මම දැන් කියන්න යන්නේ මම දැනට ඉගෙන ගන්න තැන ගැන. ඒ තමා අග්නිදිග විශ්ව විද්‍යාලයය (South Eastern University).
මේ විශ්ව විද්‍යාලයය ගැන තාම වැඩිය කව්රුවත් දන්නේ නැහැ. මම එතැනට තේරිලා ලියුමක් ගෙදරට ආවට පස්සේ තමා එහෙම එකක් තියෙනවා කියල දන්නේ. ඊට පස්සේ ඉතින් පැතුවා අන්තර්ජන්ජාලයේ http://www.seu.ac.lk/ ඔන්න තියෙනව ඒක. ඒ පාර තියෙන තැන හෙව්වා. ඒකට ඉතින් Google Earth පිහිටයි, http://www.seu.ac.lk/ABOUT/index.html මේ ලින්ක් එකේ පිහිටයි තමා. කොහොම හරි ටිකක් දඟලලා විස්තර හොයා ගත්තා. විශ්ව විද්‍යාලය නම් ලස්සනට හදල තිබුණා. ඒක තිබුනේ නැගෙනහිර පලාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් වල. මේ ගම්මාන සම්පූර්ණ මුස්ලිම් ගම්මාන. ඉතින් මම මේකට යන එක ගැන කවුරුත් කැමැත්තක් දැක්වුයේ නැහැ. මම හිතාගත්තා වෙනදෙයක් වෙන්ට ගිහින් බලනවා හොඳ අත්දැකීමක් හම්බවෙයි කියලා. අම්මත් කිව්වා යන්ට කියල. ඒ ගමන ඉතින් ගියා register වෙන්ට.
Register වෙලා ටික දවසකින් ලියුමක් ආවා එන්ට කියල. එන්ට කිව්වේ ඔලුවිල් නෙමේ සම්මාන්තුරේ කියන ප්‍රදේසෙට. දැන් හොයාපි ඒක තියෙන්නේ කොහේද කියල. ඔන්න ඉතින් විජය පත්තරෙන් දීපු අඩි 6 සිතියම උඩ නැගන හෙව්ව ආයෙත් පැතුවා අන්තර්ජන්ජාල පිහිට මේන්න තියෙනවා ඒක. හොයා ගත්තා. ඒක Faculty එක Physical Sciences ලාගේ. ඒකත් හොයාගෙන නියමිත දිනේට ආව අම්පාරෙ. එහෙ ඉන්න නෑ කොනෙකුගේ ගෙදරත් ගිහින් ගියා Faculty එකට. ඒ තමා Faculty of Applied Science. බඩු මුට්ටුත් පොදි බැඳන් ඇවිත් නැවතුනා. අලුත් යාලුවො ටිකකුත් හම්බුනා. මේකෙදි අම්මට ටිකක් අසනීප වුනා. රෝහලෙන් බෙහෙතුත් අරන් දුන්නා. ආපු දුර වැඩි නිසා මහන්සිය තමා හේතුව. ඒපාර අම්මා එව්වා තාත්තා එක්ක ගෙදර. දැන් ඉතින් මම විතරයි. අප්පා අපි පිලිගන්ට අපේ ජේෂ්ඨයෝ උත්සවයක් සූදානම් කොරල අගේට තිබ්බ ඒක. ඒකත් බලල අන්තිමේට ගියා hostel වලට.
Hostel කිව්වට අපි කලින් දැනන් හිටපු hostel නෙවි. ගෙවල් තමා දුන්නේ. ඒ ගෙදරකට ලමයි 6 යි. දෙවනි දවසට අපි ගියාම අපිට දුන්නා විෂයයන් සඳහා හඳුන්වා දීමේ වැඩසටහන් මේවා සති 2ක් විතර තිබුනා. ඒ අතරේ පටන් ගත්තා ඉංග්‍රිසි සහ තොරතුරු තාක්ෂණ විෂයය සඳහා සඳහා දේශණ. මේ අතරේ පටන්ගත්තා නැතිවත් බැරි ඇතිවත් බැරි ragging හෙවත් නවකවදේ. ඒක ගැන මම පස්සේ කතා කරන්නම්. මේ විශ්ව විද්‍යාලයයේ වැඩි දෙනෙක් මුස්ලිම් අය දෙමල අය කීප දෙනෙක් හා සිංහල අය කීප දෙනෙකුත් ඉන්නවා. දේශකයන් නම් ගොඩක් ලමයිනට උදව් කරනවා. ඒ වගේම පලමු වතාවට ගෙදරින් පිටවෙලා ඉන්න ලමයිනුත් ඉන්නවා. මේක අමුතුම අතුදැකීමක්. ගෙදරින් පිට තමන්ගේ දේවල් තනියම කරගන්න. තමන්ට අවැසි විදිහට අඳින්ට පලඳින්ට. එල ජීවිතයක්. හැබැයි ටික දවසක් යද්දී ගෙවල්, හිටපු පරණ යාලුවො සහ කල කී දේවල් මතක් වෙනකොට ආපහු දුවගෙන ගෙදර එන්ට හිතෙනවා.
අපට ලැබෙන හොඳම අත්දැකීම තමා සිංහල, දෙමල හා ඉංග්‍රීසි යන භාෂා තුනම ඉගෙන ගන්ට ගැබෙන එක. ඒ වාගේම තමා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ආව ලමයි ආශ්‍රය කරන්න ලැබෙනවා. ඔවුන්ගේ ජීවන ක්‍රම ,පුරුදු වගේම ඒ ඒ ප්‍රදේශ වල විශේෂ දේවල් ගැනත් ඉගෙන ගන්න හම්බෙනවා. මේක නියම අත්දැකීමක්. ඒ වාගේම පන්ති භේද නැතිව අපට එක කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න පුරුදු වෙනවා. දැනට මේ ලැබෙන අලුත් දේවල් ඉගෙන ගන්න ලොකු කාලයක් ගතකරනවා ඒත් එක්කම මගේ පොත පතේ ඉගෙනීමත්. හැමදාම අලුත් දෙයක් අලුත් විදිහට අලුතෙන්ම අත්විඳින්ට ලැබෙන එකත් මරු ජොලි වැඩක්. ඒක විඳින්ට ජීවිතේ ලැබෙන හොඳම අවස්ථාව තමා විශ්ව විද්‍යාලයය.
තවත් අලුත් අත්දැකීම් ඉස්සරහට ලැබෙයි කියල බලා පොරොත්තු වෙනවා වාගේම ඒවා ඔයාලට කියන්න අවස්ථාවක් ලැබෙයි කියලත් හිතනවා. ඉඩ ලැබෙන හැටියට දෙන්නම් "මගේ අත්දැකීම්"
මලයෝ ඔයාගේ සරසවිය ගැන දිගටම විස්තර ලියන්න . කට්ටියට අලුත් අත්දැකීමක් වෙයි.
ReplyDeleteඇත්තටම ඔව් දිගටම ලියන්න.. සුබ පැතුම්...
ReplyDeleteම්.....විශ්ව විද්‍යාලයය අත්දැකීම් මරු.
ReplyDeleteබලමු ඉඩ තියෙන හැටියට තමා ලියන්ට වෙන්නේ...
ReplyDeleteරැග් කාලේ නේ තාම..!