ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - තෙවන කොටස

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - පළමු කොටස කියවන්න....

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - දෙවන කොටස කියවන්න....

ලෝක වෙළඳපොළේ ශ්‍රී ලංකා පොල් සන්නාමය – අපනයන, ආනයන, නීති රෙගුලාසි සහ ආර්ථික බලපෑම

පොල් ගස ශ්‍රී ලංකාවේ ගෘහස්ථ ජීවිතයට පමණක් සීමා වූ සම්පතක් නොවේ. අද වන විට එය ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයකි. තේ, රබර් සහ පොල් යන සාම්ප්‍රදායික වැවිලි බෝග අතරින් පොල් කර්මාන්තය විශේෂ වන්නේ, එය කෘෂිකර්මාන්තය සහ කාර්මික නිෂ්පාදනය එකට සම්බන්ධ කරන වටිනාකම් දාමයක් (Value Chain) ලෙස ක්‍රියා කරන බැවිනි.

පොල් ගෙඩියක් ගොවියාගේ වත්තෙන් ආරම්භ වී අවසානයේ ලෝකයේ සුපිරි වෙළඳසැලක රාක්කයක් දක්වා ගමන් කරන අතර, එම ගමනේ සෑම අදියරකදීම අගය එකතු කිරීමක් සිදු වේ.


ශ්‍රී ලංකාවේ පොල් අපනයන කර්මාන්තය

ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන පොල් නිෂ්පාදක රටවල් අතර සිටින අතර, පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමේදී විශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත.


ශ්‍රී ලංකාවේ පොල් අපනයනය ප්‍රධාන වශයෙන් කාණ්ඩ කිහිපයකට බෙදිය හැක.

1. මද ආශ්‍රිත අපනයන නිෂ්පාදන

මෙයට අයත් වන්නේ:

  • Desiccated Coconut (දිසිඳි පොල්)

  • Coconut Oil

  • Virgin Coconut Oil

  • Coconut Milk Powder

  • Coconut Cream

  • Coconut Water

  • Coconut Flour

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - දෙවන කොටස

පොල් මදයෙන් ආරම්භ වන විශාල කර්මාන්ත ලෝකය

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - පළමු කොටස කියවන්න....

පොල් ගෙඩියක වඩාත් වටිනා කොටස ලෙස සැලකෙන්නේ එහි මදයයි. ශ්‍රී ලංකාවේ පොල් භාවිතයේ ඉතිහාසය දෙස බැලූ විට, මුල් කාලයේදී පොල් මදය ප්‍රධාන වශයෙන් ගෘහස්ථ ආහාර අවශ්‍යතා සඳහා යොදා ගත්තද, කාලයත් සමඟ එය විශාල කර්මාන්ත ක්ෂේත්‍රයක් බවට පත්විය.

අද වන විට පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන ශ්‍රී ලංකාවේ පොල් අපනයන ආදායමේ ප්‍රධාන කොටසක් නියෝජනය කරයි. විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර, ස්වභාවික නිෂ්පාදන සහ කාබනික ආහාර සඳහා ලෝකයේ ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා නව වෙළඳපොළ අවස්ථා විවෘත වී ඇත.

පොල් මදයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ සංඛ්‍යාව විශාලය. එහෙත් ප්‍රධාන කර්මාන්ත වන්නේ:

  • පොල් තෙල් කර්මාන්තය

  • Virgin Coconut Oil (VCO) කර්මාන්තය

  • දිසිඳි පොල් (Desiccated Coconut) කර්මාන්තය

  • පොල් කිරි හා පොල් කිරි පිටි කර්මාන්තය

  • පොල් පිටි කර්මාන්තය

  • පොල් සීනි හා ස්වභාවික පැණි නිෂ්පාදන

  • පොල් ආශ්‍රිත සෞඛ්‍ය හා රූපලාවන්‍ය නිෂ්පාදන

වේ.

