මේ දවස් වල සෑහෙන්න sony කැමරා ගැන කතා කරන නිසා මම හිතුවා පොඩ්ඩක් ඒ ගැන ලියන්න. අලුත් කැමරාව වෙනුවෙන් Sony සමාගමෙන් ලොකු නිශ්පාදන රහස් ප්‍රමාණයක් තියාගෙන ඉන්නවා කියලයි මම හිතන්නේ. Nikon, Canon වෙනුවෙන් වුනත් සෙන්සර් හදාපු Sony සමාගම අවසානයේ තීරණය කරනවා තමන්ගේම DSLR කැමරාවක් හදන්න. ඒකට අලුත්ම Exmor R CEMOS Sensor එකත් BIONZ X කියන Image processing ක්‍රමයත් භාවිතා වෙන එක තමා ලොකුම විශේෂත්වයක් වෙන්නේ. Exmor R සෙන්සරය නිසා දෙගුණයක Noise reduction එකක් ලබා ගන්න වගේම බොහෝම වේගයෙන් Analog/Digital Conversion එක සිදු කරගන්න පුළුවන්. BIONZ X කියන Image processing ක්‍රමය නිසා Noise reduction කිරීම සහ Analog/Digital Conversion එක සිදුවීම වේගවත් කිරීමට සමගාමීව තත්පරයකදී පින්තූර 7ක පමණ වේගයක් පවත්වා ගැනීමේ හැකියාව ලැබිල තියෙනවා. ඊට අමතරව Mirror less camera Series එකක් තියෙන නිසා ඒවායේ වේගය වැඩි කරගෙන තියෙනවා. ඒ විතරයි නෙවෙයි කැමරාව ගොඩක් සැහැල්ලුයි. Mirror less නිසා සෙලවීම අවමයි වගේම දිශා පහකට සිදුවෙන Image stabilization ක්‍රමවේදයක් සෙන්සරය සඳහා අනුගමනය කරනවා. මීට අමතරව Electronic view finder එක නිසා අපි වෙනස් කරන settings ටික view finder එකට ඇහැ තියාගෙනම බලාගන්න පුළුවන්. ලොකු පික්සර් අගයකින් යුත් සෙන්සරයක් හැදල තියෙනවා. අඩු ආලෝකයට හොඳින් සංවේදී නිසා අඩු ආලෝක තත්ත්ව වල හොඳින් පින්තූර ගන්න පුළුවන්. මේ වගේ කරුණු රාශියක් නිසා අලුත් Sony කැමරාව ලොකු පෙරලියක් කරනවා.
තවත් එක් අවාසනාවන්ත ඇත්ත කතාවක්...
හවස සාගරිකා දුම්රියේ එද්දී විදෙස් තරුණියක් හා තරුණයෙක් පා පුවරුව අසල වාඩි වෙලා ආවා. ඔවුන් පෙම්වතා හා පෙම්වතිය වග තේරුම් ගන්න නම් වෙලාවක් ගියේ නෑ. බියර් බොමින් අන් අයගේ අවධානයට ලක්වන අයුරින් අල්ලාප සල්ලාපයේ යෙදුනා වුනත් කාටවත් එහි ගානක් නොතිබුනේ ඒ "සුද්දන්" නිසා විය යුතුය.
ටිකකින් හිස් බියර් ටින් එක තලා එලියට විසි කරනු දුටුවෙමි. ප්‍රසිද්ධ ස්ථානයක, පොදු ප්‍රවාහණ සේවයක මත් පැන් බීම වරදකි. නීතිය කාටත් පොදුය. එද්දී එය කියන්නේ නැතිද? මේ අතර එකිනෙකාගේ මුහුණ බලන මගියෙක් දෙදෛනෙක් දුටුවද අනෙකුන්ට වගක්වත් නැත. දෙවනුව බැදපු අපපෙති පැකට් එකේ කොටසක් ඉරා එලියට කාටත් හොරෙන් එය දුමිරියෙන් පිටතට විසිකරනු දුටිමි. එය වරදක් බව ඔහු දන්නා බව පසක් වන්නට විය. තවමත් අපේ උන්ට කතා නැත. අවසන් පොලිතින් උරය විසිකරන්නට ඔන්න මෙන්න කියා තිබියදී මගේ කට ඇරුණි.
"මේක උඹලාගේ කුණු කූඩය කියා සිතනවාද?"
මගේ පැණය එයයි. කරුමය නම් උන්ට ඉංග්‍රීසිද බැරිය මට උන්ගේ බාසාව බැරිය. අවසන උන් උණවටුන යන වචනය තෙපරබාන්නට විය.
"මෙය මගේ රට මේක උඹලාගේ කුණු කූඩය නොවෙයි. උඹලාගේ කුණු උඹලා එක්ක අරන් පලයව්."
ලිපිය දැම්මේ
Sula (සුලා)
@
2/14/2017 12:47:00 am
නම් කිරීම්:
බෙලි කැපෙන ඇත්ත,
මගතොටදී......,
මගෙන්....,
හිතන්ට
හිස්ටග්‍රම් (Histogram) එහෙමත් නැතිනම් ජාලරේඛනය
අද කියන්න යන්නේ හිස්ටග්‍රම් එක ගැන. අහල තියෙන
අය වගේම අහලා නැති අයත් ඇති. ඒ කාටත් ප්‍රයෝජන වෙයි කියල හිතල මම තේරුම් ගත්තු මම
උගනිපු හිස්ටග්‍රම් එක, එහි වැදගත්කම හා භාවිතය ගැන ටිකක් කියන්න හිතුනා.
මුලින්ම කතා කරමු මොකක්ද මේ හිස්ටග්‍රම් කියන්නේ
කියල. හිස්ටග්‍රම් එක අර්ථ දක්වන්නේ නම් තාන අගයයන්ගේ (Tonal Values) විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. වෙන විදිහකින්
කිව්වොත් පින්තූරයේ උපරිම දීප්තිය ඇති තැන සිට අවම දීප්තිය දක්වා පරාසය තුල එක්
එක් දීප්ති විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. මේක දීප්තියත් එක්ක ගනුදෙනු කරන ප්‍රස්ථාරයක්
වෙන්නේ ආරම්භය කලු සුදු ඡායාරූප වලින් පටන්ගත්තු නිසා විය යුතුයි. සාමාන්‍යයෙන්
අපට හිස්ටග්‍රම් ප්‍රස්ථාර විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. Luminosity,
RGB, Red, Green, Blue හා Colors කියන
ප්‍රස්ථාර වර්ග කීපයම නවීන කැමරාවල වගේම පසුසංස්කරණ සඳහා භාවිතා කරන මෘදුකාංග වල
දකින්න පුළුවන්. ඒ එක එකක් ගැන පසුව කතා කරමු. සෑම හිස්ටග්‍රම් ප්‍රස්ථාරයක්ම 0 - 255 දක්වා වූ පරාසයක විචලනය වන අතර අවම දීප්තිය
එසේත් නැතිනම් කලු වර්ණය 0 අගයයෙනුත් උපරිම දීප්ත අගය වන සුදු වර්ණය 255 අගයයෙනුත්
දක්වනු ලබන අතර ඉතිරි දීප්ති අගයයන් සියල්ල 0 - 255 දක්වා පරාසය තුල පිහිටවනු ලබනවා. හිස්ටග්‍රම් එකක සම්පූර්ණ තාන පරාසය (Tonal
Range) 0 සිට 255 දක්වා අගයයන් පරාසය කොටස් තුනකට වෙන්
කලාම 0 අගයෙන් පටන් ගන්න කොටස සෙවනැලි තාන පරාසය (Shadows)
ලෙසත් 255 අගයෙන් අවසන් වල කොටස දීප්ත තාන පරාසය (Highlights) ලෙසත් මැද කොටස මධ්‍ය තාන පරාසය (Mid
tones) ලෙසත් හඳුනා ගන්න පුළුවන්. තව දෙයක් තමයි සෑම
විටම මේ හිස්ටග්‍රම් එක එකම ප්‍රමාණයක් තිබීම.එය කැමරාවේ හෝ පරිඝණකයේ හෝ වේවා එහි
පරාස ප්‍රමාණය නියත අගයක්. යම් අවස්තාවක එකම තානයක් අනන්ත ප්‍රමාණයකින් ඡායාරූපයේ
තියෙනවා උනත් එම තානයේ ප්‍රස්තාරික අගයේ උස උපරිම සීමාවකින් දක්වන ආකාරයෙන් එම අගය
හැකිලිලා තමයි පෙන්වන්නේ.
කැරකෙන ලොජික්...
