කඩමණ්ඩියේ දොල අයිනේ

හුඟ කාලෙකින් ලියැවෙන ලිපියකන් වුනත් කාලයක් තිස්සේ හිතින් මිමිණෙන ගීතයක්. හිමි නොවුන ප්‍රේමයක් අපි කාටත් තියෙනවා. එවන් ප්‍රේමයක් අද සමාජයේ වගේ පිහි ඇණුමකින් හෝ ඛේදාන්තයකින් අවසන් නොකර විඳින්නේ කොහොමද කියන්න සාහිත්‍යය අපූරු පාඩම් කියා දෙනවා. මේ එයින් එකක් කියල මම හිතනවා.

සමාජය තුල තියෙන බැමි වලින් එදත් අදත් පෙම්වතුන්ට තහංචි තිබුනා. උස් මිටිකම්, කුල බේද, වත් පොහොසත්කම් වගේ දේවල් ඒවා අදත් තියෙනවා. මේ එහෙම ප්‍රේමවන්තියක් ආදරය තමන්ගේ හිතේ ගුලි කරගත්ත විදිහ කියලයි මම  හැමදාත් වින්ඳේ.

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

අම්පාරේ දවස් - පළමු කොටස

මේ කතාව ආරම්භය මෙතකැයි නොකීවද මාගේ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ වීමත් සමඟ ජීවිතයේ නව පිටුවක් පෙරලුවා වැනිය. එයිනුත් වසර කීපයක් අතිශය විශේෂිතය. "අම්පාරේ දවස්" ආරම්භයේ සිට අවසානය තෙක් ලිවීම අපූර්ව විය හැකි වුවත් සිත දුවන්නා වූ විශේෂිත මතකයන් අතරින් පතර මාගේ සිතිවිලි දැහැන බිඳ දමන්නේ වරක් දෙවරක් නොවේ. මා සිතම මෙලෙස සිදු කරන්නා වූ මතක හරඹයන් හමුවේ පිලිවෙලින් ලිවීම සිදු කල නොහැකය. එනිසාම ලිපි ලිවීමද ප්‍රමාද වේ. එනයින් හුදෙක් මතකය මතුපිටට ඉපිලී ඒන මතකයන් කොටස් වශයෙන් ලිවීමට තීරණය කලෙමි.

ඒ වර්ෂ දෙදහස් දහ හතර වන වර්ෂය බව පවසන්නේ මගේ මතකයට වඩා මගේ මතක එකතුව වූ ඡායාරූප ගොන්නයි. කලකට පෙර අම්පාර ප්‍රදේශයේ වසර කීපයක් ජීවත් වූ මා ගෙන ආ සුන්දරම මතකයන්ගෙන් එකක් බව නැවත නැවතත් සිහිපත් කරමි. එකල අප කුඩා පිරිසක් වශයෙන් එක්ව රාත්‍රී අහස නිරීක‍්ෂණ වැඩසටහන් පවත්වන්නට වීමු. එය පාසල් ලමුන් වෙනුවෙන් විශය මාලාවේ ඇති පාඩම් කොටස් අලලා විශේෂිතව සකස් කරන ලද වැඩසටහනකි. එය කොටස් දෙකක් ලෙස 3, 4, 5 වසර වල ළමුන් සඳහා එක් වැඩසටහනක් ද 9,10,11 වසර වල ලමුන් සඳහා තවත් වැඩසටහනක් ද වශයෙන් පැවැත්වීය.

මා මොරගහපල්ලම විද්‍යාලයට යන්නේ මේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක කොටස්කරුවෙක් වශයෙනි. අම්පාර මොරගහපල්ලම විද්‍යාලය යනු දමන ප්‍රාදේශිකයට අයත් කුඩා පාසලකි. පාසල එකල අතිශය දුශ්කර ලෙස සලකන ලද පාසලකත් විය යුතුය. පාසල වටා කුඩා කැලෑ ප්‍රදේශයත් ප්‍රදේශය පුරා විසිරුණු කුඩා වැව් පද්ධතියත් හේතු කරගෙන ගම්මානය නිරන්තර අලි ආක්‍රමණයන්ට ලක්වන්නකි. නමුත් පාසලේ තරමක සිසු පිරිසක් අධ්‍යාපනය ලබන බව පෙනෙන්නට තිබිණි. ඒ පාසලේ ක්‍රියාකාරකම් හා ඉගැන්වීම් ක්‍රමවේද නිසා විය යුතුය.

අප පාසලට රැගෙන යන්නේ කුඩා දරුවන් වෙනුවෙන් සකස් කෙරුණු වැඩසටහනක් වෙනුවෙනි. සවස 4.00 පමණ විට පාසල වෙත ලං වූ අප විදුහල්පතිවරයා සහ විශය භාර ආචාර්යවරයා සමඟ සුහද පිලිසඳරකින් පසු අපගේ කාර්යය ආරම්භ කරන්නට වීමු. අපගේ වැඩසටහනේ පලඹු කොටස ඩිජිටල් තිරයක් මත ප්‍රක්ශේපනය කරන ලද පාඩම් ඉගැනවීමකි. එහිදී අදාල පාඩම් කොටස් සහ එදින රාත්‍රී අහසේ අපට දැකිය හැකි වස්තූන් සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබේ. තවද රාත්‍රී අහස නිරීක්‍ෂණ ක්‍රම පිලිබඳවද විස්තර කරනු ලැබේ. පාඩම් කොටස අතර වාරයේ ලමුන්ට පැන නඟින ගැටලු අපවෙත යොමු කල හැකි වන අතර ඒවා සඳහා පිලිතුරු ලබා දීමද සිදුවේ. මේ සියල්ල සාමාන්‍යායෙන් පැය 2-3 අතර කාලයක් ගත වන අතර ඉන්පසු ලමුන්ට රාත්‍රී ආහාරය ලබා ගැනීමට අවස්ථාව ලබා දී දුරේක්‍ෂ මගින් අහස නිරීක්‍ෂණයට අවස්ථාව ලබා දෙනු ලැබේ. 

