මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ එක සේ ජනප්‍රිය
වූ ගීතයක් ලෙස හැඳීන්විය හැකිය. විශාරද සනත් නන්දසිරි විසින් සංගීතය සපයා ගායනා
කරන මෙහි පද රචකයා වන්නේ විමල් ජයශාන්ත නම් අප්‍රකට රචකයෙකි. 1975 දී පමණ නිර්මාණය
වී ඇති මෙම ගීතය එකි රචකයාගේ අත්දැකීමක් මත නිර්මාණය වී ඇතැයි ද ඔහු විසින් විරචිත ප්‍රචාරය
වූ පළමු හා අවසාන ගීතය බවට ද සැලකේ.
ඉතිහාසය අනුව නම් ඔවුන්ගේ ප්‍රේමයට දෙමාපියන්ගේ
විරුද්ධත්වය ඇතිව තිබේ. ඒ නිසා සියදිවි හානිකරන්නා පෙම්වතිය නිසාවෙන් දුක්වන ඇගේ
පියා ඔහුට නිවසට ආරාධනා කරයි. කිසිත් නොදන්නා ඔහු පෙම්වතියගේ නිවසට පැමිණෙන්නේ ඇයගේ
පියා විරෝධතාවන් පසෙකලා ඔහුන්ගේ ආදරයට එකඟ වී ඇති බව සිතමිනි. නමුත් නිවසේ සුදු කොඩි
දකින ඔහු තවමත් සිතන්නේ ඇයගේ ඥාතියෙකුගේ මරණයක් ලෙසයි. නමුත් ඔහු නිවසට ඇතුලුවන විට
ඔහු දකින්නේ තම ආදරය නිසොල්මන්ව සිටින රුවයි. ඒ දකින ඔහුගේ සිතුවිලි මේ ලෙසින්
ගීතයක් බවට පත්ව ඇත.
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
කතා නායකයා පරාජිත ප්‍රේමවන්තයෙකි. ඔහුට
අහිමිව ඇත්තේ ප්‍රේමය පමණක්ම නොවේ. ආදරයට විරුද්ධ වූ දෙමාපියන් නිසාවෙන් සියදිවි
හානිකරගත් පෙම්වතියක් ඔහුට සිටී. එවිට ඔහු මෙලෙස සිතයි. ඇය තමා නිසා දුකින්
සිටියා. ආදරයට විරුද්ධ වූ දෙමාපියන් නිසාවෙනුත් ඇය දුකින් කාලය ගත කලා. ඒ කඳුලු
වලටම විවරවෙලා තිබුන දෙනෙත් දැන් පියවිලා. ඔවුන්ගේ ආදරය නිසා සිනාවන් පිරිල තිබුන ඇයගේ
රතු දෙතොල් අද පියවිලා තියෙන්නේ. මියැදිලි තියෙන කම්මුල් වල ඉස්සර තිබුන රෝස පැහැය
වෙනුවට අද තියෙන්නේ සුදුමැලි පාටක්. මේ සියල්ල එක්ක පපුවට අත් බැඳගෙන මටත් නොකියාම
ඇය ජීවිතයෙන් සමු අරන් යන්න ගිහින්.
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
ඇස් රිදෙන තරම් දුකක් ඇවිත් ඇස් වලින් කඳුලු
බේරෙන්නේ මටත් නොදැනිමයි. ඒ දුක තුනී කරගන්න කොයි කවුරු බලාගෙන හිටියත් ඒ අය මාව නොදන්නවා
වුනත් මට හිතෙන්නේම ඇගේ දෙතොල් සිප ගන්න. අවසාන වතාවට ඇගේ මුහුණ සිඹින්නට. ඒ කාලයෙ
අපේ ආලයට විරුද්ධ වුන හැමෝම දැන් මොකුත් නොදන්නවා වාගේ ඔබෙන් සමුගන්න සුවඳ පැන්
වලින් ඔබේ මුව සෝදනවා වුනත් මම දන්නවා ඔබේ සුවඳට ඒ දේවල් ඕන වෙන්නේ නෑ කියල. ඒ
නිසා කවදාවත්ම මමවත් මගේ හිතවත් ඔබෙන් ඈත්වෙන්නේ නෑ.
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
කිසිම
වයසක් නැතිව තරුණ කාලයේ ආකාලයේ මිය යන්න පෙරුම් පුරාගෙන උපදින්න ඇති නමුත් කෙටි
කාලයකදී ඇති වුන ආදරයක් මහා දුරක් ගිහිල්ලා ඒක නැතිවෙලා යන්නේ නෑ. නමුත් දැන් ඔබ
නැහැ. මම විතරක් මේ ලොකයේ තනිවෙලා. ඇයි එහෙම වුනේ කියල තේරෙන්නේ නෑ. නමුත් මතු
සංසාරයේ දවසක ආයෙමත් වෙන් නොවෙන්න පෙරුම් පුරමු. ආයේ උපදිද්දී අපේ ආදරය අපිට
ජයගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනාවක් ඔහු කරනවා.
අවසානයේ
ඔහුගේ ප්‍රාර්ථාව ඇය එක්ක මතු සංසාරයේදීවත් ආදරයෙන් බැඳිල එකතුවෙන්න. ඒ එක්කම ඔහු
ඉඟි කරනවා ඔහුගේ ජීවිතය තවදුරටත් පවතින එකක් නැති බවත්.
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
එදා මෙදාතුර කඳුළට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා
ගායනය - මහාචාර්ය සනත් නන්දසිරි
රචනය - විමල් ජයශාන්ත
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
රචනය - විමල් ජයශාන්ත
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි
මම දන්නා තරමින් ආදරය නිසා දිවි තොරකරගත්තා කියලා නෙවෙයි නේද ඔය ඇත්ත රචකයාගේ කතාවේ තියෙන්නේ? මේ ගීතය තැපෑලේ ආපු එකක්නේ.
ReplyDeleteඅතිශය ශෝකාකුල , ලස්සන ගීතයක්. ස්තුතියි සටහනට
thanks
Deleteමේ ගීතය විදියේ සතය අත්දැකිමකට මම මේ ළඟදී මුහුණ දුන්නා. හරිම හැගුම් බරයි ඉතාම තරුණ ස්වාමි දියණීයක් දරුණු රෝගයකින් මිය ගියා . ඇය අවසන් සති කිහිපය කසිදු වචනයක් කථාකළේ නෑ. ඉතින් ඇය නොතියම තමා ගියේ
ReplyDeleteවිචාරක දියණිය
thanks
Deleteලස්සන ගීතයකට අපූරු සටහනක්....
ReplyDeletethanks
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසුන්දර ගීතයක් වගේම අර්ථ පූර්ණ විවරණයක්!
ReplyDeleteThanks
Delete