පොල් තෙල් කර්මාන්තය – ශ්‍රී ලංකාවේ පැරණිතම පොල් කර්මාන්තය

ශ්‍රී ලංකාවේ පොල් තෙල් නිෂ්පාදනයට ඇත්තේ දිගු ඉතිහාසයකි. අතීතයේ ගම්මානවල සාම්ප්‍රදායික ක්‍රම භාවිතයෙන් පොල් තෙල් නිෂ්පාදනය කළද, අද වන විට එය නවීන තාක්ෂණික ක්‍රියාවලියක් බවට පත්ව ඇත.

පොල් තෙල් නිෂ්පාදනය සඳහා සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් අදියර කිහිපයක් හරහා ගමන් කරයි.

පළමු අදියර – පොල් තෝරා ගැනීම

තෙල් නිෂ්පාදනය සඳහා හොඳින් පැසුණු පොල් තෝරා ගනී. එයට හේතුව පැසුණු පොල්වල තෙල් ප්‍රමාණය වැඩි වීමයි.


දෙවන අදියර – කොප්පරා නිෂ්පාදනය

පොල් මදය වියළා කොප්පරා බවට පත් කරයි.

මෙහිදී:

  • පොල් ගෙඩිය බිඳීම

  • මදය වෙන් කිරීම

  • වියළීම

සිදු කරයි.

හොඳ තත්ත්වයේ කොප්පරා සඳහා නිසි වියළීම ඉතා වැදගත් වේ. තෙතමනය වැඩි වුවහොත් තෙල්වල ගුණාත්මකභාවය අඩු වේ.


තෙවන අදියර – තෙල් නිස්සාරණය

සාම්ප්‍රදායිකව භාවිතා කළ ක්‍රම:

  • Expeller pressing

  • Rotary mills

වර්තමානයේ:

  • Mechanical extraction

  • Refining technology

භාවිතා කරයි.


Virgin Coconut Oil (VCO) – ලෝක සෞඛ්‍ය වෙළඳපොළ ජයගත් ශ්‍රී ලාංකික නිෂ්පාදනය

පසුගිය වසර කිහිපය තුළ ලෝක වෙළඳපොළේ විශාල අවධානයක් දිනාගත් පොල්

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය - පළමු කොටස

ජීවිත ගසකින් ගෝලීය කර්මාන්තයක් දක්වා

ශ්‍රී ලංකාවේ ගමක උදෑසනක් සිතුවම් කළහොත්, ඒ දර්ශනය සම්පූර්ණ වන්නේ පොල් ගස්වලින් තොරව නොවේ. නිල් අහසට ඉහළින් නැගී සිටින පොල් ගස් පේළි, සුළඟ සමඟ සෙමින් සෙලවෙන කොළ, ගෙවත්තකින් ඇසෙන පොල් ගෙඩි වැටෙන හඬ—මෙය ශ්‍රී ලාංකික ජීවිතයේ පරම්පරා ගණනාවක් පුරා පැවත එන හුරුපුරුදු දසුනකි.

නමුත් බොහෝ දෙනා නොදන්නා කරුණ වන්නේ මෙම සරලව පෙනෙන පොල් ගස පිටුපස විශාල කර්මාන්ත ලෝකයක් පවතින බවයි. පොල් ගෙඩියක් යනු ආහාරයක් පමණක් නොවේ. එය තෙල් කර්මාන්තයකට, ආහාර සැකසුම් කර්මාන්තයකට, කොහු කර්මාන්තයකට, අපනයන කර්මාන්තයකට, රැකියා දහස් ගණනකට සහ විදේශ විනිමය ආදායමකට මූලාශ්‍රයකි.

මේ නිසාම ලෝකයේ බොහෝ රටවල පොල් ගස “Tree of Life” (ජීවිත ගස) ලෙස හඳුන්වනු ලබයි.

එක් පොල් ගසකින් ලබාගත හැකි ප්‍රයෝජන ප්‍රමාණය විමසා බැලූ විට එහි සැබෑ වටිනාකම අවබෝධ වේ.
  • පොල් මදයෙන් – ආහාර හා තෙල්
  • පොල් වතුරෙන් – පාන වර්ග
  • පොල් ලෙල්ලෙන් – කොහු කෙඳි
  • පොල් කටුවෙන් – අඟුරු සහ සක්‍රීය කාබන්
  • පොල් කොළයෙන් – වහල සහ හස්ත කර්මාන්ත
  • පොල් ලීයෙන් – ගෘහ භාණ්ඩ හා ඉදිකිරීම් භාවිතය
එනම් පොල් ගසක් යනු අපද්‍රව්‍ය නොමැති සම්පූර්ණ කර්මාන්ත පද්ධතියකි.

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ ඉතිහාසය

ශ්‍රී ලංකාවේ පොල් වගාවට ඇත්තේ සියවස් ගණනාවක් පුරා දිවෙන ඉතිහාසයකි. අතීතයේදී පොල් ගස ගෘහස්ථ අවශ්‍යතා සඳහා වගා කළද, යටත් විජිත සමයත් සමඟ එය වාණිජ බෝගයක් බවට පත්විය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ පළමු වරට ක්‍රි.ව. 564 දී පමණ, පළමුවැනි අග්බෝ රජතුමාගේ (අග්ගබෝධි) රාජ්‍ය සමයේදී වැලිගම අවට සැතපුම් 36ක මුහුදු තීරයක් ආශ්‍රිතව පොල් වගාවක් ආරම්භ කළ බව ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රවල දැක්වේ. ඉන්දියානු සාගරයේ නාවික කටයුතුවල නිරතවූවන්ගේ සහ වෙළෙන්දන්ගේ පහසුව සඳහා රජු විසින් වැලිගම ප්‍රදේශයේ මෙම වගාව ඇති කරන ලදී. වැලිගම පිහිටි “පොල්වත්ත” නමින් හැඳින්වෙන ප්‍රදේශය මෙරට වාණිජමය වශයෙන් පොල් ගසක් රෝපණය කළ ප්‍රථම ස්ථානය ලෙස විශ්වාස කෙරේ. පොල් ගසෙහි දැවයේ සිට මුල දක්වාම විවිධ මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට උපකාරී වීම නිසා එකල ද එය කප්රුකක් ලෙස සැලකිනි.

විශේෂයෙන් බ්‍රිතාන්‍ය පාලන සමයේදී පොල් වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වූ අතර, පොල් තෙල් සහ කොප්පරා අපනයනය කිරීම ආරම්භ විය.

එම කාලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග තුන ලෙස:
  • තේ

  • රබර්

  • පොල්

සැලකුණි.

අද වන විට තේ සහ රබර් සමඟ පොල් කර්මාන්තයද ශ්‍රී ලංකාවේ වැවිලි ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් ලෙස පවතී.


පොල් ත්‍රිකෝණය – ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ හදවත

ශ්‍රී ලංකාවේ පොල් වගාව සෑම දිස්ත්‍රික්කයකම පාහේ දක්නට ලැබුණද, ප්‍රධාන වගා කලාපය ලෙස සැලකෙන්නේ “පොල් ත්‍රිකෝණය” යි.

මෙයට අයත් ප්‍රධාන ප්‍රදේශ:

මගේ ගමන් බිමන් එකසිය විසි තුන්වන කොටස - මහ වැස්සේම වැද්දාගලින් සිංහරාජයට

අපේ ගමන ආරම්භ වුණේ මගේ මිතුරන් පිරිසක් සහ ඔවුන්ගේ පවුලේ උදවිය එක්ක. යාලු මිත්‍රයෝ නම් කලින් දවසේ ඇවිත් කලවානේ නතර වුනත්, පැය දෙකක ගමනක් නිසා මම ඊලඟ දවසේ උදේම මෝටර් බයිසිකලයෙන් යන්න පිටත් වෙන්න තීරණය කලා. මේ ගමනට මාත් එක්ක තවත් මෝටර් බයිසිකලේකින් යාලුවෙක් එකතු වුනා.
 
