විකසිත පෙම් පොකුරු පියුම්

විරහව විඳින්න මොන තරම් නම් විධි තියෙනවද? විරහව එක් එක් අය දාරා ගන්න විධියට වෙනස්. අද කාලයේ ඇහෙන ගොඩක් ප්‍රවෘත්ති විරහව දරාගන්න බැරි වුන නිසා සිදුවෙන ඛේදවාචක විදිහට තමයි අහන්න ලැබෙන්නේ. ඒක බොහෝමයක් වෙලාවට සිදු වෙන්නේ විරහව තමා තුල සිරකරගෙ සිටීම නිසා විඳි වීම පසුව මානසික ආතතිය බවට පත් වීම නිසා කියලයි මම ිනම් හිතන්නේ. නමුත් කලාව දන්න මිනිහා, කලාකාරයෙක් ඒ විරහවම තමාගේ කලාව ඇතුලට සම්මිශ්‍රණය කරල සමාජවයටම මුදාහරිනව. ඒ තුල තමාගේ ශෝකය අඩු කරගන්නත් කාට හරි තමන්ගෙ කතාව කියල ලැබෙන සැනසීමත් ඔවුන් ලබා ගන්නවා. ඔය දේ නැති තැනදි වෙනන්න පුලුවන් හානිය අපමණයි. මේ තියෙන්නේ එක් කලාකාරයෙක් තමාගේ විරහව විඳින ආකාරය.

ආචාර්ය අංන්තා රණසිංහයන් අතින් ලියැවෙන මේ පද ඔහුගේම කතාවක් කිලත් සමහර අය විග්‍රහ කරනව. ඒ කොාහම වුනන් කලාවත් එක්ක සම්මිශ්‍රිත විරහව මේ පද ඇතුලෙ අපූරුවට හංගනව. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා ලබා දීපු සංගීතය, කේමදාස මාස්ටර් ඒ හැඟීම් උපරිමයටම තියන්න හදාපු විදිහත් හරිම අපූරුයි. ඒ සංගීතය ආරම්භයම ගම්බද හැඟීමක් තමයි මවන්නේ. මම නම් ගමක වලව්වක පොඩි කුමාරිහාමි කෙනෙක්ට පෙම්බැන්ඳ තරුණයෙක්ගේ කතාවක් කියන තැනට තරම් ගෙනියන්න මේ සංගීතයම ප්‍රමාණවත්.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

කතානායකයගේ එහෙමත් නැතිනම් තරුණයාගේ හිතෙත් තරුණියගේ හිතෙත් ඇතිවුන ආදරයක්. ඒ ආදරේ නවතින්නේ කාන්තාවගේ පැත්තෙන්. ඇයගේ පයටයි පොඩි වෙලා විනාශ වෙලා යන්නේ. ඒ ඇතුලේ ආදරයට වඩා ඇයගේ තත්වයේ උසස් බවක්‍ පෙන්වනවා කියලයි මම හිතන්නේ.ඇයගේ තත්ත්වය හමුවේ තරුණයාගේ ආදරය පයට පෑගිලා පොඩිවෙන තරමයි. ඔහු කියනවා ඔහුට පිටුපාල පතිකුලයට යනව කියල. එතනත් ඇය ඔහුට වඩා උසස් අයෙක් හා යන බවක් හඟවනවා. නමුත් අවසන් පෙල ඔහු තවමත් ඇය ආමන්ත්‍රණය කරන්නේ "සොඳුරු ලඳුනේ" කියල. ඒ ඇය ගැන තවමත් ඇති ආදරයේ ප්‍රමාණයමයි. ඔහු වෛර කරන්නේ නෑ. ඔහු තේරුම් ගන්නවා ඇය ඔහුට අයිති නැති බව.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

ඔහු ඊලඟට කියන්නේ තවත් කතාවක්. ඒ ඇය යන තැන, ඇයගේ විවාහක සැමියා ගැන දන්නවා වගේ හැඟීමක් මතුකරමින්ම මතක් කර දෙන්නක්. ඒ ඇයට දවසක ඉන්න තැනක දුකක් කඳුරක් ආවොත්, කාටවක් කියාගන්න බැරිව අඬන්න වුනොත් අපේ ආදරය මතක්වෙලා විරහ වේදනාව දැනෙන්න එපා කියලයි. ඒ වේදනාව ගින්නක් වගේ දාගන්න බිරි බව ඔහු දන්නව. ඒ වේදනාව කවදාවත් ඇයට දැනෙන් එපා කියල තරුණය ප්‍රාර්ථනා කරනව.

