පහුගිය කාලේ සමාජ ජාල වෙබ් අඩෙවි වල මැක්රෝ ඡායාරූපකරණය කරන පිරිස් බොහෝමයක් බිහිවෙලා තිබුනා. පොඩි පොඩි උපකරණ වලින් වැඩ ගන්න හැටි ගැන මම ලියපු ලිපි වලින් වැඩ ගත්තා කියපු අයත් ගොඩක් හිටියා වුනත් තාමත් බ්ලොත් එකේ ලිපි වල ඒ අදහස් පල කරන අය නම් නැති වීම කණගාටුවට කරුණක්. කොහොම වුනත් ඉදිරියේ ලිපි ලියනවාද යන්න තීරණය වෙන්නේ මේ ලිපි වල ප්රතිචාර වලින් මොකද ලියන ලිපි වැඩක් නැතිනම් ඒවා දිගින් දිගට ලිවීමෙන් පලක් නැති නිසා.
අපි ආයෙත් මාතෘකාවට එමු. මැක්රෝ ලෝකයට එබිල බලන කෙනෙකුට එයින් පිටවෙන්න ලැබෙන්නේ බෙහෝම අමාරුවෙන් තමයි. ඒක ඒ තරම්ම උන්මාදයක්. ඉතින් පුංචි පුංචි දේවල් වලින් මැක්රෝ ඡායාරූප ගන්න පටන් ගන්න අය අවසානයේ එන්නේ මැක්රෝ ලෙන්ස් එකක් ගන්න තත්ත්වයට. හැබැයි ඉතින් ලෙන්ස් එකක් ගත්තා කියල විතරක් අනිත් අයට වඩා විශිෂ්ඨ වූ ඡායාරූපයක් ලබා ගැන්න බැහැ. එයට හොඳ උදාහරණ අපිට සමාජ ජාලා තුලම දකින්න පුළුවන්. බොහෝමයක් අය වැඩි මුදලක් දීලා ලෙන්ස් එක්ක අරන් අවසානයේ කියනවා මීට වඩා මගේ තිබුණ උපකරණ වලින් වැඩක් කරන්න තිබුනා කියල. ඒකට හේතු වෙන්නේ ඒ ඒ අය තමන් ගන්න ලෙන්ස් එක හා ඒකෙන් කරන්න පුළුවන් පරාසය ගැන නොදන්නා නිසා කියලයි මගේ අදහස වෙන්නේ.

