මගේ ගමන් බිමන් එකසිය දොළොස්වන කොටස - රාවණ රජු සීතා දේවිය රැගෙන ගිය “චැරියට් පාත්”

ලංකාවේ තියෙන අපූර්වත්වය සොයා යන ගමන් වලින් එකක් විදිහට මේ ගමන සූදානම් වන්නේ මා හා මාගේ මිතුරන් සදහා කදවුරක රාත්‍රිය ගත කිරීමේ අත්දැකීම විද ගැනීම පෙරදැරිවයි. මේ සියල්ලේ එකම රැකියාවක එකම තනතුරකට බදවා ගත් අය වුවත් අද වෙන් වෙන් රැකියා සදහා ඉවත්ව ගිය අයයි. මේ අපගේ සිව්වන ගමන වන අතර එක් තැනක එක් වූ අප නැවත නැවතත් මිතුදම් අලුත් කරන්නේ මෙවැනි සුන්දර ගමනකිනි. මේ එවන් ගමනක සුන්දරත්වය අප විදගත් ආකාරය පිළිබදව කතාන්දරයයි. 

වර්ෂ 2019 මාර්තු මාසයේ නුවර එළිය දිස්ත්‍රික්කයට වර්ෂාව පවතින බව කියවුනා වුනත් අපේ නිවාඩු එක්ක අපිට තිබුනේ මේ දිනය විතරයි. ඒ නිසා වර්ෂාව කොහොම වැටුනත් යනවා කියන අධිෂ්ඨානය එක්ක අපේ ගමන තීරණය වුනා. ඒ පිදුරුතලාගල කන්දේ එක් කෙලවරක තියෙන Chariot path එහෙමත් නැතිනම් කරත්ත පාර දිගේ යන්න. අපි චැරියට් පාත් කියන නමින් මේක හැදින්නුවා වුනත් ගම් වැසියන් නම් මේ තැනට කියන්නේ පිට්ටනි කියලයි.

මගේ ගමන් බිමන් එකසිය එකොලොස්වන කොටස - පැට්නා

හැමදාමත් මගේ ගමන් බිමන් එක්ක එකතුවෙලා හිටි මිතුරු මිතුරියන් වෙනුවෙන් ලියන්න තරම් කාලයක් නොමැති නිසා පොඩි ප්‍රමාදයක් තිබුනා වුනත් ඕන ආයෙමත් ලිපියක් එක්ක ආව. ඒ කොයි කවුරුත් ආසාවෙන් යන්න දඟලන තැනක් ගැන විස්තරයක් එක්ක. ඒ තමයි පැට්නා.
 
දෙනියායේ තියෙන හරිම අපූරු විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි පැට්නා කියන්නේ. එනසල්වත්ත වතුයායේ පැට්නා කියන කොටසට අයිති මෙම ස්ථානය වඩා ප්‍රසිද්ධ වෙන්නේ "බුරුස් ගල" නමින් හඳුන්වන දිය සීරාව තියෙන ලිස්සා යා හැකි කොටස නිසාවෙන්.  දෙනියායේ ඉඳන් විහාරහේන මාර්ගයේ ඇවිත් එතැනින් එනසල්වත්ත මාර්ගයට හැරෙන්න ඕන. ඒ පාර දිගේ ගියාම පැට්නා නැරඹුම ලගට එන්න පුළුවන්. එතැනින් පස්සේ තේවත්ත මැදින්  පොඩි දුරක් පයින් යන්න වෙනවා. එවිට පැට්නා "බුරුස් ගල" නමින් හඳුන්වන තැනට එන්න පුළුවන්.

එදා මෙදාතුර කඳුළට විවරවු

මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ එක සේ ජනප්‍රිය වූ ගීතයක් ලෙස හැඳීන්විය හැකිය. විශාරද සනත් නන්දසිරි විසින් සංගීතය සපයා ගායනා කරන මෙහි පද රචකයා වන්නේ විමල් ජයශාන්ත නම් අප්‍රකට රචකයෙකි. 1975 දී පමණ නිර්මාණය වී ඇති මෙම ගීතය එකි රචකයාගේ අත්දැකීමක් මත නිර්මාණය වී ඇතැයි ද ඔහු විසින් විරචිත ප්‍රචාරය වූ පළමු හා අවසාන ගීතය බවට ද සැලකේ. 

ඉතිහාසය අනුව නම් ඔවුන්ගේ ප්‍රේමයට දෙමාපියන්ගේ විරුද්ධත්වය ඇතිව තිබේ. ඒ නිසා සියදිවි හානිකරන්නා පෙම්වතිය නිසාවෙන් දුක්වන ඇගේ පියා ඔහුට නිවසට ආරාධනා කරයි. කිසිත් නොදන්නා ඔහු පෙම්වතියගේ නිවසට පැමිණෙන්නේ ඇයගේ පියා විරෝධතාවන් පසෙකලා ඔහුන්ගේ ආදරයට එකඟ වී ඇති බව සිතමිනි. නමුත් නිවසේ සුදු කොඩි දකින ඔහු තවමත් සිතන්නේ ඇයගේ ඥාතියෙකුගේ මරණයක් ලෙසයි. නමුත් ඔහු නිවසට ඇතුලුවන විට ඔහු දකින්නේ තම ආදරය නිසොල්මන්ව සිටින රුවයි. ඒ දකින ඔහුගේ සිතුවිලි මේ ලෙසින් ගීතයක් බවට පත්ව ඇත.

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා

කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි. මේ ගීතය ගැන මාගේ අවධානය යොමු කලේ මාගේ මිතුරෙක්.. ඒ පිළිබද ඔහුට මම ස්තූතිවන්ත විය යුතුයි. මේ ගීතය තරම් ශෘංගාරය කැටි කල ගීතයක් තිබේද යන්න හිතන්නවත් බැරි තරම්.. ගීතය පුරාවට කියැවෙන කතාන්දරය පිළිබදව හාංකවිසියක්වත් නොදැන මේ ගීතය විදින්න පුළුවන් තරම් අපූර්ව සංගීතයක්ද මේ ගීතය සතු වෙනවා. ඩබ්ලිව් ඩී ආරියසිංහයන්ගේ හඩින් ගැයෙන මේ ගීතය සදහා සංගීතය සපයා තියෙන්නේ ගුණදාස කපුගේ ශූරීන් විසිනුයි. රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන කතාවත් එහි ඔහු තෝරාගෙන ඇති කොටසකත් අපූර්වත්වය වැඩි කරන්න සමත්වෙලා තියෙනවා.

ගීතයේ තතු කියන්නට මත්තෙන් රාධා හා ක්‍රිශ්ණා කතාවේ ගීතය සදහා පදනම් වූ කොටස මතක් කල යුතු යැයි සිතමි. රාධා හා ක්‍රිශ්ණා දෙපලගේ ආදරය පිලිබද කතා අපමණ තිබේ. ක්‍රිශ්ණා යනු වසදඩු වයන ගොපලු තරුණයෙකි. මේ වන විට රාධා ඔහුගේ බිරිද බවට පත්ව ඇත. ක්‍රිශ්ණා ගොපලු රැහේ අනෙකුත් ගෝපිකාවන් හා ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. ඔවුන් වෙන් වූ පසු දෙදෙනාම එකිනොගෙන් වෙන්ව තම ආදරයේ සොදුරු නිමේශයන් මතක් කරමින් කාලය ගත කරයි. නමුත් එකිනෙකා වෙත දෙවැනි වීමේ අකමැත්ත නිසාවෙන්ම ඔවුන් තවමත් විරසක පෙම්වතුන්.. ඇය, ඔහු කල දෙය නිසා නොදෙවෙනි වන අතර ඔහු පුරුෂයෙකු නිසා නොදෙවෙනි වූවා විය යුතුය.

මෙගා පික්සල් බිලියන 24.9ක පින්තූරයේ කතාව

මම මේ ලියන්න යන්නේ මේ දවස් වල මුහුණු පොත පුරාම කතාබහට ලක්වෙලා තියෙන පින්තූරයක් ගැන විස්තරයක්. ඒ තමයි මෙගා පික්සල් බිලියන 24.9ක් වන චීනයේ චන්ද්‍රිකාවක් මගින් ගත්තා යැයි කියන පින්තූරයක්. මෙය කෙතරම් විශාල කර දැකිය හැකිදැයි කීවොත් අවසානයේ අවසාන මිනිසෙකු පවා පැහැදිලිව දැකිය හැකි වන අයුරින් නිර්මාණය කර තිබෙනවා.

මේ ඒ පින්තූරය බලන්න යන්න තියෙන සබැදිය

දැන් අපි බලමු මේ පින්තූරය ලැන පැහැදිලි කර ගන්නේ කොහමද කියල. ඇත්තටම මේ පින්තූරය දන්ද්‍රිකාවකින් ගත්තු ඡායාරූපයක් නම් නෙවෙයි. එහෙමත් නැතිනම් අධික විභේදනයක් ඇති කැමරාවකින් ගත්තු එකකුත් නෙවෙයි. ඇත්තටම මේක පින්තූර දහස් ගානක් එකතු කරල හදපු එක ඡායාරූපයක් යැයි කීවොත් තමයි වඩාත් නිවැරදි වෙන්නේ.

කොහොමද එහෙම පින්තූරයක් ගන්නේ.....?