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා

ජීවිතේ පසු කාලයකදී වුනත් ජීවිතේ තනියක් දැනෙද්දී වුනත් ඔයා තෝරගත්ත ඔය සැපවත් ජීවිතය ඇතුලේ ඒ දුක නොදැනෙන්න තරම් දේවල් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ආයෙමත් මුලින් කියපු ඇය ඔහු වෙනුවට තොරගත්තු සැපවත් ජීවිතය පිලිබඳවත් රචකයා මතක් කරනවා.


තනියම ඉන්න නිශ්ෂබ්ද වෙලාවක, අනිත් සද්දබද්ද වලින් පිරුණු සංකීර්ණ ලෝකෙන් අයින් වෙලා මේ සගීතය අහල බලන්න. ඔයාලට මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නේ කියල. හිතනවා ඔයාලගේ අදහස් මේ යටින් ලියැවෙයි කියල.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...//

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...//

විකසිත පෙම්...

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...//

විකසිත පෙම්... //

ගායනය: විශාරද පණ්ඩිත් අමරදේව
ගී පද: අජන්තා රණසිංහ
සංගීතය: ප්රේමසිරි කේමදාස

මගේ ගමන් බිමන් එකසිය විසි එක්වෙනි කොටස - ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය

කොළඹ සිට මහනුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිලිමතලාව නගරයෙන් දකුණට හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක් පමණ ගිය විට හමුවන ගඩලාදෙණිය රජමහා විහාරය පසුකරමින්, තවත් කිලෝමීටර් 4ක් පමණ ඉදිරියට ගිය විට හමුවන හියරාපිටිය ගම්මානයේ ඇති පැන්හල්ගල නම් වූ ගල්පර්වතයේ මුදුණේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබේ. 

ගම්පොළ යුගයට අයිති යැයි සැළකෙන මෙම විහාරය ක්‍රි:ව: 1344 දී පමණ 4 වන බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරව ඇතැයි සැළකේ. රමණීය වටපිටාවකින් සමන්විත මෙම ස්ථානයේ ඉදිකරන ලද මෙම විහාරය බුදුගෙයක් වන්නා සේම දේවාලයක් වන බවටද එහි අංග ලක්ෂණ විදහාපායි.
ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූ පොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින් එය තම ගුරු භික්ෂූන් වහන්සේහට දන්වා ඇත.  ගුරු භික්ෂූන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි සත්‍යතාවයක් ඇතිබව තේරුම් ගෙන ගම්ප්‍රධානීන් මගින් සිව්වන බුවනකබාහු රජුට මේ පිළිබදව සැළකර සිටින ලදී. රජතුමාගේ මහඇමති වූ සේනාධිලංකාර විසින් මෙම ස්ථානය ජයබිමක් ලෙසට හදුනාගෙන මෙහි රජමාළිගයක් ඉදිකිරීමට සුදුසුයැයි සැළකර සිටියද, සිව්වන බුවනකබාහු රජු විසින් මෙහි විහාරයක් සහිත දේවාලයක් ඉදිකිරීමට අණ දී එය සංඝයාවහන්සේට පූජා කර ඇත. තවද විහාරය නිර්මාණය කිරීමේ කටයුතු වෙනුවෙන් මසුරන් තුන් කෙල ලක්ෂයක් වැය වූ බව ඉතිහාසයේ සඳහන්ය.
ලංකාතිලක විහාරයේ ඵෙතිහාසික වැදගත්කම සම්බන්ධයෙන් විමසා බැලීමේ දී මෙහි දක්නට ලැඛෙන කලා නිර්මාණ අමතක කළ නොහැකි ය. ඉන්දියානු ආභාසය ද සමගින් නිර්මාණය කර තිඛෙන මෙහි නිර්මාණ දකුණු ඉන්දීය ශිල්පියෙකු වන ස්ථාපතිරායර් විසින් කරවන ලදී. විහාරස්ථානයේ නැගෙනහිර දෙසින් බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙය, බටහිර දෙසින් දේවාලය පිහිටා තිඛෙන අතර, ගල් තලාව පාමුල විහාරගෙය පැත්තෙහි සංඝාවාස ඉදිකර තිබේ. මෙම විහාර භූමියේ ම චෛත්‍ය, බෝධිය, බණ මඩුව සහ දෙවියන් වෙුනවෙන් ආහාර පිසීම සදහා යොදා ගන්නා ලද මු¨තැන්ගෙය යනාදි ගොඩනැගිලි දක්නට ඇත.


