්වත්වය වැඩි කරන්න සමත්වෙලා තියෙනවා.

ගීතයේ තතු කියන්නට මත්තෙන් රාධා හා ක්‍රිශ්ණා කතාවේ ගීතය සදහා පදනම් වූ කොටස මතක් කල යුතු යැයි සිතමි. රාධා හා ක්‍රිශ්ණා දෙපලගේ ආදරය පිලිබද කතා අපමණ තිබේ. ක්‍රිශ්ණා යනු වසදඩු වයන ගොපලු තරුණයෙකි. මේ වන විට රාධා ඔහුගේ බිරිද බවට පත්ව ඇත. ක්‍රිශ්ණා ගොපලු රැහේ අනෙකුත් ගෝපිකාවන් හා ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. ඔවුන් වෙන් වූ පසු දෙදෙනාම එකිනොගෙන් වෙන්ව තම ආදරයේ සොදුරු නිමේශයන් මතක් කරමින් කාලය ගත කරයි. නමුත් එකිනෙකා වෙත දෙවැනි වීමේ අකමැත්ත නිසාවෙන්ම ඔවුන් තවමත් විරසක පෙම්වතුන්.. ඇය, ඔහු කල දෙය නිසා නොදෙවෙනි වන අතර ඔහු පුරුෂයෙකු නිසා නොදෙවෙනි වූවා විය යුතුය.

මෙගා පික්සල් බිලියන 24.9ක පින්තූරයේ කතාව

මම මේ ලියන්න යන්නේ මේ දවස් වල මුහුණු පොත පුරාම කතාබහට ලක්වෙලා තියෙන පින්තූරයක් ගැන විස්තරයක්. ඒ තමයි මෙගා පික්සල් බිලියන 24.9ක් වන චීනයේ චන්ද්‍රිකාවක් මගින් ගත්තා යැයි කියන පින්තූරයක්. මෙය කෙතරම් විශාල කර දැකිය හැකිදැයි කීවොත් අවසානයේ අවසාන මිනිසෙකු පවා පැහැදිලිව දැකිය හැකි වන අයුරින් නිර්මාණය කර තිබෙනවා.

මේ ඒ පින්තූරය බලන්න යන්න තියෙන සබැදිය

දැන් අපි බලමු මේ පින්තූරය ලැන පැහැදිලි කර ගන්නේ කොහමද කියල. ඇත්තටම මේ පින්තූරය දන්ද්‍රිකාවකින් ගත්තු ඡායාරූපයක් නම් නෙවෙයි. එහෙමත් නැතිනම් අධික විභේදනයක් ඇති කැමරාවකින් ගත්තු එකකුත් නෙවෙයි. ඇත්තටම මේක පින්තූර දහස් ගානක් එකතු කරල හදපු එක ඡායාරූපයක් යැයි කීවොත් තමයි වඩාත් නිවැරදි වෙන්නේ.

කොහොමද එහෙම පින්තූරයක් ගන්නේ.....?

විදුලි මිණි පහන් දැවී

ලූෂන් බුලත්සිංහල විසින් රචනා කල මේ ගීතය තුල ඔහු තවත් නිර්මාන කිහිපයක මතු කරන්නා වූ ඇති නැති පරතරය/ ධනපතියන්ගේ හා දුගීන් අතර වෙනස මතු කර පෙන්වන බවයි මගේ නම් හැඟීම. ගුණදාස කපුගේ ශූරීන් විසින් සංගීතය නිර්මාණය කර ගායනා කරන මේ ගීතය සඳහා ඔහුගේ සංගීතය මෙන්ම කටහඬ ද මනා සාධාරණයක් ඉටු කර ඇතැයි සිතමි. 

ගීතයේ පද පිලිබඳ කතා කරන්නට මත්තෙන් සංගීතයේ දක්වා ඇති කුඩා ස්ථාන දෙකක් මතු කර දැක්වීම සුදුසු යැයි සිතමි. ඒ ආරම්භයේ හා අවසානයේ යෙදී ඇති සමූහ ගායනයත් නිරන්තර ඇති කරන්නා වූ ට්‍රම්පට් ශබ්දයත්ය. සමූහ ගායනය තුල දුගී පිරිසේ ආඳෝනාවත් ට්‍රම්පට් මගින් ධනවතුන්ගේ විනෝද සාදයත් මතක් කර දෙන බවක් මට දැනේ.

ගීතයේ කතාවේ ආරම්භය ලෙස මා සිතන අයුර විග්‍රහ කිරීම වඩා සාර්ථක යැයි සිතමි. ඔහු පෙම්වතෙකි. දුගියෙකි. නමුත් ඔහු පෙම් බඳින්නේ ධනවත් යුවතියකටය. ඇයද එසේමය. නමුත් එහි ඇති නොගැලපීම ඔහු දනී. කිසිදා සැබෑ නොවන ප්‍රේමයක ඔහු පැටලී ඇති බව නිසා ඔහුගේ සිත දෙගෙඩියාවක පෙලේ. ආදරවන්තිය ඔහු ඇගේ සමාජයට ගෙන යාමට උත්සාහ දරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට තම නිවසේ පැවැත්වෙන සාදයකට ආරාධනා ලැබේ. ඔහු එහි යන්නේ දෙගෙඩියාවෙනි. ගීතය පවසන්නේ ඔහු විඳි ඔහුට දැනුන හැඟීම් සමුදායයි.

ඡායාරූපකරණයට පිවිසෙන ඔබට

ඡායාරපකරණය අද මේවන විය බොහෝම ජනප්‍රයිය වෙලා තියෙනවා. නමුත් කීයෙන් කීදෙනක්ද නිවැරදි දැනුමක් එක්ක ඡායාරූපකරණයට ඇවිත් ඉන්නේ කියන එක නම් ප්‍රශ්ණයක්. ඒ නිසා මේ කරුණු ටික ලිවිය යුතු යැයි සිතනවා.

ඡායාරූපකරණයට ආව ගොඩක් අය ඡායාරූපකරණය එහෙම නැතිනම් Photography කියන එක මොකක්ද කියන එක වත් දන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි ඡායාරූපකරණයේ මූලික දේවල් දන්නේ නැති ගණනත් අනන්තයි.

එහෙම නම් කොහොමද මේ තරම් අය මේ ක්‍ෂේත්‍රයේ රැදී ඉන්නේ ?
 
ඒක හරි සරල උත්තරයකින් දෙන්න පුළුවන්. ඒ තාක්‍ෂණය නිසා. ඡායාරූකරණය ගැන කතා කරන ගොඩක් අය අද භාවිතා වෙන දියුණු කැමරා උපකරණ එක්ක බැදීල ඉන්නවා.

හොදම කැමරාව, හොදම ලෙන්ස් එක, හොද ආලෝක උපකරණ, ආලෙලා්ක මෘදුකාරක වාගේ දේවල් ගොඩක් එක්ක තමයි වැඩකට යන්නේ.