මගේ ගමන් බිමන් එකසිය දහසයවන කොටස - වලපනේ

ආයුබෝවන් හැමෝටම.. කාලෙකට පස්සේ ලිපියක් ලියන්න වගේම ගමනක් යන්න ලැබුනේ කොරෝනා නිසා ඇතිවුන බලපෑම නිසා. නමුත් දැන් දැන් ටිකෙන් ටික කොරෝනා බලපෑම අඩුවෙන නිසාත් අපිටත් ගෙවල් වල ඇතිවුන නිසාත් ආයෙමත් ඇවිදින්න හිතාගත්තා. මේ විදිහට පටන් ගත්ත ගමනක් ගැන විස්තරයක්.

කාලයක් තිස්සේ සැළසුම් කල කිසිම ගමනක් යන්න වෙන්නේ නෑ කියන එක නම් සහතික ඇත්ත. අපි හැමදාම සැලසුම් කල ගමන් අභාවයට ගියේ සිතිවිල්ල එක්කමයි. කාලෙක ඉඳන් එකට එකතුවෙලා ගමන් බිමන් ගිය මගේ ගමන් සගයන් අවසානයේදීඋඹ අපිව එක්කන් යනවද නැද්ද?” කියල අහන තරමට ආව. ඉතින් අපේ මිතුරෙක් කලින් රාජකාරි කල වලපනේ පැත්තෙ ඇවිදින්න තීරණය කලේ රටේ තියෙන වසංගතය ටිකක් අඩු ගම්බද නිදහසේ ඉන්න පුලුවන් පළාතක් වුන නිසයි. සතියක් වගේ ඇතුලත සැලසුම් කල ගමන සඳහා කට්ටියම එකතු වෙන්න තීරණය කලේ මහනුවර නගරයට

ගමන යොදාගෙන තිබුණේ පෙබරවාරි මාසේ අන්තිම සතියේ දින තුනක නිවාඩුවට. සිකුරාදා උදේ 9.00 වෙද්දී මහනුවරට එකතුවුන වැඩිහිටියෝ 7 දෙනෙක් සහ මගේ මිතුරෙකුගේ පුංචි එකත් හිටියාමහනුවර ඉඳන් රන්දෙණිගල මාර්ගයේ ඇවිත් කන්දේ හන්දියෙන් හරවල හඟුරන්කෙත රිකිල්ලගස්කඩ හරහා පදියපලැල්ලට ආව. පදියපැලැල්ලේ බස්නැවතුම ලඟින් දවල් කෑම පැකට් කරල ගත්තේ කාලය ඉතිරි කරන්න සහ අපි මන්දාරම්නුවර කොළපතන ඇල්ල බලල එතැන ඉඳන් කමු කියන තීරණයක් තිබුන නිසා. පදියපැලැල්ලෙන් එලමලේ හන්දියෙන් හැරිල කිලෝමීටර 11 ආවමමන්දාරම්නුවර. මන්දාරම්නුවරටබස්රථයේයනඅතරෙදෙපස ඇති සුන්දරත්වය විඳිනනත් අමතක කලේ නැහැ. මාර්ගය දෙපස හෙල්මලු ක්‍රමයෙන් වගාකරන කුඹුරු සකස් කරල තිබුනා. දිනකීපයක්ඇතුලතවගාකරන ස්වභාවයකින් තිබුණු කුඹුරු සහ මේ වන විටත් වගාවන් ආරම්භ කරපු කුඹුරුඅතර තිබුනා

මේ දවස් වල මොකද වෙන්නේ

කාලෙකන් බ්ලොග් එකට ලිපියක් ලියන්න වුනේ නැහැ. සමහර විට මට නිවාඩුව තිබුනත් ලියන එක ඒ තරම් වැඩක් නෑ කියල හිතෙන නිසා ලියන්න පටන් ගන්නේ නැතිව ඇති. මොකද දැන් දැන් කවුරුවත් ලියන දේවල් කියවන්නේ නැති නිසා. කොහොම වුනත් 2010 ඔක්තෝම්බර් මාසෙ පටන් ගත්ත මේ බ්ලොග් එකට දැන් අවුරුදු 10ක් වෙනව. ඒ කාලෙ වගේ නෙවෙයි දැන් දැන් කියවන අය නෑ. ඉස්සර නම් බ්ලොග් කියන්නේ මාරම දෙයක්.