 
බුදු මැදුරට පිවිසෙන අවස්ථාවේ දී දක්නට ලැඛෙන මකර තොරණ වැදගත් ස්ථානයක් හිමි කරගනී. විහාර ගෙයි දක්නට ලැඛෙන විශාල බුදු පිළිමය ලාංකීය ශිල්පියාගේ අනන්‍යතාව මනාව විද්‍යමාන කරවන අතර, නුවර යුගයේ කලා ලක්ෂණවලින් මෙය පරිපූර්ණත්වයට පත් වේ. ඇත් රූප 16කින් සහ කුඩා මකර තොරණ් 05 කින් සමන්විත වූ රූ කැටයම්වලින් විහාර ගෙයි පිටත බිත්තිය අලංකාර කර තිබේ. විහාරයට පිවිසෙන විට හමුවන සඳකඩපහන ද මෙම යුගයේ කලාකරුවාගේ කලා කෞශල්‍ය මනාව විද්‍යමාන කරවයි. අනුරාධපුර සහ පොළොන්නරු යුගවල මෙන් නොව මෙහි බිත්ති අලංකරණය උදෙසා යොදා ගෙන තිඛෙන චිත‍්‍ර ද මෙරට කලාකරුවාගේ කෞශල්‍ය මනාව විදහා දක්වයි.
 

මගේ ගමන් බිමන් එකසිය විසිවෙනි කොටස - ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරය

කොළඹ - නුවර මාර්ගයේ ගොස් පිළිමතලාව නගරයෙන් හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ ගිය පසුව ගඞලාදෙණිය විහාරයට ළඟා විය හැකිය. ගම්පළ රාජධානි සමයේදී නිර්මාණය කරන ලද ගඞලාදෙණි රජමහා විහාරය සිව්වන බුවනෙකබාහු රජුගේ අනුග‍්‍රහයෙන්, පළමු වැනි ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ සේනාධිලංකාර ඇමතිවරයා යන තිදෙනාගේ සුසංයෝගයේ ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක. නිකාය සංග්‍රහයට අනුව සද්ධර්මතිලක නමින් හදුන්වා ඇති මෙය ක්‍රි.ව. 1344 දී ගොඩනංවන ලදී. ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව ඉදිවූ මෙම ඉදිකිරීම හා සමාන ලක්ෂණ මහනුවර නාථ දේවාලයේ හා නාලන්දා ගෙඩිගේ ආශ්‍රිතවද දැකිය හැක. පසුකාලීනව එනම් ක්‍රි.ව. 1412-1467 රජ පැමිණි දස වන පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණයන් සහිතව හුණු පිරියම් කිරීමක්ද සිදුකර ඇති බැව් පැවසේ. ක්‍රි.ව. 1707-1739 යුගයේ රජ පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැලිවිට සරණංකර මාහිමියනට සන්නසක් මගින් මෙම විහාරය පවරා තිබේ.
විහාරයට නම් ලැබීම සම්බන්ධයෙන් විවිධාකාර මත පලවුවද ප්‍රධානකොටම ජනප්‍රවාද කතා දෙකක් ඉස්මතු වෙයි. එනම් විහාරස්ථානයට ආසන්නයේ පිහිටි දෙණිය නම් වූ ස්ථානයෙන් විහාර කර්මාන්තය සඳහා අවශ්‍ය ගල් කඩාගෙන පැමිණි බවත් ඒ හේතුවෙන් මුල් කාලයේදී කඩලාදෙණිය නමින් ව්‍යවාහාර කරන නමුත් පසුකාලය වනවිට ගඞලාදෙණිය නම් වූ බවත්ය. එමෙන්ම විහාරය ඉදිකිරීමට තෝරාගන්නා ලද දෙණිය නම් වූ ස්ථානයේ ගඩොල නමින් අල වර්ගයක් උඩට මතුවූ නිසාවෙන් ගඩොල ආ දෙණිය ගඩොලාදෙණිය වූ බවත්, පසුකාලය වනවිට ගඞලාදෙණිය නම් වූ බවද ජනප්‍රවාදය පවසයි.

විහාර භූමියේ ඇති සෙල්ලිපි මගින් ගණේශ්වරාචාරී නම් ශිල්පියාගේ සැලසුමකට අනුව මෙය නිර්මාණය කරන ලද බවත් සඳහන්ය. ඒ වන විට ගම්පළ රාජධානිය දක්ෂිණ භාරතීය බලපෑම් එල්ල වන්නට වූ හෙයින් හින්දු ආභාසය ගඬලාදෙණිය රජමහා විහාරයේ ද දැකිය හැක. මෙහි මූලික ඉදිකිරීම් සහ කලා අංග දකුණු ඉන්දීය විජයනගර් සම්ප‍්‍රදායේ ආභාසය සහිතව නිර්මාණය කර ඇත. මෙම කාලයය වන විට පාලකයන් සරණ පාවා ගැනීම උදෙසා බිසෝවරුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූ බව ඉතිහාසයේ සඳහන්ය. එබැවින් එසේ ගෙන්වන ලද බිසෝවරුන්ට වන්දනා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම හේතුවෙන් මෙම විහාර වල හින්දු අභාසය ලැබී ඇති බව සිතිය හැකිය.

අඩි 40ක් පමණ වන මෙය පැතිරුණු ගල්තලාවක් මත සම්පූර්ණයෙන්ම කළු ගලින් නිර්මාණය කර ඇති මෙහි ගම්පළ රාජධානි සමයේ කලා ලක්ෂණ මනාව විද්‍යමාන කරවන සුවිශේෂී සඳකඞ පහනක් ද ඇත. එහි සත්ත්ව රූප කිසිවක් යොදා නොගනිමින්, ලියවැලක් සහ නෙළුම් මලක් පමණක් කැටයමට නඟා තිබේ. පියගැට සතරකින් සහිත මං පෙතක් නිමවා ඇති අතර, මෙහි දාර අලංකාර කරනු වස් නාටක, වාදක යනාදි කැටයම් උපයුක්ත කරගෙන තිබෙනු දක්නට ලැබේ. මනඃකල්පිත රූපයක් ලෙසින් සලකනු ලබන ගජසිංහ රුව ද මෙහි කැටයම් අතර නිරූපණය කර ඇත.

විහාරගෙය නිර්මාණය කිරීමේ දී විශාල ගල් කුළුණු දෙකක් හා ඊට බැඳි කුඩා කුළුණු දෙක බැගින් යොදා ගෙන තිබීම විශේෂත්වයකි. මෙම නිර්මාණය ත‍්‍රිත්ව කුළුණ ලෙසින් හැඳින්වෙන අතර එකල නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාව මනාව පිළිබිඹු කරමින් එම කුළුණු ද කැටයමින් අලංකාර කර ඇත. කුළූණු හිස සිංහ රූප ද කළස සහ පද්ම යන බොරදමින් ද අලංකාර කර ඇත. ප‍්‍රධාන කුළුණ පේකඩ යටිකුරු කරන ලද නෙළුම් පොහොට්ටුවක් සහිත දඟර ලිය වැලකින් සමන්විත වේ. නමුත් ප්‍රධාන කුළුණේ කලා ලක‍්ෂණ වලට වඩා දෙපසින් ඇති කුළුණු වල කලා ලක‍්ෂණ වෙනස්ය. එබැවින් මෙම ප්‍රධාන කුළුණ ගනේශ්රාචාරී ශිල්පියා විසින් නිර්මාණය කරන්නට ඇති බවත්, අනෙක් කුළුණු දෙක මොහුගේ දක්ෂතම ගෝලයින් දෙදෙනා විසින් නිර්මාණය කරන්නට ඇති බවට සැළකේ. පිටත මණ්ඩපයෙහි දක්නට ලැඛෙන කැටයම් සහ චිත‍්‍ර නිර්මාණ දක්ෂිණ භාරතීය ලක්ෂණ පෙන්නුම් කරයි.

