මුල්කිරිගල කියන්නේ රජමහා විහාරයක්. ඒ විතරක්ම නෙවෙයි ගුහා සංකීර්ණයකින් හෙබි තැනක්. මෙතැනට යන්න නම් බෙලිඅත්ත - වීරකැටිය පාරේ ඇවිත් මුල්කිරිගල හංදියෙන් හැරිල කිලෝමීටර 2ක් විතර යන්න ඕන. සාමාන්‍ය පොලව මට්ටමේ ඉඳන් අඩි 678ක් විතර උසක් තියෙන විශාල ගලක තමා මේ විහාර සංකීර්ණය පිහිටුවලා තියෙන්නේ. මේක පේන විදිහ නිසාවෙන් මේකට පුංචි සීගිරිය කියලත් කියනවා. අද මුල්කිරිගල කියන නමෙන් ව්‍යවහාරයේ තිබුනත් කලින් මේකට ගොඩක් නම් කියල තියෙනවා. ඒ සමුද්ද පබ්බත, මුහන්ද්‍ර ගිරි, මුහුදු ගිර, ගිරිබා වෙහෙර, ගිරිබ ලෙණ, දක්ඛින පබ්බත, දක්ඛින ගිර, මුවතිරිගල, මුකිරිගල්ල, මුල්ලගිරිය විදිහට.
විශාල ගලේ තට්ටු පහක ලෙන් විහාර 7ක් විතර දකින්න පුළුවන්. තවද කටාරම් කෙටූ ලෙන් 11ක්ද දකින්න පුළුවන්. මෙහි තට්ටු පහල ඉඳන් ගත්තාම පහත මළුව, බෝධි මළුව, රජමහා විහාර මළුව, උඩ බෝධි මළුව හා චෛත්‍ය මළුව විදිහට නම් කරන්න පුළුවන්. විශාල ගලේ පිහිටවපු ගල් පඩිපෙල දිගේ තමා මේ කියන උඩ මළුවට වෙනකම්ම යන්න තියෙන්නේ.
උඩ මළුවේ තියෙන බෝගස අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ 32වන අංකුරය විදිහටත් එය දේවානම් පියතිස්ස රජ සමයේදී සිටුවන ලද බවත් කියවෙනවා. තවද මෙය තනුවන සියවසේදී කාවන්තිස්ස රජු විසින් කල විහාර 64න් එකක් බවත් කියවෙනවා. පැරණි ලේඛන වල සඳහන් පරිදි ඉහලම පිහිටි චෛත්‍යයේ බුදුන්ගේ ධාතූන් තැන්පත් කර ඇතැයිද එය සද්ධාතිස්ස රජ විසින් කරවන ලදැයිද පසු කාලීනව මහානාඝ, කාවන්තිස්ස, දුටුගැමුණු, මහා පරාක්‍රමබාහු, සද්ධාතිස්ස, වලගම්බා, පලමු ජෙට්ටතිස්ස හා පලමු පරාක්‍රමබාහු රාජ්‍ය කාලයන් වලදී ප්‍රතිසංස්කරණය කරවා ඇතැයිද කියවෙනවා.
ජනප්‍රවාද සාධක අනුව සද්ධාතිස්ස රජු
(ක්‍රි.පූ. 137– 119) මෙකී ප්‍රදේශයේ දඩයමේ යන විට විහාරයක් ඉදි කිරීමට
යෝග්‍ය භූමියක් බව වැද්‍දෙකු විසින් පෙන්වා දුන් නිසාවෙන් මූ කිවු ගල
වූ භූමිය මුල්කිරිගල නම් වූ බව කියනවා. ඒ වගේම මෙම විහාරය හක්මණ උමංගල
හා උමගකින් සම්බන්ධ බවත් නා රජෙකු විසින් නිර්මාණය කළ බවටත් ජනප්‍රවාද
වේ. හත්වන සියවසට අයත් මුල්කිරිගල ශිලා ලේඛනයේ සාධක මත මෙම විහාරය එ කල
සම්භාව්‍ය තත්ත්වයේ පැවති බව තහවුරු වේ. 12 වන සියවසට අයත් මානාභරණ
රජුගේ කටගමුව ශිලා ලේඛනයේ “තලා මුහුද්ගිරි විහාරය” වශයෙන් හඳුන්වන
විහාරය මෙකී විහාරය බව පිළිගැනේ. ක්‍රි.පූ. 2 වන සියවසේ දී කාවන්තිස්ස
රජු කරවූ බවට වංශ කථාවේ සඳහන් සමුද්ගිරි විහාරය මෙය විය හැකි බවට ද අදහස්
ඉදිරිපත් වෙලා තියෙනවා.
මුල්කිරිගල විහාරයේ ආරම්භය පිළිබඳව
නිශ්චිත මත ඉදිරිපත් වී නැතත් අවට ලෙන් පද්ධතිය හා විහාරය ඉදි කිරීමට
ගෙන ඇති පරිශ්‍රමය අනුව පැහැදිළි වන්‍නේ ඓතිහාසික යුගයේ සිට ම මහා
රජ්‍ය අනුග්‍රහයක් ලද භූමියක් බව කියන්න පුළුවන්. මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍යය
සමයේ දී මෙකී විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට ලෙන් කිහිපයක්
මහනුවර සම්ප්‍රදායේ පහතරට ශෛලියේ සිතුවමින් අලංකාර කරලා. ලන්‍දේසි
අවධියේ මෙම විහාරය අඩම්ස් බර්ග් නමින් හැඳින් වූ බවට ද සාධක තියෙනවා.
මේ විහාර වල තියෙන චිත්‍ර, මුර්ති හා කැටයම් නුවර යුගයේ ආභාශයෙන් කරවා ඇති බව පෙනේ. තවද අවසානයට යද්දී ඉතා දුර්ග ලෙස සකසා ඇති මාර්ගය පිහිටි ගලෙහිම ඉතා තීව්‍ර බෑවුමේ කල පියගැට නෙලීමකින් සකස් කර තිබෙනවා.
ඔය යන යන තැන්වල තිෙයන ෙසල්ලිපි ජයාරූප ගත කරගත්ෙතාත් නරකද?
ReplyDeleteඑපා කියලා බෝඩ් ගහලා නොතිබ්බොත්, මගේ දුප්පත් කැරමාවට අහුවෙන මානේ තිබ්බොත් අනිවා ගන්නවා. ගත්තුවා ඇති පින්තූර ගොන්නේ බුකියේ තියෙන. :P
Delete