පරිඝණකයක් පාවිච්චි කරනවානම් මේ ගැනත් හිතන්න.......!

     අපි පරිඝණකයක් භාවිතා කරද්දී ඒක නිවැරදි ආකාරයෙන් භාවිත කරනවද? ඒක නිවැරදිව නඩත්තු කරනවද? මේ දේවල් ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැතුව පරිඝණකය භාවිතා කරනවානම් ඒ පරිඝණකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ කිසිම වගකීමක් දරන්න නම් බැහැ. මූලිකවම පරිඝණකයේ පිරිසිදුකම ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ දේ ගැන පරිඝණකය නිවසට ගෙනාපු අළුත නම් සැලකිලිමත් වෙනවා. ඒත් පහුවෙද්දී ඒ සැලකිල්ල නැහැ. පරිඝණකයේ system unit එක ඇතුලේ තිබෙන ඉඩකඩ තුල මකුළුදැල් හා දුවිලි එක්රැස් වීමේ හැකියාවක් තිබෙනවා. මෙතැනින් වඩාත්ම බලපාන්නේ දූවිලි තමා. ඊට හේතුව වන්නේ දූවිලි එක්රැස් වී තිබෙන තැනකට තෙතමනයක් ලැබුණොත් ඒ ජලය, දූවිලි විසින් උරාගැනීම. මේ වෙලාවෙදී පරිපථ ලුහුවත් වීමක් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා mother boards, RAM, power supply, hard disk ආදිය පිළිස්සෙන්න හැකියාව තියෙනවා. මේක වලක්වා ගන්න නම් කළ යුතුදේ තමා අඩුම ගනනේ මාස එකහමාරකට වරක්වත් පරිඝණකය service කරන එක. ඒ දේ තමන්ටමත් කරන්න පුළුවන් (හැබැයි පරිඝණකය ගලවන්න තරම්වත් දැනුම තියෙනවානම්).
Processor එක අවට දූවිලි බැඳී ඇති අයුරු - අම්බලන්ගොඩ
     
දූවිලි බැඳුනු System fan එක - අම්බලන්ගොඩ
     ඒ වාගේම වඩාත්ම පරිස්සම් විය යුතු වන්නේ මුහුදුබඩ කළාපයේ උදවිය. ඒකට හේතුව තමා පරිඝණක කොටස් මළබැඳීමේ අවදානමක් තිබීම. ඒ නිසා හොඳ අවධානයෙන් ඉන්න ඔයාලාගේ පරිඝණකයේ තත්ත්වය ගැන. ඒ වාගේම මුහුදු සුලං වලින් පුළුවන් තරම් ආරක්‍ෂාවන විදියට පරිඝණකය තියාගන්න කටයුතු කරන්න.

      මේ දේ මුහුදුබඩ කළාපයේ මෙන්ම ආර්ද්‍රතාවය වැඩි පළාත් වලටත් වෙනවා. ඒකට හේතුව තමයි නිතරම තෙතමනය පරිපථ කොටස් වල දැවටීම. ඒ අතර සවිකරද්දී වුන පලුදු වීමක් තිබුනොත් අනිවාර්යයෙන්ම ඒ කොටස් මළ බැදීමකට ලක්වෙනවා.

තෙතමනය නිසා සිදුවූ හානිය - බදුල්ල
දුවිලි හා තෙතමනය - බදුල්ල
  
     දෙවැනි කාරණාව තමා පරිඝණකයක් ගත්තාම ඒක පාවිච්චි කරන්න ඕන. ඒකට හේතුව තමා ඒ දේ භාවිත නොකර හිටියාම එහි ක්‍රියාකාරිත්වය ඇනහිටින්න පුළුවන්. ගොඩක්ම වෙලාවට වෙන්නේ operating system එක damage වෙන එක. ඔයාල මෙහෙම හිතන්න. මනුස්සයෙක් කිසිම වැඩක් නොකර ටික කාලයක් හිටියොත් ඒ පුද්ගලයා ලෙඩ වෙනවා නේද? ඒ වාගේම තමා මේ පරිඝණක වුනත් ලෙඩ වෙනවා. ඒ නිසා නිතර භාවිත කරන එක තමා හොඳ. අඩුම තරමේ දවසට විනාඩි 30ක් වත් පාවිච්චි කරනවානම් තමා හොඳ.


      හැබැයි ඉතින් ආරක්‍ෂා කරන්න කියල පරිඝණක දේවත්වයෙන් අදහන්න වුනත් හොඳ නැහැ. ඒ මොකද නිතර නිතර පරිඝණක ගලවන්න හොඳ නැහැ. හොඳම දේ තමා සාමාන්‍ය ලෙස පිරිසිදුවට පරිඝණකය තියාගෙන ඒ අවටත් පිරිසිදු ලෙස තියාගන්න ගමන්ම මාස එකහමාරකට හෝ දෙකකට වරක් ඒක service කරන එක.