දැන් දැන් ලංකාවේ සෑහෙන්න ඡායාරූප ගන්න අය ඉන්නවා. මේ දවස් වල මාත් ආසාවෙන් ඉගෙන ගන්න විශයයක්. නමුත් අපේ අයගේ රසවිඳීමේ හැකියාව හා පින්තූර ගන්න ඕන අරමුණු ගැන තියෙන ලොජික් එක නම් ඇත්තටම හිතාගන්න අමාරුයි. රසවින්ඳනය ඇත්තටම තියනවාද නැතිනම් වෙන දෙයක්ද කියලත් හිතෙනවා.
ලංකාවේ දිවියන්ගේ පින්තූර ගන්න අලින්ගේ පින්තූර ගන්න අනන්ත අය ඉන්නවා. ඔවුන් දිවියන්ව විවිධ ආකාරයෙන් පින්තූර ගන්නවා. අපියා විවිධ අයුරින් පින්තූර ගන්නවා. නැතිනම් කුරුල්ලන් විතරක් පින්තූර ගන්න අයත් ඉන්නවා. සේ විදිහෙන් එක එක්කෙනාගේ ආසාවන් වෙනස්. හැම සතෙක්ම විශේෂත්වයක් නැතිව ඡායාරූප ගන්න අයත් නැතිවාම නොවෙයි. නමුත් ඒ හැම කෙනාටම විශේෂ ආසාවක් අවධානයක් තියෙන එක සතෙක් හෝ කීපයක් ඉන්නවාමයි.
ලිපිය දැම්මේ
Sula (සුලා)
@
1/14/2017 10:39:00 am
නම් කිරීම්:
ජොලි සීන්,
බෙලි කැපෙන ඇත්ත,
මගෙන්....,
හිතන්ට
මැක්‍රෝ ලෙන්ස් එකයි මැක්‍රෝ ඡායාරූපකරණයයි - දන්න සිංහලෙන් Macro Photography සිව්වන කොටස
පහුගිය කාලේ සමාජ ජාල වෙබ් අඩෙවි වල මැක්‍රෝ ඡායාරූපකරණය කරන පිරිස් බොහෝමයක් බිහිවෙලා තිබුනා. පොඩි පොඩි උපකරණ වලින් වැඩ ගන්න හැටි ගැන මම ලියපු ලිපි වලින් වැඩ ගත්තා කියපු අයත් ගොඩක් හිටියා වුනත් තාමත් බ්ලොත් එකේ ලිපි වල ඒ අදහස් පල කරන අය නම් නැති වීම කණගාටුවට කරුණක්. කොහොම වුනත් ඉදිරියේ ලිපි ලියනවාද යන්න තීරණය වෙන්නේ මේ ලිපි වල ප්‍රතිචාර වලින් මොකද ලියන ලිපි වැඩක් නැතිනම් ඒවා දිගින් දිගට ලිවීමෙන් පලක් නැති නිසා.
අපි ආයෙත් මාතෘකාවට එමු. මැක්‍රෝ ලෝකයට එබිල බලන කෙනෙකුට එයින් පිටවෙන්න ලැබෙන්නේ බෙහෝම අමාරුවෙන් තමයි. ඒක ඒ තරම්ම උන්මාදයක්. ඉතින් පුංචි පුංචි දේවල් වලින් මැක්‍රෝ ඡායාරූප ගන්න පටන් ගන්න අය අවසානයේ එන්නේ මැක්‍රෝ ලෙන්ස් එකක් ගන්න තත්ත්වයට. හැබැයි ඉතින් ලෙන්ස් එකක් ගත්තා කියල විතරක් අනිත් අයට වඩා විශිෂ්ඨ වූ ඡායාරූපයක් ලබා ගැන්න බැහැ. එයට හොඳ උදාහරණ අපිට සමාජ ජාලා තුලම දකින්න පුළුවන්. බොහෝමයක් අය වැඩි මුදලක් දීලා ලෙන්ස් එක්ක අරන් අවසානයේ කියනවා මීට වඩා මගේ තිබුණ උපකරණ වලින් වැඩක් කරන්න තිබුනා කියල. ඒකට හේතු වෙන්නේ ඒ ඒ අය තමන් ගන්න ලෙන්ස් එක හා ඒකෙන් කරන්න පුළුවන් පරාසය ගැන නොදන්නා නිසා කියලයි මගේ අදහස වෙන්නේ.
Subscribe to:
Posts (Atom)