විහාර මන්දිරයේ තුළ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින සහ වීරාසනයෙහි වැඩ සිටින මෙම පිලිම වහන්සේ දෙනමකි. මේ සම්බන්ධ තොරතුරු සෙල්ලිපියෙහි සඳහන් පරිදි ශක, බ‍්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත‍්‍රී ආදි දෙවිවරුන් විසින් පිරිවරන ලදුව වජ‍්‍රාසනාරූඪව බෝධීන් වහන්සේට පිටලා වැඩහුන් සධාතුක මහ පිළිම වහන්සේ ය. එසේම මෙය ශෛලමය පිළිම වහන්සේ නමක් වන බවටද බුදු පිළිම වහන්සේ ලාංකීය සම්ප‍්‍රදායන්ට බැහැරව නිර්මාණය කර ඇති බවත්, මෙහි ලක්ෂණ හින්‍දු දේව රූපවලට සමාන වන බවට ද මතයන් පවතී. මෙහි සිවුරේ රැළි ගංගාවක දිය රැළි ආකාරයෙන් නිමවා ඇති අතර, නේත‍්‍රා යොදා ඇත්තේ විවෘතභාවයකින් යුක්තවය.

විජයෝත්පාය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගඬලාදෙණි විහාරයට ආගමික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අලංකාරයක් ලබාදීමට සමත් ව ඇත. අඩි 40ක් පමණ උස්වන මෙම චෛත්‍ය උස් වූ කුළුණු සතරක් මත පියස්සක් සාදවා ඉදිකර ඇත. මෙම පියස්ස නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වනුයේ ගම්පළ රාජධානියෙහි සිටි පස්වන පරාක‍්‍රමාහු රජුට බව සඳහන්ය. චෛත්‍ය වටා සතර දිශාවෙහිම චෛත්‍ය ඉදි කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ සතර වරම් දෙවිවරු පිරිවරා සිටින බව විය හැක. ශෛලමය ගල් ප‍්‍රාකරයකින් වටකොට ඇති බෝධි ප‍්‍රාකාරය නිසා බෝධීන් වහන්සේ ආරක්ෂා වේ. තවද විහාර භූමියේ පිහිටා තිඛෙන විෂ්ණු දේවාලය සහ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ද ගම්පළ යුගයේ ඵෙතිහාසිකත්වය මනාව විද්‍යමාන කරයි.

මගේ ගමන් බිමන් එකසිය දහනමවන කොටස - දෙගල්දොරුව රජ මහා විහාරය

මහනුවර සිට කිලෝමීටර 7ක් ගිය පසු හමුවන අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා ඇති දෙගල්දොරුව රජමහා විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලැබේ. මහනුවර සිට ලේවැල්ල පාලම හරහා ඉතා පහසුවෙන් දෙගල්දොරුවට ළඟා වීමට පුලුවන්. මෙය දිගින් රියන් දොළහක්ද, පළලින් රියන් අටක්ද, උසින් රියන් තුනක් ද වන ලෙස සකස් කරන ලද ලෙන් විහාරයක් බැවින් දෙගල්දොරුව නමින් ප්‍රසිද්ධ වී ඇත.


