මගේ ගමන් බිමන් එකසිය පහලොස්වන කොටස - නකල්ස් කදුවැටිය (එක් ගමන් මගක්)

කාලයක් තිස්සේ ගමන් බිමන් වල තොරතුරු ලියපු මම රස්සාවත් එක්ක සෑහෙන්න කාර්‍ය බහුල වෙලා. ඒ කොහොම උනත් රස්සාව කරන තැනදී හම්බවුන අපූරු යාලුවෝ ටිකක් එක්ක ආයෙම ඇවිදින්න යන්න පුරුදු වුනා. හැමෝගෙම හීනයක් වෙච්චි ගමනක් වුන නකල්ස් රක්‍ෂිතයේ ඇවිදින්න තීරණය වුනේ ඒ විදිහට. අපි තීරණය කලේ ලෙබනන් වතුයාය පැත්තෙන් කැලේට ඇතුලු වෙලා රණමුරේ ගම්මානය පැත්තෙන් එලියට එන්නයි.

කොහෝම වුනත් විවිධ බාධා මධ්‍යයේ නිවාඩුත් හදාගෙන නුවර දුම්රිව ස්ථානයෙන් පාන්දර 4.50ට තියෙන දුම්රියේ වත්තේගමට ගියා එතැනින් බස් එකේ ලෙබනන් වතුයායට ගියා. වෙලාව ඉතුරුකරන්න හිතාගෙන එතැනින් වෑන් රථයක් අරගෙන තවත් කිලෝමීටර කීපයක් ගියා. අවාසනාවක මහත අපේ යන්න හිටි එකෙක් පරක්කු වෙලා පැය දෙකකට විතර පස්සේ එනවා. කොහොම හරි ඌවත් අරගෙන ගමනේ එදා දවසේ සැලසුම වෙනස් කරගෙන පළමු රාත්‍රිය ගත කරන KMP වාඩියට යන්න අපි පිටත් වුනා. KMP කියන්නේ කෝනාර මුදියන්සේලාගේ පියදාස කියන නමේ මුලකුරු ටික. ඒ මේ වාඩිය අයිති මුදලාලිගේ නම. එයාටත් කලින් මේ වාඩිය අයිති වෙලා තියෙන්නේ ඒකනායක කියන මුදලාලිට. කලේ මේ වාඩි හදන්න හේතුව වෙලා තියෙන්නේ ඒ කාලේ කැලේ එළි කරල එනසාල් වගා කිරීම. 
එනසාල් වගාව ලංකාවේ ව්‍යාප්ල වෙන්න පටන්ගන්නේ සුද්දා ලංකාවෙන් යන්න කිට්ටුව. ඒ කියන්නේ 1940 දී විතර. මුලින් ද්‍රවිඩයන් යොදාගෙන එනසාල් වගාව කරගෙන ගියත් පසුව අනෙක් අයත් වගා කරන්න යොමුවෙලා. වගාව සාර්ථක වෙලා හෙලිකොප්ටරේකින් වගාව බලන්න තරමට දියුණු වෙලා තියෙනවා. නමුත් 2000න් පස්සේ එනසාල් වගාකරුවන්ට විකල්ප නැතිව එනසාල් වගාව නවත්තන්න රජය තීරණය කරනවා. බොහොම වෙලාවට හේතුව විදිහට තියෙන්නේ වගාව තුලින් සිදුවෙන වන විනාශය. කොහොම වුනත් තාමත් විනාශ නොවී නකල්ස් වන මැද්දේ තියෙන මේ වාඩි ඉතිරිවෙලා තියෙනවා. අලුත්වැඩියාවන් කරන්න බැරි විදිහට නීති රීති තිබුනත් දැනට මේ වාඩියේ ජීවත් වෙන මහතුන් මාමා නකල්ස් වල ඇවිදින්න එන කාටත් මෙතැන නවතින්න ඉඩ තියල බොහෝම ප්‍රවේශමෙන් වාඩිය පවත්වාගෙන යනවා. 

