ස්වර්ණමය රීතිය, ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය සර්පිලය

ගොඩක් අය වැරදියට වටහාගෙන ඉන්න ස්වර්ණමය රීතිය, ස්වර්ණමය අනුපාතය සහ ස්වර්ණමය සර්පිලය (Golden rule, Golden ratio & Golden Spiral ගැන පුංචි කතාබහක්.. ඇති කරන්න හිතුවා. මොකද බොහෝමයක් අය වැරදි විදිහට මේ රීතිය ඣායාරූපකරණයේදී භාවිතා කරන බව දකින නිසා.

මේ සම්බන්ධයෙන් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට YouTube වීඩියෝ එකක් හැදුවා. මේ ලින්ක් එකෙන් එතැනට ගිහින් බලන්න පුළුවන්.


ඒ වගේමයි මගේ Youඔube Channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ ඉගෙන ගන්න පුළුවන් වීඩියෝ ගණනාවක් කරල තියෙනවා වගේම කරන්නත් තියෙනවා.

 

මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු ඕනෑම දෙයක් මගෙන් කමෙන්ටි විදිහට අහන්න පුළුවන්. ඒ නිසා කමෙන්ට් කරන්න.

ස්තූතියි.

පාට වෙනස් නොකල "රෝස සඳ"

ලංකාවේ දැන් දැන කියවන පිරිස අඩු වීමත් එක්ක ලියන එක සෑහෙන්න අඩු කරල දැමමා. ඒ නිසාම තමයි මේ ප්‍රමාද වෙලා ලිපියක් ලියන්න සිදු වෙනනේ.. මේක කල් ඇතුවම ලියන්න හිතුවත් මිනිස්සු සමාජ ජාල වල පල කරන වැරදි දේ නිසා මේ ලිපිය ලියන්න හිතුවා.
මොකක්ද මේ රෝස සඳ කියන්නේ කියන එක කියන්න කලින් අපි බලමු සුපිරි සඳ කියන්නේ මොකක්ද කියල. ඒ ගැන මම කලින් ලිපියක් ලියුවා පහත තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ ගැන ටිකක් කියවල එන එක හොඳයි..

දෑවැදි දෙන්නට

තවත් එක් අපූර්ව ගීතයක් තමයි මේක. සුනිල් ඒදිරිසිංහයන් විසින් අපූර්ව ආකාරෙයන් ගායනා කරන්නේ මේ ගීතයට කඩහඩකින් දෙන්න පුළුවන් උපරිමය ලබා දීල කියලයි මම නම් හිතන්නේ. ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත ගීත බොහෝමයක් ඔහුගේ ජීවිතය හා බැදුනු සිදු වීම. මේ ගීතයත් ඒ විදිහට බැදුණු ගීතයක් ද කියන එක නම් මම දන්නේ නෑ. හැබැයි බොහෝම ලස්සන කාලීන ගීතයක්.

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ

දේශපාලනය, නවක වදය සහ කොරෝනා

මම සාමාන්‍යයෙන් කතා කරන්න අකමැති මතෘකාවක කොටසකුත් එකතු කරල මේ ලියන්න යන්නේ කාලීන ගැටලුවක් නිසා. කරුණාකරල මේකෙ අවසානය දක්වා කියවන්න අකමැති හෝ කම්මැලි අය මේකට අදහස් ලියන්නත් එපා.
ඉස්සෙල්ලාම මම මතෘකාවේ අගින් පටන් ගන්නම්. "කොරෝනා". මේක විද්‍යාත්මක විග්‍රහයක් නොවන නිසා කොරෝනා කියන්නෙ මොකක්ද? ඒකේ ආරම්භය කොහේද කියල ලියන්න යන්නේ නෑ. මේක බෝවෙන රෝගයක්. මාරාන්තිකයි. දැන් ඒක ලංකාවේ අයටත් බෝවෙලා. හැබැයි ඒකට අපේ අය ප්‍රතිචාර දක්වන ආකාරය ගැන නම් කිසිදු සතුටක් පෙන්වන්න බෑ. ලංකාවේ පනතක් මගින් සම්මත් නීති රීති සමුදායක් තියෙනවා මෙහෙම දෙයක් වුනාම කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එක ගැන. ඒ සියල්ල පැත්තකින් තියල මේ අය මොකක්ද මේ කරන්න යන්නේ කියන එක ගැන නම් මට තියෙන්නේ සෑහෙන්න ලොකු ප්‍රශ්ණයක්. බෝවෙන රෝගයක් හැදුනාම අපේ අය කල යුතු වෙන්නේ අනිත් අයට බෝවෙන්න පුළුවන් අවකාශ ඉවත් කරන එකයි. නමුත් අපේ අය මොකක්ද කරන්නේ ?

රන් කෙන්දෙන් බැඳ

දිවංගත අජන්තා රණසිංහයන් විසින් රචිත අපූර්ව ගීතයක් තමා අද කතාව ලියන්න තෝරා ගත්තේ. මේ ගීතයේ සංගීතය සපයන්නේ සරත් දිසානායකයන් අතින්. ඒ වගේම තමා ගීතයේ අර්ථයට අපූර්ව හැගීමක් ලබා දෙන්න පුළුවන් විදිහේ කටහඩක් තියෙන නන්දා මාලිනී විසින් ගීතය ගායනා කරල තියෙන්නේ. මේ ගීතය දුහුල් මලක් චිත්‍රපටය සදහා කල නිර්මාණයක් වුනත් චිත්‍රපටය නොබලපු කෙනෙකුට වුනත් අපූර්ව ආකාරයෙන් ගීතය විදින්න පුළුවන් විදිහෙන් නිර්මානය වෙලා තියෙනවා. මේ ගීතය රචනා කරන වෙලාවේදී අජන්තා රණසිංහයන්ගේ සිතිවිල් දාමය කොයි ආකාරයෙන් ක්‍රියා කරන්න ඇතිද කියන ප්‍රශ්නාර්ථය හැම වෙලාවේ දී ම දැනෙන කරුණක්. කොයි ආකාරයෙන් ද මේ ගීතයේ කතා නායිකාවගේ සිතිවිලි වචන කලේ කියන එක.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි