රත්නපුර නගරයේ සිට වේවැල්වත්ත මාර්ගය දිගේ ගමන්කර ගලබඩ මංසංධියට එන්න පුළුවන්. එතැනින් රත්ගඟ පාර දිගේ කිලෝමීටර 10ක් විතර ගියාම අපට පුංචි දඹදිව කියන නමින් ප්‍රසිද්ධ වුන මේ පන්සල දකින්න පුළුවන්. අති විශාල අතීතයකට හිමිකම් කියන අපේ රටේ තියෙන අනිත් පූජ්‍ය ස්ථාන එක්ක ගත්තාම මේ විහාරස්ථානයට තියෙන්නේ බොහොම පුංචි ඉතිහාසයක්. නමුත් ඒ ඉතිහාසය තුලදී මෙයට අත්කර දී ඇති විශේෂත්වය ලෝකය පුරාම ප්‍රසිද්ධියක් ලබන්න තරම් ප්‍රමාණවත්.
ශ්‍රී පාද අඩවිය පාමුල පිහිටි අතිශය දුෂ්කර ගම්මාන වල තිබුනු පන්සල් වලින් ඒ කාලේ පාරක්වත් නොතිබුනු පන්සලක් තමයි ගිලීමලේ පන්සල කියන්නේ. හොඳින් උගත් හිමිනමක් වුන ගිලීමලේ චන්ද්‍රාලෝක හිමියන්ට ඒ කාලේ වෙද්දී වයස අවුරුදු විසි හතරක් විතර ඇති. සෑම තැනම ධර්ම ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ 1981 අප්‍රේල් මාසේ 14 වැනිදා ගිලීමලේ විහාරයට සමු දීල රත්ගඟ පාමුලට වඩින්න වුනා. ගම්වැසියන්ගේ උදව්වෙන් කොලඅතු වලින් වටකරපු ධර්මශාලාවක් හා කුඩා පැල්පතක් සකස් කරගෙන අලුත් පන්සලක් විදිහට ඒක වැඩි දියුණු කරන්න මහන්සි ගත්තා. එතැනින් පටන්ගත්තු මේ විහාරය අද මහානර්ඝ විහාරයක් බවට පත්වෙලා තියෙනවා. විවිධ ජනපතිවරුන්ගේ අනුග්‍රහයද නොඅඩුව මෙම විහාරයට ලැබී තිබෙනවා.
අවුරුදු දෙකක් වැනි කුඩා කාලයකින් නිමවුන බුදුරජ විහාරය ලෝකයේ ප්‍රථම අසූමහා ශ්‍රාවක පස්විසි බුදු රජමහා විහාරය වෙනවා. මෙය සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා දඹදිව ජේතවනාරාමයේ අසූමහා ශ්‍රාවක රහතන්වහන්සේලා පිරිවරාගෙන ධර්ම දේශනා කල ආකාරය විදහා දක්වන සම්සභා මණ්ඩපයක් ඇතුලතින්ද දීපන්කර බුදුන්ගේ පටන් කාශ්‍යප බුදුන් දක්වා වූ බුදුරජාණන් වහන්සේලාගේ පිලිරූ පිටත මාලකයේද තිබෙන සේ ඉදිකර ඇත. සූවිසි බුදුන්ගේ ප්‍රතිමාවන් 24ක් අසූමහ ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගේ
ප්‍රතිමා 80ක් යන මේ සියලු ප්‍රතිමා එකම වහලක් යට එකම ස්ථානයක එකම විහාර
මන්දිරයක් තුළ නිර්මාණය කර තිබෙන එකම ස්ථානය ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ථ
ලෝකයේම ඇත්තේ මේ ස්ථානයේ පමණක් නිසාත් "ලෝකයේ ප්‍රථම අසූමහා ශ්‍රාවක පස්විසි බුදු රජ මහා විහාරය" නමින් මෙය හඳුන්වයි.