හරි දැන් බලමුකෝ මේ දවස් වල කොරෝනා නිසා කොහේවත් යන්න වුනේ නැහැ. ඒ විතරක් නෙවෙයි අවුරුද්ද ඉවර වෙනකම්ම හරි හැටි ගමනක් යන්න බැරිවෙන්න හේතු දෙක්ක තිබුනා. එකක් කොරෝනා අනික මගේ පණ ඇති සහ නැති ඇවිදින සගයෝ දෙන්නම මට නැති වුනා. ඊලග අවුරුද්දේවත් බලන්න ඕන අලුත් පණ නැති සගයෙක් ගන්න. 

සුවෙන් සිටිමු! COVID-19 දකිමු පරදමු

මේ වන විට රට තුල පවතින කෝවිඩ් 19 වෛයිරස ව්‍යාප්තිය වේගවත්ව ඇති නිසා සහ එහි ආසාධිතයන් හෝ ආශ්‍රිතයන් සොයා ගැනීමේ අපහසුතාවයන් නිසා වෛරසය මැඩපැවැත්වීමට අපහසුව ඇත. නමුත් මේ සම්බන්ධයෙන් ICTA ආයතනය මගින් මෘදුකාංග මෙවලමක් සපයා තිබේ. මේ එකී මෙවලම භාවිතා කරන ආකාරය ගැන පොඩි සටහනක්. 


සුවෙන් සිටිමු කොවිඩ් ට්‍රේසර් මෘදුකාංගය භාවිතයෙන් ඔබත්, ඔබේ පවුලත්, මිතුරනුත්, සමාජයත් කෝවිඩි උවදුරෙන් සුරකින්න. 
මේ ගැන මම කල පොඩි වීඩියෝ එකේ සියල්ල පැහැදිලි කරල තියෙනවා.. ඒක බලන්න කියල ආරාධනා කරනවා. 

 https://staysafe.gov.lk

අඩු වියදම් Macro Light modifier එකක් Develop කරමු

පහුගිය කාලය පුරාවට ගොඩ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයකට උත්තරත් අරගෙන මම අද ලියන්න හදන්නෙ අඩුම වියදමකින් ආරම්භකයෙකුට Macro light modifier එකක් හදන්නෙ කොහොමද කියලයි.

මම මේ modifier එක හදපු හැටි සහ ඒක ක්‍රමාණුකූලව දියුණු කල ආකාරය ගැනත් මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 

මම මේක හදන්න ගන්නෙ කඩේ ගන්න තියෙන්න pringles හිස් ටින් එකක්. ඒකෙ දෙපැත්තම සිදුරු කරල එක පැත්තක් ෆ්ලෑෂර් එකට හයි කරන්න පුලුවන් විදියට හදා ගන්න. 

පින්තූරු අල්ලන හැටි ඉගෙන ගන්න උන්ට.......

එක එක අය පින්තූර ගන්න විදිය වෙනස්.. ඒ වගේමයි එක එක අයගේ පින්තූර ගන්න තෝරගන්න අරමුණු වෙනස්. ඒකට තෝරගන්න කැමරාව පවා එකිනෙකාට වෙනස් වෙනවා. මොබයිල් එකකින් වටේටම පින්තූර කොටනවා වෙනුවට වැටෙන ලයිට් එක ගැන හිතමින් පින්තරයක් ගන්න උත්සාහ කල එකෙක් ගත්ත අපූරු පින්තූරයක් සහ ඒක දියුණු කල හැකි ක්‍රමය ගැන තමා මමමේ කෙටි සටහන් තියන්නේ.. 

මාත් ඒක්ක ඇවිදින උන්ගෙන් එකෙක් අනිත් අයගෙන් වෙන් වෙලා ෆෝන් එකේ කැමරාවත් අරගෙන පින්තූර ගන්න හැටි මම දැක්ක. හෙමින් එතැනට කිට්ටු වුන මම අහපු සමහර දේට දුන්න සරල උත්තර නිසාම මම ඌට මොනව හරි කියා දෙන්න ඕන කියල හිතුවා.