ගමන යන්න දාගත්තු පොසොන් පෝය දවසේ උදේ කියන්නේ අනෝරා වැස්සක් තිබුන දවසක්. කොහෙම හරි මහ වැස්ස පොඩි වැස්සක් වෙන්න බලාගෙන ඉද්දි අපි ගමන යන්න හිටි වෙලාවට වඩා විනාඩි හතලිහක් විතර පරක්කුයි. පොද වැස්සේ පිටත් වුනත් වැස්ස මගදිම මහ වැස්සක් වුනා.
තුඩව වැද්දාගල සිංහරාජ පිවිසුමට යද්දිත් වහින් නිසා එතන රාජකාරි කල නිලධාරින් ඇහුවේ මේ වැස්සේ යනවද කියලයි.අපේ කට්ටියත් එතතනට එන්න වෙලාවත් තියෙන නිසා කෝකටත් කියල බලා හිටියා. ටිකක වෙලාවක් යද්දි අහස පැහැදිලි වෙලා අව්ව දල්ලක් දාගෙන ආව. සිංහරාජයට යද්දී, මාවත තෙත් වෙලා ගස් වල සුවඳ ගමනේ හැම මොහොතක්ම අපූර්වත්වක් ඇති කලා. තැනින් තැන පොඩි පොඩි වැහි වැටුනා වුනත් අපේ ගමනට නම් ඒකෙන් බාධාවක් වුනේ නෑ.

වැස්ස නිසා ගමන හිතපු තරම් සාර්ථක වුනේ නැතත් සත්තු කීප දෙනක් අපි දැක්කා.
 
ගමන පටන් ගද්දීම අපිට හමුවුනේ අපූරු සතෙක්. ඒ තමයි අළු කෑදැත්තා Sri Lanka Grey Hornbill (Ocyceros gingalensis). පහතරට වනාන්තර වල සහ කඳුකරයේ මීටර් 1300 දක්වා ඉහළට දක්නට ලැබෙන අළු කෑදැත්තා කෙටි රවුම් සහ පළල් පියාපත් සහිත විශාල වශයෙන් ඵල භක්‍ෂක කුරුල්ලෙක් හැටියට සලකනවා.

මේ අතරේ යන පාරේ හිටිය ලංකාවට ආවේනික වුන ලංකාවේ ජාතික පක්ෂියාත් හමුබුනා. ඒ තමයි වළි කුකුළා Sri Lankan junglefowl (Gallus lafayetii). එයාගේ විවිධ ක්‍රියාකාරකම් දිහා ටිකක් වෙලා බලාගෙන හිටි අපි තව  තවත් කැලේ ඇතුලට යන්න වුනා.
 
ඒ යන අතර වාරේ අපට හමුවුන ඊලඟ කෙනා තමයි ශ්‍රී ලංකාවට ආවේණික කැන්ගරු කටුස්සා Sri Lankan Kangaroo Lizard (Otocryptis wiegmanni). මෙයා තෙත් කලාපයේ සහ කඳුකර වනාන්තරවල බිම වාසය කරන කුඩා උරගයෙක්. උවදුරක් දැනුණු විට පසුපස දෙපා මතින් කැන්ගරුවෙකු මෙන් වේගයෙන් දිව යාමේ සුවිශේෂී හැකියාව නිසා ප්‍රසිද්ධ වී ඇති අතර, සිංහලෙන් පිනුම් කටුස්සා විදිහටත් හැසිරෙනවා.
 
එතනිනුත් පස්සේ හමුවුනේ සිංහරාජය ඇතුලු සදාහරිත වැසි වනාන්තර තුල වාසය කරන කපුටු පවුලට අයත් ලංකා කැහිබෙල්ලා Sri Lanka Blue Magpie (Urocissa ornata). මොවුන් ජීවත් වන සදාහරිත වැසි වනාන්තර විනාශ වී යාමත් සමඟ වඳ වී ගෙන යාමේ තර්ජනයට වර්තමානයේදී ලක් වෙලා. එයාල රංචුවක්ම අපිට බලන්න ලැබුනා.
 
කැහි බෙල්ලන් ඉන්න වට පිටාවේම හිටි මූකලන් ලේනා/ වන ලේනා Layard's squirrel (Funambulus layardi) තමයි ඊලඟ කෙනා. මෙයත් ලංකාවට ආවේණියි. නිරිත දිග තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට මීටර් 1200 ක් පමණ වන කඳුකරය දක්වා, දුම්බර කදුකරයද ඇතුලත්ව ඝන කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස හමුවන ක්‍ෂීරපායීයෙක්.
 
මීට අතරව Lantern Bug (Pyrops maculatus), රන් මකුළුවා Giant Wood Spider (Nephila pilipes) කීප දෙනෙකුත් දකින්න ලැබුනා. අපේ කණ්ඩායමටම සතුන් දැකපු හැම මොහොතකම විශේෂම සතුටක් තිබුණා. ළමයින්ට අලුත්ම අත්දැකීම්, මිතුරන්ට කතාබහ, පවුල්වලට එකට ගැලවුණු සතුට – මේ හැමදේම එකට ගැලවුණා. 
 
ගමනේ අවසානය තවත් ඒක නවාතැනක වුනත් ඒතැන දීත් පුංචි කෝකිලයා/ පුංචි කොහා Lesser Cuckoo (Cuculus poliocephalus) දුර ඉඳන් කෑගහනවා ඇහුනා.
 
සිංහරාජයේ යනවා නම් ජනවාරි - අප්‍රේල් කාලයේ හරි අගෝස්තු - ඔක්තෝම්බර් කාලයේ දී හරි යන්න. අපි ඒ කාලේ යන්න සැළසුම් කලා වුනත් නවාතැන් සහ අපේ අයගේ නිවාඩු නිසා‌ යන්න පුලුවන් වුනේ මේ කාලයේදී.

ඔන්න ඉතින් කාලෙකින් ගිය ගමනක් වුනත් අපූරු මතකයන් එක්ක අවසන් වුනා. ආයෙ ගමනකින් හමු වෙනකන් අදහස් ටික කොමෙන්ට් කරල තියන්න. ජය...!

රටක් අසමත් කරන රාජ්‍ය යාන්ත්‍රණය: පු.ලි.දේ. එක දින සේවයෙන් පාඩමක්.

ලංකාව රාජයයක් හැටියට අසමත් වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ අසාර්ථක පරිපාලන ව්‍යුහය හා බහුතර කුම්මැහි රාජ්‍ය සේවය. මම මේක කියන්නේ කාලයක් තිස්සේ රාජ්‍ය සේවකයෙක් විදිහට හිටිය නිසා තියෙන අත්දැකිම් සහ අභ්‍යන්තරය ගැන දන්න නිසා. ඒ නිසා වගකීමෙන් ම කියන්න පුලුවන්. ආයතනික රහස් හැරුණු විට අවුරුදු 9ක රාජ්‍ය සේවයේ අත්දැකීම් ඔයාල එක්ක බෙදාගන්නම් ඉදිරි කාලයේ දී. මේ ලිපිය ලියන්නේ අද වුන අත්දැකීමක් බෙදාගන්න.
 
ආයතනය තමා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. දිනය අද. ඔන්න අනුරයියේ (ප්‍රසිඩන්ට් අනුර ඈ) නීතිය ක්‍රියාත්මක කරනවනම්. අද දවසේ පැමිණිමේ ලේඛණය ගන්න. වැරදි කාරයො එතන ඉන්නේ.
 
එක් දින සේවය හරහා හැඳුනුම්පත අලුත් කරනවානම් 2500යි ගාන. ඒකත් ඉතින් මැකෙන හැඳුනුම්පතක් දීල රජයෙ වැරදි වහන්න ආයේ එකක් පෙන්නල රාජ්‍ය භාණ්ඩාගාරේ පුරව ගැනිල්ලක් තමා. ඉතින් මේ වැඩේ කොරන්න සාමාන්‍ය මනුස්සයෙක් ප්‍රාදේශීය ලේකම් එකට ගිහින් පෝරම ටික ගන්න ඕන. ඒකත් පුරවගෙන ග්‍රාමසේවකගේ ගෑස් බලන්න මිනිහා ඉන්න දවසක් අහගෙන මිනිහගේ වැල්වටාරම් ටිකත් අහගෙන විසිපහට විතර නැවිල කරගන්න ඕන. ඊට පස්සේ ආයෙත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් අත්සන් ගන්න ඕනි. ඒ කරල එක දවසෙන් ගන්න ඕනි නම් 12.30ට කලින් ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් භාර දෙන්න ඕනි. ඕක තමා ක්‍රමේ. හැබැයි ඉතින් ග්‍රාම‌ සේවක හොයගෙන වැඩ ටික කරල ප්‍රා. ලේ. එකේ වැඩත් කරගෙන එක දවසෙන් පගාවත් නොදී වැඩේ කරගත්ත නම් කියන්න අටපට්ටමේ හසන්ත මහත්තයට. 
අපිත් ඉතින් උඩ ටික පළවෙනි දවසේ කරගෙන අනිත් දවසේ උදේ 8.30 වෙද්දි පු.ලි.දේ. එකේ ප්‍රාදේශිය කාර්යාලෙට ගියා. එතන ඉන්නේ ග්‍රාමාරක්ෂක ලොකු මහත්තෙක්. උන්දැ දෙනව ෆයිල් එකක් අංකයක් දාපු. අපිට ලැබුන 180 ගානක්. ඉතින් මේක අරන් අර ප්‍රා. ලේ. එකෙන් ලියුම් කවරෙ දාල දුන්න ටික ආයෙත් එලියට අරන් අපිම දාන්න ඕනි ෆයිල් එකට ඒ කරල වාඩි වෙලා ඉන්න ඕන. අපරාදේ ප්‍රා. ලේ එකෙන් අපට ඇරල බලන්න බැරි වෙන්න සීල් කරල දෙන්නේ ඩොකියුමන්ට්ස් ටික. ඉතින් මේ ඇතුලේ ඉන්න පුලුවන් වෙන්නේ හැදුනුම්පත හදන්න ආව කෙනාට විතරයි. අමතරව ආව  කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එලියේ ඉන්න ඕනි. ඔය දෙගොල්ලටම වාඩි වෙන්න එලියෙයි ඇතුලෙයි දෙකේම පුටු 100කට ආසන්නන ගානක් තමා තීන්නේ.
 