මෙයට අමතරව අඩි 203ක් දිගින් සහ අඩි 62ක් පළලින් යුතු සුවිශාල ධර්ම ශාලාවක්ද මෙහි තිබේ. එනිසා නන් දෙසින් එන වන්දනා නඩ වෙනුවෙන් නවාතැන් පහසුකම් මෙහි තිබේ. 2003 වසරේදී විවෘත කෙරුණු දෙත්‍ය රාජයාණන් වහන්සේද ශ්‍රී ලංකාවේ ඇති එකම දෙමහල් සෑය වශයෙන් එකල විවෘත විය. පහත් බිම් මාලයේ සම්බුදු පියාණන් වහන්සේගේ දස පාරමිතා පුවත් නිර්මාණය කර
ඇති අතර ජාතක කතා වස්තු රාශියක් නිර්මාණය කර ඇත.මෙහි උඩු මාලයේ මහා
භද්‍රකල්පය තුළ ලොවට පහළ වී වදාළ කකුසඳ බුදුරජාණන් වහන්සේ, කෝනාගම බුදුරජාණන් වහන්සේ, ගෞතම බුදුරජාණන් වහන්සේ,
යන සතර බුදුවරයින් වහන්සේලාගේ ප්‍රතිමා සතර ද සධාතුක ධාතු නිදන් කළ
චෛත්‍යයද නිර්මාණය කර ඇත.මෙහි වැඩ නිම කිරීමට කෝටි දෙකක් පමණ වැය වී ඇති
අතර මෙම දෙමහල් සෑය සිත්ගන්නා සුලු අංගයක් බවට "පුංචි දඔදිව" සිද්ධස්ථානය තුල පත් වී ඇත.
දඔදිව ඉන්දියාවේ මධ්‍ය දේශයේ වැඩ වසන උතුම් වූ ශ්‍රී ජය ශ්‍රී මහා
බෝධීන් වහන්සේගේ ආරක්ෂාව පිණිස රන් වැටක් හා උතුම් වූ වජ්‍රාසනයට ආවරණය
පිණිස රන් වියනක්ද ශ්‍රී ලංකාවෙන් පූජා කරන ලදී. පසුව දුර්වර්ණ වූ රන් වියන හා රන් වැට රත් ගඟ පුංචි දඔදිව මහා විහාරාධිපති අති
පූජ්‍ය ගරු ගිලීමලේ චන්ද්‍රාලෝක මහා හිමියන් වහන්සේගේ මූලිකත්වයෙන්
අලුත්වැඩියා කටයුතු සිදු කර උත්සවශ්‍රීයෙන් විවෘත කෙරිණි.මෙම පිංකම සිහිපත්
වීම පිණිස බෝධිකාරක මණ්ඩලය මහා බෝධි සමාගම
බිහාර් ප්‍රාන්ත රාජ්‍යය යන ආයතන මඟින් ගත් තීරණය මත බෝධීන් වහන්සේගේ
ශාඛාවක් ලබා දෙන ලදී. මෙම බෝධි අංකුරය ශ්‍රී ලංකාද්වීපයට වැඩමකොට වඩා හිඳුවා වර්ෂ 2006ක් වූ මාර්තු මස 27 වෙනි දින රෝපණය කරන ලදී. පසුව විශේෂිත
වූ බෝධි මණ්ඩපයක් සාදා එහි බෝධීන් වහන්සේ රෝපණය කරන ලදී. මෙම බෝධි ශාඛා
රෝපණය දේවානම්පියතිස්ස මහ රජු
දවස සංඝමිත්තා තෙරණිය විසින් වැඩමවා අනුරාධපුර මහමෙව්නාවේ රෝපණය කරන ලද
ශ්‍රී මහ බෝධි ශාඛාවෙන් පසු මෙරටට වැඩමවා පුංචි දඔදිව රෝපණය කරන ලද දෙවන
බෝධි ශාඛා වහන්සේ ලෙස ඉතිහාසයට එක්වී ඇත.
පසුකලෙක නිර්මාණය වූ පිරිණිවන් මංචකය හා කුසිනාරාවේ අනුරූ විහාර ගෙවල් නිසා මෙය අද අති විශාල අලංකාර විහාරයක් බවට පත්ව ඇත. ඉන්දියාවේ ගොස් දඹදිව වන්දනා කරන්නට නොහැකි අය මේ විහාරයට විත් දඹදිව වන්දනාමාන කරන්නාක් මෙන් මෙත් සිතින් වන්දනාමාන කරන්නෝය.
මිට මාස දෙකකට කලින් මාත් ගියා. තවමත් ඉදිවෙමින්යන මේ විහාරස්ථානය ඉදිරියේදී තවත් ලස්සනවෙයි කියලා හිතනවා.
ReplyDeleteජයවේවා!!!
මමත් පුංචි කාලෙ ගිහිං නැවතිලා ඉඳලා දානෙකුත් දීලා ආවෙ.
ReplyDeleteaha
Delete