උදාවෙයි දිනෙක



















දිනක් ගනනේම
මහමඟට වී ගෙවන
ජීවිතය අවසානෙ
කුසට අහරක් නැතිව
හිසට සෙවණක් නැතිව
ඇඟට වස්ත්‍රය නැතිව
දැළි කුණු පෙරාගෙන
හිඟමනේ යෙදුනාට
මාළිගා සදන්නට
රජසැපක් විඳින්නට
තිබූ දහසක් පැතුම්
මල් පිපී ඵල දරණ 
දිනක් කවදාකදී
උදාවෙයි සිතුවාද?

මාර වැඩේ මෙන්න වැව් උතුරලා........!

 විශ්ව විද්‍යාලය කියන්නේ අත්දැකීම් ගොඩක් ලබාදෙන තැනක්. ඒක අපි අහල තිබුනා. දැන් මම ඒක ඇත්තටම විඳිනවා. දැනට මම විශ්ව විද්‍යාලයට ඇවිත් යන්තම් මාස දෙකහමාරයි. මේ අම්පාර දිස්ත්‍රික්කයේ සම්මන්තුරේ කියන ප්‍රදේශයේ තියෙන ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයය. මේ දවස්වල මෙහෙට හොඳටම වහිනවා. තියෙන වැව් ඕක්කෝම වගේ උතුරල යනවා. අපි දැන් ඉන්නේ දුපතක් වාගේ තැනක. එක පැත්තකින් කල්මුණේ හා කාර්තිව් යටවෙලා. අනිත් පැත්තෙන් වලතපිටිය කියන ප්‍රදේශයෙන් වැව් වතුර, මාර්ගය හරහා යන නිසා ගමනාගමනය ඇණහිටල. යන්න කියල කිසිම තැනක් නැහැ. ඒ වාගේම මේ දවස්වල අම්පාර වැව් බැම්ම අඩපණ වෙලා. කොයි මොහොතේ හෝ වැව් බැම්ම පුපුරයි කියල තමා කියන්නේ. ඒ වාගේම තමා ඉඟිනියාගල ජලාශය. හෙවත් සේනානායක සමුද්‍රය. මේක තමා අම්පාර දිස්ත්‍රික්කයට වාගේම ලංකාවෙම තියෙන විශාලම වැව. ඒක පෝෂණය කරන්නේ ගල්ඔය ගඟ. ඒක 1994 න් පස්සේ වාන්දාල නැහැ කියල තමා කියන්නේ. නමුත් දැන් ඒ වැව උතුරා යන්න අරන්. වාන්දොරටු 5ක් විවෘත කරලා. අනිත් දොරටුවත් විවෘත කරයි කියල තමා කියන්නේ. ඒ වැව උතුරා යනවා නම් අනිවාර්යයෙන්ම ඒක මගින් පෝෂණය වන කොන්ඩුවටුවාන වැව උතුරායනවා. ඒ වැව උතුරා යන්නේ ඉඟිනියාගල අම්පාර ප්‍රධාන මාර්ගය හරහා. මේ නිසා අනිවාර්ය ලෙසම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතිනවා. වාන්දොරටු හැර තිබුණත් නවගිරියාව වැව උතුරා යනවා.
වාන් දොරටු තුලට ජලය ඇදෙන අයුරු
වාන් දොර