කොණ්ඩෙයි මායි....!

මේක මම කාලයක් කතා කරන්නෙම නෑ කියල හිතපු මාතෘකාවක් වුනත් දැන් මේක කතා කරන්න තරම් සුදුසු කාලයක් කියල හිතනවා. මේකේ මාතෘකාව මෙහෙම දැම්මේ මේ කතාව කියන්න පටන් ගන්න සහ මේ ගැන හොයන්න හිතන්න පටන් ගන්න ප්‍රධාන හේතුව වුනේ ඔය මාතෘකාව නිසා. නමුත් මාමේ තුල කතා කරන්නේ එලියෙන් මිනිස්සු පේන විදිහ සහ මිනිස්සු මනින විදිහ ගැන.

මාතෘකාවට එන්න හේතුව විදිහට කාලීන මාතෘකාවක් වුන ගුරු ඇඳුම පවා හේතුවක් වුනා කියලයි මම දැන් මේ ලියන වෙලාවේ දී නම් හිතන්නේ. 

Image from Internet

පාසල් කාලය අවසාන වීමත් එක්ක මගේ පෙනුම මට ඕන හැටියට වෙනස් කරන්න මගේ තාත්තගෙන් තිබුන සීමාවන් අයින් වුනා. පාසල් කාලයේදී කොණ්ඩය ටිකක් දික්වෙද්දී පාසලෙන්ම ඇති කරන "විනය" කියන රාමුවෙදී පාසල් ගුරුවරයෙක් වුන තාත්තට මගේ පැත්තට තහංචි දාන්න වුනා. නමුත් ඒ තහංචියෙක කෙලවර වුනේ ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම ඕන දෙයක් කරගන්න කියන සීමා ඉවත් කිරීමයි. ඉතින් මම පාසල් කාලෙ "පිලිවෙලට" ඉදල පස්සේ නරක් වුන එකෙක්. 

රෝස මලට කියනවාද

කාලෙකට පස්සේ ආයෙත් ලස්සන ගීතයක් එක්ක. ලියන්න කියල තරම් නොවුනත් කුරුටු ගාපු ගීත ගානක් තියෙනවා. කොහොම වුනත් අද මේ ගීතය ආයෙත් ඇහිල නිතර මිමිණෙන නිසාම ලියන්න හිතුවා.

මේ ගීතය ලියල තියෙන්නේ නව පරපුරේ රචකයෙක් වුන රවී සිරිවර්ධන විසින්. පරිසරයෙන් සොයාගත්ත ආදරය ගැන වුරුත් කතාවෙන් රෑපකයක් තමයි මේක ඇතුලේ යොදාගෙන තියෙන්නේ. "රෝස මලක්". ආදරය සමහර වෙලාවකදී සතුටින් ගලා යනවා වගේම කඳුලකින් අවසන් වෙන්නත් පුලුවන්. බොහෝ වෙලාවල් වලදී ඒ කඳුලු තව කෙනෙක් හෝ පිරිසකට චෝදනාවකින් සමනය කර ගන්න උත්සාහ කරනවා. සමාජය එහෙමයි. නමුත් මේ ගීතය ඇතුලේ රචකයා දෝදනාවක් නොකර අපූර්ව විඳ දරාගැනීමක් කරනවා.

රෝස මලට කියනවාද
මා මිය ගිය බව
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග

මගේ ගමන් බිමන් එකසිය දහහත්වන කොටස - නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අලුත් ගමනක් යන්න ලැබුනා. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක ආයේ කවදා ඇවිදින්න ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා කවදත් මාත් එක්ක ඇවිදින අයත් එක්ක ඇවිදින්න යන්න තීරණය කලා. මේ වතාවේ මිතුරෙක්ගේ මාර්ගයෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය බලන්න යන්න අවස්ථාවක් ලැබුනා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සාමාන්‍ය ජනතාවට වහල තිබුන බලාගාරය දැන් ආයෙත් විවෘත වෙලා. නමුත් කලාන්ට වඩා ආරක්‍ෂාව නම් තද කරලයි කියලයි මට නම් හිතුනේ. 

කවදත් වගේ මගේ ගමන පටන්ගත්තේ කොලඹ කොටුවෙන්. පැය ගණනාවකට පස්සේ පුත්තලමින් බැස්ස අපි තවත් මිතුරෙකුගේ උදව්වෙන් නවාතැනක් වෙන් කරගෙනයි තිබුනේ. ඒ නවාතැනට ඇවිත් කෑමත් කාල කට්ටිය එක්ක මුලින්ම ගියේ පුත්තලම් කලපුවේ තියෙන සුලං බලාගාර ටික බලන්න. ඔව් අර කලපුව වටේට තියෙන කැරකෙන රූං පෙති ටික. කිලෝමීටර තුනක් විතර තිබුන නිසාත් ඒ පාරවල් වල බස් එකක් යන්නේ නැති නිසාත් අපි පයින්ම තමා ඒවා බලන්න යන්න තීරණය කලේ. කැමරාව අසනීපෙන් හිටිය නිසා හරි හැටි පින්තූර ගන්න නොලැබුනත් ලැබෙන පොඩි පොඩි අවස්ථාවල ගත්ත පින්තූර ටිකක් තියෙනවා.