“තරූ....... තරූ......”
------------
“අයියෝ.... ආයෙත් හීනයක්. උඹ අපිට නිදාගන්න
දෙන්නේම නැද්ද තුෂාර”. නුවන් ඇහුවේ තුෂාරගේ කෑගැහිල්ලට ඇහිරිලා නිදිමත
අමතක වෙද්දියි. ඒත් එතැන අමනාපයක් නම් තිබුනේ නැහැ. ඒ තුෂාර හා තරුෂි ගැන නුවන්
හොඳින්ම දැනන් හිටි නිසා.
“දැන් ඕවා හිතන්නේ නැතුම නිදාගනින් මචං”. නුවන් කිව්වේ හදවතින්මයි. ඒ තුෂාර ගැන තිබුන
අනුකම්පාවට.
“හ්ම්..”
තුෂාර ආයෙත් ඇඳේ පෙරළුනේ එහෙම කියාගෙන. ඒත් නින්ද නම් තුෂාරගේ හිතේ තිබුනේ නැහැ. ඒ
ආයෙත් හීන වල අතරමංවෙයි කියලා.
මීට
අවුරුදු තුනකට හතරකට කලින් නුවන්, තුෂාර සහ කමල් තුන්දෙනා පරණ යාළුකම් අළුත්
කරගත්තා. ඒ අළුත් ඉස්කෝලේ උසස් පෙලට එකම පන්තියට ආව නිසා. තරුෂි, පන්තියේ හිටපු
ලස්සනම නිහඬම ගැහැණු ලමයා. කවුරුත් ට්‍රයි කලේ තරුෂි තමන්ගේ කරගන්න. ඒත් තරුෂිගේ
හිත ඇදුනේ තුෂාරට. ඒකත් දෛවෝපගත සිදුවීමක් වගේ. තරුෂි බොහෝම ලස්සන කෙල්ලෙක් වුනත්
පන්තියේ කියන්න තරම් තැනක් තුෂාරට තිබුනේ නැහැ. ඒත් තුෂාරගේ හිතේත් තරුෂි ගැනත්
නොතිබුනාම නෙවෙයි.
“තුෂාර කියන්නේ ගමේ ඉස්කෝලේ මහත්තයාගේ පුතා. ඒත්
තරුෂි? හ්ම්....” කවුරුත් කිව්වේ
එහෙමයි.
“අඩේ බං තුෂාර අර
බලපන්. අරකි උඹට ලයින්ද කොහෙද? බලපන්කෝ ටිකක්..” නුවන් කිව්වේ තරුෂි
නුවන් දිහා බලන විදිහ දැකලා. ඒත් තුෂාර නිතරම කිව්වේ “ඒකි කොහෙද අපි කොහෙද
බන්. හඳ දිහා බලපන් ඒත් අල්ලන්න යන්න එපා. කරන්න බැහැ” කියලයි. ඒත් අන්තිමට
තුෂාරටත් නොදැනීම තරුෂි තුෂාරගේ හිතේ ඉඩ ඔක්කෝම අත්පත් කරගෙන.
“හිතත් මහ පුදුමයි නේද
තරු.” තුෂාර කිව්වේ කැන්ටිමේදි කෑම කන ගමන්.
“ඇයි තුෂාර එහෙම
කියන්නේ?”
“මම ඔයාට ලංවෙන්නේ නෑ කියල හිතුවත් මටම හොරා මගේ හිත ඔයාට ලංවෙලා.”
ඇයි ඔයා මට ආදරේ නැද්ද තුෂාර? ඔයා අකමැතිද මාත් එක්ක
ඉන්න?
අනේ නැහැ තරූ මම ඔයාට ආදරෙයි. ඒත් අපිට කවදාවත් එකතු
වෙන්න බැහැ. ඒ වගේම මට කවදාවත් ඔයා විඳින සැප සම්පත් දෙන්න පුළුවන් කමක් නැහැ.
නුවන් ඒක කිව්වේ බොහෝම හැඟුම්බරව වෙනමම කල්පනාවක
ඉඳන්. ඒ නිසා දෙන්නාම විනාඩි කීපයකට ගොළු වෙලා ගියේ වෙනමම ලෝක වල.
මම එයාට ආදරේ කලේ ඔයාගෙන් සැප සම්පත් බලාගෙන නෙවෙයි
තුෂාර. මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කියයි කියලා.
ආයෙත් මතකයන් අතර
තනිවෙච්චි තුෂාරගේ හිත එකම වචන පෙලක නතර වුනා.
“මම කවදාවත්ම ඔයා අමතක කරල යන්නේ නෑ තුෂාර. සත්තයි...!”
දැන් තරුෂි තමාගෙන් වෙන්වෙලා කියල හිතාගන්නත් බැරුව හීන වල අතරමං වෙච්චි තුෂාරට හංදියේ කඩේ පාන්දරම අරින සද්දේ ඇහුනාම තමා හිතුනේ නිදාගන්න ඕන කියලා.
***********************
දැන් තරුෂි තමාගෙන් වෙන්වෙලා කියල හිතාගන්නත් බැරුව හීන වල අතරමං වෙච්චි තුෂාරට හංදියේ කඩේ පාන්දරම අරින සද්දේ ඇහුනාම තමා හිතුනේ නිදාගන්න ඕන කියලා.
***********************
අඩෝ...
නැගිටපාන්..... වැඩට යන්නේ නැද්ද?
නුවන්ගේ කෑ ගැහිල්ලට ගැස්සිලා ඇහැරුනු තුෂාරට එතකොටයි මතක් වුනේ තමා ආයතන ප්‍රධානියෙක් වගේම ආදර්ශමත් නිලධාරියෙක් කියන එක. තරුෂිගේ සමුගැනීමත් එක්ක තමන් වෙනමම පැත්තකට ආව විතරක් නෙවෙයි සාර්ථක නිලධාරියෙකුත් වෙලා. ඒ පරිගණක මෘදුකාංග ශිල්පියෙක් විදිහට. ජීවිතය තනියම ගෙවනවා කියන තීරණය එක්ක තමාගේ දෙමාපියන් රැක බලාගෙන ජීවත් වෙන්න තුෂාර හිත හදාගත්තේ බොහෝම අමාරුවෙන්. ඒත් දැන් ඒ දේ සාමාන්‍ය වුනත් හැමදාම දකින හීන නම් තුෂාරට නිදහසක් දුන්නේ නැහැ.
තුෂාරගේ කතාවේ ඊලඟ කොටස පස්සේ දවසක ලියන්නම්....

No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!