නවගිරියාව වැව උතුරා යාම

නවගිරියාව වැව උතුරන අයුරු

නවගිරියාව වැව උතුරන අයුරු

නවගිරියාව වැව උතුරන අයුරු

නවගිරියාව වැව වාන් දොරටු අසල

නවගිරියාව වැව වාන් දොරටු අසල

නවගිරියාව වැව වාන් දොරටු

නවගිරියාව වැව වාන් දොරටු අසල

නවගිරියාව වැව වාන් දොරටු අසල

නවගිරියාව වැව

නවගිරියාව වැව


මෙසේ වැව් උතුරා යන එක පිරිසකට විනෝදයට කාරණාවක්. ඒකට හේතුව ඒ වතුරේ නාන්න. ඒ වාගේම ඒකේ ඇති ලස්සන විඳගන්න. මේවාගේම කොල්ලො කුරුට්ටන්ට මාළු අල්ලන්න. ඒ වාගේම වඩා විශාල ප්‍රමාණයකට දුක් වීමට කාරණාවක්. ඒ අයගේ වතුපිටි, ගේ දොර හා වගාබිම් සියල්ල යට වෙනවා. තමන් සතු සියලු දේ වගා බිම් වලට යටකල අයට මොන වෙනවද කියල ඒ විඳින අයම තමා දන්නේ. මේ සියළු වැව් උතුරායාම සඳහා ප්‍රධානම හේතුව වන්නේ මේ දිනවල එක දිගටම ඇදහැලෙන වර්ෂාව. මට නම් මේ දේවල් හොඳ අත්දැකීමක්. ඒත් මේ දේ හැම වැස්සකදීම අත්විඳින උදවියත් ඇති. මේ සියල්ල වෙත්දී තවමත් වර්ෂාවේ නම් අඩුවක් දකින්න නම් නැහැ. 

මම ගියා සේනානායක සමුද්‍රය උතුරා යාම බලන්න. ලස්සන දර්ශනයක්. ඔයාලත් විඳින්න. ඒ වාගේම තමා ඒ වැවේ බැම්ම මාර ලස්සනක් තියෙන්නේ. පින්තූර අපැහැදිලි වුනොත් කමා වෙන්න. මොකද මේ පින්තූර ගත්තේ මගේ දුප්පත් sonny ericsson K530i ජංගම දුරකථනයෙන්.

යටවූ ඉඩම්

වාන් දමන ස්ථානය

වාන් දමන ස්ථානය

වාන් දමන ස්ථානය

වාන් දොර පිහිටි ස්ථානය

වාන් දොර පිහිටි ස්ථානය

වැව් බැම්ම මාර්ගයට පෙනෙන අයුරු

වැව් බැම්මට ඇතුලු වන ස්ථානය

සේනානායක සමුද්‍රය


විදුලි බලාගාරය සඳහා වාන් දොර

විදුලි බලාගාරය

වැව් බැම්ම මත

විදුලි බලාගාරය සඳහා වාන්දොර


කඳුලට නිමාවක්......

දුක දැනුනු විටෙක
නෙතට උනන
කඳුලු..........
වැටෙන්නට පෙර බිමට.......
හිතන්න
දිනෙක දැනේවි
වඩා වැඩි දුකක්......
එදිනට හඬන්නට
ඉතිරි කරගනිමු
කඳුලු.......
එදිනටත් හිතුනොතින්
මතු දිනෙක හඬමි මම
ජීවිතේ හැමදාම
කඳුලු නැත නෙතු අගට......




අද අපේ සමාජය

මම මේ අද කියන්න යන කරුණ ඔබත් මම වාගේම අත්දැකල ඇති. මම මේ දෙය ලියන්න හේතුව වුනේ මගේ යාළුවෙකුගේ ගෙදර යනවෙලාවේ මම දැකපු දෙයක්. හැම දෙනෙක්ම ජීවිත කාලයේ කවදාම හරි දවසක බස් රථයක ගමන් කරල ඇති. ඒ යන වෙලාවේදී බස් එකට වයසක මනුස්සයෙක් බොහොම අපහසුවෙන් නැග්ගොත් මොකද කරන්නේ? ඒහෙම නැත්තම් පොඩි ළමයෙක් වඩා ගත්තු අම්මා කෙනෙක් හරි ළමයෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් හරි නැග්ගොත් මොකද කරන්නේ? මොකද කළේ? ඒ දවසේ ඒ වෙලාවේ තමන්ගේ හිතට අවංකව ඒ ආසනය ඒ තැනැත්තාට හෝ තැනැත්තියට දුන්නාද කියල තමන්ම හිතන්න. තමන්ගේම හදවතෙන්ම අහල බලන්න.

දවසක් නැග්ග මම ගිය බස් එකකට බඩදරු අම්මා කෙනෙක්. ඒ වෙලාවේ කිසිම කෙනෙක් තමන්ගේ ආසනය ඒ අම්මට දෙන්න උත්සුක වුනේ නැහැ. ඒ ලඟ තිබුනු ආසන ගොඩකම සිටියේ කාන්තාවන්. කොන්දොස්තරවරයා කොපමණ කෑගැහුවත් ඒ ආසන නම් හිස් වුනේ නැහැ. ඊට මඳක් ඉදිරිපස අසුනක සිටි තලතුනා පුද්ගලයෙක් තමා තමන්ගේ අසුන ඒ අම්මාට දුන්නේ. දරුගැබක් දරා සිටිමේ අපහසුව ඒකේ තියෙන වේදනාව, ඒ වේදනාව විඳපු අම්මලාටම නොතේරෙන තරමටම මේ සමාජය දියුණුවෙලාද? ඒ අම්මා විඳින වේදනාව දැනුනේ අර පුද්ගලයාට විතරද? හිතන්න ඔබ තරුණියක් නම් ඔබත් දවසක මේ වාගේම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. ඔබ පිරිමියෙක් නම් හිතන්න මේ ඔබේ බිරිඳ නැත්තම් සහෝදරිය වුනානම් ඔබ මොකද කරන්නේ. මේ වාගේ අවස්ථවන් අනාගතයේ සිදුනොවෙන්න වගබලාගන්න. ඒ වාගේම ඒ ලබාදෙන ආසනය ඒ පුද්ගලයා සඳහා සුවපහසුද කියලත් මඳක් හිතන්න.

