සුවෙන් සිටිමු! COVID-19 දකිමු පරදමු

මේ වන විට රට තුල පවතින කෝවිඩ් 19 වෛයිරස ව්‍යාප්තිය වේගවත්ව ඇති නිසා සහ එහි ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් සොයා ගැනීමේ අපහසුතාවයන් නිසා වෛරසය මැඩපැවැත්වීමට අපහසුව ඇත. නමුත් මේ සම්බන්ධයෙන් ICTA ආයතනය මගින් මෘදුකාංග මෙවලමක් සපයා තිබේ. මේ එකී මෙවලම භාවිතා කරන ආකාරය ගැන පොඩි සටහනක්. 


සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය භාවිතයෙන් ඔබත්, ඔබේ පවුලත්, මිතුරනුත්, සමාජයත් කෝවිඩි උවදුරෙන් සුරකින්න. 
මේ ගැන මම කල පොඩි වීඩියෝ එකේ සියල්ල පැහැදිලි කරල තියෙනවා.. ඒක බලන්න කියල ආරාධනා කරනවා. 

 https://staysafe.gov.lk

අඩු වියදම් Macro Light modifier එකක් Develop කරමු

පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට උත්තරත් අරගෙන මම අද ලියන්න හදන්නෙ අඩුම වියදමකින් ආරම්භකයෙකුට Macro light modifier එකක් හදන්නෙ කොහොමද කියලයි.

මම මේ modifier එක හදපු හැටි සහ ඒක ක්‍රමාණුකූලව දියුණු කල ආකාරය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 

මම මේක හදන්න ගන්නෙ කඩේ ගන්න තියෙන්න pringles හිස් ටින් එකක්. ඒකෙ දෙපැත්තම සිදුරු කරල එක පැත්තක් ෆ්ලෑෂර් එකට හයි කරන්න පුලුවන් විදියට හදා ගන්න. 

පින්තූරු අල්ලන හැටි ඉගෙන ගන්න උන්ට.......

එක එක අය පින්තූර ගන්න විදිය වෙනස්.. ඒ වගේමයි එක එක අයගේ පින්තූර ගන්න තෝරගන්න අරමුණු වෙනස්. ඒකට තෝරගන්න කැමරාව පවා එකිනෙකාට වෙනස් වෙනවා. මොබයිල් එකකින් වටේටම පින්තූර කොටනවා වෙනුවට වැටෙන ලයිට් එක ගැන හිතමින් පින්තරයක් ගන්න උත්සාහ කල එකෙක් ගත්ත අපූරු පින්තූරයක් සහ ඒක දියුණු කල හැකි ක්‍රමය ගැන තමා මමමේ කෙටි සටහන් තියන්නේ.. 

මාත් ඒක්ක ඇවිදින උන්ගෙන් එකෙක් අනිත් අයගෙන් වෙන් වෙලා ෆෝන් එකේ කැමරාවත් අරගෙන පින්තූර ගන්න හැටි මම දැක්ක. හෙමින් එතැනට කිට්ටු වුන මම අහපු සමහර දේට දුන්න සරල උත්තර නිසාම මම ඌට මොනව හරි කියා දෙන්න ඕන කියල හිතුවා. 

වනසන වනාන්තර වල වැරදි ගණනයන්

පහුගිය කාලය පුරාවට මගේ අතින් ලිපියක් අකුරු නොකලෙමි. එයට ප්‍රධාන හේතුව අකුරු කිරීමෙන පමණක් පල නැති බව මා දන්නා නිසාවෙනි. කෙසේ වෙතත් මා තුල ඇති "මෝඩයා" මාගේ පාලනයෙන් තොරව නැවත නැවතත් අවදි වන්නේ අකුරු නොකරම බැරි අවස්ථාවන් වලදී පමණක්මය. මේ එවන් අවස්ථාවක් යැයි මා සිතමි.

සිංහරාජය..

මා මෙතැනින් මදක් නවතින්නට සිතමි. ඒ මා සදහන් කල මේ වචනය කාලීන වීමත් මා ද තවත් එක් සංවිධානයක, පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ ගැත්තෙක් වී ඇතැයි හංවඩු ගසමින් මේ ලිපිය කියවන ඔබ වෙනුවෙන් එක් දෙයක් සදහන් කිරීමටය. හත කී කිසිදු පාර්ශවයක මා ගැත්තෙකු නොවන බව මා ගැන දන්නා උන් හොදින් දනී. තවද ඔබේ සිතිවිල්ල එතැනින් පටන් ගන්නේ නම් මේ ලිපිය කියවීම හැරුණු කොට ඔබගේ "වටිනා" කාලයෙන් වෙනත් "වටිනා වැඩක්" කරගන්න යන ඉල්ලීම කරමි.

දුරස්ථ පාලක ගුවන් යානාවක් හදමු..

ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් බ්ලොග් එකට ලිපියක් ලියන්න කාලයක් හොයා ගන්න එක ලේසි නැහැ. ඒ කොහොම වුනත් කාලෙකට පස්සේ ලැබුන ඉඩෙන් කියවන අය වෙනුවෙන් වැදගත් දෙයක් දෙන්න ලැබෙයි කියල හිතෙනවා. 

කාලෙකට කලින් වගේම දැනුත් මගේ ආසම විෂයක් වෙන්නේ භෞතික විද්‍යාව. හැබැයි ඒක මහා අණ්ඩරදෙමළයක් වගේ අන්තවාදීව හිතන්න නම් මගේ ආසාවක් නැහැ. තවම. අපි ඉගෙන ගන්න සරල භෞතික විද්‍යාව ප්‍රායෝගිකව යොදා ගන්න පුලුවන් විධි ගැන මගේ කවදත් ආසාවක් තිබුනා. මේ එයින් එක් අවස්ථාවක් භාවිතා කරල පොඩි සෙල්ලමක් කරන හැටි ගැන. 

බර්නූලී.. තරල ගති විද්‍යාව ඉගෙන ගද්දී අපි හැමදාම හිතුවේ මොන මගුලකට මේක ඉගෙන ගන්නවද කියලයි. හැබැයි ඒ ප්‍රායෝගික භාවිතයන් ගැන කියාදෙන තරම් පාඩම අගට එද්දී නම් හිගෙනවා මේක වැදගත් කියල. හැබයි ඉතින් ප්‍රායෝගිකව තමන්ම අත් විදින්නේ නැතිව ඒක කොයා තරම්ද කියන එක තේරෙන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස.