ගාල්ල බද්දේගම පාරේ බද්දේගම ඉඳන් කිලෝමීටර 2ක් විතර ගාල්ල පැත්තට වෙන්න තමයි මේ විහාරය තියෙන්නේ. අඩි 300ක් විතර ඉහලින් තියෙන මේ විහාරය සන්දරවල, හැඩිදෙමළ කන්ද කියන නම් වලිනුත් හැඳින්වෙනවා. මේ ප්‍රදේශයට පොලොන්නරු රාජධානි සමයේදී එනම් ක්‍රිස්තු පූර්ව 161-131 කාලය පටන් දිවයන අතීතයක් තියෙනවා. ආක්‍රමණ සමයේදී සන්දර නම් සොලී සෙන්පතියෙක් මෙහි සිට සටන් මෙහෙයවූ බවත් දුටුගැමුණු රජතුමා හා සේනාව මේ කන්ද වටකල පසු ඔහු සතු වස්තුවද රැගෙන පහත ඇති ජලාශයට පැන සියදිවි හානි කරගත් බවත් ඉතිහාසයේ දැක්වේ. එසේ සන්දර නම් සෙන්පතියා පැන්න වල සන්දරවල ලෙස ජනවහරේ භාවිතාවේ. තවද ඒ දෙමළ සෙන්පතයා විසූ කන්ද හැඩිදෙමළ කන්ද ලෙසද හැඳින්වේ.
සෙන්පතියා එලවා දමා තමන් සතු කරගත් මේ කන්ද දුටුගැමුණු රජතුමා සිය සේනා එක්රැස් කිරීමට යොදා ගත්තේය. එනිසා පසුව එහි තැනුන මෙම විහාරය දුටුගැමුණු විහාරය ලෙස හැඳින්වුනේ ඒ නිසාවෙනි. මෙහි ඇතුලු වෙද්දීම දැකය හැකි විශේෂ දෙයක් නම් එහි ඇති කළු ගලින් කල සාංචි තොරණයි. මෙය ඉන්දියාවේ ඇති සම්පූර්ණ කළු ගලින් කල සාංචි තොරණට පසුව ඇති එකම තොරණ ලෙස හැඳින්වෙන අතර එය හෙළ කලාකරුවගේ දක්‍ෂතාව මැනෙවින් පිළිඹිඹු කරන්නකි. විහාර මලුව සඳහාද කළු ගලින් කල පියගැට පෙලක් නිර්මාණය කර ඇත.
අනෙක් විශේෂත්වය නම් ඉහලට නැගෙන පියගැටපෙල දෙපස දසමහ යෝධයන්ගේ පිලිරූ සකස් කර තිබීමයි. මලුව ආසන්නයේ මිහිඳු හිමියන් හා පිරිවරද ඉන් ඉහල දුටු ගැමුණු රජතුමා හා විහාරමහා දේවියගේ පිලිරූද සකසා ඇත. විහාරය වන්දනාමාන කරන්න පැමිණෙන අයෙකුට අපගේ පෞඩ හෙල ඉතිහාසය හොඳින් දැනෙන ආකාරයට මෙම නිර්මාණ සිදු කර ඇත. වසර 600ක් පමණ පැරණි චෙත්‍යය රාජයාද විහාර මන්දිරයද බෝධි රාජයාද එහල මලුවෙ වැඩ හිඳුවා ඇති අතර විහාරගෙය තුල අපූරුවට නිර්මිත දුටුගැමුණු රජතුමාගේ චරිතාපදානය දැක්වෙන චිත්‍ර හා මූර්ති ද අප නෙත් සිත් පැහැර ගනු නොැනුමානය.
දුටුගැමුණු රජතුමාගේ කාලයෙන් පසු වල්බිහිවූ මෙම ස්ථානය වසර 600කට පමණ පෙර මෙහි පැමිණි ඉන්ද්‍රජෝති හිමියන් විසින් පිළිසකර කරවා ඇත. උන්වහන්සේගේ ඇවෑමෙන් ගනේගම උපනන්ද,
වේරගොඩ සෝනුත්තර, කහවේ ශ්‍රී රතනසාර, වැලිවිටියේ සුගතපාල, වේරගොඩ අමර
මෝලි යන නා හිමිවරු මෙහි විහාරාධිපතිත්වය දරා ඇති අතර සිංහල සාහිත්‍යයට
අනූපමේය සේවාවක් කරමින් වටිනා ග්‍රන්ථ රාශියක් හෙළ සාහිත කෙතට දායාද කළ
ජංගම පුස්තකාලය ලෙස විරුදාවලිය ලද ගනේගම සරණංකර නා හිමියන්ද මෙහි
විහාරාධිපති වශයෙන් වැඩ හිඳ ඇත. උන්වහන්සේ ද මෙම විහාරස්ථානය දියුණු
කිරීමේලා අනූපමේය සේවාවක් කර ඇති බැවින් එය සිහිවීම පිණිස උන්වහන්සේගේ
පිළිරුවක් විහාර භූමියේ ඉදිකර තිබීම විශේෂයකි. ගනේගම ශ්‍රී සරණංකර
හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය වූ දම්මල සීිලවිමල නාහිමියන් වර්තමානයේ
විහාරාධිපති වහන්සේ ලෙසින් කටයුතු කරයි. ඇත්තෙන්ම මෙහි පඩිපෙල් දෙපස අති නිර්මාණ කිරීමේලා පුරෝගාමී වී ඇතිතේ ගනේගම සරණංකර හිමියන් විසිනි. එයට හේතුව ඒ සමයේදී අපගේ සංස්කෘතියට වෙන විනාශය මඳක් හෝ නවතා දැමීමටය.
අද විනාශයට පත්වෙමින් පවතින මෙවන් පූජනීය හා ඓතිහාසිය ස්ථාන අප රැකගල යුතු බව නම් සත්‍යයකි. සන්දරවල පවා අද ජරාවාස වී ඇත්තේ අපගේම පිරිස් විසින් එය අපිරිසිදු කර ඇති නිසාවෙන්මය.
ගොඩක් දේවල් දැන ගත්තා..
ReplyDeleteඑල ද බ්‍රා
ස්තූතියි
Deleteඑළ
ReplyDeleteමේක අපේ ගමේ පන්සල..පපුවටම ලොකු ආඩම්බරයක් වගේ දෙයක් දැනුනා. නියමයි...ජයෙන් ජය බ්ලොග්ගුවට !!
ReplyDeleteස්තූතියි.....!
Delete