කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි. මේ ගීතය ගැන මාගේ අවධානය යොමු කලේ මාගේ මිතුරෙක්.. ඒ පිළිබද ඔහුට මම ස්තූතිවන්ත විය යුතුයි. මේ ගීතය තරම් ශෘංගාරය කැටි කල ගීතයක් තිබේද යන්න හිතන්නවත් බැරි තරම්.. ගීතය පුරාවට කියැවෙන කතාන්දරය පිළිබදව හාංකවිසියක්වත් නොදැන මේ ගීතය විදින්න පුළුවන් තරම් අපූර්ව සංගීතයක්ද මේ ගීතය සතු වෙනවා. ඩබ්ලිව් ඩී ආරියසිංහයන්ගේ හඩින් ගැයෙන මේ ගීතය සදහා සංගීතය සපයා තියෙන්නේ ගුණදාස කපුගේ ශූරීන් විසිනුයි. රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන කතාවත් එහි ඔහු තෝරාගෙන ඇති කොටසකත් අපූර්වත්වය වැඩි කරන්න සමත්වෙලා තියෙනවා.
ගීතයේ තතු කියන්නට මත්තෙන් රාධා හා ක්‍රිශ්ණා කතාවේ ගීතය සදහා පදනම් වූ කොටස මතක් කල යුතු යැයි සිතමි. රාධා හා ක්‍රිශ්ණා දෙපලගේ ආදරය පිලිබද කතා අපමණ තිබේ. ක්‍රිශ්ණා යනු වසදඩු වයන ගොපලු තරුණයෙකි. මේ වන විට රාධා ඔහුගේ බිරිද බවට පත්ව ඇත. ක්‍රිශ්ණා ගොපලු රැහේ අනෙකුත් ගෝපිකාවන් හා ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. ඔවුන් වෙන් වූ පසු දෙදෙනාම එකිනොගෙන් වෙන්ව තම ආදරයේ සොදුරු නිමේශයන් මතක් කරමින් කාලය ගත කරයි. නමුත් එකිනෙකා වෙත දෙවැනි වීමේ අකමැත්ත නිසාවෙන්ම ඔවුන් තවමත් විරසක පෙම්වතුන්.. ඇය, ඔහු කල දෙය නිසා නොදෙවෙනි වන අතර ඔහු පුරුෂයෙකු නිසා නොදෙවෙනි වූවා විය යුතුය.
කෙසේ හෝ වේවා මේ ගැටුම සමතයකට පත් කිරීම සදහා රාධාවන්ගේ මිතුරියක් ක්‍රිශ්ණා සොයා යන්නට විය. එවිට ඇය දකින්නේ ක්‍රිශ්ණාවන් වෙනත් ගොපලු කාන්තාවක් සමග ඇසුරේ සිටින අයුරකි. ඒ පිළිබද මිතුරියට සැල කර රාධාවන් කැදවන ඇය, රාධාවන් හා ක්‍රිශ්ණා එක් කරන්නේ අනේක කරුණු කියා දීමෙනි. කෙසේ හෝ ක්‍රිශ්ණා තමා වෙත ආවද ඔහු නැවත එසේ නොකරනු ඇතැයි ඇයට විශ්වාසයක් නැත. මෙවැනි සිතිවිලි අතර සිටිනා රාධාවන් පිළිබද කතාව අවසාන වන්නේ හිමාලය පාමුල ගලා යන යමුනා ගං තීරයේ රාධා හා ක්‍රිශ්ණා අභිරමණය කිරීමෙනි. රත්න ශ්‍රී විජේසිංහයන් තම නිර්මාණය මගින් ස්පර්ශ කරන්නේ කතාවේ අවසාන කොටසයි.
තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න ඉඩ හරින්න රාධා
කාව්‍යය විසින් කාන්තාවන්ගේ පියයුරු වර්ණනා කිරීම සදහා යොදා ගත් සුලභ උපමාව මෙහදීද භාවිතා කර ඇති අතර කාන්තාවගේ රතිකාමී හැගුම් ඇවිස්සෙද්දී සිදුවන සිදුවීම් මෙහිදී රත්න ශ්‍රී විජේසිංහයන් මතු කරන්නේ රාධා හා ක්‍රිශ්ණාවන් රමණය සදහා පිවිසෙන අයුරයි. ඇයගේ තොල් සිඹිමින් ඇය හා එක්වීමට පියවර තබන ඔහු රාධාවන්ට පවසන්නේ තමා සමග අමනාප නොවී ඔහු හා රමණය සදහා එක්වීමට සිතට ඉඩ දෙන ලෙසයි.
කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
කෙලොම් වනයක් එනම් අශෝක මල් වනයක එක්වන මොවුන් පිළිබද කියද්දී ඔවුන් සිටි පරිසරය පිලිබදව පවා ගීතය තුල කැටි කර ඇති අයුරකි. අශෝක මල් පිපුණු වනයක මල් වලින් නැගෙන සුගන්ධය වසන්තය සිහිගන්වමින්ම සීතල පිලිබද මතක් කරමින් මෙය වසන්තයේ ආරම්භය බවත් කියා පායි. ඒ මෙන්ම එය රාධාවන්ගේ සිත මෙත් පිරී තිබූ තමන් වෙත නොවූ ක්‍රිශ්ණාවන්ගේ සිතිවිල තමා වෙත ලග වීම තමාට වසන්තය පැමිණියායැයි පැවසීමක් ලෙසද පෙන්නුම් කර ඇත. රමණය අවසානයේ සිදුවන සිදුවීම් හා ඇයගේ සුසුම් විලාසයන් පවා එක්කොට රත්න ශ්‍රී විජේසිංහයන් මේ පවසන්නේ අන්තයක වූ හරුපයක් නොවේද? සාහිත්‍යය තුල පැවසූ හරුපයක් තේරුම් ගැනීම සාහාත්‍ය තුලින්ම විය යුතුය. කෙසේ වුවද දැන් ඔහු හා ඇය රමණය කර අවසන්ය. ඇය තවදුරටත් ක්‍රියාකාරී නොවේ. ක්‍රිශ්ණාවන් ඇයට වෙහෙස නිවාගන්න යැයි පවසන්නේ ආදරයෙන් තුරුලුව හිදිමින්ම විය යුතුය. ඒ ඔහු තවමත් ඇය හා සංවාසයේ යෙදීම අවසන් නොමැති බව පෙන්වීමක් නොවන්නේද? කාමයට අවසානයක් නොමැති බව කියා පාමින් ඔහු ඇය හා තවමත් තුරුලුව හිදින්නේ ඇයගේ විඩාව සංසිදෙන තුරුය. නමුත් ඇය සුරාන්තයට පත්ව ඇත.
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවල පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
අවසානයේ ඇයගේ සිත යලිත් ක්‍රිශ්නාවන් වෙතන් කෙනෙකු වෙත යාවි යන සිතිවිල්ල ඇතිවේ. මේ වෙනස ක්‍රිශ්ණාවන් දකී. නමුත් ඇයට තවදුරටත් ඔහු හා සංවාසයේ යෙදීමට අවැසි නොවේ. එවන් හැගීම් ඇය තුල නැත. එවිට ජනශ්‍රැතියේ එන කෙම් ක්‍රමයක් තක් කර දෙන්නේ ක්‍රිශ්ණාවන්ය. ඒ සදුන් කල්ක සකස් කර ශරීරයේ විවිධ ස්ථානවල තවරා ගැනීමෙන් සුනරාන්තය පමා කරවා ගත හැකිය යන්නයි. ඔහුට ඇය හා එක්වී සෑහෙන කාලයක් ගතවී ඇත. ඒ නිසා ඇය නැතිව ගිණියම් වූ ඔහුගේ ශරීරය නිවන්නට ඇය හා තව තවත් සංවාසයේ යෙදීමට ඔහුට අවැසිව ඇත. පෙර අශෝක මලින් ගැවසි වනයක් වූ ඇගේ සිත දැන් නියගලා මල් වනයක් කරන්නේ ඇයගේ සිතිවිලි සියල්ල පේලි දෙකකට ගොනු කරමිනි.