ඈත කඳුකර හිමව් අරණේ


 


















ලංකාවේ ගීත අතරේ බොහෝමයක් අප දකින්නේ ස්ත්‍රී වර්ණනා කිරීම්ය. ස්ත්‍රීත්වය වර්ණනාවේ දී විවිධාකාරයේ යෙදුම් භාවිතා කරනු දැකිය හැකි වේ. නමුත් සංස්කෘතිමය හෝ කලාත්මක වශයෙන් පුරුෂ වර්ණනාවක් දැකිය හැකි වන්නේ කලාතුරකිනි. මා එවන් අවස්ථා දෙකක් සිහි කරමි. ඉන් එකක් නම් යසෝධරාව විසින් බුදුන් වහන්සේ වර්ණනා කිරීමයි. දෙවැන්න නල දමයන්ති කතාව තුලයි.

මා මෙහි සඳහන් කරන්නේ එකී දෙවැනි කතාව තුලින් නිර්මිත ගීතයේ කතාවයි. ගීතයේ අරුත පිලිබඳ සිතන්නට කලින් ගීතයේ කතාව පිලිබඳ අව‌බෝධයක් ලබා ගැනීම සුදුසු යැයි මා සිතමි. මහා භාරතයේ එන් නල දමයන්ති කතාව ඇසුරින් චිත්‍රසේනයන් නිර්මාණය කල නල දමයන්ති මුද්‍රා නාටකය ඇසුරින් නිර්මිත මෙම ගීතයේ කතා නායකයා වනුයේ හංසයෙකි. මහගම සේකරයන් විසින් රචිත ගීතයට තනුව ලබා දෙන්නේ ආචාර්ය ලයනල් අල්ගමයන් විසිනුයි. පණ්ඩිත් අමරද‌ේවයන් විසින් ගායනා කරන මෙම ගීතය ඉතා අපූර්ව අයුරින් පුරුෂයා වර්ණනා කරයි.

Graffiti, Mural සහ Wall Arts

පසුගිය කාලය පුරාවට ලංකාවේ තරුණ තරුණියන් විවිධාකාරයේ රැළි ඇති කරමින් සිටී. එයින් බොහෝමයක් ඇති කරන්නට මාධ්‍යය ලෙස භාවිතා වූයේ මුහුණු පොතයි. මෙසේ ඇති වූ අලුත්ම රැල්ල ලෙස ඇත්තේ මාර්ග දෙපස පොස්ටර් වලින් වසා තිබූ තාප්ප සහ බිත්ති පුරා සිතුවම් කිරීමේ රැල්ලයි. මේ පිළිබඳව ලිපියක් ලිවීම සඳහා කීප වාරයක් උත්සාහ කලද මාගේ රාජකාරි කටයුතු සහ විවිධ ගැටලු හේතුවෙන් කාලයක් සොයා ගැනීමට නොහැකි විය. කෙසේ හෝ වේවා ලිපිය ලිවීම සඳහා මෙසේ කාලය සොයා ගතිමි.

මම මුලින්ම කියන්නම් Graffiti කියන්නේ මොකක්ද කියලයි. හූරන ලද යන වචනයේ අරුත ලබා දෙන Graffitiato  නැමැති ඉතාලි වචනයෙන් බිඳී ආ Graffiti කියන වචනයෙන් හඳුන්වන කලාව වචනයේ පරිසමාප්තියෙන්ම සූරන ලද අකුරු වලින් සමන්විත පණිවිඩයක් ලබා දීම සඳහා නිර්මාණය වූ කලාවක්. අතීත ඊජිප්තුව, අතීත ග්‍රීසිය සහ රෝමාණු අධිරාජ්‍යයේ ඉතිහාසය දක්වා විහිදෙන මෙම කලාව අප රට තුල සීගිරියේ කුරුටු ගී වශයෙන්ද පවතී. පාලකයන්ගෙන් අවසරයකින් තොරව පණිවිඩක් ලියා දැක්වීමේ ක්‍රමයක් ලෙසද භාවිතා වන මෙම කලාව අතීතයේ අකුරු වලට වඩා පමණක් සීමා වූ නමුත් අද ඒ වටා විවිධ හැඩතල හා රෑප භාවිතා කරමින් සහ විවිධ වර්ණ භාවිතා කරමින් සිදු කිරීම දක්වා විකාශනය වී තිබේ. මෙකී කලාව භාවිතා කරමින් පාලක පන්තිය විවිධ වැරදි තීරණ සම්බන්ධයෙන් ද පරිසර හානි හෝ විවිධ පන්ති සඳහා සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් බලපෑම් ඇති කිරීමට මේ හරහා නිර්මාණකරුවන් පෙළඹී තිබේ. ඒ හෙයින් මෙකී කලාව සඳහා බොහෝ විට පාලක පන්තියේ අප්‍රසාදය පල කරනු ලැබේ. එබැවින් මෙකී නිර්මාණකරුවන් තම අනන්‍යතාව සඟවා ගනිමින් කටයුතු කරනු දැකිය හැකි වේ. විවධ අනවර්ථ නාමයන්ගෙන් මෙම නිර්මාණ වල අයිතිකරුවන් තමාව නිර්මාණය හරහා හඳුන්වා දෙනු ලැබේ. තවද කිසිදු පෙර සූදානමකින් තොරව මෙම නිර්මාණ සිදු කරනු ලැබීමත් කෙටි කාලයක් තුලදී මෙම නිර්මාණ සිදු කිරීමත් විශේෂ ලක‍ෂණ වශයෙන් දැකිය හැකිය.

2019 දෙසැම්බර් 26 වන දා වලයාකාර සූර්ය ග්‍රහණයක්


පෘථිවිය දින 365ක් පුරා සූර්යා වටා ගමන් ගන්නා සේම චන්ද්‍රයා දින 27.3කට වරක් පෘථිවිය වටා ගමන් කරයි. මෙම ගමනේ දී ඇතැමි විටක චන්ද්‍රයා, සූර්යයා සහ පෘථිවිය අතරට පැමිණීම නිසා පෘථිවි වාසීන්ට සූර්යයා පූර්ණව හෝ අර්ධ වශයෙන් නොපෙනී යයි.  මෙම සංසිද්ධිය සූර්ය ග්‍රහණයක් ලෙස හැදින්වේ. මෙලෙස පූර්ණ වශයෙන් සූර්යයා නොපෙනී යාම පූර්ණ සූර්ය ග්‍රහණයක් ලෙසද අර්ධ වශයෙන් සූර්යයා නොපෙනී යාම අර්ධ සූර්ය  ග්‍රහණයක් ලෙසද හැදින්වේ. 

සූර්ය ග්‍රහණයක දී චන්ද්‍රයාගේ සෙවනැල්ලෙහි ප්‍රධාන කොටස් දෙකක් හදුනාගත හැකිවේ.
1.       පූර්ණ ඡායාව (Umbra)

පොකට් ගැහිල්ලේ අලුත්ම විධිය - සංවිධානාත්මක අපරාධ

මේ කියන්න යන්නේ බොහෝමයක් අය මේ වෙද්දී මුහුණ දෙන අවාසනාවන්ත සිද්ධියක් ගැන. ඒ තමයි පොකට් ගැහිල්ල. මේක ගම්බදව වගේම නගරයේත් සිදුවෙන සිද්ධියක්. ඒ වගේම තමයි පොකට් ගැහිල්ල අද ඊයේ පටන් ගත්ත දෙයක් නම් නෙවෙයි.
ඉස්සර නම් පොකට් ගහන එකා තනිවම එනවා නැත්තම් එක යාලුවෙක් එක්ක එනවා. ඒ ඇවිත් පොකට් එක ගහගෙන ගියාම අපි පොලීසියට පැමිණිලි කරල මාස ගානකට පස්සේ ඒකාව කුදලන් ඇවිත් දඩුවම් නියම කරනවා. නමුත් අද කොළඹ අවට මෙම සිද්ධිය වෙනස්ම විධියකට සිදු වෙන්න පටන් අරන්. ඒ කල්ලියක් විදිහට පොකට් ගහන්න පටන් ගත්තු එක.