දෙවන කාරණය තමා බස් රථ වලට ගොඩවෙන විරිඳුකරුවන්, පොත් පත් විකුණන පුද්ගලයන් හා හිඟන්නන් ගැන කාරණය. මොවුන් ඇත්තටම කවුද? හිඟාකෑම හා විරිඳුනීම තමා දැනට මුදල් සෙවීම සඳහා හොඳම රැකියාව. හැබැයි ඉතින් ගෞරවය නම් ලැබෙන්නේ නැහැ. හිඟන සමාජය කියන පොත කියවලා බලන්න. ඒකෙ තියෙනවා ඒ අය ගැන කල පරීක්‍ෂණ සටහන් විශාල ප්‍රමාණයක්. ඒ වාගේම ලඟදී පළවුනු පුවත්පතක තිබුණා බස් රථයට විරිඳු කියන මුවාවෙන් පැමිණ මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කල අවස්ථාවක්. මේ දේවල් ගැන හිතන කොට මේ පුද්ගලයන්ගේ තිබෙන්නේ දුප්පත්කමමද විරැකියාවද නැතිනම් කම්මැලිකමද? හිතල බලන්න.

මේ වාගේ අවස්ථාවකටත් උදාහරණයක් මගේම අත්දැකීමක් ඇසුරින් දෙන්නම්. දවසක් බස් රථයට නැංගා පුද්ගලයෙක් ඔහු අපස්මාර රෝගියෙක් වගේ මුළු ශරිරයම වෙව්ලනවා. ඉහෙන් කනින් දාඩිය දාල. බස් රථය ඉදිරියෙන් නැගල කියනවා කතාවක්. ඒක එයා ගැන කියන දුක් අඳෝනාවක්. ඒ කියල හිඟාකනවා. ඊට පස්සේ බස් එකෙන් බැහැල බස් එකේ පිටිපස්සට යනකොට වෙව්ලීම අවසන්. සාක්කුවෙන් ගන්න ලේන්සුවෙන් දාඩිය ටික පිහදාගෙන සාමාන්‍ය ගමන් විලාසයෙන් යනවා වෙනත් බස් රථයකට. මේක තමා අද හිඟන්නන්ගේ සැබෑ තත්ත්වය.

මම දන්න තවත් කාන්තාවක් අවුරුදු විස්සකට අධික කාලයක් හිඟාකමින් ජීවත්වෙනවා. මේ කන්තාවගේ නිවස ජල විදුලිය සහිත නිවසක්. දරුවන් හොඳ රැකියාවන් කරනවා. ඒත් තවමත් මේ කාන්තාවගේ රැකියාව තමා පුරුදු හිඟාකෑම. මේ රැකියාව කරන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමා ලැබෙන අධික ලාභය. අනික තමා කාලයක් තිස්සේ මේ රැකියාවේ යෙදීම නිසා වෙනත් රැකියාවක් කිරීමට නොදැන සිටීම. කොහොම වුනත් බස් රථයට ගොඩවෙන පුද්ගලයෙකුට මුදල් දෙන්න කලින් දෙපාරක් හිතනවානම් තමා වඩා හොඳ. මොකද ඒ දෙය වරදක් කිරීමට අනුබල දීමක් වෙන්නත් පුළුවන්. ඒ දෙන මුදල පින් සලකා දෙනවා නම් ඒක අනාත නිවාසයකට වගේ දෙයකට ලබා දීමෙන් ඊට වඩා පිනක් ලැබෙයි කියල තමා කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඇත්තටම තමන්ගේ අසරණකමකට මුදල් එකතුකරන පුද්ගලයන්ටත් මේ දෙයින් පහර වදින එක නම් ෂුවර්. ඒත් අවසානයේ හිතන්න තමන් කරන දේ තව කෙනෙක් ගේ සුභ සිද්ධිය තකා ද නැත්තම් කෙනෙකුට බොරු කරන්න උල්පන්දම් දීමක්ද කියන එක.