ෆයිල් එකේ දාගෙන අංකේ කතා කරනකන් ඉඳගෙන ඉන්න ඕනි. ඒ කතා කරල ඇතුලට ගිහින් ගෙවීම් කරල ඉවර වෙද්දී 11වත් වෙනවා. ඊට පස්සේ ආයෙත් නම් කතා කරනව කියල ඉඳ‌ගෙන ඉන්න ඕනි. හැබැයි ඉතින් ලක්ෂ ගානක් වියදම් කරල ප්‍රදර්ශණය කරල තියෙන දැන්වීම් පුවරු වල හැටියට නම් අංකේ තිරයේ වැටෙනවා. සකස් වුනාට පස්සේ මැසේජ් එකක් එනව කියලයි තියෙන්නේ. ඇත්තටම වෙද්දී තිරත් නෑ මැසේජුත් නෑ. අඩුපාඩු තියෙනවා නම් කියන්නේත් ඒ තියෙන ස්පීකර් වලින් නිසා කට ඇරගෙන හිටගෙන අහගෙන බලාගෙන ඉන්න ඕනි පැය ගනන්. මේවා කෝපා කමිටු දකින්නේ නැති අභ්‍යන්තර විගණන වලට අහුවෙන්නේ නැති වෙන්න හදපු ෆයිල් වලින් වුන වියදම් වෙන්න ඕන. මොකද මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න බැරි සාවද්‍ය තොරතුරු ඇතුලත් දැන්වීම් පුවරු රාජ්‍ය ආයතන ඇතුලේම ප්‍රදර්ශණය වෙනව. ඒවා විගණන අංශ වලට පෙන්නේ නැති එක ම පුදුමයක් නෙවෙයි ද? සාවද්‍ය තොරතුරු ප්‍රදර්ශණය කියන චෝදනාවට ඒ ගොඩනැගිලි ඇතුලේ ඉන්න පරිපාලන සේවයේ ඉන්න නිලධාරීනුත් ඇස් වහන් ඉන්නවා නම් මොනවා කරන්නද?
 
ආරම්භයේදී කොයි තරම් වෙලාවක් යනවද? කියන ප්‍රශ්ණයට ඇතුලේ සේවකයන්ගෙන් ලැබෙන්නේ රැවුම් ගෙරවුම් විතරයි. ටිකක් එලියෙන් ඉන්න. ඕක තමා කියන්නේ. අපි හිටි ටික කොච්චරද කියනවා නම් දවල් කෑමවත් තේ බොන්නවත් නොගිහින් හවස 4.30 වෙනකන් හිටියා. හිතල බලන්න උදේ 8.30ට ඔෆිස් එකට ඇවිත් තියෙන හැඳුනම්පතේම අලුත් එකක්, කාඩ් එකක් (අර මොකක්ද ස්මාර්ට් එක) ගන්න. පරණ එකේ තියෙන දේත් පැහැදිලියි, සියලු තොරතුරුත් පැරණි ඒවාමයි. වෙනස් කිරීම් නැත. ඒත් පැය 8.00 ගියා. හැබැයි පු. ලි. දේ. වෙබ් අඩෙවියේ හැටියට පැය තුනකින් වැඩේ කරල දෙනවලු. සාවද්‍ය ප්‍රකාශ  සාමාන්‍ය මිනිස්සු ඒ් වගේ ප්‍රකාශ  කරාම අත්අඩංගුවට ගන්න හරි නඩු දාන්න හරි පුලුවන් නම් රජයේ වෙබ් අඩෙවි වල දාල තියෙද්දි මොනව ද කරන්න පුලුවන්. පැය තුනයි කීවට මොකද කොල ටික භාර දෙන්නම පැය දෙකක් යනව.
හැබැයි මේ කියන වෙලාවේ දී 12.30න් පස්සේ ආව අය, අපේ අංකයට පසුව ආව අය සියල්ල තමන්ගේ වැ‌ඩේ කරගෙන ගිහින්. අපි පිට වෙද්දී පුටුවල හිටියේ 10ක් විතර. පගාවක් අරගෙන පිට පාරෙන් වැඩේ නොකලා නම් සියලු දේ හරියට තිබුන ඇප්ලිකේෂන් එකක් කොහොමද මේ තරම් වෙලාවක් යන්නේ. මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්න විමසීමක් කරන්න ඉහල නිලධාරීන් ඉන්නේ කොහේද යන විමසීමටත් කීව දේ "අන්න අර කාමරේ මහත්තයෙක් ඉන්නව ඕන නම් කියල බලන්න." හැඳුනුම්පත අරගෙන කාමරේ බලද්දී එහෙම මහත්තකේ නෑ. ඒ අතරවාරෙදිත් එහෙම මහත්තයෙක්ගේ කාමරේට යන්න අවසර ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි වෙබ් අඩවියේ සඳහන් අංක වලට පු. ලි. දේ. ඉහලම පුටු වලට ඇමතුවා වුනත් සම්බන්ධ කර ගන්න බැහැ. සමහර අය දුරකථන වලට නිලධාරීන් එන්නෙත් නෑ.
 