විහාරය ඉදිකරනන් පටන් අරන් තියෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඒ (1747 – 1782) කාලෙදි. මේ කාලෙදි මහනුවර ගල්මඩුව විහාරය ඉදි කරමින් සිටි රජතුමාටඒ ලඟ තියෙන විහාරයකට කදිම ලෙනක් ගැන දැනගන්න ලැබිල තියෙනවා. පසුසේ ගල්මඩුව කරවීම පැත්තක තියලා අලුත් ලෙනේ විහාරය කරවීමට නියෝග කරල. ලෙන් විහාරය පිහිටා ඇති පර්වතය මත මුලදී තිබී ඇත්තේ ගම්පොළ යුගයේදී කරවන ලද දුම්බර ප්‍රදේශයට අධිගෘහිත දෙවියන් වූ පිටියේ දෙවියන්ගේ දේවාලයක්‌ බව සැලකෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාරය කරවීම ආරම්භ කලා වුනත් එහි අවසානයක් දකින තුරු ඔහු ජීවත් වුනේ නැහැ. ඒ අසුපිටින් වැටීම නිසා මිය යාමෙන්. ඊට පස්සේ රජකම ලැබෙන ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජු (1782 – 1798) විහාරය නිම කරලා මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් ඇතුළු ඒ හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට පූජා කරලා තිබෙනවා. ඒ බව රාජාධිරාජසිංහ රජුගේ දෙගල්දොරුව තඹ සන්නසෙහි සටහන් කරල තියෙනවා. කොහොම වුනත් මේ විහාරය නිම කර තිබෙන්නේ ක්‍රි. ව. 1786 දී. මේ විදිහට සකස් කල වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බව පැවසේ. දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත.

ආසික්ලන්ත ජන ජීවිතය හා කුණුහබ්බ වැඩ

අද කතාව එක්තරා රටක් ගැනය. උදාහරණ වශයෙන් මේ රට ආසික්ලන්තය යැයි හඳුන්වමු. ආසික්ලන්තය හරිම පුදුමාකාරය. එහි සිදුවන්නේ ද හරි අපූරු සිදුවීම්ය. ආසික්ලන්ත සිදුවීම් සම්බන්ධයෙන් නොලියා සිටියද, මා සතුව ඇති තොරතුරු අපූරුය. තොරතුරු වලින් හානියට පත්වන්නන් නොමැති දිනක ලියන්නට සිතා සිටින කතා මාලාවක එක් පරිච්ඡේදයක් මෙසේ අකුරු කරන්නට සිතමි.

මා දන්නා හඳුනන මිතුරියක් ආසික්ලන්තයේ ජීවත් විය. තම මහන්සියෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උගත් ඇය අද පරිගණක ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන්නීය. ආසික්ලන්තයේ පසුගිය වකවානුවේ සිදුවූ පරිපාලන දුර්වලතා සහ, ලබා ගන්නා ලද මරිමෝඩ තීරණ හමුවේ එරට ලද ආර්ථිකමය හා සමාජයීය පරිහානිය හේතුවෙන් තම දෙමාපියන් හා හිතවතුන් අතහැර විදෙස් රැකියාවකට යාමට ඇය තීරණය කලාය. ඒ වසර දෙකක පමණ කාලයකටය. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව නිසා තම ජීවන අභියෝගයන්ට විසඳුම් සෙවීමට විදෙස් ගතවන තරුණියකගේ සිහින, බලාපොරොත්තු ඇය ද සතු විය. ඇය හමුවේ අභියෝගයන් රාශියකි. විදෙස් රැකියාවක් සොයා ගැනීම, දෙමාපියන්ගෙන් හා හිතවතුන්ගෙන් ස්වායත්තව තනිව ජීවත් වීම සහ ස්වාධීන ජීවන රටාවකට හුරු වීම ඒ අතර විය.

මේ අභියෝගයන්ට මුහුණ දෙමින් තම අධ්‍යාපනයටත්, කුසලතාවන්ටත් ගැළපෙනම රැකියාවක් විදෙස් රටකින් සොයාගැනීමට ඇයට හැකි විය. එවන් රැකියාවක් ලැබීම යනු ලේසි පහසු කටයුත්තක් නොවේ. එයද තනිව සිදු කර ගැනීම අභියෝගාත්මකය. රැකියාව සොයා ගැනීම හා සම්මුඛ පරික්‍ෂණ සූදානම් කර ගැනීම තනිවම සිදු කරගත් ඇය අවසානයේ එම රැකියාව දිනා ඊට අදාළ කොන්ත්‍රාත්තුවත් අත්සන් කළාය. ලෝකයේ රටවල් ගණනාවක වූ තරඟකරුවන් අතරින් ඇය ජය ලබා ඇත. විදෙස් රැකියාවක් සඳහා වූ ලිපිලේඛන හා ක්‍රියාපටිපාටි සම්බන්ධ තොරතුරු, අදාළ වෙබ් අඩෙවි පිරික්සීමෙන් හා තම මිතුරන්ගෙන්, ඥාතීන්ගෙන් ලබා ගත් ඇය විදෙස් ගත වීමට සූදානම් විය. ඉහළ වැටුපක් හා අනෙකුත් වරප්‍රසාද සැලකූ කල ආසික්ලන්තයේ එවැන්නක් ලබා ගැනීමට තබා සිතීමටවත් නොහැක. එයටත් අමතරව එවන් රටකින් ලැබෙන්නා වූ මානසික සුවය වටින්නේය. කුඩා කල සිට සිහින මැවූ සියල්ල ලබා ගැනීම සඳහා වූ දොරටුව අභියස ඈ සිටගෙන සිටින්නීය.

ආසික්ලන්තයේ ඇති තවත් විශේෂත්වයක් නම් යම් කටයුත්තක් සිදු කරගැනීමට අදාලව රාජ්‍ය අංශයේ වෙන් වෙන් වශයෙන් ක්‍රියාකරනු ලබන ආයතන රාශියක් පැවතීමයි. එකක් අනෙකට සම්බන්ධ නොවන මෙම ආයතන තුල එකිනෙකට අනන්‍ය වූ එකම තොරතුරු ඇතුලත් කඩදාසි පෝරම රාශියකි. සෑම ආයතනයකදීම උක්ත පෝරම පුරවා අදාල පුද්ගලයා විසින් භාර දිය යුතුය. ආසික්ලන්තයේ වුවත් රාජ්‍ය නොවන අංශයේ පරිගණක ක්‍ෂේත්‍රයේ රැකියාවක් කල මා මිතුරියට මේ සියල්ල අලුත්ය. එකිනෙකින් ස්වායත්ත වූ නීතිරීති පද්ධතීන්ද අලුත්ය. නමුත් ආසික්ලන්ත වැසියන්ගේ කතාවන්ට සහ ප්‍රවෘත්ති වලට සවන්දෙන ඇය යම්තාක් දුරට මේ පිලිබඳ අසා ඇත්තීය. ඒ හේතුවෙන් ඇය විදෙස්ගත වීමට ප්‍රථමව ඒ සම්බන්ධයෙන් වූ ප්‍රධාන ආයතන ත්‍රිත්වයක වෙබ් අඩෙවි පිරික්සන්නට විය. ඒ, අවශ්‍ය ලියකියවිලි මොනවාදැයි දැන ගැනීම උදෙසාය. ඒ ගුවන්තොටුපල, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි. ඒවායින්, කුසලතා සහිත පුද්ගලයන් රැකියා සඳහා විදෙස් ගත වීමේ දී ලබා දිය යුතු ලේඛන සම්බන්ධයෙන් කියවූ ඇය අදාල ලේඛන පිටපත්ද අතැතිව විදෙස් ගත වීමට සූදානමින් ගුවන්තොටුපල වෙත පැමිණියා ය. අළුත් රැකියාව සඳහා අවශ්‍ය මූලික ලිපිලේඛන වැඩකටයුතු සිදු කර ගැනීම සඳහා ඇය පසු දින ගමනාන්ත රටේ සිටිය යුතුය. එමෙන්ම, නව සේවායෝජකයා සමඟ කල් ඇතිව එකඟ වූ, සතියකටත් අඩු කාලයකින් එළඹෙන දිනයක අළුත් රැකියාවට වාර්තා කළ යුතුය.