රචකයා විසින් දීර්ඝ සිදුවීමක් පද පේලි කීපයකින් ගෙනහැර දක්වා ඇති අයුරු අපූරුය. අද ගීත කලාවේ භාවිතා කර ඇති උපරිම කාමය පිළිබද අමු අමුවේ කියැවෙන ගීත සියල්ලම එක් කලත් මේ තරම් ශෘංගාරය දක්වා ඇති ගීතයක් සකස් කල නොහැක. ඒ තරමින්ම මේ ගීතය තුල කියැවෙන කතාව අපූරුය. නමුත් අද දකින්නට ලැබෙන ගීත ක්‍රමයෙන් කීවා නම් මෙය අමුම අමු කුණුහරුපයක් පමණක්ම වනවා නොවේද? හරුපය පවා සාහිත්‍යය තුල ගිල්වා තැබීමෙන් අපූර්ව නිර්මාණ බිහිවන බවට මෙයට වඩා හොද උදාහරණ කෙසේ සපයන්නද? රන්ත ශ්‍රී විසින් විරචිත අපූරු නිර්මාණයක් වන මෙය දැන් අසා බලන්න මේ ගීතයේ අරුත සමග වින්දය කෙතරම් වෙනස්ව ඇත්දැයි සිතන්න...
රචකයා විසින් දීර්ඝ සිදුවීමක් පද පේලි කීපයකින් ගෙනහැර දක්වා ඇති අයුරු අපූරුය. අද ගීත කලාවේ භාවිතා කර ඇති උපරිම කාමය පිළිබද අමු අමුවේ කියැවෙන ගීත සියල්ලම එක් කලත් මේ තරම් ශෘංගාරය දක්වා ඇති ගීතයක් සකස් කල නොහැක. ඒ තරමින්ම මේ ගීතය තුල කියැවෙන කතාව අපූරුය. නමුත් අද දකින්නට ලැබෙන ගීත ක්‍රමයෙන් කීවා නම් මෙය අමුම අමු කුණුහරුපයක් පමණක්ම වනවා නොවේද? හරුපය පවා සාහිත්‍යය තුල ගිල්වා තැබීමෙන් අපූර්ව නිර්මාණ බිහිවන බවට මෙයට වඩා හොද උදාහරණ කෙසේ සපයන්නද? රන්ත ශ්‍රී විසින් විරචිත අපූරු නිර්මාණයක් වන මෙය දැන් අසා බලන්න මේ ගීතයේ අරුත සමග වින්දය කෙතරම් වෙනස්ව ඇත්දැයි සිතන්න...
තිසර තුඩට තුඩ නගන්න
ඉඩ හරින්න රාධා
මහද සුරත් නෙලුම් කැකුල
දැදුරු වෙන්න පාරා
දුනු දියෙන් මිදී මදරද
රාව නගන මීපා
ලලිත ලවන සිඹ රඟන්න
ඉඩ හරින්න රාධා
කොලොම් වන හිසේ මුවරද
මමන මද පොදින් සීතල
වපුල කලාපේ මංගල
යහන් සලුව සෝදා
සුසුම් නලින් වියැලෙන්නට
ඉඩහරින්න රාධා
නියඟලා මලින් සෝබන
කළිඳු ගංතෙරේ වන ගැබ
දියගෙවන පිරුනු උණුසුම
නිවාලන්න රාධා
ලහෝපලු සිහිල හෙල්මැලි
සඳුන් කල්ක තවරා
ගායනය - ඩබ්ලිව් ඩී ආරියසිංහ
පද රචනය - රත්න ශ්‍රි විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
<3
ReplyDelete- ජෙ මා -