තව දෙයක් තමා ගාල්ල කඩවත් සතර ශාථාවේ අයගේ කතා විලාසය. අපි දකිද්දීම වයසක මිනිස්සු ගනනාවකට ප්‍රමාද ගැන ප්‍රශ්ණ කිරීම් වලට අශෝභන බැන වැදීම් තිබුනා. තිස්සමහාරාමය වගේ දුර පැති වලින් ආව අයටත් මේ වගේම ප්‍රමාද කරවමින් තිබුනා. කණින් කොනට රු. 500ක් 1000ක් ව‌ගේ ගානක් දුන්නා නම් වැඩේ කරල එලියට ගෙන්න ගන්න තිබුනා කියල පණිවිඩේ ඇහුනා වුනත් නීතියේ හැටියට පගාව දීම හා ගැනීම වරදක් බව එදත් අදත් විශ්වාස කරන අපි ඒ වැඩේ කරන්න ගියේ නැහැ. ඒ වෙනුවෙන් සම්පූර්ණ දවසක් වැය කලා. 
 
ඒ විතරක් නෙවෙයි වෙබ් අඩෙවියේ මෙහෙමත් තියෙනවා. විශේෂයෙන් අංක දෙක කරුණ බලන්න. මෙව්වට හිනා යන තැන පෙන්නන්න බෑ. උසාවි දානව අශෝභන ලෙස හැසිරුනාය කියල.

මේ සියල්ල වෙන දේවල් පටිගත කරල සාක්ෂි හැටියට ඉදිරිපත් කරන්න පුලුවන් වුනත් ආයතනය ඇතුලේ ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීම තහනම් කරමින් දැන්වීම් පුවරු තිබුනා. හොරු සහ පගාව ගන්න රාජ්‍ය නිලාධාරීන් රකින්න ආයතන ප්‍රධානීන් ගේ උදව්ව තමා ඔය තියෙන්නේ.
 
ප්‍රසිඩන්ට් අනුර මහත්තයෝ අයින් කරන්න ඒ බෝඩ් ටික. ඔයාලට ලංකාවේ ඉන්න පුරවැසි වගකීම ඉටු කරන මිනිස්සු සාක්කි හදල දෙයි නිකම්ම. නිකං පීච්චං වෙන්න ආයතන ඇතුලේ කරක් ගහන්නේ නැතිව වෙස්වලාගෙන සාමාන්‍ය මිනිස්සු වගේ ඒ ආයතන ඇතුලේ ගිහින් වැඩක් කරගන්න බලන්න. විදේශිය රටවල් වලින් ඒ වගේ ආදර්ශ වත් අරගන්න. 

ලංකාවේ රාජ්‍ය ආයතන ගොඩක් හදන්න පරිගණක පද්ධති හැදිල්ලක් ඕන නැහැ. කල යුතු වෙන්නේ යාන්ත්‍රණය සකස් කිරීම පමණයි. ඉතින් පරිශීලකයන්ගෙන් මම ඉල්ලන්නේ මේ දේවල් වෙනස් කරන්න පුරවැසි වගකීම ඉශ්ඨ කරන්න කියලයි. හැකි හෑම විටම වැරදි නිවැරදි කරන්න පැමිණිළි වාර්තා කිරීම් කරන්න.

අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ "ලකේ පංකාවේ රාජ්‍ය සේවය හැදිල්ල...." කියල තමයි.